පෝද්දල - සරත් ආනන්ද ගමගේ
අනුන්ගෙන් ලැබෙනවා නම් යහමින් සප්පායම් වීමේ පුරුද්දක් ඇති වැදගත් මහත්මයකු මිතුරන්ගේ ලණුවක් කා, අතේ තිබුණු තුට්ටු දෙකටත් තට්ටු කරගෙන, රැකියාවටත් යාමට නොහැකි වී හිස් අතින්ම ගෙදර යාමට සිදු වූ පුවතක් ගැන ගාල්ල පුරවරයෙන් අසන්නට ලැබුණි.
හේ රාත්‍රී කාලයේ ද අතිකාල සේවයේ යෙදෙමින් මහජන සේවා සපයන රාජ්‍ය ආයතනයක නිලධාරියකු ලෙස කටයුතු කරන පුද්ගලයෙකි. මෙම තැනැත්තා මිතුරන් අතර ප්‍රසිද්ධව සිටියේ, ලාබෙට ලැබෙනවා නම් කන පැලෙන්න සප්පායම් වන පොරක් ලෙසිනි.
පසුගිය දිනක ඔහු අතිකාල සේවයට වාර්තා කිරීමට යන බව දැනගත් මිතුරන් තිදෙනෙක් “අද ඕකට හොඳ ලණුවක් දෙමු” යැයි කියා කතිකා කරගෙන ඒ සඳහා උපක්‍රමයක් යෙදූහ.
යහළුවා රැකියාවට යන මාර්ගයේ මිතුරකුගේ නිවෙසට රැස්වූ මිතුරන් තිදෙනාගෙන් දෙදෙනෙක් නිවෙසේ තාප්පය මත වාඩි වී සිටියහ. මේ යහළුවා ද එම ස්ථානය පසු කරන විට තාප්පය මත සිටින මිතුරන් දෙදෙනා දැක යතුරුපැදිය නතර කරන්නේය. එවිටම තාප්පයෙන් පිට නිවෙස පැත්තේ සිටි අනෙක් යහළුවා හිස් බෝතල් සහිත බෑගයක් සෙලෙව්වේය.
එවිටම යතුරුපැදියේ පැමිණි මිතුරා, “මොකද අද උඹලා සෙට් වෙන්න ද හදන්නේ” යැයි විමසමින්, යතුරුපැදියෙන් බැස ඔවුන් වෙත පැමිණියේය. “උඹලා සෙට් වෙනවා නම් මාත් සම්මාදම් වෙන්නම්. ඒත් ලොකු මුදලක් නම් මං ළඟ නැහැ” යි කියමින් පසුම්බියේ තිබුණු සියලු මුදල් මිතුරන්ට ලබා දුන්නේය. “අපිත් එක්ක සෙට් වුණොත් අද උඹට ඕටී කරන්න වෙන්නෙ නැහැ” යි මිතුරන් කියද්දී, “උඹලා එක්ක සෙට් වෙන්න තියෙනවා නම් මොන ඕටී ද? වෙනදා ගෙදර යන වෙලාවට ගෙදර ගියාම ඇති” යැයි සැහැල්ලුවෙන් පැවැසීය.
මිතුරන් දෙදෙනකු හිස් බෝතල් සහිත බෑගයත් රැගෙන යතුරුපැදියකින් පිට වී ගිය අතර, නිවෙස හිමි මිතුරාත් සමග ඔහු නතර විය. ආයතනයට ද ඇමතුමක් ලබා දෙමින් හදිසි කරදරයක් නිසා අද දින පැමිණීමට නොහැකි බව ද දැනුම් දුන්නේය.
බොහෝ වේලාවක් ඉක්ම ගිය ද මිතුරන් දෙදෙනා නොපැමිණි හෙයින්, ඔහු මහත් නොසන්සුන්තාවට පත්වී මිතුරන්ට කතා කළ ද, එයට ද ප්‍රතිචාර නොවීය. නිවෙස හිමි මිතුරා ද ප්‍රමාදය පිළිබඳව කනස්සල්ලෙන් සිටින බව පෙන්නුම් කළේය. කාලය ඉක්ම යමින් තිබියදී නිවෙසේ මිතුරාට ඇමතුමක් දෙමින් මිතුරන් දෙදෙනා කියා සිටියේ, තමන්ගේ බ්‍රෑන්ඩ් එක එම ස්ථානයේ නොමැති නිසා ප්‍රධාන නගරයට යමින් සිටින බවයි.
ප්‍රධාන නගරයේ සිට පැමිණිය හැකි වේලාව ද ඉක්ම ගිය පසු, නැවත ඇමතුමක් ගෙන විමසීමේදී ඔවුන් පැවැසුවේ, බයිට් එකක් ගැනීමට අහවල් ස්ථානයට ගිය බවත්, එයත් රැගෙන කඩිනමින් පැමිණෙන බවත්ය.
දැන් වේලාව රාත්‍රී නවයත් පසු වී ඇත. මිතුරන් දෙදෙනා තවමත් නැත. දැන් ඔහුගේ ඉවසීමේ සීමාව ද ඉක්ම වීමට ආසන්නය. ඒ අවස්ථාවේ නැවතත් මිතුරන්ගෙන් ඇමතුමක් ලැබුණි. එයින් කියැවුණේ තෙල් නැතුව යතුරුපැදිය මග නතර වූ බැවින්, තෙල් පිරවුම්හලක් සොයා යතුරුපැදිය තල්ලු කරගෙන එමින් සිටින බවත්, තෙල් පුරවාගෙන කඩිනමින් පැමිණෙන බවත්ය.
තවත් බොහෝ වේලාවක් ගිය ද ඔවුන් නොපැමිණි නිසා, සාදය පැත්තකට දමා ගෙදර යන්න ඕනෑයි සිතමින්, ඔහු මිතුරකුට ඇමතුවේය. ඉන් කියැවුණේ දුරකතනය ක්‍රියා විරහිත කර ඇති බවයි. ඉන් පසු අනෙක් මිතුරා ඇමතූ අතර, එය ද බොහෝ වේලා නාද වීමෙන් පසු ප්‍රතිචාර ලැබුණු අතර, පිළිතුරු ලැබුණේ ගැහැනු කටහඬකිනි. ඉන් කියැවුණේ “මහත්තයා බාත්රූම් එකේ” කියාය. තමා මිතුරන්ගේ උගුලකට හසු වී ඇති බව දැනගත් ඔහු තිදෙනාටම දෙස් දෙවොල් තබමින් මිතුරාගේ නිවෙසින් නික්ම නිවෙස බලා පිටත් විය.
සිද්ධිය එතැනින් අවසන් වුවත්, මගතොටේදී හමුවන මිතුරන් ද “මචං සෙට් වෙමුද” යි අසන නිසා රැකියාවට යනවා විනා ඔහු දැන් මළගෙදරකටවත් නොයන බව ද ආරංචියි.
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
සෙට් වෙන්න ගිහින් තුට්ටු දෙකටත් තට්ටු කරගෙන
Sarath kumara pitigala Tuesday, 05 March 2024 10:09 PM
මේ වගේ මිනිස්සු හැම ගමකම, ඔෆිස් එකකම ඉන්නවා.