කරාපිටිය - ජී.ඩබ්ලිව්.කේ.ප්‍රේමතිලක ද සිල්වා
දකුණේ අග නගරයට සමීප උප නගරයකි. මෙහි වෙළඳ සලක් පවත්වාගෙන යන තැනැත්තෙකි. තම වෙළඳ සලේ කටයුතු කර ගැනීමට තමන්ට තනිවම කරගත නොහැකි වීම නිසා සහායිකාවකගේ සේවය ලබාගෙන තිබිණි.
කෙමින් කෙමින් කාලය ගෙවුනි. මෙම සේවිකාව ඉතාමත් අවංකව තම සේවය ලබාදීම හේතුවෙන් තම ස්වාමියාගේ සිත දිනාගැනීමට සමත්වූවාය.
ඉකුත් දිනක අවශ්‍ය කටයුත්තක් සඳහා වෙළෙඳසල් හිමියාට අගනුවරට යෑමේ අවශ්‍යතාවයක් පැනනැගුණි. එදිනට පෙරදින වෙළෙඳසල් හිමියා තම සේවිකාව අමතා තමා පසුදින අගනුවරට යන බවත් එදින වෙළෙඳ සල විවෘතකර වෙළෙදාම් කටයුතු සිදුකරන ලෙසත් සේවිකාවට උපදෙස් දී වෙළඳ සලේ යතුරු ඇයට භාරදුන්නේය.
පසුදින මෙම වෙළඳ සහායිකාව වෙනදාටත් වඩා කලින් පැමිණ වෙළඳ සල විවෘත කර වෙළෙදාම් කටයුතු ආරම්භ කළාය.
මෙම අතරතුරේදි වෙළඳසල් හිමියාගෙන් දුරකතන ඇමතුමක් මෙම වෙළඳ සහායිකාවට ලැබිණි. එයින් කියැවුණේ තමන් ගමට පැමිණීම ප්‍රමාද වන බවත් එදින වෙළදාම් කරන ලද මුදල එකතුකර ඇතුළතින් තබා යතුර යතුරු පැදියේ කුඩයේ තබා ඊට උඩින් කොළයක් දමා වසන ලෙසත්ය. කරුණු හරිහැටි අවබෝධ කර නොගත් මෙම වෙළෙඳ සේවිකාව එදින වෙළෙදාම් කටයුත්තෙන් එකතුවූ මුදල වන රුපියල් 55,000/- එකතු කර ඇතුළෙතින් තබනු වෙනුවට එම මුදල් යතුරු පැදියේ කුඩයේ තබා යතුර වෙළඳ සල තුළ තබා පිටතින් අගුළු දැමිය හැකි ඉබ්බා දමා නිවසට ගියාය.
අනතුරුව මෙකී වෙළඳ සල් හිමියා මහා රෑ පැමිණ යතුරු සඟවා තැබීමට සහායිකාව දුන් උපදෙස් අනුව යතුරු පැදියේ කුඩය පිරික්සීය. වෙළෙඳ සල් හිමියා උඩ ගොස් බිම වැටිනි. ඒ අවස්ථාවේදී වෙළඳ සල් හිමියාට දක්නට හැකිවූයේ යතුර දමා යාමට උපදෙස් දුන් තැන එදින වෙළදාමෙන් ලැබුණු ආදායම වන රුපියල් 55000/- මිටියක් ගසා රබර් පටියකින් ගැටගසා දමා ඇති බවයි.
සොර සතුරකුට මෙම මුදල් නොයා තමාටම එම මුදල ලැබීම ගැන සතුටු වූ මෙම වෙළඳසල් හිමියාට පසුදින වෙළෙඳ සල විවෘත කර ගැනීමට ඉබ්බා කැපීම සඳහා අසල සිටින අයකුගේ සහායත් ලබාගැනීමට සිදුවිය.
අනේ කාලේ වනේ වාසේ යැයි සිතමින් මෙම වෙළෙඳ සහායිකාවගේ නුවණ ගැන සිතා බැලූ කඩ හිමියාගේ මතකයට ආවේ නිදාසිටි රජුගේ සිරුරේ වසා සිටි මැස්සා මැරීම සඳහා කඩුවෙන් කෙටීම හේතුවෙන් රජු ජීවිතක්ෂයට පත්වූ මෝඩ සේවකයාගේ ක්‍රියා කලාපය වැනි දෙයකට තමන්ද මුහුණදුන් බවයි.
සිය පෙම්වතියගේ පියාට කසිප්පු අලෙවි කිරීමට ගොස් ප්‍රේමය අහිමි කර ගත් තරුණයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය.
සයනයක සුව පහසු මෙට්ටයකට වඩා සිය සැමියා මහ මග හිටගෙන නිදි දෙව් දුවගේ පහස විදීම හමුවේ රාත්‍රී සේවාව සඳහා යාමට සූදානමින් සිටි විවාහක බිරිය දැඩි අසරණතාවයක
පතලේ බාසුන්නැහැට දෙන්න ගිය දඬුවම ගෝලයාටම පත්තු වූ පුවතක් රත්නපුර දිස්ත්‍රික්කයේ එක්තරා ගමක පතලකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය.
බිරියට දැවැද්දට දුන් කාරය සැමියා රියදුරු බලපත්‍රයක් නොමැතිව පදවා ගෙන යද්දී බිරියගේ හැටහතර මායමෙන් දඩයක් නොගෙවා බේරී ගිය පුවතක් කෑගල්ල ප්‍රදේශයෙන් ව
ඇය රජරට අග නගරයෙන් ඊශාන දෙසට පිහිටි ගොවි ගම්මානයක ජීවත් වූ ගෙවිලියකි. මැදිවියෙහි පසුවන ඇය සෝබමාන පෙනුමින් පසුවන්නියකි.
තැනට සුදුසු නුවණ භාවිත නොකිරීම සහ අධික ලෝබය නිසා වෙන්නට සිටි සහකාරියක තරුණයකුට අහිමි වූ සිදුවීමක් කුණ්ඩසාල ප‍්‍රදේශයේ කුඩා නගරයකින් අසන්නට ලැබුණි.
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
යතුරයි සල්ලියි මාරු වී මුදලාලිට තරු පෙනිලා
ගුණරත්න Tuesday, 11 March 2025 06:00 PM
ඔය පැත්ත කොහෙද? ටිකක් මෝඩ වුනත් අවංක මිනිස්සු ඉන්න පැත්තක්. මට පදිංචි වෙන්න හොඳයි වගේ. ඒ කොහොමත් අර ගෑණු කෙනාත් මුදලාලිත් දෙන්නම මෝඩයි, යතුර හෝ සල්ලි දෙකෙන් එකක් ඔය කියපු ස්ථාන දෙකෙන් කොහේ තිව්වත් එහි ඇති වෙනසක් නැහැ,