කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත
බී ගෙන විත් භාර්යාවට තළන්න ගොස් අලි අමාරුවක වැටුණු හාදයකු පිළිබඳව කතාවක් ගාලු පුරේ ගමකින් අසන්නට ලැබේ.
දෙන්නා දෙමහල්ලන් අතරේ ආරවුල් හට ගත්තේ කාලයක සිටය. එයට වැඩිමනත්ම හේතුවී තිබුණේ සැමියාගේ බේබදු කමය. හැමදාම බී ගෙන නොආවත් ඔහු මාසයේ වැඩි හරියක්ම නිවසට ආවේ බීගෙනය. වැඩ නිමවී ඇඳිරි වැටීගෙන එන විටදීය.
එවැනි දවසට දෙන්න දෙමහල්ලන් අතරේ ඇති වන කතා බහ නිම වන්නේ ගුටි කෙළගෙනය. සැමියා සිය ගතේ හයිය පෙන්වන්නේ භාර්යාවට එකක් දෙකක් ඇනය.
එදාත් හවස සැමියා ආවේ බීගෙනය. දෙන්නා අතර කතා බහ සැරට ගියේය. ඔහුට මරු ආවේස වුණේය. භාර්යාවත් බෙලි කටු මල්ල මෙන්ය. දෙඩවිල්ල නිමක් නැත්තේය. ඔහු භාර්යාවට පහර දෙන්න පැන්නේය.
ඉස්සූ අතින් ඔහු ඇයට පහර දුන්නේය. ඇය හේත්තුවී සිටි සාලයේ බිත්තියෙන් ඉවත් වූවාය. ඒ සැමියාගෙන් පහර කෑම වැළැක්වීමටය.
ඒ එක්කම ඔහුගේ අත බිත්තියේ වැදුණේය. බුදු අම්මෝයි කියමින් ඔහු කෑගෑවේය. බලා ඉන්දෙද්දීම අත්ල ඉදිමී ආවේය. අත්ලේ අැඟිලිවලින් ආ කැක්කුම ඉවසුම් නුදුන්නේය. හොඳ වැඩේ යයි භාර්යාව කීවත් අවසානයේදී ඔහු රෝහල්ගත කිරීමට ද සිදුවූයේ ඇයටය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd