ඇලහැර සරත් නිශ්ශංක වෙලගෙදර
වැඩිහිටි දීමනාව මාසයකට ලක්ෂයක් ලබා දෙන බව පවසමින් කාන්තාවක රවටා ඇය සතු ලක්ෂ හයක් පමණ වටිනා රන්ආභරණ රැගෙන පලාගිය වංචාකරුවෙකු පිළිබඳ කතා පුවතක් අරලගන්විල වෙහෙරගල ගම්මානයෙන් වාර්තාවේ.
වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.
යතුරුපැදියකින් පැමිණි පුද්ගලයකු නිවසකට ගොස් තමා රජයේ නිලධාරියකු බවද වැඩිහිටි දීමනා ලබා දීමට පැමිණි බවද කාන්තාවට පවසා ඇත. වැඩිහිටි දීමනාව මාසයකට රුපියල් ලක්ෂ යකට වැඩි මුදලක් ලැබෙන බවත් එම මුදල ගන්න නම් ඇපයක් අවශ්‍ය බවද නිලධාරියකු ලෙස වෙස්වළා ගත් වංචාකරු පවසා ඇත.
එම දීමනාව ගන්න නම් ඇප මුදල් වසයෙන් රුපියල් 13000 බැගින් වාරික තුනක් අවශ්‍ය බවද වංචාකරු කාන්තාවට පවසා තිබේ.
වංචාකරුට අසුවූ කාන්තාව මෙම මුදල 39000 දෙන්න ඇය ළඟ මුදල් නැති බවත් අල්ලපු ගෙදරට ගිහින් මුදල් ගෙනැවිත් දෙන බව පැවසූ අවස්ථාවේ ඇයට වංචාකරු පවසා ඇත්තේ මුදල් නොමැති නම් රන්ආභරණ තියනවා නම් දෙන්න මම මහජන බැංකුවේ රන්ආභරණ තියන්නම්. අම්මා ගිහින් මුදල් බැංකුවට දීලා රන්ආභරණ අරන් එන්න කියා යෝජනාවක් කළ අවස්ථාවේ ඇය කැමැත්ත ප්‍රකාශ කළාය.
ක්ෂනිකව අත තිබූ මුද්ද ගලවා දුන්නද මුද්දට ලොකු මුදලක් ගන්න බෑ එහෙම නම් ටසල් දෙකද ගෙනැවිත් අත තැබූ අම්මා සර් එහෙනම් මේ දෙකම අරන් යන්න ඇය පැවසුවේ මාසයට රුපියල් ලක්ෂයක් ම ගැනීමේ අදහසිනි. අම්මා හොඳටම රැවටී ඇති බව දැනගත් වංචාකරු නැවත යෝජනාවක් කළේය.
ඒ යෝජනාව වූයේ එහෙනම් අම්මේ චේන් එකයි, මුද්දයි, ටසල් දෙකයි දෙන්න මම මේ තුනම බැංකුවේ තියා 39000 ගන්නම්. අම්මා බැංකුවට ගිහින් සල්ලි දී අරවාගෙන එන්න. ලබන මාසේ ඉඳලා අම්මාට වැඩිහිටි දීමනාවක් ලක්ෂයක් ලැබෙනවා. ඒ මුදල් වලින් හරි රන්ආභරණ බේරාගන්න. අම්මා එහෙනම් බොහොම ස්තුතියි කියා නැවත පිටු පසවත් නොබලා වංචාකරු පියාඹා ගියේය.
නිවසට පැමිණි තම පුරුෂයාට ලබන මාසේ සිට මට ලක්ෂයක් වැඩිහිටි දීමනාව ලැබෙනවා කියා සිදුවූ කතාව පුරුෂයාට ඇය පැහැදිලි කළාය. කතාව ඇසූ පුරුෂයාට දවල් තරු පෙනුනි. සැනෙකින් බිරිඳ කැටුව අරලගන්විල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉඳුනිල් හේමපාල මහතාට සිද්ධිය පිළිබඳ පවසා පැමිණිල්ලක්ද කළේය. සර් මගේ බිරිඳ උසස් පෙළ විභාගයත් ලියලා තියෙන්නේ. එහෙත් මේ වංචා කරුට අසුවෙලානේ.
වංචාකරු පැමිණි යතුරුපැදිය ලියාපදිංචි අංකය වෙනස් කර ව්‍යාජ අංකයක් යතුරුපැදියේ සවිකර ඇති බව පොලිස් පරීක්ෂණවලදී හෙළිදරව් වී ඇත.
මෙවැනි වංචාකරුවන් වෙස්වළාගෙන ගම්මානවලට පැමිණ කාන්තාවන් රවටන බැවින් වංචාකරුවන්ට අසු නොවෙන ලෙස පොලිසිය ජනතාවට අවවාද කර සිටී.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
මාසෙට ලක්ෂයක් ගන්න ගිහින් ‘කපුටකුට’ අහුවෙලා
ධනංජය Friday, 03 May 2024 01:10 PM
කපුටට අහුවෙලා ලක්ෂෙන් බේරුනා ඇති. ලංකාවට ආවොත් බිලියන ගණනක් එකතු කරගෙන තමා ආපහු යන්නේ.