දුරකතනයෙන් සම්බන්ධ වී වෙළෙඳුන් අන්දවා කරනු ලැබූ මුදල් වංචාවක් පිළිබඳව ඇල්පිටිය නගරයෙන් වාර්තාවේ.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය. මෙම නගරයේ පිහිටි ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙඳසලකට පසුගියදා පෙරවරුවේ ලැබුණු දුරකතන ඇමතුමකින් නානකාමර උපාංග කට්ටල ඇතුළු උපකරණ කිහිපයක මිල විමසා ඇත. කතා කරන තමා එම නගරයේ පිහිටි රෝහලේ වෛද්‍යවරයකු බවත්, රෝහලේ ඉදිකිරීමක් සඳහා මෙම භාණ්ඩ අවශ්‍ය බවත් දුරකතනයෙන් කතා කළ පුද්ගලයා වෙළෙඳසල් හිමියාට පවසා ඇත. මේ සඳහා අවශ්‍ය භාණ්ඩ ඇණවුම් කළ ඔහු ඒ සඳහා බිල විමසූ විට වෙෙළඳසල් හිමියා ගණන් බලා එම භාණ්ඩ සඳහා බිල රුපියල් ලක්ෂ දෙකක් වන බව පවසා ඇත.
‘‘ප්‍රශ්නයක් නැහැ. මේකට මට කොමිස් එක රුපියල් තිස් දහසක් ඕනෑ. ඒකත් බිලටම එකතු කරන්න. රුපියල් දෙලක්ෂ තිස්දහසකට බිල දමා බිලත් සමග බඩු ටික වාහනයකින් රෝහල ළඟට එවන්න. බඩු ටික ගෙනා ගමන් අපේ එකවුන්ටන් ඔයාලගෙ බිල ගෙවයි. ඒ නිසා මගේ කොමිස් එක ඩ්‍රයිවර් අතේ මට එවන්න. රෝහල ළඟට බඩු ටික ගෙනත් මට කෝල් එකක් දෙන්න කියල ඩ්‍රයිවර්ට කියන්න.”
ලැබුණු එම පණිවුඩය අනුව වෙළෙඳසල් හිමියා බිලේ සඳහන් බඩු ටික ලොරියකට පටවා රියදුරා අතට රුපියල් තිස් දහසක් දී මෙය වෛද්‍යවරයාට දෙන ලෙස පවසා රියදුරුට වෛද්‍යවරයාගේ දුරකතන අංකයද දී කියා සිටියේ රෝහල ළඟට බඩු ටික රැගෙන ගොස් එම වෛද්‍යවරයාට කෝල් එකක් දෙන ලෙසය.
රියැදුරා බඩු ටික රැගෙන ලොරියෙන් රෝහල ළඟට ගොස් වෛද්‍යවරයාට ඇමතුමක් දුන්නේය.
‘‘හරි මල්ලි ඔයා අතේ තියෙන සල්ලි මම මෙතනදි ගන්න එක හරි නැහැ. එයින් රුපියල් දෙදහසක් ඔයා ගන්න. ඉතිරි විසිඅටදහස මම එවන ගිණුම් අංකයට බැංකුවට දාල මට කෝල් එකක් දෙන්න.” වෛද්‍යවරයායි කියූ තැනැත්තාගෙන් රියදුරුට උපදෙස් ලැබුණේය.
‘‘ඒ අනුව රියදුරා රුපියල් විසිඅටදහසක මුදල ඔහු එවූ බැංකු ගිණුමට දමා යළි අර තැනැත්තාට කෝල් කර පණිවුඩය දුන්නේය.”හරි සර් ගිණුමට මුදල් දැම්මා.”
‘‘ආ හරි මල්ලි ඔහොම ඉන්න මං අපේ එක්කෙනෙක් ඔයා ඉන්න තැනට එවන්නම්”.
රියදුරාට පිළිතුරු ලැබුණේය.
රියදුරා රෝහල අසල ලොරිය තියාගෙන සෑහෙන වේලාවක් සිටියද කිසිවෙකු ආවේ නැත. ඔහු කලින් කතා කළ දුරකතනයට කතා කළ විට එය විසංන්ධි කර තිබුණි. කිසියම් වැරදීමක් සිදුවූ බව රියැදුරාටද වැටහුණේය. රියදුරා ලොරිය රැගෙන ආපසු වෙළෙඳසල ළඟට පැමිණ මේ බව වෙළෙඳසල් හිමියාට කීවේය. ඔහුද කතා කළ විට වෛද්‍යවරයෙකු යැයි කලින් කතා කළ එම දුරකතනය විසන්ධිකර තිබුණි. වෙළෙඳසල් හිමියා වහා රෝහල වෙත ගොස් එහි බලධාරියෙකු හමුවී මේ ගැන විමසූ විට එම නිලධාරියා කියා සිටියේ එවැනි වෛද්‍යවරයෙකු තම රෝහලේ නොමැති බවත්, රෝහලේ මේ වනවිට එවැනි කිසිදු ඉදිකිරීමක් නොකරන බවත්ය.
සිද්ධිය තේරුම්ගත් වෙළඳසල් හිමියා තමාටම දෙස් දෙවොල් තබා ගනිමින් ආපසු ආවේය.
ඇල්පිටිය චන්ද්‍රසිරි ගුණසේකර
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
විවාහ උත්සවයේදී අධික බීමතින් කියූ වචනයක් නිසා අම්බානක ගුටි කන්න වූ පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය.
දකුණු ලක අග නගරයට සමීප ප්‍රධාන උප නගරයකි. හෙතෙම හොඳ හොඳ බොනපාට් කෙනෙකු සේම දුම්පානයට ද තදින්ම ඇබ්බැහි වූවෙකි. කෙසේ වෙතත් ජැන්ඩියට ඇඳ පැලඳ සිටින අපේ කතාන
මෙය සබරගමුව පළාතේ බලංගොඩට නොදුරු එක්තරා ගම්මානයක සිදුවූ අපූරු සිදුවීමකි. හෙතෙම මේ එදිනෙදා කුලී රැකියාවේ සිටි අයෙකි. විවාහකව සිටි අතර දරුවෝ කිහිප දෙනෙ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
බොරු දොස්තරගේ ඇමෙන් මුදලාලිට තරු පෙනිලා