මොරගොල්ලාගම සිසිර කැලේගම
වසර දෙකකටත් පෙර මියගිය තම සැමියා ඉකුත් සතියේ මැදියම් රැයක තනියම පොලිස් මාර්ග බාධකයකින් වාහනයක් පදවාගෙන යාම සම්බන්ධව පොලිසියෙන් පසු විපරමක් කළ අරුම පුදුම කතාවක් පිළිබඳව පුවතක් වයඹ පළාතෙන් අසන්නට ලැබුණි.
සිද්ධිය පිළිබඳව මියගිය සැමියාගේ විවාහක බිරිය පැවසුවේ මෙවැන්නකි.
මට උදේම කෝල් එකක් ආවා. පොලිසියෙන් කියලා කිව්වා.
“හෙලෝ මේ කවුද? ෆෝන් එකේ අයිතිකාරයා ඔයාද” ඔහු විමසුවේය.
“නෑ මේක මගේ මහත්තයාගේ.” මම උත්තර දුන්නා.
“කරුණාකර ෆෝන් එක එයාට දෙනවාද.” ඔහු ඉල්ලීමක් කළේය.
ඇයි මොකක්ද ප්‍රශ්නේ.” මම නැවත ඇසුවා.
“නෑ බය වෙන්න එපා. ඔයාගේ මහත්තයා පසු ගියදාක මැදියම් රෑ අපේ පොලිස් මාර්ග බාධකයෙන් ගමනක් ගියා. එතැනින් යන එන සියලු වාහනවල විස්තර ලියා ගන්නවා. ඒ ආ ගිය අයගෙන් අහඹු ලෙස තෝරා ගත් මේ ජංගම දුරකතනයෙන් පසු විපරමක් කරන්නයි මං ගත්තේ.” ඔහු කීවා.
මට තරු පෙනුණා. එහෙත් ඒ ගැන කිසිවක් නොකියා මොනවාද කියන්නේ කියලා අහන්න මම තව ටිකක් විස්තර ඇහුවා.
එවිට මගේ මහත්තයාගේ නම වාසගමත් එක්ක පොතේ ලියා තිබෙන විස්තරයක් කිවා. නමත්, ලිපිනයත් හරි. රියැදුරු බලපත් අංකයත් වාහනයේ අංකයත් කිව්වා ඒ ඔක්කෝමත් නිවැරදි බවට මම පිළි ගත්තා.
“එහෙනම් කරුණාකර එයාට ෆෝන් එක දෙන්න” එයා මට ආයේත් කිව්වා.
එවිට මම ආයේ කිව්වා. “මහත්තයෝ කියපු ඔක්කෝම හරි. ඒ වුණාට, මගේ සැමියා ඔතැනින් ඔය කියන දා ගියේ නෑ. ඒක සියයට සීයක් ෂුවර්. මොකද මම එහෙම කියන්නේ. එයා මැරිලා. මැරිලත් දැන් අවුරුදු දෙකකටත් වැඩියි. එහෙම කෙනෙක් කොහොමද ජීවමානව එතැනින් ගියේ. ඒ ඔක්කෝම බොරු. එයාගේ ජංගම දුරකතනය පාවිච්චි කරන්නේ මම. ඒක විතරයි ඇත්ත. මීට අවුරුදු දෙකකට පමණ මැරිච්ච මහත්තයාට ෆෝන් එක දෙන්න කියලා ඔයා කිව්වාට මම කොහොමද එයාට ෆෝන් එක දෙන්නේ. ලියපු අයට වැරදිලා වාගේ කියලා මම දුරකතන සංවාදය විසන්ධි කළා.
විවාහ උත්සවයේදී අධික බීමතින් කියූ වචනයක් නිසා අම්බානක ගුටි කන්න වූ පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය.
ප්‍රසිද්ධ කුලී රථ සමාගමකට අයත් වාහනයක් කුලී පදනමට රැගෙන අගනුවර ප්‍රදේශයේ සිට දකුණේ ගම්බද ප්‍රදේශයකට ගොස් කුලී මුදල නොගෙවා පලාගිය සැමියා බේරාගන්න බිර
මෝඩයාගේ දිනය හෙවත් අප්‍රේල් 01 දා තම සහෝදරයා ගොනාට ඇන්දවීමට ගොස් සහෝදරිය ඇන්දුනු පුවතකි මේ.
පොලීසියෙන් අල්ලාගත් මිතුරාගේ රුපියල් විසිපන්දහසේ දඩය නොගෙවන තැනට කටයුතු කරන්න තමාට හැකි යැයි පුරසාරම් දොඩා ඒ සඳහා මැදිහත්වීමට ගොස් මිතුරාගේ දඩය මෙන
සිය පෙම්වතියගේ පියාට කසිප්පු අලෙවි කිරීමට ගොස් ප්‍රේමය අහිමි කර ගත් තරුණයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය.
සයනයක සුව පහසු මෙට්ටයකට වඩා සිය සැමියා මහ මග හිටගෙන නිදි දෙව් දුවගේ පහස විදීම හමුවේ රාත්‍රී සේවාව සඳහා යාමට සූදානමින් සිටි විවාහක බිරිය දැඩි අසරණතාවයක
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
මියගිය සැමියාට පොලිසියෙන් කෝල් එකක් ඇවිත්
Pradeep Kumara Monday, 28 October 2024 11:16 AM
පොලීසිය එයාලට ඕන ඕන විදියට දඩකොළ ලියන්නෙත් ඔහොමම තමයි. වැරැද්දක් නොකලත් එයාලට හිතුනොත් දඩකොළයක් දෙනවා. සමහර වාහනවල කැමරා නැති නිසා නිවැරදියි කියලා ඔප්පු කරන්නත් බෑ
වික්‍රම විදුර Monday, 28 October 2024 12:15 PM
විස්තර අවභාවිතා කරනවා නම් ගොඩක්ම පරිස්සම් වෙන්න ඕනැ නේද? මොනවාට භාවිතා කරනවාද කවුරු භාවිතා කරනවාද කොහොම භාවිතා කරනවාද කියලා පොලිසියට කියන්නේ නැතුව හැබැයි රැ ජාමේ පොලිසි වලින් කෝල් කරන්නේ නැනේද