IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


සේවකයන් වැඩ කරද්දී ඉබ්බෝ දමා වසා ගිහින්

දකුණු පළාතේ රාජ්‍ය ආයතනයක  කාර්යාල වේලාවෙන් පසු  කාර්යාල සේවකයන් පිටව ගියේ යැයි සිතා යතුරු භාරකරු කාර්යාලය වසා දමා යෑම හේතුවෙන් එම කාර්යාලයේ උඩුමහලේ සේවය කරමින් සිටි කාර්යාල සේවකයන් පිරිසක් හෝරාවක පමණ කාලයක් එම කාර්යාලයේ සිරවී සිටි පුවතක් දකුණු පළාතෙන් වාර්තා වේ. ඒ අනුව සිද්ධිය මෙසේය. පසු ගිය ගංවතුර සමයේ එම කාර්යාලයේ නිලධාරීන්ට පැවරී තිබූ  රාජකාරි ප්‍රමාණය වැඩි වී තිබුණි. ඒ හේතුව නිසා ඔවුන්  කාර්යාල වේලාවටත් වැඩියෙන් සේවය කළේ  ඔවුන්ගේ ඊළඟ දවසේ තිබෙන රාජකාරි ප්‍රමාණය අඩුකර ගැනීමේ අරමුණින්ය. ඒ වන විටත් ඔවුන් නොදැනුවත්ම කාර්යාල වේලාව ඉක්මවා ගොස්  නිවෙස් බලා යන්නට උඩු මහලේ සිට පහළ මහලට පැමිණෙන විට දැකගන්නට ලැබී තිබුණේ කාර්යාල සියල්ලේම දොරගුලු වසා දමා ඉබි යතුරු දමා තිබෙන ආකාරයයි.
දැන් ඉතින් කුමක් කරන්නේදැයි කල්පනා කරමින් සිටි එම නිලධාරීන් ආයතන ප්‍රධානියාට ජංගම දුරකතනයකින් අමතා සිද්ධිය පැහැදිලි කළේය. අනතුරුව ආයතන ප්‍රධානියා ද එම ස්ථානයට පැමිණ අදාළ පොලිස් ස්ථානයට ගොස්  ආයතනයේ යතුර ගෙනැවිත් අදාළ ගොඩනැගිල්ලේ කාර්යාලය විවෘත කර එම සේවකයන්ට  නිවෙස් බලා යාමට කටයුතු කළේය. වැඩියෙන් වැඩ කරන්න ගිහින් අපට වුණු දෙයක් කියමින් ඔවුන් නිවෙස් බලා යන්නට වූයේ සිනා සෙමින්ලු‍.

දෙණියාය විශේෂ -  එස්.ඩී. කොඩිකාර



අදහස් (0)

සේවකයන් වැඩ කරද්දී ඉබ්බෝ දමා වසා ගිහින්

ඔබේ අදහස් එවන්න

දෙයියෝ සාක්කි

දරුවාට වඩා “සූදුව”ලොකු වෙලා
2024 නොවැම්බර් මස 22 610 0

සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා


මැරුණු ලෙඩා සුවසේ වාට්ටුවක
2024 නොවැම්බර් මස 21 693 0

වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්


පම්පෝරි ගහන්න ගිහින් “ඇඟිල්ලෙන්” පටි රෝල්වෙලා
2024 නොවැම්බර් මස 20 1081 0

මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට


සිසුවාගේ උත්තරයෙන් මවගේ ​ෙරදි ගැලවිලා
2024 නොවැම්බර් මස 19 9393 1

ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්


ඡන්දය දාන්න නොදුන්නාම ආච්චිට මළ පැනලා
2024 නොවැම්බර් මස 18 861 1

අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ


ඡන්දයට සෙට්වී සාක්කුවේ මොනර කොළ ඉගිල්ලිලා
2024 නොවැම්බර් මස 16 324 0

මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු‍ දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 500 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 713 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 2007 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site