මොරගොල්ලාගම සිසිර කැලේගම.
සාස්තර ඇසීමට ගිය පියකු සාස්තර කියන විලාසය දැක කෝපයට පත්ව තම ආරූඪ පුත්‍රයාට කනේ පහරක් ගසා එතැනින් නික්ම ගිය පුවතක් ගල්කිරියාගම පොලිස් වසමට අයත් ගම්මානයකින් අසන්නට ලැබුණි.
පුත්‍රයා ආරක්ෂක අංශයේ සේවයේ නියුතු අයෙකි. නිසි කල වයස සපිරුණු ඔහු පසුගියදා විවාහ වුණි. මවුපියන් වෙසෙන නිවසට පුත්‍රයා මනාලිය කැඳවාගෙන පැමිණියේය.
ඔහුගේ යුග දිවි ගමනට සුබ පතන්නට අවට මිතුරෝ එක්ව සිටියහ.
රාත්‍රියේ මිතුරන්ගෙන් වෙන්ව තනි වූ පුත්‍රයා සිය සහකාරිය සමග මවුපියන් වෙසෙන නිවසේ ඔවුනට වෙන් වූ කාමරයට ගොස් සිටින අතරේ පුත්‍රයාගේ කතා බහා වෙනස් වුණි.
එය දැක බිය වූ නවක මනාලිය කාමරය අතරින් එළියට පැන සිද්ධිය නිවසේ සිටි නැන්දා මාමාට පැවසුවාය.
ඔවුහු වහ වහා කාමරය දෙසට දිව ගියහ.
පුත්‍රයාට දේව ආරූඪයක් වැහී එන බව ඔවුන්ට වැටහිණි.
තම පියා එකල උඩැක්කි කවි කීමට සමතෙකි. මෙම නිවසේ එකල වාර්ෂිකව බත් මාලා පවා තිබූ නිවසකි.
මේ නිසා දේව විශ්වාසය ගැන පියාට ද ඇත්තේ පුදුමාකාර භක්තියකි.
පියා වහා පුටුවක් ගෙනැවිත් තැබීය. ඒ මත සුදුපාට රෙද්දක් අතුරා තම පුතුට වාඩි වීමට ඉඩ සලසා දුන්නේය.
එහි වාඩි වූ පුතා පියාගේ අත අල්ලා ගත්තේය.
බුලත් අතක් අරගෙන ඇවිත් සාස්තරයක් ඇසීමට සූදානම් වෙන ලෙසට ආරූඪව සිටි පුතා පියාට අණ කළේය.
අවට කඩේකට දිව ගිය පියා බුලත් අතක් රැගෙන විත් කහ වතුරෙන් සෝදලා පුතු පුටුවේ වාඩි වී සිටියදී බිම පැදුරක් දමා එකත් පසෙක වාඩි වුණේය.
පුතා දේව භාෂාවෙන් කතා කරන්නට විය.
“තමාගේ ගෙදර අය දැන් ලෙඩ වෙනවා නේද?
ඉස්සර බත් මාලාව දුන්නා. ඒ කාලේ ගෙදරට විතරක් නෙමෙයි ගමටම තිබුණු පිහිට දැන් කොයි. ඒ හින්දා වෙච්චි වැරදි හදා ගනින් දරුවා. නැවතත් බත් මාලා දෙනවා, කියා පඬුරක් ගැට ගහලා මා ඉදිරියේදී පොරන්දු වෙයන්” යනුවෙන් ආරූඪයෙන් පියාට පැවසීය.
සියල්ලට ළෙන්ගතුව යටහත්ව අණ පවතියි, කියා උත්තර දුන් පියා කාසියක් ගෙන සුදු රෙදි කැබැල්ලක පඬුර ගැට ගසන්නට දුම් අල්ලන අතරවාරයේ සවස් යාමයේ වෙන්ව ගිය මිතුරෝ ද එය බැලීමට එතැනට රැස්ව සිටියහ. ඔවුන්ගේ ද හැසිරීම් රටාවන් වෙනස්ය. ඒ ගැන විපරම් කරන පිරිසට දැන ගන්නට ලැබුණේ මොවුන් සවස් යාමයේ එක්ව මත්වෙන යමක් කාලා සිහි විකල් භාවයෙන් පසුවෙන බවයි.
සිද්ධිය වටහා ගෙන ලැජ්ජාවට පත් පියා ‘‘තෝ පිස්සු විකාරයෙන් මත් වෙලාද බොල ඒකට බයිට් එකට මාව අල්ලා ගත්තේ” යනුවෙන් රැස්ව සිටි පිරිස ඉදිරියේම ආරූඪව සිටි පුත්‍රයාට කනේ පහරක් ගසා දොස් නගමින් නැගිට ගියාලු. ඒ සමගම පුත්‍රයාගේ ආරූඪයත් ඉවත්ව ගියාලු.
2025 දෙසැම්බර් මස 04
774
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
575
1
ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
460
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
මත් ආරූඪයෙන් පියා “බයිට්’’ එකට අරන්