මොරගොල්ලාගම - සිසිර කැලේගම
රාත්‍රියේදී ගෙදරට හොරු පැන්න බවට ලද තොරතුරකට අනුව, අවට වැසියන් එම ස්ථානය වැටලීමේදී නිවෙස් හිමියා ලැජ්ජාවට පත් වූ පුවතක් කහල්ල පල්ලේකැලේ අවට රජරට හා වයඹට මායිම් වූ ගම්මානයකින් අසන්නට ලැබිණි.
මේ දිනවල පවතින මැතිවරණ උණුසුම හමුවේ ගම්වල පිරිස් ද තම තමන්ට කැමැති පක්ෂ වටා ඒකරාශි වී සිටිති.
මේ ගමේ බොහොමයක් එක් පක්ෂයක් වටා වැඩ කරන විට, අවට නිවෙස් හිමියා ඊට එරෙහිව තවත් පක්ෂයකට සහයෝගය දක්වයි.
සවසට පදම ඉක්මවන ඔහු තනියම වුව ද එම පක්ෂය වෙනුවෙන් උදම් අනමින් අන් පක්ෂවලට හා එම සාමාජිකයන්ට බැණ වැදීම ඔහුගේ විනෝදාංශයකි.
ඔහු බැන්නත්, අවට වැසියන් කිසිවෙක් එය ගණන් නොගන්නේ ඔහුගේ තරාතිරම හොඳින්ම දන්නා වූ බැවිනි.
ඔහුගේ නිවෙසේ අලුතින් හදන ගොඩනැගිල්ලකි. ගෙනා තහඩු හා ආම්පන්න රැසක් අවට සීසීකඩ දමා ඇත.
එය සොරුන් ගනීවි යන සැකය මත නිවැසියන් රාත්‍රිය පුරාවට පසුවන්නේ දැඩි විමසිල්ලෙනි.
ඒ, එම නිවෙස් අවට සොරකම් රාශියක් පිට පිට සිදු වූ නිසාය.
බිරිය හා දරුවෝ දිනක් නිවෙසින් බැහැර වූහ. ඒ, ඥාති නිවෙසක රෝගියකු බැලීමටය. ඔවුහු එදින එහි කාලය ගත කළහ. නිවෙසේ දේපළ ආරක්ෂා කරගැනීමට නිවෙස් හිමියා පමණක් නිවෙසේ රැඳුණි.
එදින රාත්‍රියේ නිවෙසේ නිදා සිටියදී පිටුපස තහඩු අදින ශබ්දයක් ඇසුණි.
කළුවරේ ඒ දෙසට විපරම් කරමින් සිටි ඔහුට ඇසුණේ කිසියම් පිරිසක් තහඩු සොරකම් කරන බවයි. එසේම, අන් දේශපාලකයන්ට බැන වැදුණු නිසා ඔවුන් නිවෙසට මැර ප්‍රහාරයක් එල්ල කරන්නට සැලසුම් කරන බවට ද බිය වී, අවට යහළුවන්ට ඒ බව දැනුම් දුන්නේය.
“කවුරු හරි ඉන්නා බව දැක්කා ද?”
“ඔව් ඔව්, කඩු කිනිසි අතැතිව ඔවුන් කැරකෙනවා මම හොඳාකාරවම දැක්කා” හෙතෙම ඔවුනට කීවේය.
යහළුවන් තවත් සගයන්ට ද ඒ බව දැනුවත් කරමින් පිරිසක් පාර දෙසින් හා තවත් පිරිසක් කැලෑබද පෙදෙස් අතරින් එම ස්ථානය නිමේශයකින් වට කළහ.
ඔවුන් පැමිණි පසුව නිවෙස් හිමියා ද නිවෙසේ හතර පැත්තේ විදුලි පහන් දල්වා කැත්තක් අතැතිව එතැනට දිව ගියේය.
කිසිවකුත් නැත. අවට සැරිසරනා ගොන් නාම්බෙක් තහඩුව පැටලී යන එන මං නැතිව අසරණව සිටී. එම ගොනා එතැනින් යාමට වෙර දැරීමේදී තහඩුවේ ශබ්දයට නිවෙස් හිමියා බිය වී ඇති බව වටහා ගත් පිරිස, දැන්වත් අන් පක්ෂවලට මඩ ගසන එක නවතාලන මෙන් ඔහුට අවවාද කර, එතැනින් නික්ම යන විට ඇති වූ ලැජ්ජාව හමුවේ කිසිවක් කර කියාගත නොහැකිව ඔහු එදෙස බලා සිටියාලු.
සිය දරුවාගේ අනාගත අභිවෘද්ධිය වෙනුවෙන් මුදලක් වැය කරනවාට වඩා මුදලට සූදු කෙළීමට වටිනාකමක් දුන් මවක පිළිබඳ සිද්ධියක් හසලක නගරයට ආසන්න ප‍්‍රදේශයකින් වා
වයඹ පළාතේ රෝහලකට රාත්‍රි කාලයේ ඇතුළත් කළ හෘද රෝගියකු හදිසි ප්‍රතිකාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියැයි සඳහන් කළ පසු රෝගියා වෙනත් වාට්ටුවක ප්
මේ රජය පත් කරන්න තමන් ගත් උත්සාහය ගැන වීරයෙකු මෙන් පම්පෝරි ගැසූ තරුණයකුට ඇඟිල්ල නිසා පම්පෝරිය නවතා එතනින් මාරුවීමට සිදුවූ පුවතක් කරන්දෙණියෙන් අසන්නට
ගුරුවරයා ඇසූ පැනයකට පහ වසරේ ශිෂ්‍යත්ව පන්තියක සිසුවෙකු දුන් උත්තරයෙන් දරුවාගේ මව රැස්ව සිටි පිරිස් හමුවේ ලැජ්ජාවට පත් වූ පුවතක් ඇතුගල්පුරවර නගරයෙන්
අවලංගු ගුවන් ගමන් බලපත්‍රයකින් ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව නොදුන්නැයි ඡන්ද මධ්‍යස්ථානයක නිලධාරීන් කණ්ඩායමකට දොස් නගා බැණ වැදී ඇතැයි කියන වයෝවෘද්ධ
මිතුරන් පිරිසක් සමග ඡන්දය අහන්න ගොස් සෙට්වී නිවසට යාමට නොහැකිවූ අයකු පිළිබඳව කතාවක් ගාලු දිසාවේ ගමකින් ඊයේ (15) උදේ පාන්දරින්ම අසන්න ලැබුණේය.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
හොරු පන්නා කියා ගොන් වස්සකුට බය වෙලා