බදුල්ලේ පාලිත ආරියවංශ
මව සමග බදුල්ල ශික්ෂණ රෝහලේ වකුගඩු සායනයට පැමිණි 22 හැවිරිදි අන්ධ තරුණියක සායනයේ දී මවට කොකා පෙන්නා පෙම්වතා සමග යාමේ පුවතක් බදුල්ලෙන් වාර්තා වේ.
මෙම තරුණිය වකුගඩු රෝගියෙකු මෙන්ම, අධික සීනිවලින් ද පෙළීම නිසා දෑස අන්දවීමට ලක්වූ තරුණියකි.
වකුගඩු සායනයට පැමිණ දියණිය සායනයේ පුටුවක වාඩිකරවා තබා ලේ වාර්තාවක් ලබාගැනීම සඳහා රුධිර අංශයට ගිය අවස්ථාවේ දියණිය අතුරුදන්ව තිබිණ.
දෑස් නොපෙනෙන නිසා ඇයට තනිවම ඇවිදීමට නොහැකි බව පවසමින් රෝහල් කාර්යමණ්ඩලයේ ද සහාය ඇතිව දියණිය සොයා බැලුවත් හමුනොවූ නිසා බදුල්ල පොලිසියට පැමිණිලිකර තිබේ.
වහාම ක්‍රියාත්මක වූ පොලිසිය අතුරුදන් තරුණිය සොයා බදුල්ල රෝහල අවට මෙන්ම නගරය පුරා සෝදිසියක් ද ආරම්භ කර ඇත. පැය තුනක පමණ කාලයක් සෝදිසි මෙහෙයුම ක්‍රියාත්මක වෙද්දී බදුල්ල ශික්ෂණ රෝහලේ ආරක්ෂක කැමරා (CCTV) ද පරීක්ෂා කර තිබේ.
මව ඉදිරියේම පොලිසිය කැමරා දර්ශන පරීක්ෂාව සිදුකළ අතර අන්ධ තරුණිය තරුණයෙකුගේ අතේ එල්ලී ගොස් ත්‍රිරෝද රථයක නැගී රෝහලෙන් පිටව යන අයුරු රූගතවී ඇති අයුරු දැක තිබේ.
රූගතවී ඇති දර්ශන අනුව පොලිසිය ත්‍රිරෝද රථයේ අංකය ද එහි හිමිකරුගේ නම ද සොයාගෙන ඇත.
විමර්ශන මෙසේ සිදුවෙද්දී එතෙක් ක්‍රියා විරහිතව තිබූ දියණියගේ දුරකථනයෙන් මවට ඇමතුමක් ලැබී තිබේ.
තමා පෙම්වතා සමග කොළඹ යන බවත් ඒ වනවිට රත්නපුරය පසුකර ඇති බවත් දියණිය පවසා ඇත.
පොලිසියට ඇයට කතාකර මේ තොරතුර සනාථ කරගෙන ඇති අතර තමා යන්නේ වසර 3 ක් තිස්සේ ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යන පෙම්වතා සමග බව තරුණිය පොලිසියට පවසා ඇත.
කර කියා ගත දෙයක් නොමැතිවූ මව ‘අනේ සර් මම නම් මේ සම්බන්ධයක් දැනගෙන හිටියේ නැතැ’ යි පවසමින් පොලිසියෙන් පිටවී ගොස් ඇත්තේ තවත් පරීක්ෂණ ද අනවශ්‍ය බව පවසමිනි.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මවට කොකා පෙන්නා පෙම්වතා එක්ක පැන ගිහින්