IMG-LOGO

2025 අප්‍රේල් මස 18 වන සිකුරාදා


සූර්පිට බීලා බසයේ බජව් දා යොදුන් ගානක් පයින් ගාටලා

හසලක සුනිල් ඒකනායක


බස් රථයක ගමනේ දී පැවති මිතුරු සාජ්ජයක් නිසා බසයෙන් බසින තැන අමතක වී රථයේ ගමනාන්තය කරා ගොස් වෙනත් වාහනයකින් හෝ නිවසට ඒමට අතමිට මුදලක් නොමැති වූ හෙයින් කිලෝ මීටර් පහක පමණ දුරක් රාත‍්‍රියේ පා ගමනින් නිවසට පැමිණීමට සිදුවූ අයෙකු පිළිබඳ සිදුවීමක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වාර්තා විය.
තිස් හතර හැවිරිදි වියේ පසුවෙන මොහු මත් වතුරට දැඩි ගිජු කමක් දක්වන පෞද්ගලික ආයතනයක රැකියාව කරනු ලබන හසලක පොලිස් වසමේ පදිංචි අයෙකි. මෙදින මහනුවර මැණික්හින්න ප‍්‍රදේශයේ පැවති අවමංගල්‍යයකට සහභාගි වූ අතර එහිදි සෙට් වූ කණ්ඩායමක් සමග ද මත් වතුර පානය කර නිවස බලා ඒමට පිටත් වූයේ රාත‍්‍රි 8ට පමණය. මැණික්හින්න නගරයේ සිට දිගන නගරයට පැමිණි මොහු හසලක බලා ගමන් කිරිමට බස් රථයක් පැමිණෙන තුරු දිගන බස් රථ නැවතුම්පොළට පැමිණියේ ද අසල රට බීම හලෙන් මත් වතුර කුඩා බෝතලක් ද ගෙන හිස් කිරීමෙන් පසුවය. 


බමන මතින් බස් නැවතුම්පොළේ සිටින විට කුඩා බස් රථයක් පැමිණ ඔහු අසල නතර කොට යන්නේ කොහේදැයි විමසා ඇත. ඔහුගේ ගමනාන්තය පැවසු පසු රථයට ගොඩවන ලෙස රථයේ සිටි තරුණයෙකු ඔහුට පැවසුවෙන් රථයට ගොඩවී අසල තිබු අසුනක වාඩිවිය.
එම රථයේ සිටි කණ්ඩායම ද කෑගල්ල ප‍්‍රදේශයේ අවමංගල්‍යයට සහභාගි වී මහියංගණ ප‍්‍රදේශයට ගමන් කරන කණ්ඩායමක් බව ඔවුන්ගේ කතා බහෙන් ඔහුට අවබෝධ විය. ගත වූයේ තවත් විනාඩි කීපයකි. රථයේ පිටු පස දෙසින් ලයාන්විත ගීතයකුත් එයට සරිලන අත්පොඩි ශබ්දයකුත් ඔහුට ඇසුනි. ඒ දෙස බැලූ ඔහුට තරුණයන් කීප දෙනෙකු එම අත්පොළසන් නාදයට නටමින් ගීත ගායනා කරන අයුරු දැකගත හැකි විය. වහා අසුනෙන් නැගිට ගත් බමන මතින් සිටි ඔහු හෙමින් හෙමින් එම ස්ථානයට ගොස් අත් දෙක එකතුකර ගායනා කරනු ලබන ගීතයට සහයෝගය පළකරමින් රංගනයක නිරත විය. 
එම රංගනයේ යෙදෙමින් සිටි ඔහුගේ නෙත් ඉදිරියේ දිස් වූයේ සිත දිව පිනා යන දෙයකි. එහි සිටි තරුණයෙකු සුදු පැහැති කුඩා වීදුරුවක් ඔහු වෙත දිගු කර ගන්න අයියා යැයි කියු විට ඒ ගැන දෙවරක් නොසිතු ඔහු ස්තුතියි මල්ලී යැයි එම තරුණයාට පවසා අතටගත් වීදුරුවේ තිබු දියරය එක හුස්මට ගිල දැම්මේය. ඉන් පසුව ඔහු ද ගීත ගායනයටත් රංගනයටත් එක් වූ අතර එහි සිටි තරුණ පිරිස තව තවත් ඔහුට සංගීතයෙන් මෙන්ම වීදුරුවලින් සැලකුවේය.
බස් රථයේ ගමනාන්තය වූ මහියංගන නගරයට පැමිණ නතර කරන විට රථයේ සියල්ලෝ සමග මොහුද රථයෙන් බැස ගත්තේය. මේ වන විට රාත‍්‍රි 11 පමණ වී තිබිණි. රථයෙන් බැසගත් පිරිස ඔහුට සමුදී ඔවුනොවුන්ගේ නිවෙස් බලා පිටත්ව ගියේය. රථයෙන් බැසගත් මොහු වට පිට බැලිමේදී ඔහුට තේරුනේ තමන් බැසිය යුතු හසලක නගරය පසුකර කිලෝ මීටර් පහක පමණ දුර පැමිණ වැරදි නගරයක බැස ඇති බවය. 
ත‍්‍රී රෝද රථයක නැගි නිවස බලා යන අදහසින් ඒ සඳහා මුදලක් අතේ තිබේදැයි කමීසයේ සහ කලිසමේ සාක්කු අත ගා බැලූවත් අතට අහුවුණේ රුපියල් 200ක් වැනි මුදලකි. මහියංගණයේ සිට නිවසට යන්න නම් තවත් රුපියල් 400ක් පමණ මුදලක් අවශ්‍යය. බමන මතින් සිටි ඔහු රුපියල් 200 ද අතට ගෙන ත‍්‍රීරෝද නවතුම්පොළට ගොස් තම ගමන ගැනත් අතේ ඇත්තේ මෙපමණ මුදලක් බවත් නිවසට ගිය පසු ඉතිරි මුදල දිය හැකි බවත් රියදුරන් කීප දෙනෙකුටම පවසා ඇත. ඔහුගේ හැසිරීම් රටාව දෙස බැලූ රියදුරන් කිසිවෙක් ඔහුගේ ඉල්ලීමට ඇහුම්කන් දුන්නේ නැත. මෙ වන විට රාත‍්‍රි 12ද ආසන්න වී තිබේ. වෙන කළ හැකි යමක් නැත. යන මාර්ගයේ වල් අලි සිටිනා බව ද ඔහු දනි. වෙන දෙයක් වෙච්චාවේ යැයි තමන්ටම කියා ගත් ඔහු හසලක බලා පිය මැන්නේය. කොල්ලෝ එක්ක නටන්නට ගිහින් වෙච්ච ඇබැද්දියක කතාව පසු දින සිය සේවා ස්ථානයේ දී පැවසුවේ එම ස්ථානයේ සිටි මිතුරෝ සිනා සයුරේ ගිල්වමිනි.

 



අදහස් (0)

සූර්පිට බීලා බසයේ බජව් දා යොදුන් ගානක් පයින් ගාටලා

ඔබේ අදහස් එවන්න

 

 
 

දෙයියෝ සාක්කි

කාකි කෝට් පිහිටෙන් සූර්වෙලා
2025 අප්‍රේල් මස 18 209 0

අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප


අවුරුදු සාදයේ ජූස් බී අලි අමාරුවක වැටිලා
2025 අප්‍රේල් මස 17 459 1

අලු‍ත් අවුරුදු පාටියට ගොස් අලු‍ත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.


භූතයා ස්මාර්ට් ෆෝන් ඉල්ලලා
2025 අප්‍රේල් මස 11 1005 0

භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි


වඳුරු මූණෙන් අනූනවයෙන් බේරිලා
2025 අප්‍රේල් මස 10 876 0

වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි


අම්මාගේ ගැටේට දුවත් හොල්මන්
2025 අප්‍රේල් මස 09 2315 2

දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් අසන්නට ලැබේ.


ලෙඩා මාරු වී ජංජාලයක්
2025 අප්‍රේල් මස 08 804 1

අලු‍ත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 206 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 382 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 1129 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site