IMG-LOGO

2025 අප්‍රේල් මස 01 වන අඟහරුවාදා


බර වැඩිකර පෙන්වන්න කිලෝවේ පඩියක් සාක්කුවේ දමාගෙන

නියමිත බර නැතැයි කියා ලේ ගැනීම ප්‍රතික්ෂේප කළ තරුණයකු නිසි ලෙසට බර සකසාගෙන ලේ පරිත්‍යාග කිරීමේ පුණ්‍යකර්මයකට දායක වු පුවතක් යාපහු පුරවරයෙන් අසන්නට ලැබුණි.
වාර්ෂිකව සිදු කරන ලද ලේ දන් දීමේ වැඩ සටහනකි.
මේ සඳහා ප්‍රදේශයේ තරුණ තරුණියෝ විශාල වශයෙන් ඒකරාශි වී ලේ දන්දීමට එක් වූහ.
එහිදී එක් තරුණයකු කියා සිටියේ මෙවර මේ අවස්ථාවට තමා ද සහභාගි වෙන බවයි.
ඒ අනුව ඔවුන් එක්ව ලේ පරිත්‍යාග කිරීම සඳහා එතැනට ගොස් අදාළ පත්‍රිකා පුරවා බාර කිරීමේ පෝළිමට පෙළ ගැසුණි.
සියලු දෙනා ඒ සඳහා සුදුසුකම් ලැබුවත් ආශාවෙන් පැමිණි නවකයාට ඒ අවස්ථාව ගිලි හුණි.
“මොකද ප්‍රශ්නය” පැමිණි හිතවත්තු විමසූහ.


“බර මදි කියනවා. මාර වැඩේනේ” ඔහු කීවේය.
ඔහු නැවත වෛද්‍යවරයා හමුවිය.
“සර් ලේ දෙන්න බර කොච්චර ඕනෑද”
“කිලෝ 50 ක් සම්පූර්ණ වී තිබිය යුතුයි. ඊට වඩා අඩු අයට ලේ දෙන්න බැහැ.” දොස්තර පිළිතුරු දුන්නේය.
ඔවුන් එහි රැඳී සිටියදීම ඔහු පිටතට ගියේය. ටික වේලාවකින් ඔහු නැවත එතැනට ආවේය.
“සර් මම කඩේට ගිහින් බර කිරුවා. මගේ නියම බර කිලෝ 50 ක් තියෙනවානේ. ඒ හින්දා මගේ ලේ ගන්න.” ඔහු ආයාචනා කළේය.
“ඔයාගේ බර තිබුණේ කිලෝ 49 ක් නේ. එන්න ආයේ බලන්න” කියු සේවකයෙක් ඔහුගේ බර නැවත කිරුවේය.
“ඔව්, මෙයාගේ බර කිලෝ 49 ක් නොවෙයි කිලෝ 50 ක් තියෙනවා සර්” එහි බර කිරූ කාර්ය මණ්ඩලයේ සේවකයා ද කීවේය.
ඒ අනුව ඔහු ඇද මත දිගා විය. ලේ දන් දුන්නේය.
ඉන් අනතුරුව මාලු බනිස් ගෙඩියක් කාලා, කිරි තේ වීදුරුවක් බීලා යන අතරේ ඔහු අසල තිබු වෙළඳසලකට ගොඩ වුණේය.
“මුදලාලි මෙන්න අරගෙන ගියපු කිලෝ එකේ පඩිය ගෙනාවා” කියා දුන්නේය.
කිලෝ එකක් බර අඩු ඔහු මුදලාලිගෙන් කිලෝවේ පඩිය ඉල්ලාගෙන ගොස් එය සාක්කුවේ දමාගෙන බර කිරා නිසි බර පෙන්නා ලේ දන් දී ඇති බව වැටහුණු ගජ මිතුරු කැල “උඹ නම් මරු බඩුවක් තමා” යනුවෙන් කීවාලු. 

 

 මොරගොල්ලාගම   සිසිර කැලේගම



අදහස් (1)

බර වැඩිකර පෙන්වන්න කිලෝවේ පඩියක් සාක්කුවේ දමාගෙන

ගුණරත්න Monday, 03 March 2025 11:20 AM

මාර බඩුව තමයි, එකා කලන්තේ දාලා වැටුනා නම් ලේ දෙන්න නෙවෙයි ගන්න තමයි වෙන්නේ

:       2       3

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

මාමණ්ඩිට කසිප්පු විකුණා මඟු‍ලත් කැඩිලා
2025 අප්‍රේල් මස 01 276 0

සිය පෙම්වතියගේ පියාට කසිප්පු අලෙවි කිරීමට ගොස් ප්‍රේමය අහිමි කර ගත් තරුණයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය.


පදමට ගහලා බසයත් මිස්වෙලා
2025 මාර්තු මස 31 521 0

සයනයක සුව පහසු මෙට්ටයකට වඩා සිය සැමියා මහ මග හිටගෙන නිදි දෙව් දුවගේ පහස විදීම හමුවේ රාත්‍රී සේවාව සඳහා යාමට සූදානමින් සිටි විවාහක බිරිය දැඩි අසරණතාවයක


පාඩමක් උගන්වන්න ගිහින් ආපස්සට කැරකිලා
2025 මාර්තු මස 29 314 0

පතලේ බාසුන්නැහැට දෙන්න ගිය දඬුවම ගෝලයාටම පත්තු වූ පුවතක් රත්නපුර දිස්ත්‍රික්කයේ එක්තරා ගමක පතලකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය.


හැටහතර මායමෙන් දඩ නොකා බේරිලා
2025 මාර්තු මස 28 1758 3

බිරියට දැවැද්දට දුන් කාරය සැමියා රියදුරු බලපත්‍රයක් නොමැතිව පදවා ගෙන යද්දී බිරියගේ හැටහතර මායමෙන් දඩයක් නොගෙවා බේරී ගිය පුවතක් කෑගල්ල ප්‍රදේශයෙන් ව


චාන්ස් එකෙන් අනූනවයෙන් බේරිලා
2025 මාර්තු මස 27 1250 3

ඇය රජරට අග නගරයෙන් ඊශාන දෙසට පිහිටි ගොවි ගම්මානයක ජීවත් වූ ගෙවිලියකි. මැදිවියෙහි පසුවන ඇය සෝබමාන පෙනුමින් පසුවන්නියකි.


ලෝබකමෙන් මඟුලත් කැඩිලා
2025 මාර්තු මස 26 966 2

තැනට සුදුසු නුවණ භාවිත නොකිරීම සහ අධික ලෝබය නිසා වෙන්නට සිටි සහකාරියක තරුණයකුට අහිමි වූ සිදුවීමක් කුණ්ඩසාල ප‍්‍රදේශයේ කුඩා නගරයකින් අසන්නට ලැබුණි.


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 117 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 720 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 761 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site