බිරියට බොරු කියා පාටියකට ගොස් අවසානයේ පාටියත් නැතිව බිරිඳගෙන් බැණුම් ඇසීමට සිදු වූ මැදිවියේ සැමියකු පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි.
ඔහු මැදිවියේ විවාහක වැඩිවියට පත් වූ දරුවන් සිටින පුද්ගලයකි. සිය බිරියට වඩා මත් පැන් සමග සමීප සම්බන්ධයක් පැවැත් වූ ඔහු විවාහ වූ තරුණ අවදියේ දී තදින් මත්පැන් පානය කළ පුද්ගලයෙකි.
ඔහුගේ බිරිය ඉතා සැර පරුෂ තැනැත්තියක් වන අතර ඔහුගේ බීමත්කම පිළිබඳව තදින් දෝෂාරෝපණ සිදු කරන්නියකි. එහෙත් ඔහු ඇයගේ බැණුම් ඉවසමින් රැකියාවට ගොස් පැමිණෙන විට දිනපතාම මත්පැන් පානය කර නිවසට පැමිණෙයි.
මෙලෙස කාලය ගත වී ඔහුගේ දරුවන් ලොකු මහත් වී විවාහ වී ඇති අතර ඔහු රැකියාවෙන් ඉවත්ව ඇත්තේ වයසට එන ලෙඩ රෝග නිසාය. ඔහු පෞද්ගලික ආයතනයක සේවය කර ඉවත් වුව ද බිරිඳ රාජ්‍ය ආයතනයක සේවය කර ඉවත්වීම නිසා ඇයගේ විශ්‍රාම වැටුපෙන් ඔවුහු දෙදෙනා ජීවත් වෙති.
කෙසේ වෙතත් ඔහුගේ බීමත්කම අඩු වී නොමැති අතර එහෙත් ඔහුට වෙනදා මෙන් මත්පැන් පානය කිරීමට නොහැකි වී ඇත්තේ රැකියාවක් නොමැති කම නිසාය. මේ අතර ඔහුගේ යහළුවන් පිරිසක් ඔහුට පවසා ඇත්තේ දුර ප්‍රදේශයක සිටින යහළුවකුගේ නිවසක පාටියක් ඇති බවත් ඔහුටත් එයට සහභාගි වීමට හැකි බවය.
එක පයින් කැමති වූ ඔහුට මීළඟ ප්‍රශ්නය වී ඇත්තේ බිරිය කෙලෙසකවත් පාටියකට යාමට තමන්ට අවසර ලබා නොදෙන හෙයිනි. නරි නුවණක් ඇති ඔහු උපායක් කල්පනා කරද්දී ඔහුගේ රෝහල් සායන පොත මතක්ව තිබේ. ඔහු බිරියට සායන පොත පෙන්වා පාටිය තිබෙන දිනයේ දී විශේෂ සායනයක් ඇති බව පවසා නිවසින් පිටත්ව පාටියට ගොස් ඇත.
එහෙත් එය මත්පැන් රහිත චාම් උත්සවයක් වූ අතර පසුව ඔවුන් එහෙන්, මෙහෙන් තේ පමණක් පානය කර එම නිවසින් පිටව ඇත්තේ මෙතරම් දුරක් ගෙවා තේ එකක් බීමට පැමිණීම ගැන පෞද්ගලිකව තම තමන්ට හිතින් සාප කරමිනි .
ඉක්මනින් ගෙදර යාමට අවශ්‍ය බව පැවසු ඔහු තම මිතුරන් අමතා කියා ඇත්තේ ‘‘මචං මම ආවේ ක්ලිනික් යනවා කියලා, බෙහෙත් නොපෙන්නුවොත් ගෑනිගෙන් මාසයක් විතර කනක් ඇහිලා ඉන්න විදියක් නැහැ . මට ෆාමසි එකකින් ක්ලිනික් පොතේ තියෙන බෙහෙත් ටික අරන් දෙන්න ” කියාය.
පසුව මිල අධික බෙහෙත් සියල්ල මිතුරන් එක්ව ඔහුට අරන් දී ඇත්තේ, අතර මගදී එකතු කර අඩියක් ගැසීමට සිතා සිටි ඔවුන්ගේ මුදල්ය. කෙසේ වෙතත් ඔහු නිවසට පැමිණෙන විට සායනයක් නොමැති බව රෝහලෙන් දැන සිටි ඔහුගේ බිරිය ගෙට ගොඩවීමටත් පෙර ඔහුගේ ඇගට ගොඩ වුනාලු .
කලවාන උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
විවාහ උත්සවයේදී අධික බීමතින් කියූ වචනයක් නිසා අම්බානක ගුටි කන්න වූ පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය.
දකුණු ලක අග නගරයට සමීප ප‍්‍රධාන උප නගරයකි. හෙතෙම හොඳ හොඳ බොනපාට් කෙනෙකු සේම දුම්පානයට ද තදින්ම ඇබ්බැහි වූවෙකි. කෙසේ වෙතත් ජැන්ඩියට ඇඳ පැලඳ සිටින අපේ කතාන
මෙය සබරගමුව පළාතේ බලංගොඩට නොදුරු එක්තරා ගම්මානයක සිදුවූ අපූරු සිදුවීමකි. හෙතෙම මේ එදිනෙදා කුලී රැකියාවේ සිටි අයෙකි. විවාහකව සිටි අතර දරුවෝ කිහිප දෙනෙ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
මායියා අන්දවන්න ගිහින් අම්බානට බැනුම් අහලා