සෑම කවියක්ම දේශපාලනිකයි
ප්‍රවීණ කවියකු, තීරු ලිපි රචකයකු, නවකතාකරුවකු, කෙටිකතාකරුවකු, මෙන්ම ප්‍රකට විචාරකයකුද වන බුද්ධදාස ගලප්පත්ති මහතාගේ නවතම කෘති දෙකක් වන සමුදුර අසා සිටී කාව්‍ය සංග්‍රහය සහ කවි මිහිර පස්වැනි කාණ්ඩය එළිදැක්වීමේ අවස්ථාව මෙම මස 03 වැනිදා සවස 4.00ට කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්රණ ශාලාවේ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශන භූමියේ දී පැවැත්වේ.