කොබෙයිගනේ නිමල් ප්රේමචන්ද්ර
7 හැවිරිදි මුනුපුරා සමඟ රාත්රී කාලයේ යතුරු පැදියෙන් ගමනක් ගිය පුද්ගලයකු යතුරුපැදියේ අඩු පාඩුවක් පැවතිය ද මුනුපුරාරාගේ ටිකිරි මොළයෙන් ලබාදුන් උපදේශය ක්රියාත්මක කිරීම නිසා දඩයක් නොගෙවා බේරුණු පුවතකි.
ඔහු පෙදරේරුවෙකි. ඔහු පසුගිය දිනක සවස් යාමයේ යතුරු පැදියෙන් තම දියණියගේ පුතුද සමග යාබද ගමක සිටින සිය මිතුරකුගේ නිවස වෙත ගියේ මිතුරාගෙන් ලබාගත් ණය මුදලක් ආපසු දීමටය.
මුනුපුරා පාසලේ දෙක ශ්රේණියේ අධ්යාපනය ලබන සිසුවෙකි.
මිතුරා සමඟ සතුටු සාමීචියේ යෙදී ආපසු නිවෙස බලා ඔවුන් පිටත්වන විට ඇඳිරිය වැටී තිබිණි.
නිවසට ඒමට නගරය හරහා ආ යුතුය. නගරයේ තුංමන් හන්දියෙන් වමට හැරී පැමිණිය යුතු අතර, දින කීපයක සිට ඔහුගේ යතුරු පැදියේ වම් පැත්තේ ඉදිරි පස හා පසුපස සිග්නල් ලයිට් දෙකම වැඩනොකරන බව ඔහුට සිහියට ආවේ තුංමන් හන්දියට මීටර් සියයක පමණ දුරකිනි.
‘පුතේ අදනම් දඩයක් වදිනවා. ඉස්සරහ ට්රැෆික් එකේ පොලිස් නිලධාරීන් ඉන්නවා. ළඟදී පොලිසියේ ට්රැෆික් එකට ආව සාජන් මහත්තයා හිටියොත් කිසිම සමාවක් නෑ. වාහනවල හැම දෙයක්ම බලනවාලු. මාර්ග නීති කඩකරන රියදුරන්ට දඩම තමා. මේ බයික් එකේ වම් පැත්තෙ ඉස්සරහ පස්සෙ දෙකේම සිග්නල් ලයිට් වැඩ නෑ. මට හදාගන්න බැරිවුණානේ ඒක.’
“සීයේ දකුණු පැත්තෙ සිග්නල් ලයිට් වැඩද’’ මුනුපුරා විමසීය. ඔව් ඒවා වැඩකරනව. වම් පැත්තෙනේ ගැටලුව. ඔහු පැවසීය.
“එහෙනම් සීයේ තුන්මන් හන්දියෙන් වමට හරවන් නැතිව ටික දුරක් ඉදිරියට ගිහින් ආපහු හරවල එමු. ඇවිත් හන්දියෙන් දකුණට හරවමු.
ඔවුන් තුන්මන් හන්දියට එනවිට එහි රථවාහන අංශයේ පොලිස් නිලධාරීන් හතර දෙනෙකි.
දරුවා ලබාදුන් උපදේශය අනුව ඔහු තුන්මන් හන්දියෙන් නොහරවා ටිකදුරක් ගොස් ආපසු හැරී පැමිණ දකුණු පැත්තට සිග්නල් දමා හරවා නිවස වෙත පැමිණියේ මාර්ග නීති නිවැරදිව අනුගමනය කරන අයකු ලෙසය.
පුතාගේ ටිකිරි මොළේ නිසා අද පොලිසියෙන් දඩයක් නැතිව බේරුණා. සිදුවූ සිද්ධිය ඔහු නිවසේ අන් අයට පැවසූයේ මහත් සතුටකිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd