සතියකට පසුව මූත්‍රා පරීක්ෂණයක් සඳහා මූත්‍රා සාම්පලයක් ද රැගෙන එන ලෙසට වෛද්‍යවරයකු විසින් දැනුම් දීමෙන් පසුව අදාළ රෝගියා සතියක් පුරාවට බැහැර කළ මූත්‍රා ප්ලාස්ටික් මෙගා බෝතල් දෙකකට පුරවා රැගෙන ඒමේ පුවතක් වාර්තා වේ.
මෙය කොත්මලේ එක්තරා ප්‍රදේශයකින් වාර්තා වූ සත්‍ය සිද්ධියකි.
මෙම සිද්ධියට සම්බන්ධ රෝගියා මූත්‍රා ආශ්‍රිත රෝගයකින් පෙළෙන අයෙකි. ඔහු අදාළ වෛද්‍යවරයා හමුවීමට පැමිණ ඇත්තේ මූත්‍රා බැහැර කරන විට දැවිල්ලක් ඇතිවන බව පවසමිනි. රෝගියා පරීක්ෂා කරන ලද අදාළ වෛද්‍යවරයා මූත්‍රාවලට විෂබීජයක් ගොස් ඇති බවට සැක කරමින් ඒ සඳහා බෙහෙත් ලබා දී ඇතත් එම බෙහෙත් පාවිච්චි කර සතියකට පසුව මූත්‍රා සාම්පලයක් ද රැගෙන අදාළ වෛද්‍ය මධ්‍යස්ථානයට පැමිණ තමාව හමුවන ලෙස දැනුම් දීමක් කර ඇත.
වෛද්‍යවරයාගේ එම උපදෙස් පිළිගත් රෝගියා සතියකට පසුව තමන් විසින් සතියක් පුරාවට බැහැර කළ මූත්‍රා මෙගා ප්ලාස්ටික් බෝතල් දෙකකට පුරවාගෙන වෛද්‍ය මධ්‍යස්ථානයට රැගෙන ගොස් ඇත.
ඒ බව අනාවරණය කර ගැනීමට හැකි වී ඇත්තේ රෝහලේ සේවය කරන කම්කරුවකු විසින් බෝතල්වල මොනවාද තියෙන්නේ කියා ප්‍රශ්න කිරීමෙන් අනතුරුවය.
මෙම සිද්ධියට සම්බන්ධ රෝගියා වතු ප්‍රදේශයේ පදිංචි අයෙකු බවට වාර්තා වන අතර මෙය කොත්මලේ ප්‍රදේශයේ වෛද්‍ය මධ්‍යස්ථානයකින් පසුගියදා වාර්තා වූ සත්‍ය සිදුවීමකි.
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
විවාහ උත්සවයේදී අධික බීමතින් කියූ වචනයක් නිසා අම්බානක ගුටි කන්න වූ පුද්ගලයකු පිළිබඳව බස්නාහිර පළාතේ එක්තරා ගමකින් අසන්නට ලැබුණි. සිද්ධිය මෙසේය.
දකුණු ලක අග නගරයට සමීප ප්‍රධාන උප නගරයකි. හෙතෙම හොඳ හොඳ බොනපාට් කෙනෙකු සේම දුම්පානයට ද තදින්ම ඇබ්බැහි වූවෙකි. කෙසේ වෙතත් ජැන්ඩියට ඇඳ පැලඳ සිටින අපේ කතාන
මෙය සබරගමුව පළාතේ බලංගොඩට නොදුරු එක්තරා ගම්මානයක සිදුවූ අපූරු සිදුවීමකි. හෙතෙම මේ එදිනෙදා කුලී රැකියාවේ සිටි අයෙකි. විවාහකව සිටි අතර දරුවෝ කිහිප දෙනෙ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
නව්‍යකරණයෙන් පිරිපුන් හෘද්‍යාංගම මූල්‍ය සේවාවක නියැලෙමින් ශ්‍රී ලාංකිකයන්ගේ විශ්වාසය දිනූ සියපත ෆිනෑන්ස් පීඑල්සී ආයතනික සමාජ සත්කාරක වැඩසටහන් මා
සතියකින් සාම්පල් ගෙන්න කීවාම සතියේම මුත්‍රා එකතුකර ගෙනැල්ලා