හක්මණ විශේෂ - දෙනගම යසන්ත ආරියසේන
රජයේ රැකියාවට අමතරව ව්‍යාපාරයක් පවත්වා ගෙන යන පුද්ගලයකු තම ආයතනයේ සේවය කරන රූමත් කාන්තාවක සමග මැතිවරණ ප්‍රචාරක රැස්වීමකට ගොස් සිදුවූ අපූරු අකරතැබ්බයක් පිළිබඳව දකුණු පළාතේ සුන්දර නමක් ඇති ග්‍රාමීය ප්‍රදේශයකින් වාර්තාවේ.
රජයේ සේවකයා පියකරු පෙනුමක් හා කෙළිලොල් ජීවිතයක් ගතකළ එක්තරා දේශපාලන පක්ෂයක ප්‍රබල සාමාජිකයකු ලෙසද ජනතාව අතර ප්‍රසිද්ධියට පත්ව සිටි අයෙකි.
සිය සේවා ස්ථානයේ මෙන්ම කා අතරත් ඔහු අතිශයින් ජනප්‍රිය පුද්ගලයෙක්ද විය. රාජකාරිය මෙන්ම ව්‍යාපාර කටයුතු දැහැමි ලෙස සිදුකරන පුද්ගලයකු ලෙසින් ජනතාව අතර ප්‍රසාදයක් ලැබී තිබූ ප්‍රියමනාප පුද්ගලයකු වන මොහු විශේෂයෙන් සිය කාර්යාලයේ නිලධාරිනියන් අතර විශේෂ ප්‍රසිද්ධියක් උසුලන චරිතයක් ද විය.
සිය ව්‍යාපාරික ස්ථානයේ සේවය කරන තරුණ කාන්තාවක මොහු සමග හිතවත් විය. ව්‍යාපාරික ස්ථානය වසන වේලාව දක්වා රැඳී සිටින කාන්තාව සමග මුහුණු පොත ඔස්සේද ඔහු ගනුදෙනු සිදුකළේය.
ව්‍යාපාරික කටයුතු පිළිබඳව නිතර නිතර සාකච්ඡා කිරීම නිසා ඔවුහු තවත් සමීප වූහ. දෙදෙනා අනියම් පෙම්වතුන් වීමට වැඩි කාලයක් ගත නොවූ අතර දෙදෙනා ව්‍යාපාරික ස්ථානයේදී සහ වෙනත් ස්ථානවලදී බොහෝ අවස්ථාවල හමුවූහ.
කාන්තාවගේ සැමියා අගනුවර ප්‍රදේශයේ රැකියාවක් සිදුකරන අතර ඔහු බිරියගේ කාර්යයන් පිළිබඳව වැඩි අවධානයක් යොමු නොකළ අතර කාන්තාව අතිකාල වැඩ කිරීමට සිදුවන බව සැමියාට පවසා ඇයද ඇතැම් දිනවල ව්‍යාපාරික ස්ථානයේ වැඩිපුර කාලයක් රැදී සිටියාය.
සාකච්ඡා කරගත් පරිදි පසුගිය දිනක ප්‍රධාන දේශපාලන පක්ෂයක අපේක්ෂකයකු ප්‍රවර්ධනය සදහා ක්‍රීඩාංගණයක පැවැත්වෙන රැස්වීමක් නැරඹීමට නිවෙස්වලට නොදන්වා දෙදෙනාම ගියහ.
බාහිර ලෝකය පිළිබඳව සැලකිල්ලක් නොදක්වා දෙදෙනාම ඉදිරිපස පනවා තිබූ අසුන් දෙකකට බර වී විවිධ දේ පිළිබඳව දොඩමළු වෙමින් රැස්වීම නැරඹූහ. ව්‍යාපාරික ස්ථානයේ සේවකයන් සහ කාර්යාල මිතුරන් රූපවාහිනි ප්‍රවෘත්ති විකාශය නරඹමින් සිටි අතර හිටි හැටියේම මෙම යුවළගේ සමීප දසුනක් රූපවාහිනි තිරයේ දිස්විය.
සියලුම දෙනා පැහැදිලිව දෙදෙනා හඳුනාගත් අතර ව්‍යාපාරිකයාගේ කාර්යාල මිතුරන් එම දසුන දැක ඔහුට ඇමැතුම් ලබාගත්තද දුරකතන ක්‍රියාවිරහිත කර තිබූණි.
කිසිවක් නොදත් ඔහු පසුදා කාර්යාලයට ගියවිට මිතුරන් විසින් රූපවාහිනි දසුන් පෙන්වමින් ඊයේ රැස්වීමට ගියා නේද. යනුවෙන් සවස ප්‍රශ්න කිරීම නිසා ඔහුට උන්හිටි තැන් අමතක විය. සුළු වේලාවක් කාර්යාලයේ රැඳී සිටි ඔහු නිවාඩුවක් ලබාගෙන පිටව ගිය අතර බිරිඳ හා දරු දෙදෙනා සමග බිරිඳගේ මහගෙදර ගොස් කාලය ගතකළේය.
ව්‍යාපාරික ස්ථානයේ සෙසු සේවකයන් අතර සහ කාර්යාලයේ මිතුරන් අතර කතාව පැතිර යාමට වැඩි කාලයක් නොවූ අතර යෙහෙළියන් පිරිසක් විසින් බිරිඳගේ දුරකතනයට විඩියෝ දර්ශනය එවීමත් සමග ඇය යුද ප්‍රකාශ කළාය. කාන්තාවට ව්‍යාපාරික ස්ථානය තහනම් ප්‍රදේශයක් කළ අතර සැමියාට දේශපාලන කටයුතු සහ රාත්‍රී ගමන් බිමන් තහනම් කර ඇති බව පැවසේ.
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
විවාහ උත්සවයේදී අධික බීමතින් කියූ වචනයක් නිසා අම්බානක ගුටි කන්න වූ පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය.
දකුණු ලක අග නගරයට සමීප ප්රධාන උප නගරයකි. හෙතෙම හොඳ හොඳ බොනපාට් කෙනෙකු සේම දුම්පානයට ද තදින්ම ඇබ්බැහි වූවෙකි. කෙසේ වෙතත් ජැන්ඩියට ඇඳ පැලඳ සිටින අපේ කතාන
මෙය සබරගමුව පළාතේ බලංගොඩට නොදුරු එක්තරා ගම්මානයක සිදුවූ අපූරු සිදුවීමකි. හෙතෙම මේ එදිනෙදා කුලී රැකියාවේ සිටි අයෙකි. විවාහකව සිටි අතර දරුවෝ කිහිප දෙනෙ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
රූප පෙට්ටියෙන් සැමියාගේ අනග රැගුම් අහුවෙලා