පැරණි පෙම්වතා සිය හොඳම යෙහෙළිය විවාහ කර ගැනීමට පැමිණි අවස්ථාවේ තරු පෙනුණු තරුණියක පිළිබඳව රත්නපුර දිස්ත්‍රික්කයේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි.
සිද්ධිය මෙසේය ,
ඇය රූමත් තරමක් පොහොසත් පවුලක තරුණියකි. ඇයගේ හොඳම මිතුරියද ඇයට වඩා රූමත් තරුණියක වන අතර බොරු සෝබන ආටෝප නැති නිරහංකාර තරුණියකි. ඇය ඇයගේ රූමත්කම නිසා ආඩම්බර ලෙස හැසිරෙන අතර වැඩිය පිරිස් සමග කතා බහට නොයයි.
මේ අතර කඩවසම් තරුණයකු ඇයගේ ආදරය පතා ඇය පසු පස ආවේ ඇගේ ඇනුම් බැනුම් අපහාස මැදය. ඔහු කඩවසම් වුවත් ඔහුගේ පවුල ඉතා දුප්පත්ය. මව කූලී වැඩ කර ඔහුට අධ්‍යාපනය ලබා දී ඇති අතර පියා නොමැති හෙයින් අඩු පාඩු මැද ඔහුගේ පාසල් ගමන ද අතර මැද නතර වී තිබේ.
ඔහු පතල්වල රැකියාව සිදුකර ඇති අතර ඇය සොයා ඔහු පැමිණි විට ඇය පවසා ඇත්තේ ඔහුට ගැළපෙන්නේ පැලක සිටින හිඟන කෙල්ලෙක් බවත් ඇය පසුපස පැමීණීම ඇයට කරන අගෞරවයක් බවත්ය.
එබැවින් ඔහු ඇය පසුපස යාම නවතා ඇති අතර ඇය වෙනත් තරුණයකු සමග විවාහ වී ඇත. බොරු සෝබන හා මිතුරන්ගේ වාහන පෙන්වා ඇය රවටා විවාහ කර ගත් ඔහු තදින් නීති විරෝධී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පුද්ගලයකි. ඇය ඒවා දැන ගන්නා විට ඇය ඔහු අතින් අනාථ වී දරුවකු ලැබෙන්නට සිටින අවදියේදීය. කරන්නට කිසිවක් නොමැතිව ඔහු සමග විවාහ වූවත් ඇය ගෙව්වේ නීරස ජීවිතයකි. ඇය කෑමවලට වඩා ඔහුගෙන් ගුටි කා තිබේ.
ඇය මේ පිළිබඳව ඇයගේ ළඟම මිතුරියට පවසා ඇති අතර රැකියාවක් සොයා දෙන ලෙස ඉල්ලා ඇත. තමන් විවාහ වීමට යන පුද්ගලයාගේ ආයතන කිහිපයක් තිබෙන බවත් එයින් රැකියාවක් ලබාදීමට හැකි බවත් ඔහු මවුපියන් බැලීමට ගෙදර එන අවස්ථාවේ ඇයට ආරාධනා කර ඇත්තේ ඔහු හඳුන්වා දීමටය.
නියමිත දිනයේ ඇය දරුවා ද රැගෙන සිය හොඳම මිතුරියගේ නිවසට ගොස් ඇත්තේ ඔහු හමු වී රැකියාව ලබා ගැනීමටය. නවීන පන්නයේ වාහනයකින් කඩවසම්ව ඇඳ සිය මිතුරිය බැලීමට පැමිණෙන්නේ තමන් පසුපස ආදරය ඉල්ලා පැමිණ තමන් අපහාස කළ තරුණයා බව දැක ඇයට දෙවියන් සිහිපත් වී තිබේ. ඇය මිතුරිය සමග ඔහු පිළිබඳව ඔහුව නොදන්නා පරිද්දෙන් විමසා ඇත්තේ ඔහු ඇය පසුපස ඇයගේ ආදරය ඉල්ලා පැමිණි බව ඇයට වසන් කරමිනි. මිතුරිය ඇයට පවසා ඇත්තේ ඔහු කලින් ඉතා දුප්පත් කෙනෙකු බවත් පියා මියගොස් මව සමග ජීවත් වන අතර මැණික් පතල් වලින් වාසි සිදුවීමෙන් ටිකෙන් ටික ඉහළට ගොස් ඔහු දැන් මැණික් ව්‍යාපාරිකයකු බවය.
එමෙන්ම ඔහුට අයත් ආයතන කිහිපයක් තිබෙන අතර එයින් රැකියාවක් ඇයට දීමට හැකි බවය. වදෙන් මෙන් ඔහු අසලට ගොස් ඇයව ඔහුට හඳුන්වා දුන් මිතුරිය ඇයට ඔහුගේ ආයතනයක රැකියාවක් දෙන ලෙස ඉල්ලා ඇත. මේ කලින් තමන් ආදරය ඉල්ලා පසුපස ගොස් නින්දා අපහස සිදු කළ තරුණිය බව ඔහු හඳුනා ගත්තද ඒ බව අමතක කර ඔහු ඇයට රැකියාවක් දීමට හැකි බව පවසා ඇත. කියූ ලෙසම ඇයට ඔහුගේ ආයතනයක රැකියාවක් ලබා දීමට කටයුතු කළ ඔහු අනෙකුත් සේවකයන්ට වඩා ඉහළ වැටුපක් ද දීමට කටයුතු කර ඇති අතර ඇයගේ මිතුරිය හා විවාහ වීමේ උත්සවයට ඇයට ආරාධනා කිරීමට කටයුතු කර ඇත.
කලවාන - උපේන්ද්‍ර ප්‍රියංකර ජාතුංගම
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
යෙහෙළියගේ ගෙදරදී පැරණි පෙම්වතා දැක තරු පෙනිලා