කරන්දෙණිය එම්.සුසිල් ප්‍රියන්ත
සත්ව සංගණනයට ගොස් ජීවිතය අනූනවයෙන් බේරාගත් අයකු පිළිබඳව අපූරු කතාවක් කරන්දෙණියෙන් අසන්නට ලැබේ.
වගාවෙන්ම ජීවිතය ගැටගහගත් අයෙකි. කුඹුරු කෑල්ලෙන් හා කුරුඳු ඉඩමෙන් ලැබූ ආදායමෙන් යාන්තමට ජීවිකාව කරගෙන ගියේ වෙනත් විකල්පයක් නැති නිසාය.
මෑතක සිට එන වන සතුන් නිසා ඔහුගේ වගාවටද දැඩි බලපෑම් එල්ලවිය. ඔහුගේ කුඹුරට හා කුරුඳු ඉඩමට එන වන සතුන්ට ඕනෑම දෙයක් කරන්නට යයි ගමේ කොල්ලන්ට කීවේ එක්තරා ඇමැතිවරයකු වගා බිම්වලට එන වන සතුන් සම්බන්ධයෙන් කළ එක්තරා ප්‍රකාශයක් නිසාමය.
ඔහුගේ කුඹුරට මොනරු එති. ඒ ගොයම් ගස්වල වී උරා බීමටය. ඒ මදිවට විල් මුවෝද එති. ඒ ළපටි ගොයම භුක්ති විදීමටය. මොනරුන් කෙසේවෙතත් කුඹුරට එන විල් මුවන් සම්බන්ධයෙන් කොල්ලන් සිටියේ දැඩි සෝදිසියෙනි.
කතානායකයා පෙරේදා (15) උදේ පාන්දරම කුඹුරට ගියේ සත්ව සංගණනයටය. ඒ කුඹුරට එන මොනරුන් ගණන බලා කොළයක සටහන් කරන්නය. පුදුමය කියන්නේ වෙනදා උදේ කුඹුරට ආ මොනරු රැළෙන් එක මොනරෙකුවත් මෙදා ඇවිත් සිටියේ නැත. ඔහුට එය හරි පුදුමය. ඒ නිසා ඔහු කුඹුරේ කෙළවරටම ගියේ අඩු තරමෙන් එක මොනරෙකුවත් ඒදෝයි මාන බැලීමටය.
ඔහුට වැඩි දුරක් කුඹුරේ නියරේ යාමට නොලැබුණේය. කොල්ලන් කුඹුරට එන විල් මුවන්ට ඇටවූ කම්බි උගුලකට අසුවුණේය. කකුල කම්බියට තදවනවාත් එක්කම ඔහු කුඹුරට වැටුණේය. ඔහු නියරින් කුඹුරට වැටුණේ දුරින් සිටි භාර්යාවද බලා සිටියදීමය.
මවගේ විලාපය අසා පැමිණි දූදරුවෝ කකුලේ පැටලී තිබූ කම්බි පොට ගලවා මඩ සෝදා ඔහු ගොඩට ගත්තෝය. ඔහුගේ තත්ත්වය ටිකක් බරපතළ හෙයින් මඩෙන් ගොඩට ගෙන රෝහල් ගත කිරීමට දරුවන් පියවර ගත්තේ ඔහුගේ රුධිර පීඩනය වැඩි බව අවබෝධ වීමත් සමගය.
එදා උදේ ඔහු රුධිර පීඩනයට බොන බෙහෙත් පෙති නොගෙන උදේම සත්ව සංගණනයට යාමත් කම්බියට පැටලී කුඹුරේ වැටීමෙන් ඇතිවූ කම්පනයත් නිසාම ඔහුගේ රුධිර පීඩනයද වැඩිවීමට හේතුව බව වෛද්‍යවරු කීහ. දූ දරුවන් එම අවස්ථාවේදීම ඔහු රෝහල් ගත නොකළේ නම් සත්ව සංගණනයට ගිය ඔහුට ගණනය කරන්න වෙන්නේ තමන්ගේ ලෝකයට එන මළවුන් බවද වෛද්‍යවරු සිනාසී කීහ.
සිය පෙම්වතියගේ පියාට කසිප්පු අලෙවි කිරීමට ගොස් ප්‍රේමය අහිමි කර ගත් තරුණයකු පිළිබඳව සබරගමුව පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය.
සයනයක සුව පහසු මෙට්ටයකට වඩා සිය සැමියා මහ මග හිටගෙන නිදි දෙව් දුවගේ පහස විදීම හමුවේ රාත්‍රී සේවාව සඳහා යාමට සූදානමින් සිටි විවාහක බිරිය දැඩි අසරණතාවයක
පතලේ බාසුන්නැහැට දෙන්න ගිය දඬුවම ගෝලයාටම පත්තු වූ පුවතක් රත්නපුර දිස්ත්‍රික්කයේ එක්තරා ගමක පතලකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය.
බිරියට දැවැද්දට දුන් කාරය සැමියා රියදුරු බලපත්‍රයක් නොමැතිව පදවා ගෙන යද්දී බිරියගේ හැටහතර මායමෙන් දඩයක් නොගෙවා බේරී ගිය පුවතක් කෑගල්ල ප්‍රදේශයෙන් ව
ඇය රජරට අග නගරයෙන් ඊශාන දෙසට පිහිටි ගොවි ගම්මානයක ජීවත් වූ ගෙවිලියකි. මැදිවියෙහි පසුවන ඇය සෝබමාන පෙනුමින් පසුවන්නියකි.
තැනට සුදුසු නුවණ භාවිත නොකිරීම සහ අධික ලෝබය නිසා වෙන්නට සිටි සහකාරියක තරුණයකුට අහිමි වූ සිදුවීමක් කුණ්ඩසාල ප‍්‍රදේශයේ කුඩා නගරයකින් අසන්නට ලැබුණි.
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
සංගණනයට ගිහින් උගුලකට අහුවෙලා
ගුණරත්න Monday, 17 March 2025 01:16 PM
ඔය විල් මුවා කියන්නේ කුඩා බල්ලෙක්ටත් වඩා පුංචි මුවෙක්, වඳවීයාමේ තර්ජනයට ලක්වෙලා ඉන්න සත්වයෙක්.