දකින දකින ඕනෑම දෙයක් ඉල්ලීම පුරුද්දක් කරගත් පුද්ගලයකුට සිදු වූ කරදරයක් පිළිබඳ පුවතක් දකුණු පළාතෙන් වාර්තා වෙයි.
එම සිද්ධිය සැකෙවින් මෙසේය.
ඔහු දකුණු පළාතේ ග්‍රාමීය පෙදෙසක වනාන්තරයක් ආසන්නයේ කුඩා තේ කඩයක් පවත්වාගෙන යන විවාහක පුද්ගලයෙකි. ඒ ආසන්නයේ වෙනත් කඩයක් නොවූයෙන් හා ඔහුගේ සුහදශීලිත්වය හේතුවෙන් දුර බැහැර ප්‍රදේශයෙන් පැමිණෙන අය මෙන්ම ගමෙහි අය ද මෙම තේ කඩයෙන් කහට කෝප්පයක් නොබී යාමට අමතක නොකළහ.
එහෙත් ඔහු තුළ ද විවිධ දුර්වලතා ද නැතිවා නොවේ. ඔහුගේ නරක පුරුද්දක් වූයේ කවුරුන් හෝ ගෙන යමින් සිටි දෙයක් දුටුවහොත් ඉන් කොටසක් ඉල්ලා ගැනීමයි. කෙනෙක් කොස් ගෙඩියක් ගෙන ගියත් අනේ ගොඩක් දවසකින් කොස් කන්න බැරි වුණා. මටත් කෑල්ලක් දෙන්න යනුවෙන් පවසා ඉන් කොටසක් ලබා ගැනීම ඔහුගේ පුරුද්දයි.
දිනක් ගමේ දෙදෙනකු වනාන්තරයට යන ගමන් කඩයටත් ගොඩ වැදුණේය.
ඔවුන්ට කහට කෝප්ප දෙකක් සකසා දුන් මුදලාලි විමසා සිටියේ මල්ලිලා කොහෙද මේ උදෙන්ම යන්නෙ යනුවෙනි. උදලු මිටක් කපාගෙන ඒමට වනයට යන බව පවසන විටම අනේ මල්ලියේ මගේ උදැල්ලෙ මිටත් කැඩිලා.
කහටවල මුදල් ගෙවා දැමු ඔවුහු මුදලාලිගේ මේ පුරුද්ද නැති කිරීමට හොඳ පාඩමක් ඉගැන්වීමට කතිකා කරගෙන කැලයට ගොස් තමන්ට අවශ්‍ය වර්ගයෙහි උදලු මිටි කිහිපයක් හා බදුල්ල වර්ගයේ උදලු මිටක් පරෙස්සමට කපා ගත්හ. කැලයෙන් එළියට පැමිණි ඔවුහු බදුල්ල වර්ගයේ උදලු මිට මුදලාලිට දී මුදලාලි ඔය ලීයේ පොත්ත ඉවත්කර වේළෙන්න දාන්න යනුවෙන් පවසා යන්න ගියහ.
බදුල්ල ගසෙහි විස බව අසා තිබුණත් එය නොහඳුනන මුදලාලි ලීය පොතු ගසා කර මත තබාගෙන නිවසට ගෙන ගියේය. රාත්‍රී කාලයේ ඔහුගේ ශරීරය පුරා කසන්නටත් පලු දමන්නටත් විය. පසුදා උදෑසන වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට ගිය විටයි ඔහුට අවබෝධ වූයේ තමා කර තබාගෙන පැමිණියේ බදුල්ල ලීයක් බවත්, එය තැවරුනු ස්ථාන පලු දමා පසුව තුවාල හටගන්නා බවත් ය. දවස් කිහිපයක් කඩය වසා තබා ගෙදරට වී සිටින මුදලාලි කල්පනා කළේ මේවා තමාට හොඳ පාඩමක් බවයි. ඉන් පසු ඔහු කිසිවකුගෙන් කිසිවක් ඉල්ලන්නේ නැතිලු.
කඹුරුපිටිය විශේෂ කේ. අජිත්
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
මුදලාලිගේ පුරුද්ද නැති කරන්න කස කසා යන්න බේතක්