IMG-LOGO

2024 ඔක්තෝබර් මස 22 වන අඟහරුවාදා


මංගල තෑග්ගට සෙල්ලම් බඩු දීලා

හසලක සුනිල් ඒකනායක


දියණියකගේ මංගල උත්සවයකට හිතවතුන් කණ්ඩායමක් විසින් රැගෙන ආ විශාල තෑගි පෙට්ටිය විවෘත කර බැලූ විට ගෘහ මූලිකයාට පවුලේ ඥාතින් ඉදිරියේ හීන් දාඩිය දැමු පුවතක් හසලක ප‍්‍රදේශයේ ගම්මානයකින් වාර්තාවිය.
දියණියකගේ මංගල උත්සවයට පවුලේ ඥාති පිරිසට අමතරව ඔහු තමන් ඇසුරු කරන හිතවතුන් කීප දෙනෙකුට ද ආරාධනා කිරීමට අමතක නොකළේය. මෙම ආරාධනය ලැබු ඔහුගේ සමීපතම හිතවතුන් හය දෙනෙකු මෙදින පෙරවරු 09.00ට පමණ හසලක නගරයට එක් වූයේ මිතුරාගේ මංගල උත්සවයට යෑම සඳහාය. එම කණ්ඩායමේ අයෙකු යෝජනා කළේ මිතුරාගේ නිවසට යෑමට පෙර මෙහිදීම යමක් සප්පායම් වෙලා ගියොත් හොඳයි. මොකද එහේ මේවා නැති වුණොත් කියාය. එම යෝජනාවට පිරිසේ මත් වතුර පානයට ලොල් පස් දෙනෙක් කැමැත්ත පළ කළහ. දරුවාට තෑගි දීමට මෙපමණ මුදලක් දිමටත් මත්වතුර බෝතලයට මෙපමණ මුදලක් දාමු නේද යැයි අයෙකු ගෙනා යෝජනාවට කණ්ඩායම කැමැත්ත පළ කළ අතර අදාළ මුදල මත් වතුර පානය නොකරන අය වෙතට හය දෙනාම දුන්නේ තවත් අයෙකු වෙත මත් වතුරට වෙන් කළ යම් මුදලක් ඉතිරි කරගනිමිනි.


එම පස් දෙනා එකතුකර ගත් මුදලින් මත්වතුර බෝතලයක් ගෙන නගරයේ එක් ස්ථානයකට ගොස් එය පානය කළ අතර එය ඔවුන්ට ප‍්‍රමාණවත් නොවිය. තවත් මත් වතුරේ අවශ්‍යතාවක් මතුවිය. එයට වැය කිරීම සඳහා කිසිවකු අත මුදල් නැත. එහිදී එම පිරිසේ අයකු යෝජනා කළේ අර තෑග්ගට එකතු කරපු මුදලෙන් යම් මුදලක් ගෙන එයින් අවශ්‍යතාව ඉටු කරගනිමු කියාය. එම යෝජනාවට මත් වතුර නොබොන කෙනා විරුද්ධ වුවත් පස් දෙනෙකුගේ කැමැත්ත මත එය ස්ථිර විය. එසේ තවත් වාරයක් මත් වතුරට මුදල් වැය කළ පසුව ඉතිරි වූයේ රුපියල් 1500/- වැනි මුදලකි. මෙම මුදලට තෑග්ගක් ගත නොහැකි බවත් මේ ගමන තමන් නොයන බවත් මත්වතුර නොබොන කෙනා පැවසීය. මත් වතුරෙන් මත්වී සිටි අයෙකු අදාළ මුදල රැගෙන ප්ලාස්ටික් බඩු කඩයක් වෙත ගොස් විනාඩි කීපයකින් ලොකු පාර්සලයක් කර තියාගෙන ආවේ හා දැන් යමුයි කියමිනි.
මංගල නිවසට ගිය කණ්ඩායම ඉතා උසස් අන්දමින් පිළිගෙන ඔවුන්ට සිතැගි පරිදි කෑමට සහ බීමට ද අවශ්‍ය පසුබිම ගෘහමූලිකයා වූ මිතුරා විසින් සකස් කර දෙනු ලැබීය. මංගල අවස්ථාවේ දී ගුණ කතන කීපයක් ද කර රැගෙන ආ තෑගි පාර්සලය දියණියට ලබාදී පෙරළා එම නිවසින් ඔවුන් පිටව ආවේ එක එකා වෙන් වෙන්වය.
මංගල උළෙල අවසන් වී පසුදින දහවල් කාලයේ ලැබුණු තෑගි බෝග පරීක්ෂා කළ පවුලේ අයට ගෘහ මූලිකයාගේ මිතුරන් විසින් දුන් විශාල පෙට්ටිය සහිත තෑගි පාර්සලය ලිහා බැලූ විට නිවැසියන්ට සිනහව නතර කර ගැනීමට බොහෝ වේලාවක් ගත වූ අතර ඔවුන් සිනහා වෙන්නේ මන්දැයි විමසීමට පවුලේ අය සිටි කාමරයට පැමිණි ගෘහ මූලිකයාට මෙන්න ඔයාගේ මිතුරන් දුන් තෑගි යැයි කියා එහි තිබු දෑ පෙන් වූ පසු ඔහුට ඇතිවූ අපහසුතාවය මෙතෙකැයි කියා නිම කළ නොහැකි වූ බව පසු දින ගමේ මිතුරන්ට පැවසුවේ එහි තිබුණේ කුඩා ළමයින් සෙල්ලම් කිරීමට ගන්නා ප්ලාස්ටික් බඩු තොගයක් නිසාවෙන් කියාය. 
මත් වතුර නොබිව් කෙනා කතාවේ සියලූ තොරතුරු ගෘහමුලිකයා ඇතුළු හිතමිතුරන් හමුවේ පසුව පවසා තිබිණි. මෙය දින කීපයක් යන්නට පෙර ගම පුරා පැතිර ගියේ විදුලි වේගයෙනි. 



අදහස් (1)

මංගල තෑග්ගට සෙල්ලම් බඩු දීලා

sameer Sunday, 13 October 2024 04:58 AM

ගොන් ජෝක්ස්...

:       0       6

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

මිතුරා මළැයි කියා සිතා බූරුවා ගහන්න ගෙදර ඇවිත්
2024 ඔක්තෝබර් මස 22 152 0

ගාල්ල නගරාසන්නයේ ගමක විසූ මිතුරන් දෙදෙනෙකි. දෙදෙනාම සුරාවට ලොල්ය. පසුගිය දිනක සවස දෙදෙනා හොඳටම රත්වූහ.


බිරින්දෑවරුන් මාරුකරගෙන මඟු‍ලත් කැඩිලා
2024 ඔක්තෝබර් මස 21 821 0

සිය බිරින්දෑවරුන් දෙදෙනා වෙනසකට වගේ මාරුකරගත් යහළුවන් දෙදෙනෙකු ඔවුන් දිගටම ඇසුර පවත්වාගෙන යෑම හේතුවෙන් එය විසඳා ගැනීමට එක් බිරියක රුහුණේ පොලිසියක


මං ගොනා බිලට පොලු තියා අමාරුවේ වැටිලා
2024 ඔක්තෝබර් මස 19 526 0

පිටේ දවටා තිබුණු යමක් සමච්චලයට ලක් කිරීමෙන් මිතුරා උරණ වීම හේතුවෙන් හෝටලයක කෑම බිල ගෙවා ගත නොහැකිව තවත් මිතුරන් පිරිසක් දැඩි අපහසුතාවකට පත්වූ පුවතක්


කප්පාදු කරන්න කීවාම තේ ගස් පිටින්ම කපලා
2024 ඔක්තෝබර් මස 19 552 0

කළයුතු දේ හරිහැටි සොයා නොබලා කටයුතු කිරීමෙන් තම බිරියගේ පවුලේ අයගේ දෝෂ දර්ශනයට ලක් වූ පුද්ගලයකු පිළිබඳ පුවතක් මාතර මොරවක්කෝරළය පෙදෙසින් වාර්තා වෙයි.


සංගීතයේ පුටු ගෙවල්වලට පියාබලා
2024 ඔක්තෝබර් මස 19 172 0

වැස්සට පිං සිද්ධ වෙන්න පුටු තොගයක් සිය නිවෙස්වලට රැගෙන ගිය පිරිසක් පිළිබඳව කතාවක් ඇල්පිටියෙන් අසන්නට ලැබේ.


ගුලි දෙක මාරුවී ඉහ මොළ රත් වෙලා
2024 ඔක්තෝබර් මස 19 197 0

මෙය බලංගොඩ ප්‍රදේශයේ එක්තරා ගමක සිදුවූ අපූරු සිදුවීමකි. නිවසක පෙර දින රාත්‍රියේ ආහාරයට ගෘහණිය විසින් කුරක්කන් තලප සූදානම් කර තිබිණි නිවසේ සිටින්නේ ව


මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 83 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 772 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 535 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

Our Group Site