පොසොන් පොහොයදා රජරට කලාඔය ප්‍රදේශයේ දහවල් පැවැති ආහාර දන්සලක මුළුතැන්ගෙට කඩවැදුණු රිළවකු එහි වැඩ කරමින් සිටි කාන්තාවකට අයත් මුදල්, ජංගම දුරකතනයක් ඇතුළු වටිනා කියන දෑ අඩංගු අත් බෑගයක් රැගෙන ඒ ආසන්නයේ රූස්ස ගසක් මුදුනට පලාගොස් සිටියදී එය ආපසු ලබා ගැනීම සඳහා රිළවා රැගෙන ගිය බෑගය තුළ තිබූ ජංගම දුරකතනයට ඇමතුමක් ගැනීමට සිදුවූ පුවතක් වාර්තා විය.
වාර්ෂිකව පොසොන් පොහෝදාට පැවැත්වෙන මෙම ආහාර දන්සල සඳහා ප්‍රදේශයේ විශාල පිරිසකගේ දායකත්වය ලැබෙන අතර ඒ අනුව එහි මුළුතැන්ගේ වැඩකටයුතු සඳහා පැමිණ සිටි වැඩිහිටි කාන්තාවකට අයත් අත් බෑගය අසල තැනක රඳවා තිබියදී මෙසේ රිළවා රැගෙන පලාගොස් ඇත.
එම බෑගය තුළ ජංගම දුරකතනයක්, රුපියල් දහසකට අධික මුදල්, බැංකු ගිණුම් පොත්, නිවසේ යතුර, ඖෂධ, ජාතික හැඳුනුම්පතක් ඇතුළු වටිනා කියන දෑ බොහොමයක් තිබී ඇත.
මෙහිදී ක්‍රියාත්මක වූ එහි සිටි කිහිපදෙනෙකු දන්සලේ වැඩ කටයුතුවලටද බාධාවක් නොවන පරිද්දෙන් වැඩේ ගොඩින් බේරා ගැනීම සඳහා උපක්‍රමශීලීව රිළවා සමග සුහද සම්බන්ධතාවක් ගොඩ නගා ගැනීමට උත්සාහ දරා ඇතත් එය ව්‍යර්ථ වී ඇත. ඒ කිසිවක් ගණන් නොගත් රිළවා තමා සතුකර ගත් බෑගය විවෘත කිරීමට උත්සාහ දරමින් සිටින අයුරු පිරිසට දැක ගැනීමට මෙහිදී හැකි විය.
මෙම දන්සලට යාබද රූස්ස ගස් මෙන්ම ජලාශයක්ද පිහිටා තිබීම නිසා බෑගයේ අවදානම පිළිබඳව මෙහෙයුමට සම්බන්ධ පිරිසේ අවධානයද වැඩි වී තිබුණි.
මේ අතර රිළවා රැගෙන ගිය බෑගය තුළ තමාගේ ජංගම දුරකතනයද ඇති බව එහි හිමිකාරිය වූ අදාළ කාන්තාව පවසා ඇත්තේ මේ අවස්ථාවේදීය.
පසුව ඒ අනුව ක්‍රියාත්මක වූ එහි සිටි අයකු අදාළ බෑගයේ හිමිකාරියගෙන් ඇගේ ජංගම දුරකතන අංකය අසා ඊට ඇමතුමක් ගෙන ඇත. එහිදී රිළවා යම් කලබලකාරී තත්වයක් පෙන්නුම්කර ඇතත් ඊට ප්‍රතිචාර ලෙස බෑගය අතඅරිනවා වෙනුවට ඒ වනවිටත් විවෘත කරමින් සිටි බෑගය තුළ ශබ්ද නගන දුරකතනය පමණක් බෑගයෙන් පිටතට රැගෙන බිමට දමා ඇත.
පසුව තවත් පැය බාගයක පමණ කාලයක් බෑගයත් රැගෙන ඒ ආසන්නයේ ගහෙන් ගහට පැන පැන සිටි රිළවා එම අතරතුර කාලය ඇතුළත බෑගය තුළ තිබූ බව කියන රුපියල් විස්සේ මුදල් නෝට්ටුවක් හැර බෑගය ඇතුළු එහි තිබූ අනෙකුත් සියලු දෑ එකින් එක බිමට දමා ඇත.
කරුවලගස්වැව ජයරත්න වික්‍රමාරච්චි
අවුරුද්දේ අරක්කු බීමට මුදල් නොමැතිව සිටි තරුණයන් කීප දෙනකුගෙන් දෙදෙනකු කාන්තා බූරු පිටියකට පැන බියට පත්කර එහි තිබී එකතු කරගත් මුදල්වලින් යහමින් මත්ප
අලුත් අවුරුදු පාටියට ගොස් අලුත් ජූස් එකක් පානය කොට අලි අමාරුවක වැටුණු අයකු පිළිබඳ පුවතක් වතුගෙදරින් අසන්නට ලැබේ.
භුත දෝෂයක් - ශරීරයට ඇතුළු වී සිටි හිරිමල්වියේ පසු වූ තරුණියක ශාන්තිකර්මයක් අතරතුර පොළොවේ පෙරළෙමින් මරළතෝනි දී කෑ ගසා සිය ස්මාට් ජංගම දුරකතනය ඉල්ලා සි
වඳුරු උවදුරෙන් බේරෙන්න පාදුක්ක ප්‍රදේශයේ එක්තරා පුද්ගලයකු වඳුරු වෙස් මුහුණක් දමාගෙන වඳුරන් පන්නා දැමීමට යාමේ දී රැලේ නායක වඳුරා ඔහුව සපා කෑමට පැන වි
දස මසක් කුසේ හොවා ඇති දැඩි කළ තම මව අන්දන්න ගොස් තමන්ම ඇන්දවුණු දුවක ගැන කතාවක් ගාලු දිසාවේ ගමකින් අසන්නට ලැබේ.
අලුත් අවුරුදුවලට කඩිමුඩියේ ලක ලෑස්ති වෙන අතරේ සර්පයෙකු දෂ්ට කර කලබලේට දෂ්ට කළ පුද්ගලයා වෙනුවට වෙනත් පුද්ගලයකු රෝහල වෙත රැගෙන යාමෙන් කිලෝ මීටර් ගණනක
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා
‘හලෝ’ රිං වී රිළවා අැන්දවිලා