IMG-LOGO

2025 පෙබරවාරි මස 13 වන බ්‍රහස්පතින්දා


රිළවකුට බිය වී අඩ නිරුවතින් දුවලා

ඇල්ල ප්‍රසාද් රුක්මල්
කාමරයට කඩා වැදුණු රිළවකු නිසා තරුණියන් බියට පත්ව අඩ නිරුවතින් කාමරෙන් එළියට පැන හිස්ලූ අත දිවයාමේ පුවතක් බදුල්ලට නුදුරු ප්‍රදේශයකින් වාර්තා වේ.
සරසවි අධ්‍යාපනය හදාරන මෙම සිසුවියෝ නිවාඩුවට ගම්බිම් බලා ගොස් යළි බදුල්ලේ බෝඩිමට පැමිණියහ. ඔවුන් සිය නිවෙස්වල සිටම දිවා ආහාර ද පිළියෙල කරගෙන පැමිණි අතර ඔවුන් ගෙනා ආහාර ඇතුළු ඇදුම් බෑග් බෝඩිම් කාමරයේ මේසය මත තබා ගමන් විඩාව නිවමින් ඔවුහු ඇඳුම් මාරුකරන්නට වූහ.
බදුල්ල ප්‍රදේශයේ රිළවුන්ගේ තර්ජන බහුලව ඇති අතර, එක් සිසුවියක කාමරයේ ජනේලයක් විවෘත කළේ රස්නය නිසාවෙනි.


මේ අතරතුරේ නිවස අසල ගසක සිටි රිළවෙක් ආහාර සුවඳ දැනී එක්වරම ජනේලයෙන් කාමරයට ඇතුළු වී මේසය මතට නැග ගෙන ගමන් මලු‍ දිග හරින්නට විය.
කාමරයට රිංගා ගත් රිළවා දුටු සිසුවියෝ බියට පත්වී යටිගිරියෙන් කෑගසාගෙනම ඇද සිටි අඩ නිරුවත් ඇඳුම් පිටින් දිවගියහ.
මොවුනගේ කෑගැසීම ඇසී අසල්වාසීන්ද එම ස්ථානයට දිව ආ අතර අඩනිරුවතින් සිටි සිසුවියන් පිරිස ඒ අසල නිවසක කාමරයක රඳවා නිවසේ කාමරයේ සිටි රිළවා එළවා දමා සිසුවියන්ට ඔවුන්ගේ ඇඳුම් කාන්තාවක විසින් ගිහින් දීමෙන් අනතුරුව එම ඇඳුම් ඇඳගත් සිසුවියන් පිරිස යළි බෝඩිමට ආවේ ලැජ්ජාවෙන් ඇඹරෙමිනි.

 



අදහස් (0)

රිළවකුට බිය වී අඩ නිරුවතින් දුවලා

ඔබේ අදහස් එවන්න

 

 

දෙයියෝ සාක්කි

රිළවකුට බිය වී අඩ නිරුවතින් දුවලා
2025 පෙබරවාරි මස 13 99 0

කාමරයට කඩා වැදුණු රිළවකු නිසා තරුණියන් බියට පත්ව අඩ නිරුවතින් කාමරෙන් එළියට පැන හිස්ලූ අත දිවයාමේ පුවතක් බදුල්ලට නුදුරු ප්‍රදේශයකින් වාර්තා වේ.


වළ නැතිව තරු පෙනිලා
2025 පෙබරවාරි මස 12 91 0

අරණායක ප්‍රදේශයේ අසුපිණි ඇල්ල පෙනෙන මානයේ එක්තරා ගමක මෘතදේහයක් මිහිදන් කිරීමට සොහොන් භූමියට ගිය හිතවතුන්ට තරු පෙනුණ පුවතක් අරණායකෙන් වාර්තා වේ.


වොයිස් මැසේජයෙන් නෝනාගේ රෙදි ගැලවිලා
2025 පෙබරවාරි මස 11 1100 0

වොයිස් මැසේජ් එකෙන් ඔහුගේ නෝනාගේ තරම කාර්යාලයම දැනගත් පුවතක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


කෙට්ටු කරන්න ගිහින් මට්ටුවෙලා
2025 පෙබරවාරි මස 10 813 0

ප්‍රියම්භිකාවගේ සිරුර කෙට්ටු කරන්න ගොස් තමන්ට තට්ටුවූ අයකු පිළිබඳ කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


දෙහිකපන්න හොයද්දී පදමට ගහලා ඇඳයට බුදි
2025 පෙබරවාරි මස 08 434 0

අතුරුදන් වූ අයකු ඇඳක් යටින් සොයා ගත් පුවතක් මාවතගම ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් ගමකින් අසන්නට ලැබුණි.


බෝතලය පුපුරා ටයිකෝට් ගැලවිලා
2025 පෙබරවාරි මස 07 891 0

මංගල උත්සවයේදී සුද්දාගේ ඇදුමට අපූරු ගෞරවයක් දුන්නු අයකු පිළිබදව ගාලු‍ දිසාවේ නගරයකින් අසන්නට ලැබේ.


මේවාටත් කැමතිවනු ඇති

Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක් 2025 පෙබරවාරි මස 07 125 0
Samsung සමාගමෙන් උසස් AI විශේෂාංග වලින් සමන්විත දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාවක්

ශ්‍රී ලංකාවේ අංක එකේ පාරිභෝගික ඉලෙක්ට්‍රොනික සන්නාමය වන Samsung සිය නවතම දොර දෙකේ Bespoke AI ශීතකරණ මාලාව ශ්‍රී ලංකාවට හදුන්වාදෙන ලදි.

උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ 2025 ජනවාරි මස 23 126 0
උසස් පෙළින් පසු ඔබේ අනාගතය සැලසුම්කරන්න NSBM “Meet Your Lecturer” මේ සතිඅන්තයේ

මෙවර උසස් පෙළ අවසන් කළ සිසුන්ට නිවැරදි මග පෙන්වීමක් ඇතිව තම අනාගතය සැලසුම් කිරීමට අවස්ථාව ලබාදෙමින් මෙරට ප්‍රමුඛතම විශ්වවිද්‍යාලයක් වන NSBM

“NSBM Edu Fair” උසස් අධ්‍යාපන  ප්‍රදර්ශනය  මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී 2025 ජනවාරි මස 08 913 0
“NSBM Edu Fair” උසස් අධ්‍යාපන ප්‍රදර්ශනය මේ සති අන්තයේ කොළඹ සහ මහනුවර දී

NSBM හරිත සරසවියේ 2025 ජනවාරි නව බඳවා ගැනීම සඳහා පැවැත්වූ “NSBM Open Day” ප්‍රදර්ශනය අති සාර්ථක ලෙස ඉකුත් සතිඅන්තයේ විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී පැවැත්විණි.

Our Group Site