IMG-LOGO

2025 අප්‍රේල් මස 10 වන බ්‍රහස්පතින්දා


මැරෙන්න කලින් නැන්දම්මාගෙන් මරණෙට සල්ලි ඉල්ලාගෙන

කැබිතිගොල්ලෑව හේමන්ත රණසූරිය


හතර පෝයටම සිල් සමාදන් වෙන ‘‘මසුරු සිටාණන්”‍ කෙනකුගේ කපටි කයිරාටික ක්‍රියාවක් පිළිබඳ එම මසුරු සිටාණන්ගේ නැන්දම්මාගෙන් දැනගත් අපූරු පුවතක් රජරට පළාතේ එක්තරා ගමක ‘‘රහසක් නැති රහසක්”‍ බවට පත් වී ඇතැයි දැනගැනීමට ලැබුණි.
සිද්ධිය මෙසේය.
උපන් ගෙයි ”‍කුණු ලෝබයෙකු”‍ වූ අප කියන මේ මසුරු සිටාණෝ විවාහ වී සිටින්නේ එම ගමේ වැන්දඹු කාන්තාවකගේ දියණියක සමඟය. වැන්දඹු කාන්තාව වන ඔහුගේ නැන්දම්මා වයෝවෘද්ධ තැනැත්තියක වන අතර ඇයට සැමියාගෙන් උරුම වූ කුඹුරු අක්කර ගණනක් ඇත. එම කුඹුරු අඳේට දීමෙන් ඇයට සැලකිය යුතු ආදායමක් හිමිවේ. ඇය, ඇයගේ බාලම දියණිය සැමියා සහ දරුවන් සමඟ මහ ගෙදර ජීවත් වුවත්, ඇය උයා පිහා ගන්නේ වෙනමමය.
බෑනා සහ දුව නැන්දම්මාගේ නිවස ආසන්නයේ ඔවුන්ගේ නිවසක ජීවත් වෙති.


නැන්දම්මාත් හතර පෝයට සිල් සමාදන් වන උපාසිකාවක මෙන්ම, නොයෙකුත් දාන මාන ආදී පින්කම් වෙනුවෙන් අත දිගහැර මුදල් වියදම් කරන්නියකි. අප මුලින් සඳහන් කළ ‘උපන් ගෙයි කුණු ලෝබ බෑනාට’ ප්‍රදේශයේ සාර්ථක ව්‍යාපාරයක් ඇත. ඔහුට ආර්ථික අතින් කිසිදු අගහිඟකමක් නැති බවත්, ඔහු එම ප්‍රදේශයේ සිටින ජනප්‍රිය “මුදලාලි”‍ කෙනෙකු බවත්, ප්‍රදේශවාසීහු කියති.
දිනක් වයෝවෘද්ධ නැන්දම්මා ගේ සුව දුක් බැලීම සඳහා ඇයගේ ඥාති දියණියක් ඇය හමුවීමට ගියාය. ඥාති දියණිය සමග ටික වේලාවක් අල්ලාප සල්ලාපයේ යෙදී සිටි නැන්දම්මා, කිසිවකුටත් නොකියන ලෙස රහසක් ඥාති දියණියගේ කනේ තැබුවාය.
“මම මැරුණ දවසක මගේ මළ ගෙදරට වියදම් කරන්න කියලා බෑනයි දුවයි මගෙන් රුපියල් ලක්ෂයක් ඉල්ලා ගත්තා. මා ළඟ සල්ලි තිබුණොත් මම එක එක දේවල්වලට වියදම් කර ගන්නවාලු‍. කමක් නෑ දුවේ, මම සල්ලි දුන්නා. ඒගොල්ලො ළඟ ඕනවටත් වඩා සල්ලි තියෙනවා. ඒත් මගේ මරණෙට වියදම් කරන්න මගේම සල්ලි ගත්තා. ඕක ඔයා කාටවත් කියනව එහෙම නෙමෙයි ඕං”‍.
ඥාති දියණිය ඇගෙන් සමුගෙන ආවාය. ඇයට එම රහස ආරක්ෂා කර ගැනීමට ඇයගේ ‘‘ඇට නැති දිව”‍ ඉඩ නොදුන් නිසා ගම් ප්‍රදේශයේ බොහෝ දෙනා කම්මුලට අත තබාගෙන ‘‘අනේ මෙහෙම ආසාවක්. අනේ මෙහෙම තණ්හාවක්.’’ යැයි කියනවා ලු‍.

 



අදහස් (0)

මැරෙන්න කලින් නැන්දම්මාගෙන් මරණෙට සල්ලි ඉල්ලාගෙන

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 388 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


අම්මාගේ ගැටේට දුවත් හොල්මන්
2025 අප්‍රේල් මස 09 1006 2

දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


ලෙඩා මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 08 683 1

අලු‍ත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක


අවංකකම පෙන්වන්න ගිහින් අම්බානට ගුටි කාලා
2025 අප්‍රේල් මස 07 881 2

විවාහ උත්සවයේදී අධික බීමතින් කියූ වචනයක් නිසා අම්බානක ගුටි කන්න වූ පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය.


ගිනි පෙට්ටියට ඩිස්කවුන්ට් ඉල්ලලා
2025 අප්‍රේල් මස 05 295 0

දකුණු ලක අග නගරයට සමීප ප්‍රධාන උප නගරයකි. හෙතෙම හොඳ හොඳ බොනපාට් කෙනෙකු සේම දුම්පානයට ද තදින්ම ඇබ්බැහි වූවෙකි. කෙසේ වෙතත් ජැන්ඩියට ඇඳ පැලඳ සිටින අපේ කතාන


බේබදු සැමියාට බිරිදගෙන් තරු පෙනෙන පාඩමක්
2025 අප්‍රේල් මස 05 165 0

මෙය සබරගමුව පළාතේ බලංගොඩට නොදුරු එක්තරා ගම්මානයක සිදුවූ අපූරු සිදුවීමකි. හෙතෙම මේ එදිනෙදා කුලී රැකියාවේ සිටි අයෙකි. විවාහකව සිටි අතර දරුවෝ කිහිප දෙනෙ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 78 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 410 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක් 2025 අප්‍රේල් මස 04 914 0
ශ්‍රී පාද අඩවිය පිරිසිදුව තබාගැනීමට සියපත ෆිනෑන්ස් වෙතින් නිර්මාණශීලී විසඳුමක්

නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා

Our Group Site