IMG-LOGO

2025 මාර්තු මස 18 වන අඟහරුවාදා


සංගණනය අස්සේ රිළවු බත් මුට්ටිත් උස්සන් ගිහින්


ආරච්චිකට්ටුව - ලලිත් නවරත්න



ජාත්‍යන්තර රැම්සා තෙත්බිමට ආසන්න ප්‍රදේශයකි. මෙම ප්‍රදේශයේ බහුතරයක් දෙනා කෘෂිකර්මාන්තය මත යැපෙන අතර රිළවුන් දඬු ලේනුන්ගෙන් සහ මොනරුන්ගෙන් වන හානි හේතුවෙන් තමන්ට ලැබෙන අස්වැන්න නාස්ති වී කෘෂිකර්මාන්තය පිළිබඳව කලකිරීමෙන් සිටිති. 
එපමණක් නොව තමන් උයා පිහාගත් ආහාරවේල කෑමට ගන්නා තෙක් එය ආරක්ෂා කර ගැනීමට විශාල පරිශ්‍රමයක් දැරීමට සිදුවන බව ඔවුහු පවසති. ඇසිපිය හෙලූ පමණට බත් මාලු පිනි මුට්ටි රිළවුන් විසින් කුස්සිවලට පැන උස්සා‍ගෙන යන අතර රිළවුන් සහ දඬුලේනුන් විසින් පොල් සහ එළවළු පලතුරු වගා බලාගෙන සිටියදී විනාශ කරන බවත් මොනරුන් වී වගා එළවළු වගා අස්වැන්නෙන් පංගුවකටත් වඩා විනාශ කරන බවටත් ඔවුහු මැසිවිලි නගති.


පසුගියදා තිබූ සත්ව සංගණනයෙන් පසු තමන්ට සතුන්ගෙන් වන හානියට පිළියමක් ලැබෙයි, යන විශ්වාසය මත එයට සහයෝගය දීමට මෙම පවුලේ පිරිස අධිෂ්ඨාන කරගත් අතර එම හේතුවෙන් අක්කරයක් පමණ වපසරියකින් යුත් ඉඩමට වෙනදා වගේ විනාශයට එන සතුන් එළවා දැමුවේද නැත.
ඉඩම පිටුපසට එන සතුන් සංගණනයට යාම හේතුවෙන් මුළුතැන්ගෙයත් උදේට පිසින ලද ආහාර වේලත් අමතක විය.
ඇත්තේ විනාඩි පහකි. පිටුපසට යන වෙනදා එන සතුන් පැමිණ සිටද නැත. නැවත නිවස ආසන්නයට විනාඩි 5 ට කලින් දිව ආ විට කිසිම සතකු දක්නට සිටියේ ද නැත. උදේට උයාගත්ත බත් මාලු‍ පිනි මතක් විය. මොනවා බලන්නද බත් මුට්ටියත් මාලු‍ පිනි ඇතිලිත් රිළවුන් ගෙන ගොස්ය.
කාටද ඉතින් පැමිණිලි කරන්නේ....
නිවාඩු දිනයක් හේතුවෙන් පාසල් නොගිය දරුවොත් ගෙදර අයත් කුසගින්නේ සිටියහ. සංගණනයට 0 දැමීමට සිදුව ඇත.



අදහස් (0)

සංගණනය අස්සේ රිළවු බත් මුට්ටිත් උස්සන් ගිහින්

ඔබේ අදහස් එවන්න

 

දෙයියෝ සාක්කි

සංගණනය අස්සේ රිළවු බත් මුට්ටිත් උස්සන් ගිහින්
2025 මාර්තු මස 18 306 0

ජාත්‍යන්තර රැම්සා තෙත්බිමට ආසන්න ප්‍රදේශයකි. මෙම ප්‍රදේශයේ බහුතරයක් දෙනා කෘෂිකර්මාන්තය මත යැපෙන අතර රිළවුන් දඬු ලේනුන්ගෙන් සහ මොනරුන්ගෙන් වන හානි හ


සංගණනයට ගිහින් උගුලකට අහුවෙලා
2025 මාර්තු මස 17 612 1

සත්ව සංගණනයට ගොස් ජීවිතය අනූනවයෙන් බේරාගත් අයකු පිළිබඳව අපූරු කතාවක් කරන්දෙණියෙන් අසන්නට ලැබේ.


කෙළ ගහන්න ගිහින් අමාරුවේ වැටිලා
2025 මාර්තු මස 14 811 2

රට පුරා කොරෝනා වසංගතය පැතිර යමින් තිබූ සමයයි. දකුණු පළාතේ ගමක ජීවත් වූ ඔහු දේපළ ඉඩකඩම් යමක් කමක් තිබෙන ගැමියෙකි. නිතර බුලත් විටක් හැපීම හා කටට ඇඟිලි දෙක


පියකුගෙන් අපූරු සැලකිල්ලක්
2025 මාර්තු මස 13 907 2

තුන්කල්ම නොදැක්ක අපූරු පියකු පිළිබඳ අපූරු කතාවක් දකුණු පැත්තෙන් අහන්න දැනගන්න ලැබුණේ ඊයේ පෙරේදාය.


බඹර පදම් වී පඩි පැකැට්ටුවම පුදලා
2025 මාර්තු මස 12 971 2

හෙතෙම දකුණේ අගනුවරට නුදුරින් වාසය කරන පුද්ගලයකි. ගමන මෝටර් රථයෙනි. පෞද්ගලික සමාගමක ඉහළ තනතුරක් දරයි. කෙසේ වෙතත් හෙතෙම හොඳ බොනපාට් කෙනෙකි.


චාටු බහට ඇන්දී අතටත් තට්ටු වෙලා
2025 මාර්තු මස 11 921 2

දැන ගියොත් කතරගම නොදැන ගියොත් අතර මග යන ප‍්‍රස්තා පිරුළට සමාන කතාවකට ඔහුට මුහුණ පෑමට සිදුවුයේ වංචාකාර කාත්තාවකගේ චාටු බහට හසුව කතරගම යන්නට ගිය ගමනක් අ


මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 392 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත්  කැමතිද ? 2025 මාර්තු මස 04 898 2
ප්‍රබල ඕරාවකට හිමිකම් කියන්න ඔබත් කැමතිද ?

ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්

ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක් 2025 පෙබරවාරි මස 27 330 1
ස්කෑන් ජම්බෝ පීනට්ස් “ජම්බෝ බොනැන්සා”සහ “ටැබ් බොනැන්සා”ප්‍රවර්ධන වැඩසටහන් මගින් ජයග්‍රාහකයින් 55 දෙනෙකු හට මවුන්ටන් බයිසිකල් 50 ක් සහ ටැබ් පරිඝනක 5ක්

ශ්‍රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස

Our Group Site