ඔහු ප්‍රදේශයේ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක සේවය කළ ලිපිකරුවෙකි. රාජ්‍ය සේවය නිසාම දැන හඳුනාගත් බොහෝ පිරිසක් මොහුගේ මිතුරන් වූහ.
දිනක් මොහු පෞද්ගලික අවශ්‍යතාවයක් සඳහා ළඟ නගරයට ගියේ බස් රථයකිනි. නගරයේ සිට ආපසු එමින් සිටියදී, ඔහු පැමිණි බස් රථයට බොහෝ කාලෙකින් හමු නොවූ මිතුරෙක් බස් රථයට ගොඩ විය. ඔහු හමු වූයේ අහම්බයෙනි.
දුටු සැණින් දෙදෙනාට දෙදෙනා හඳුනා ගැනීමෙන් පසු ආගිය තොරතුරු කතා කරමින් ඔවුහු බස් රථයේ ගමන් ආරම්භ කළහ. ලිපිකරු මිතුරා බසයේ අසුන් ගෙන සිටි අතර අනෙක් මිතුරා හිටගෙන ගමන් කරන්නට වූහ.
මේ අතරතුර ටිකට් පත් නිකුත් කරන බස් රථයේ කොන්දොස්තර තැන ලිපිකරු මහතා ළඟට පැමිණි අවස්ථාවේ “ටිකට් ඔයාටත් එක්ක ගන්න. මෙන්න සල්ලි,, කියමින් රුපියල් එක්දහසක මුදල් නෝට්ටුවක් මිතුරා අත තැබීමට ලිපිකාර මිතුරා කාරුණික විය..
“නෑ ..නෑ.. ඕන නෑ.. කියූ මිතුරා, ලිපිකරු මිතුරාගේ බල කිරීම නිසා මුදල් නෝට්ටුව අතට ගත්තේය. මිතුරා මගී තදබදය නිසා කොන්දොස්තරගේ නියමය අනුව බස් රථයේ පසු පසට ගියේ ටිකට් පත් ද ,ඉතුරු මුදල් ද රැගෙනය.
කලකට පසුව හමු වූ මිතුරා ලිපිකාර මිතුරාට පෙර බස් රථයෙන් බැසිය යුතු නගරයට ආසන්න ගමක පදිංචි අයකු විය. එම නිසා ඉතුරු මුදල් සහ තමාගේ බස් ටිකට් පත ලබා දේ යැයි සිත සිතා පැමිණි , ලිපිකරු මිතුරා, ටික වේලාවක් ගිය ද මුදල් සහ ටිකට් පත ඉල්ලා ගැනීමට මිතුරා බස් රථයේ සිටී දැයි විපරම් කළේය. පුදුමයකි. මිතුරා බස් රියේ පසුපස දොරටුවෙන් බැස ගොස් ඇති බව පැහැදිලි විය.
තමන්ට නියමිත බස් ටිකට් පත සහ ඉතිරි මුදල් නොලැබීම නිසා කනස්සල්ලට පත් ලිපිකාර මිතුරා සිදු වූ අකරතැබ්බය ගැන කල්පනා කරමින් ගමනේ යෙදෙන අතරතුර බස් රථයට ටිකට් පරීක්ෂක නිලධාරීහු පිරිසක් ගොඩ වී මගීන්ගේ ටිකට් පත් පරීක්ෂා කරන්ට වූහ. මෙම තත්වයෙන් වික්ෂිප්ත වූ ලිපිකාර මිතුරා තමන් ළඟට පැමිණි ටිකට් පරීක්ෂකවරයාට සිදු වූ දේ පැවසුවේය.
ටිකට් පරීක්ෂකවරයා කියූ දේ ගණන් නොගෙන ටිකට් පතක් නොමැතිව බසයේ ගමන් කිරීමේ වරදට දඩ මුදලක් ගෙවන ලෙස ලිපිකාර මිතුරාට නියම කෙළේය. ගමන් ගාස්තුව මෙන් දෙගුණයක් සහ දඩ මුදල ලෙස රුපියල් 200 ක් සමග රුපියල් 560 මුදලක් ගෙවා දැමූ ලිපිකාර මිතුරා මගීත් අතර බලවත් ලජ්ජාවකටත් පෞද්ගලිකව මානසික බිඳ වැටීමකටත් ලක් වීය. මිතුරාට අමතක වීමකින් මුදල් සහ ටිකට් පත් නොදුන්නා ද, නැත්නම් වංචනිකව මග හැරියා ද යන දෙබිඩි සිතිවිල්ලකින් ඔහු කල්පනාවට වැටිණි.
මාරවිල පී.එස්. මද්දුමගේ
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
විවාහ උත්සවයේදී අධික බීමතින් කියූ වචනයක් නිසා අම්බානක ගුටි කන්න වූ පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය.
දකුණු ලක අග නගරයට සමීප ප්‍රධාන උප නගරයකි. හෙතෙම හොඳ හොඳ බොනපාට් කෙනෙකු සේම දුම්පානයට ද තදින්ම ඇබ්බැහි වූවෙකි. කෙසේ වෙතත් ජැන්ඩියට ඇඳ පැලඳ සිටින අපේ කතාන
මෙය සබරගමුව පළාතේ බලංගොඩට නොදුරු එක්තරා ගම්මානයක සිදුවූ අපූරු සිදුවීමකි. හෙතෙම මේ එදිනෙදා කුලී රැකියාවේ සිටි අයෙකි. විවාහකව සිටි අතර දරුවෝ කිහිප දෙනෙ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
වැඩි හොඳ කරන්න ගිහින් දඩත් කන්න වෙලා