IMG-LOGO

2025 පෙබරවාරි මස 15 වන සෙනසුරාදා


බල්ලකුට ගුටිකෙළගෙන කූඩුවෙත් ලැගලා

මොරගොල්ලාගම සිසිර කැලේගම



නිවෙසක ඇතිදැඩි කරන සුනඛයකු සම්බන්ධ පැමිණිල්ලක් විභාග කිරීම සූදානම්වත්ම පොලිසිය තුළම කෙස්වළු පටලවාගත් බැවින් ඊට අදාළ සියලු‍ දෙනාම පොලිස් කූඩුවේ රඳවා තැබූ බව ඉබ්බාගමුව බෝගමුව පොලිස් ස්ථානාධිපතිනී ප්‍රධාන පොලිස් පරික්ෂිකා ඉන්දිකා දැල්කඳුර මහත්මිය පැවසුවාය. 
නිවසේ සුරතලයට ඇතිකරන සුනඛයකුගේ අසුචී යාබද නිවසට දමන බවත් ඉන් නික්මෙන ගඳ ඉවසීමට නොහැකි බවත් පවසමින් දෙපාර්ශ්වය අතර මෙම ආරවුල හටගෙන ඇති අතර ඒ සම්බන්ධ පැමිණිල්ලක් විභාග කිරීමට අදාළ පිරිස ඉබ්බාගමුව බෝගමුව පොලිස් ස්ථානයට පෙරේදා 12 පස්වරුවේ කැඳවා තිබිණි. 


පැමිණිල්ල විභාගවන අතරතුර පිරිස කාන්තා කාර්යාංශයේම රඳවා ස්ථානාධිපතිනියගෙන් උපදෙස් ගැනීමට කාන්තා කාර්යාංශ ස්ථානාධිපතිනී උප පොලිස් පරීක්ෂිකා ශ‍්‍රියානි මහත්මිය එතැනින් නික්මගොස් ඇති අතර එහිදී අඹුසැමි යුවළක් එක්ව යාබද නිවසේ පිරිමියකුට පහරදී ඇත. 
පහර කෑ තැනැත්තා සහ ඔහුගේ බිරියද එක්ව තමන්ට පහරදුන් දෙදෙනාට පෙරළා පහරදීමෙන් හටගත් ආරවුල නතර කිරීමට පොලීසිය මැදිහත් වු බවත් ගැටුම සමථයකට පත්වීමෙන් අනතුරුව දෙපාර්ශවයේම බිරියන් හා සැමියන් පොලිස් කූඩුවල වෙන් වෙන්ව රදවා දැඩි ලෙස අවවාදද දී මුදාහැරීමට පියවර ගත් බවත් ස්ථානාධිපතිනිය වැඩිදුරටත් පැවසුවාය.



අදහස් (0)

බල්ලකුට ගුටිකෙළගෙන කූඩුවෙත් ලැගලා

ඔබේ අදහස් එවන්න

 

 

දෙයියෝ සාක්කි

බල්ලකුට ගුටිකෙළගෙන කූඩුවෙත් ලැගලා
2025 පෙබරවාරි මස 14 314 0

නිවෙසක ඇතිදැඩි කරන සුනඛයකු සම්බන්ධ පැමිණිල්ලක් විභාග කිරීම සූදානම්වත්ම පොලිසිය තුළම කෙස්වළු පටලවාගත් බැවින් ඊට අදාළ සියලු‍ දෙනාම පොලිස් කූඩුවේ රඳව


රිළවකුට බිය වී අඩ නිරුවතින් දුවලා
2025 පෙබරවාරි මස 13 766 0

කාමරයට කඩා වැදුණු රිළවකු නිසා තරුණියන් බියට පත්ව අඩ නිරුවතින් කාමරෙන් එළියට පැන හිස්ලූ අත දිවයාමේ පුවතක් බදුල්ලට නුදුරු ප්‍රදේශයකින් වාර්තා වේ.


වළ නැතිව තරු පෙනිලා
2025 පෙබරවාරි මස 12 738 2

අරණායක ප්‍රදේශයේ අසුපිණි ඇල්ල පෙනෙන මානයේ එක්තරා ගමක මෘතදේහයක් මිහිදන් කිරීමට සොහොන් භූමියට ගිය හිතවතුන්ට තරු පෙනුණ පුවතක් අරණායකෙන් වාර්තා වේ.


වොයිස් මැසේජයෙන් නෝනාගේ රෙදි ගැලවිලා
2025 පෙබරවාරි මස 11 2380 0

වොයිස් මැසේජ් එකෙන් ඔහුගේ නෝනාගේ තරම කාර්යාලයම දැනගත් පුවතක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


කෙට්ටු කරන්න ගිහින් මට්ටුවෙලා
2025 පෙබරවාරි මස 10 883 0

ප්‍රියම්භිකාවගේ සිරුර කෙට්ටු කරන්න ගොස් තමන්ට තට්ටුවූ අයකු පිළිබඳ කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


දෙහිකපන්න හොයද්දී පදමට ගහලා ඇඳයට බුදි
2025 පෙබරවාරි මස 08 498 0

අතුරුදන් වූ අයකු ඇඳක් යටින් සොයා ගත් පුවතක් මාවතගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගමකින් අසන්නට ලැබුණි.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 205 1
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 132 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 948 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site