IMG-LOGO

2025 අප්‍රේල් මස 03 වන බ්‍රහස්පතින්දා


මාහල්ලෝ හඩෙන් ඉහමොළ රත් වෙලා

පෙර පාසල් අධ්‍යාපනය ලබන දරුවකුට ශිෂ්ට සම්පන්න ලෙස කතා කිරීමට එහි ගුරුතුමිය පුරුදු පුහුණු කිරීම හේතුවෙන් දරුවාගේ මවුපියන් අන්ද මන්ද වූ පුවතක් කැබිතිගොල්ලෑව ප්‍රදේශයේ ගමකින් අසන්නට ලැබුණි. 
කතාව සැකෙවින් මෙසේය. 
මෙම මවුපියන් දෙපලගේ දරුවා පෙර පාසල් අධ්‍යාපනය ලබන දරුවෙකි. ඔහු ගුරුතුමිය සහ ඔහුගේ මවුපියන් ඇතුළු වැඩිහිටියන් ඔහුට ලබා දෙන අවවාද අනුශාසනා හිස් මුදුනෙන්ම පිළිගන්නා කීකරු දරුවෙකි. 
එදින කුඩා ලොරි රථයකින් මුහුදු මාළු අලෙවි කිරීම ශබ්ද විකාශන යන්ත්‍ර යොදාගෙන ‘‘මාහල්ලෝ, මාහල්ලෝ, මාහල්ලෝ”‍ යනුවෙන් හඬ නගා වෙළෙන්දෝ මාළු අලෙවි කරමින් සිටියහ.
මෙම අපගේ කීකරු පෙර පාසල් දරුවා පාසල නිමවා නිවසට පැමිණෙමින් සිටියේ ඔහුගේ මව සමගය. 
මාළු අලෙවි කරන ලොරි රථය ඔවුන් පසුකර යන අතරතුර, දරුවා තම මවගේ අතේ එල්ලි ඇයට ඇවිටිලි කරන්නට පටන් ගත්තේ මෙලෙසිනි. 
‘‘අනේ අම්මේ, අපිත් ගමුකෝ වැඩිහිටියෝ. මම හරි ආසයිනේ,”‍


මවට ඔහු කියන්නේ කුමක්දැයි වටහා ගැනීම අසීරු විය. දරුවා නාහෙන් අඬමින් ඇයට නිතර නිතර කරදර කරන්නට පටන් ගත්තේ, ”‍අම්මේ අපිත් වැඩිහිටියෝ ගමුකෝ”‍ කියමිනි. 
කෙසේ හෝ මව තම දරුවා නිවසට රැගෙන එන විට දරුවාගේ දෑස් වල කඳුළු වැගිරෙමින් තිබුණි. මෙම දර්ශනය දුටු පියා”‍ ඇයි මගේ පුතා මේ අඬලා තියෙන්නේ, මොකක්ද ප්‍රශ්නේ?”‍ යැයි බිරිඳගෙන් ඇසීය. 
එවිට බිරියට කට උස්සන්නවත් නොදුන් කුඩා දරුවා,”‍තාත්ති මං කියන කිසිම දෙයක් මේ අම්මා ගණන් ගන්නේ නෑ. මට අද කොහොම හරි වැඩිහිටියෝ ඕනමයි”‍ කියමින් බිම පෙරළෙන්නට විය.
මේ අපභ්‍රංසය තේරුම් ගත නොහැකිව පියා හතර අතේ කල්පනා කරන්නට විය.
තමාගේ ඉල්ලීම ඉටු නොවන බව දැනගත්  දරුවා පියා ළඟට ගොස් මෙසේ ඇවිටිලි කළේය. 
‘‘තාත්ති අපේ ටීචර් කියලා තියෙන්නේ මහලු‍ අයට මහල්ලෝ කියලා කතා කරන්න එපා කියලා. ඒ අයට වැඩිහිටියෝ කියලා කතා කරන්න කියලා. ඉතින් අර ලොරියේ මාමලා මහල්ලෝ මහල්ලෝ කිව්වේ අපි උයලා කන මාළුන්ට කියන තවත් වචනයක් නේද? එයාලත් වැඩිහිටියෝ නේද? අනේ තාත්තේ අපිත් ගමුකෝ වැඩිහිටියෝ කිලෝ එකක්. මම හරි ආසයිනේ”‍ යනුවෙන් පැහැදිලි කළේය.
මේ කතාවෙන් අම්මගෙයි තාත්තගෙයි ඉහ මොළ රත් වී ගියේය. මුවට නැගුණ සිනහව ගිලගත් පියා යතුරුපැදියට නැගී නොපෙනී ගිය මාළු ලොරිය පසු පස ලු‍හු බඳින්නට විය.  

 කැබිතිගොල්ලෑව හේමන්ත රණසූරිය



අදහස් (0)

මාහල්ලෝ හඩෙන් ඉහමොළ රත් වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

මෝඩයාගේ දින දා ඇදගෙන නාලා
2025 අප්‍රේල් මස 03 32 0

මෝඩයාගේ දිනය හෙවත් අප්‍රේල් 01 දා තම සහෝදරයා ගොනාට ඇන්දවීමට ගොස් සහෝදරිය ඇන්දුනු පුවතකි මේ.


කයිවාරු ගසා දඩත් කාලා
2025 අප්‍රේල් මස 02 443 0

පොලීසියෙන් අල්ලාගත් මිතුරාගේ රුපියල් විසිපන්දහසේ දඩය නොගෙවන තැනට කටයුතු කරන්න තමාට හැකි යැයි පුරසාරම් දොඩා ඒ සඳහා මැදිහත්වීමට ගොස් මිතුරාගේ දඩය මෙන


මාමණ්ඩිට කසිප්පු විකුණා මඟු‍ලත් කැඩිලා
2025 අප්‍රේල් මස 01 715 1

සිය පෙම්වතියගේ පියාට කසිප්පු අලෙවි කිරීමට ගොස් ප්‍රේමය අහිමි කර ගත් තරුණයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය.


පදමට ගහලා බසයත් මිස්වෙලා
2025 මාර්තු මස 31 697 0

සයනයක සුව පහසු මෙට්ටයකට වඩා සිය සැමියා මහ මග හිටගෙන නිදි දෙව් දුවගේ පහස විදීම හමුවේ රාත්‍රී සේවාව සඳහා යාමට සූදානමින් සිටි විවාහක බිරිය දැඩි අසරණතාවයක


පාඩමක් උගන්වන්න ගිහින් ආපස්සට කැරකිලා
2025 මාර්තු මස 29 497 0

පතලේ බාසුන්නැහැට දෙන්න ගිය දඬුවම ගෝලයාටම පත්තු වූ පුවතක් රත්නපුර දිස්ත්‍රික්කයේ එක්තරා ගමක පතලකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය.


හැටහතර මායමෙන් දඩ නොකා බේරිලා
2025 මාර්තු මස 28 1808 3

බිරියට දැවැද්දට දුන් කාරය සැමියා රියදුරු බලපත්‍රයක් නොමැතිව පදවා ගෙන යද්දී බිරියගේ හැටහතර මායමෙන් දඩයක් නොගෙවා බේරී ගිය පුවතක් කෑගල්ල ප්‍රදේශයෙන් ව


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 246 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 812 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 788 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site