IMG-LOGO

2025 අප්‍රේල් මස 19 වන සෙනසුරාදා


ලිස්සන ගහේ නැගලා අවුරුදු උත්සව තිත්ත වෙලා

හක්මන විශේෂ - දෙනගම  යසන්ත ආරියසේන



අලු‍ත් අවුරුද්ද වෙනුවෙන් ගමේ තරුණයන් සංවිධානය කළ බක්මහ උළෙලක දී ලිස්සන ගසේ නැග ජයග්‍රහණයෙන් උද්දාමයට පත් තරගකරුවකුට මුහුණපෑමට සිදුවූ අකරතැබ්බයක් පිළිබඳ දකුණු පළාතේ ගමකින් වාර්තා වේ. 
සිංහල අලු‍ත් අවුරුද්ද වෙනුවෙන් ගමට පැමිණි  තරුණ පිරිස සහ වැඩිහිටියෝ එක්වී සෑම වර්ෂයකම බක්මහ උළෙලක් පවත්වති. අගනුවර ප්‍රදේශයේ විවිධ රැකියාවල නියුතු පිරිස අවුරුදු උත්සවයට අවශ්‍ය තෑගිබෝග ද රැගෙන ඒමට අමතක නොකළහ. විනෝදාස්වාදය ගෙනදෙමින් විවිධ ජන ක්‍රීඩා තරගවලින් සමන්විත බක්මහ උළෙල අතිඋත්කර්ෂවත් ලෙස පැවැත්වුණේ ගමේ පාසලේ ක්‍රීඩා පිටියේදීය.
උදෑසන නවයට පමණ ආරම්භ වූ බක්මහ උළෙල දහවල් වන විට  දැඩි උණුසුම්කාරී බවකින් යුත්ත වූ අතර විටින් විට ඇදහැලු‍ණු ධාරානිපාත වර්ෂාව බාධාවක් කර නොගෙන සංවිධායකයෝ බක්මහ උළෙල පැවැත්වූහ.
බක්මහ උළෙලේ ලිස්සන ගහේ නැගීම දැඩි උණුසුම් තරගයක් වූ අතර හතර දෙනකුගෙන් යුතු කණ්ඩායමක් ඒ සඳහා ඉදිරිපත් වී සිටියේය. කණ්ඩායමට නායකත්වය ලබාදුන්නේ ගමේ සැමදෙනා අතර ජනප්‍රිය වැඩිහිටියකු වීම ද විශේෂ විය.


අඩි තිහක් පමණ උසකින් යුතු ලිස්සන ගස ක්‍රීඩා පිටියේ මැද සිටුවා තිබූ නිසා තරගය නරඹන්නන්ගේ විශේෂ අවධානයට ද යොමු විය. තරගකරුවන් හතරදෙනා උදෑසන සිට ගසේ සවිකර ඇති කොඩිය ලබා ගැනීමට සාමූහික උත්සාහයක යෙදුණු අතර, සවස හතර වනවිට ලිස්සන ගහේ මුදුනට නැගීමට කණ්ඩායමේ නායකයා සමත්වූයේය.
ලිස්සන ගසේ නැගීම පිළිබඳව නිවේදකයා විසින් නරඹන්නන්ගේ උත්තේජනය වැඩි වන ආකාරය විස්තර කථනය කිරීමෙන් සියල්ලෝ ප්‍රීතිඝෝෂා පැවැත්වූහ. ලිස්සන ගස මුදුනට නැග කොඩිය අතට ගෙන සිටි වැඩිහිටියාට ද තමන් සිටි තැන පිළිබඳව අමතකව ගස මුදුනේ දෑතින් එල්ලෙමින් විවිධ රංගන දක්වන්නට විය. 
අත්දෙකින් එල්ලෙමින් එලෙස රංගනයේ යෙදෙමින් සිටින විට එක්වරම හැඳ සිටි සරම ගැලවී බිමට වැටුණු අතර නරඹන්නන්ගේ හූ හඬින් පළාතම ගිගුම් දෙන්නට විය. යට ඇඳුම පිටින් කොඩියද රැගෙන ගසෙන් බැසගත් කණ්ඩායම් නායකයා ක්‍රීඩා පිටියෙන් ඉවතට දිවගියේ වැටුණු සරම ද අහුලාගෙනය. ජයග්‍රාහකයන්ට  වටිනා තෑග්ගක් ප්‍රදානය කළ අතර එය ලබාගැනීමට ද ඔහු පැමිණියේ නැත. ‘අවුරුදු උත්සවයක් තියෙනවා ලිස්සන ගහේ නගින්න යමුද?’ කියා විමසමින් ගමේ තරුණයන් ඔහුට ඇමතුම් ලබාදීමට කටයුතු කිරීමෙන් සිය දුරකතනය ද විසන්ධි කර ඇති අතර ප්‍රසිද්ධියේ ගමන් බිමන් යාමෙන් වැළකී සිටින බවද පැවසේ.  



අදහස් (0)

ලිස්සන ගහේ නැගලා අවුරුදු උත්සව තිත්ත වෙලා

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 378 0

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 537 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1038 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 886 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


අම්මාගේ ගැටේට දුවත් හොල්මන්
2025 අප්‍රේල් මස 09 2331 2

දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


ලෙඩා මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 08 809 1

අලු‍ත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 103 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 225 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 392 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site