IMG-LOGO

2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


එදා කොටි නායකයන් තලගොයි මස් කන්න හරිම කැමතියි

වේලූපිල්ලේ ප‍්‍රභාකරන් ඇතුළු මහ කොටින්ට තළු මර මරා කෑමට මස් ගෙන ගොස් ඇත්තේ පුදුකුඩුඉරිප්පු මංසන්දියේ ඒ කාලයේ පිහිටා තිබූ මස් කඩ වලිනි. මේ නිසා මස් කඩවලට එදා හොඳ ඉල්ලූමක් තිබී ඇත. මස් කඩ වලට අමතරව පණපිටින් අල්ලාගත් තලගොයි ගැට ගසාගෙන පුදුකුඩුඉරිප්පු මංසන්ධියේ විකිණීමට තබාගෙන සිටි අයගෙන්ද එදා කිසිම අඩුවක් නම් තිබී නැත. තලගොයි මස් කෑමට ප‍්‍රභාකරන් පමණක් නොව අනෙක් මහ කොටින් අතරද තිබී ඇතැයි කියන්නේ ලොකු කෑදරකමකි. වන්නි මානුෂීය මෙහෙයුමේ නිරතව සිටි රණවිරුවන්ගේ පුදුකුඩුඉරිප්පු ප‍්‍රදේශය කොටි ග‍්‍රහණයෙන් මුදාගත්තේ වසර 28ක් පමණ කාලයකට පසුවය. ඒ වන තෙක්ම පුදුකුඩුඉරිප්පු ප‍්‍රදේශය පැවතියේ කොටින්ගේ මහ බළ කොටුවක් වශයෙනි. කොටි සංවිධානය ක‍්‍රියාත්මවක පැවති කාලයේ ප‍්‍රධාන පෙළේ කොටි නායක නායිකාවන් ඔවුන්ගේ පවුල්වල අය වැඩි වශයෙන් පදිංචිව සිට ඇත්තේ පුදුකුඩිරිප්පු ප‍්‍රදේශයේය. පුදුකුඩිරිප්පු සිට මුලතිව් දක්වා වැටී ඇති මාර්ගය දෙපස කිලෝ මීටර් දෙක තුනක් යන තෙක්ම දක්නට ඇත්තේ ප‍්‍රධාන පෙලේ කොටි නායක නායිකාවන් හා ඔවුන්ගේ පවුල්වල පිරිස වාසය කළ සියලූ සැපපහසුකම් සහිත සුවිසල් නිවාසය. පුදුකුඩිරිප්පු මහ කොටි බළ කොටුව අල්ලා ගැනීම සඳහා රණවිරුවෝ සහ කොටි ත‍්‍රස්තයන් අතර ඇවිලිගීය දරුණු ගැටුම් වලදී ඒ නිවාස සියල්ලක්ම හානියට පත්ව ඇති අයුරු දන්නට ලැබේ. කොටි පාලනය යටතේ පැවැති ප‍්‍රදේශවල පදිංචිව සිටි ජනතාව අනේකවිද දුක් ගැහැට විඳිද්දී ප‍්‍රධාන පෙලේ කොටි නායක නායිකාවන් ඔවුන්ගේ පවුල්වල උදවිය කොතරම් සැප පහසුකම් සහිත ජීවිතයක් ගතකළා දැයි සිතීමට ඒ සුවිසල් නිවාස කදිම සාධකය. සමහර නිවාස ඒ ප‍්‍රදේශයේ ඒ කාලයේ ජීවත්වූ ධනවතුන්ගෙන් කොටි බලහත්කාරයෙන් අත්පත් කරගත් ඒවාය. සමහර සුවිසල් නිවාස කොටින් වෙනුවෙන්ම ඉදිකර ඇති ඒවාය. ධනවතුන් සතුව තිබූ සුවිසල් නිවාස මහ කොටින්ගේ වාසය සඳහා බලහත්කාරයෙන් අත්පත් කරගත් නිසාත් කොටින්ගේ විවිධ බලපෑම් හා කරදර පීඩා හා උන්හිටිතැන් අහිමි නිසාත් ඒ ධනවතුන් පවුල් පිටින් රට හැරගොස් ඇත්තේ කොටින්ට ශාප කරමිනි. කොටින්ට ශාප කිරීමට හැර එදා ඔවුන්ට කිරීමට වෙනත් දෙයක් ඉතිරිව තිබුණේද නැත. මේවාට එරෙහිව වචනයක්වත් කථා කළහොත් අවසානයේ උරුම වන්නේ බිහිසුණු මරණයයි. මේ තොරතුරු අප දැනගත්තෙ පසුගියදා එම ප‍්‍රදේශවල කරන ලද සංචාරයේදී ඒ ප‍්‍රදේශවල හමුවූ සාමාන්‍ය ජනතාවගෙනි. කොටි සංවිධානය සමූල ඝාතනය කර ඇති නිසා අද ඔවුන්ට නිදහසේ  ඕනෑම තැනක ඇවිද යාමට හැකියාව පමණක් නොව නොබියව කථා කිරීමටද හැකියාව ලැබී ඇත. ඒ ගැන මේ ප‍්‍රදේශවල ජනතාව පසුවන්නේ කිව නොහැකි සතුටකිනි. එදා ඔවුන්ට විරුද්ධව වචනයක් කථා කළොත් එල්ලවන්නේ උණ්ඩ තමා යැයි ජනතාව පවසන්නේ ඒ නිසාය. ඒ නිදහස, සතුට උතුරේ ජනතාවට ද උදාකර දුන්නෙ අපේ රණවිරුවන්. දිවි පරදුවට තබා කරන ලද අප‍්‍රමාණ කැප කිරීම් නිසාය. මේ බව පෙනී ගොස් ඇත්තේ රණවිරුවන්ගේ රක්තවර්ණ ලේ වලිනි. ප‍්‍රභාකරන්කේ භූගත මාළිගාව පිහිටා ඇත්තේද පුදුකුඩුඉරිප්පු මංසන්ධියේ සිට ඔඞ්ඩුසුඩාන් පාරේ කිලෝ මීටර් 2ක් පමණ දුරක් ගිය විටය. පුදුකුඩිරිප්පු මංසන්ධියේ එදා වැඩි වශයෙන් තිබී ඇත්තේ මස්කඩය. මේ මස් කඩවලට හොඳ අදායමක් තිබී ඇත්තේ ඉහළ පෙළේ කොටි නායක නායිකාවන් උන්ගේ පවුල්වල අය මස් කෑමට ලොකු රුචියක් දැක්වූ නිසාමය. මේ මස් කඩවලට අමතරම පුදුකුඩුඉරිප්පු මංසන්ධියේ පණපිටින් අල්ලාගත් තලගොයිද විකිණීමට තබාගත් පුද්ගලයින්ද බහුල වශයෙන් සිටි බව අප සමග හෙළි කළේ මුහුදු කොටි නායකයාව සිටි සුසෙයිගේ බංගලාවක් බලාකියා ගැනීම සඳහා යොදවා සිටි සෙල්ලයියා බාල ක‍්‍රිෂ්ණන්ය. ඔහු දැන් පදිංචිව සිටින්නේ මන්නාල කණ්ඩල් වසන්තපුරම් නමැති ගම්මානයේය. කිඹුල්ලූ වාගේ ලොකු තලගොයි පවා එදා මේ පැත්තේ වනාන්තරවල  ඕනෑ තරම් හිටියා. මිනිස්සු කැලෑවලට රිංගලා තලගොයි පණ පිටින් අල්ලාගෙන ඇවිත් පුදුකුඩිරිප්පු මංසන්ධියේ තියාගෙන විකුණනවා. තලගොයින්ට ලොකු ඉල්ලූමක් තිබුණේ ඒ කාලයේ හිටපු කොටි ලොක්කන්ගෙන්. උන් තලගොයි මස් කන්න පුදුම කෑදරකමක් තිබුණේ. තලගොයි මස් කාපුවාම ශරීරයට ලොකු ශක්තියක් ලැබෙන බවත් කොටි නායකයන් අතර තදබල විශ්වාසයක් තිබුණා. ඒ නිසාම තලගොයි මස්වලට හොඳ ඉල්ලූමක් තිබුණා. ඒත් මාත්  ඕනෑතරම් තලගොයින්ගේ මස් කාලා තියෙනවා. එහෙම අමුතු ශක්තියක් ලැබෙන්නේ නැහැ. යැයි බාල ක‍්‍රිෂ්ණාන් පවසනුයේ සිනහසෙමිනි. ධර්මලිංගම් ද එදා පුදුකුඩිරිප්පු මංසන්ධියෙන් තලගොයි විකුණා ලැබෙන මුදලින් ජීවිතය ගැටගසාගත් අයෙකි. මේ ඔහු කියන කතාවයි. තලගොයි අල්ලන්න පුදුම හැකියාවක් තියන කට්ටිය එදා පුදුකුඩිරිප්පු වල හිටියා. මමත් ඒවගේ කෙනෙක්. උදේම අපි කැලෑ වැදිලා  තලගොයි පණපිටින් අල්ලා ගන්නවා. උන්ව අල්ලා ගෙන ඇවිත් මේ පුදුකුඩිරිප්පු මංසන්ධියට ගෙනැල්ලා ලණුවලින් ගැට ගසලා විකුණන්න තියාගෙන ඉන්නවා. කොටි නායක නායිකාවන්ගේ ගෙවල් වල බැල මෙහෙවර කරන කොටි ඇවිත් තලගොයි සල්ලිවලට අරගෙන යනවා. වන්නි මෙහෙයුම ආරම්භ කළායින් පස්සේ එක් තලගොයෙක් රුපියල් 3,000/=ත් 4,000/= අතර මිලකට අපි වික්කා. ඊට කලින්නම් එකෙක් වික්කේ රුපියල් 200-300ත් අතර මුදලකට. කොච්චර තලගොයි විකුණන්න හිටියත් වැඩි වේලාවක් යන්න කලින් උන් ටික විකිණෙනවා. යැයි ධර්මලිංගම් කීවේය. තුන්වේලමට තලගොයි මස් කාපු කොටි නායක නායිකාවන් පවා හිටියා. මේ බව දැන ගත්තේ අපෙන් තලගොයි අරන් යන එන ඒ කොටි නායක නායිකාවන් ළඟ වැඩ කරන කොටින්ම තමා. කොටි සන්නද්ධ අංශයේ නායිකාවක්ව සිටි කර්නල් විදුෂා එවැනි තැනැත්තියක්. පහු පහු වෙනකොට මේ පැත්තෙන් තලගොයෙක් හොයාගන්න එක ලෙහෙසි පහසු කටයුත්තක් වුනේ නැහැ. කලගොයි දඩයම් කරලාම උන් බෝවීම අඩුවෙල ගිහින්. ඒ නිසා තමා අවසන් කාලයේ තලගොයෙකුගේ මිල බොහොම ඉහළ ගියේ. කීයයි කිව්වත් ඒ කොටි නායක නායිකාවන්ට උයලා දෙන්න තලගොයි අරන් යනවා. අදටත් මේ පැත්තේ තලගොයෙක් දකින්නවත් නැහැ. මම නම් කාලෙකින් තලගොයෙක් දැක්කේ නැහැ. යැයි පැවසුවේ එස්. සුබ‍්‍රමනියම් (40) යි. තලගොයි අල්ලාගෙන ඇවිත් පුදුකුඩුඉරිප්පු මංසන්දියේ තබාගෙන විකුණු අයෙකු වන වේලායුදන් නැමැත්තා පැවසූ කතාවකි මේ. කොටි නායක - නායිකාවන් ළඟ වැඩකරන කොටි ඇවිත් සමහර දාට බලහත්කාරයෙන් තලගොයි අරන් යනවා. ඒවාට විරුද්ධ වෙන්න අපිට බැහැ. බැරිවෙලාවත් ඒ කරපු වැඬේට විරුද්ධව කථා කරනවා නම් ජීවිතය ගැන තියන ආශාව අතහැරලා කතා කරන්න  ඕනෑ. බලහත් කාරයෙන් තලගොයි අරන් යන්නේ කොටි නායක නායිකාවන්ට කන්න උයලා දෙන්න නෙමේ. උන්ට උයාගෙන කන්න. කොටි නායිකාවන්ට කන්න තලගොයි අරන් යන්නේ සල්ලි දීලා. මහකොටි ළඟ වැඩ කරන උන්ට තලගොයි ගන්න තරම් වත්කමක් නැහැ. ඒ නිසා බලහත්කාරයෙන් අරන් යනවා. මේ බව අපි පස්සෙ කාලයකදී තමා දැනගත්තේ යැයි වේලායුදන් අතීත සිදුවීම් ආවර්ජනය කරමින් පැවසීය. මරලා තියන තලගොයි අරන් යන්න කැමැති නැහැ. ඒකට හේතුව පස්සේ කාලයකදී තමා දැනගත්තේ. තලගොයා මරලා උගේ ඇඟට කිසියම් වසක් විසක් ඇතුල්කරලා කවුරු හරි දුන්නොත් ඒ තලගොයි මස් කාලා කොටි නායක නායිකාවන් මරලා දාන්න පුළුවන් කියලා සැකයක් ඔවුන් තුළ ඇතිවෙලා තිබෙනවා. කොහොම වුණත් කොටි නායක නායිකාවන් කෑම බීම ගැනීමට කළින් ඒවා පරීක්‍ෂා කර බලන්න වෛද්‍යවරුන්ට ඉදිරිපත් කරලා තිබෙනවා යැයිද ඔහු පැවසීය. ප‍්‍රභාකරන්ගේ මව සහ පියා ද තලගොයි මස් කෑමට මහත් රුචියක් දක්වා ඇති බව අපට දැන ගැනීමට ලැබිණි. මහලූ මව සහ පියාට තලගොයි මස් කෑමට දීමෙන් ඔවුන්ගේ ශරීරයට ශක්තියක් ලැබෙනු ඇතැයි කියා ප‍්‍රභාකරන්ද විශ්වාස කර ඇතැයි කියති. පුදුකුඩුඉරිප්පුවේ මහකොටි නායක නායිකාවන් පදිංචිව සිටි සුවිසල් නිවාස පසුකරගෙන ඊළඟට අප පැමිණියේ වසර 30ක් අපේ රටම භීතියට සංත‍්‍රාසයට පත් කළ මහජන ඝාතකයා වන ප‍්‍රභාකරන් මැරුම් කෑ කඩොලාන බිම් කඩ පිහිටි ප‍්‍රදේශයටයි. ඒ කියන්නේ නන්දිකඩාල් ප‍්‍රදේශයයි. ප‍්‍රභාකරන් නැමැති අළුගෝසුවා අපේ රණවිරුවන් අතින් මැරුම්කා වැටී සිටියදී සිරුර සොයාගත් තැන අද රතුපාට කොඩියක් ඔසවා ඇත. රටට නිදහස හා සාමය ලැබුණු බව සංකේතවත් කරමින් රක්තවර්ණ කොඩිය නිදහසේ ගුවන් ගැබේ ලෙළදේ. ප‍්‍රභාකරන් අපේ රණවිරුවන්ගේ වෙඩි ප‍්‍රහාරයකට ලක්ව මැරුම් කෑමට දින කිහිපයකට පෙර ඔහුගේ පුතා චාල්ස් ඇන්තනී මැරුම් කෑවේද රණවිරුවන්ගේ වෙඩි ප‍්‍රහාරයකට ගොදුරුවීමෙනි. චාල්ස් ඇන්තනිගේ මරණය සැලවූ මොහොත වන විටද ප‍්‍රභාකරන් සිටියේ මරණයේ දොරටුව අභියසය. පුතාගේ මරණය අසා කඩොලාන බිම් තීරුවේ වැතිරී ප‍්‍රභාකරන් පැය ගණනාවක් යනතෙක් ඉකි ගසමින් හඬා ඇතියි කියති. ගම්මානවලට සිය සගයින් යවා මවුවරුන්ගේ ඇකයේ සිටි කිරි දරුවන් පවා උදුරාගෙන පොළොවේ ගසා කපා කොටා ඝාතනය කිරීමට අණ දුන්නේ ප‍්‍රභාකරන්ය. ම්ලේච්ඡ ජන ඝාතකයකුගේ නියෝග නිසා දශක තුනක් තිස්සේ හඬා වැලපුණු මවුවරුන් අදටත් මියගිය ඒ දුවා දරුවන් සිහිකරමින් තැවෙන මවු පියවරුන් ඥාතීන් දහස් ගණනකි. එවැනි ජන ඝාතකයකුටද මරණය උරුමවීමට මොහොතකට කළින් හෝ හඬා වැලපීමට සැලැස්වීම දෛවෝපගත සිදුවීමක් වශයෙන් සැලකිය හැකි නොවේද? යන්න ඒ බිම් කඬේ ගත කළ කෙටි කාලය තුළ මගේ හිතේ ඇතිවූ ප‍්‍රශ්නයකි. යාපනයේ වැල්වටිතුරෙයි, පොයින්ට් පේදුරු පාරේ, අංක 322 දරණ ස්ථානයේ පදිංචිව සිටි ප‍්‍රභාකරන් ඉපදී ඇත්තේ 1954 නොවැම්බර් මස 26  වැනිදාය. ඔහු විවාහවූයේ 1984 වසරේ ඔක්තෝබර් මස 1 වැනිදා තමිල්නාඩුවේ චෙන්නායි නුවර මුරුපන්කෝවිලේ මදිවදනි සමගය. ප‍්‍රභාකරන්ට පුතුන් දෙදෙනෙක් හා දියණියක් සිටි අතර වැඩිමල් පුතා වනුයේ චාල්ස් ලූකස් ඇන්තනිය. ඔහු 1985 ඇපේ‍්‍රල් මස 18 වැනිදා උපත ලබා ඇත. චාල්ස් ඇන්තනී මැරුම්කා ඇති පුවත අසා දුකට පත්වූ ප‍්‍රභාකරන් නැවත සිත හදාගෙන ඇත්තේ වෙනත් රටකට හෝ පලා ගොස් නැවත සිය සංවිධානය ගොඩනගා ඊළමක් මේ රටේ පිහිටුවීමටය. සුසෙයි, පොට්ටු අම්මාන් සහ නඬේසන් ප‍්‍රභාකරන් හැර නොගොස් ඔහු ළඟින්ම සිට ඉදිරි ක‍්‍රියාමාර්ග ගැන සාකච්ඡා කිරීමට උත්සාහ දරා ඇත. එහෙත් ඔවුන්ගේ හඬට කන්දීමට ප‍්‍රභාකරන් කැමැතිවී නොමැත. ප‍්‍රභාකරන් කවදත් අන් අයගේ මත වලට කන්දුන් අයෙකු නොවන බවද පැවසේ. සැටලයිට් දුරේක්‍ෂ ඔස්සේ කේපීට කතාකර ජාත්‍යන්තර සහාය ලබාගෙන කෙසේ හෝ තමන්ව මුදාගන්නා ලෙස ඉල්ලා ඇත්තේ සුසෙයි, නඬේෂන්ගේ හෝ පොට්ටු අම්මාන්ගේ උපදෙස් නොතකාය. සැටලයිට් දුරකථනවලින් කතා කිරීමේදී තමන් ඉන්නා ඉසව්ව නිශ්චිතව හඳුනා ගැනීමට හමුදා බුද්ධි අංශ වලට හැකිවන නිසා සැටලයිට් මගින් කථා නොකරන ලෙස දිගින් දිගටම පොට්ටු අම්මාන් ප‍්‍රභාකරන්ගෙන් ඉල්ලා ඇතත් ප‍්‍රභාකරන් කේපීට කථා කර ඇත්තේ එම ඉල්ලීම් තුට්ටුවකටවත් මායිම් නොකරමින් යැයි කියති. ප‍්‍රභාකරන් මෙසේ සැටලයිට් වලින් කතා කළ නිසා අධිතාක්‍ෂණ උපකරණ මගින් ඔහු ඉන්නා ඉසව්ව නිවැරැදිව හඳුනා ගැනීමට බුද්ධි අංශවලට හැකියාව ලැබී ඇත. තමා ජීවත්වුවහොත් කෙසේ හෝ නැවත සංවිධානය ගොඩනැගිය හැකිබව ප‍්‍රභාකරන් තුළ දැඩි විශ්වාසයක් තිබී ඇත. වෙල්ලමුල්ලි, වයික්කාල් ප‍්‍රදේශයේ සිට නන්දිකඩාල් කළපුව හරහා මුලතිව් මහ කැලෑවට පලාගොස් එතැනින් මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවට පලා යාමට ඔහු හමුදාව අතින් මැරුම් කෑමට දින දෙකකට පමණ කළින් තීරණය කර තිබේ. නන්දිකඩාල් කළපුවේ සිට මුලතිව් කැලෑවට පලා යාමට රහසිගත පාරක් සොයා බැලීම සඳහා ප‍්‍රභාකරන්ගේ ශරීරාරක්‍ෂකයින් 20 දෙනෙකු පමණ පිටත්කර හරිනු ලැබූ අතර අවසානයේ ඔවුන්ද හමුදා ප‍්‍රහාරවලින් මැරුම් කෑහ. ප‍්‍රභාකරන්ගේ ආරක්ෂාවට යොදවා සිටි ශරීරාරක්‍ෂකයින් අතරින් 30 දෙනෙකු පමණ ඔහු මැරුම් කෑමට කළින් දිනයේ ඔහු අතහැර පලාගොස් ඇත. මෙයින් සමහර දෙනෙකු හමුදා ප‍්‍රහාර වලින් මැරුම්කා ඇති අතර තවත් සමහරෙක් හමුදාවට බාරවී තිබේ. ප‍්‍රභාකරන් ඇතුළු ඒ වන විට ඉතිරිව සිටි ඉහළම පෙලේ කොටි නායක නායිකාවන්ට අවසාන කාලයේ ඉතිරිව තිබුණේ පුංචිම පුංචි බිම් කඩක් පමණි. ඒ කාලයේ ඔවුන් සෑම දෙනාම අත ගිනි අවි දෙක බැගින් පාවිච්චි කිරීම විශේෂත්වයක් යැයි හමුදා නිලධාරීහු  පැවසූහ. එකක් මිනි වුෂ වර්ගයේ ගිනි අවියකි. අනෙක ටී. 56 ස්වයංක‍්‍රීය ගිනිඅවියකි. මේ සියලූ තොරතුරු එකිනෙක හමුදා නිලධාරින් හෙළිකරගෙන ඇත්තේ අල්ලාගත් හා බාරවූ ප‍්‍රබල කොටි ත‍්‍රස්තවාදීන්ගෙන් ප‍්‍රශ්න කිරීම්වලදීය. තමිල්නාඩුවට පලගොස් එහි සිට නැවතත් කොටි සංවිධානය ගොඩනංවන බව නන්දිකඩාල් කළපු තීරුවේ කඩොලාන සහිත මගුරුබිමේ කරවටක් බැස මරණය පෙනි පෙනී සිටියදීත් ඔහු පැවසූ බව අල්ලාගත් සහ බාරවූ ප‍්‍රබල කොටි ත‍්‍රස්තයින් හමුදාවට පවසා තිබේ. ප‍්‍රභාකරන් කඩොලාන කැලෑවේ හැංගිලා හිටිය දින නිතරම කිව්වා මම පැනලා ඉන්දියාවට ගිහින් කොටි සංවිධානය නැවත ගොඩනංවල ඊළම දිනා ගන්නවා කියලා. ඔහු මේ බව නිතරම කිව්වා. හැබැයි ප‍්‍රභාකරන් මේ වගේ දේවල් කිව්වේ පියවි සිහියකින් නොවන බව අපට තේරුම් ගියා. එයා අවසන් මාස කිහිපය සිටියේ හරිම බියකින්. මොනවා කියනවාද කියලා එයාම දන්නේ නැහැ” යැයි අල්ලාගත් හා බාරවූ කොටි ප‍්‍රබලයින් කිහිප දෙනෙකුම ඒ කාලයේ පැවසූ බව කියා සිටියේ මෙහෙයුමට සහභාගිවූ හමුදා නිලධාරින් කිහිපදෙනෙකි. තමාව කිසිම දිනක හමුදාවට අල්ලා ගැනීමට නොහැකි බවත් හමුදා වෙඩි ප‍්‍රහාරවලින් මිය නොයන බවත් නිතර කියා ඇතැයි කියන ප‍්‍රභාකරන් සයිනයිඞ් කරලක් ගිල සිය දිවි නසා ගන්නා බව ඔහු ළඟින්ම සිටි කොටි නායකයින්ට නිතර කියා ඇත. ප‍්‍රභාකරන් මැරුම් කෑමට සති කීපයකට කලින් කියා ඇත්තේ තමා වැනි නායකයකු සයිනයිඞ් ගිල මිය ගියහොත් එය සංවිධානයට අවනම්බුවක් බවයි. ඇත්තෙන්ම ප‍්‍රභාකරන් අවසන් කාලයේ එහෙම කථාවක් කිව්වේ මරණයට ඇති බිය නිසයි. ප‍්‍රභාකරන් උත්සාහ කළේ කෙසේ හෝ ජීවිතය බේරා ගන්නයි. ඒ අතරම ප‍්‍රභාකරන් එයාගේ ජීවිතයට ආශා කළා. මරණය පෙනි පෙනී සිටියදීත් එයා කිව්වේ කොහොමහරි මාව බේරාගනිල්ලා කියලා. අන් අයගේ ගෙළට සයිනයිඞ් කරල පැළන්දවූ මරාගෙන මැරෙන කොටිත් නිර්මාණය කළ ප‍්‍රභාකරන් මේ තරම් මරණයට බයයි කියලා අපිනම් හිතුවේ නැහැ. යැයිද හමුදා බාරයට පත්වූ කොටි ප‍්‍රබලයින් පවසා ඇත. ඊළාම් සිහන රාජ්‍යයේ ඔටුනු පැළඳීමේ සිහිනය දකිමින් දහස් ගණනකගේ ලේ රස බැලූ තමාගේ ජීවිතය රැක ගැනීමට අවසන් මොහොත දක්වා උත්සාහ කළ මහජන ඝාතකයා අවසානයේ හමුදා වෙඩි ප‍්‍රහාරයකට ලක්ව මැරුම් කෑවේ දේශයට නිදහස ලබාදෙමිනි. අප දැන් සූදානම් වන්නේ ඒ මස්වැද්දා මැරුම්කෑ ප‍්‍රදේශයෙන් නික්ම යාමටය. රණවිරුවන් දිනා දුන් බිම රැක ගැනීම සැමදෙනාගේම අධිෂ්ඨානය විය යුතුය. හිරු නැග එන මොහොතේත් හිරු බැස යන මොහොතේත් අප සැමදා රණවිරුවන් සිහිපත් කළ යුතු වන්නෙමු. මෙම සංචාරය සඳහා අවශ්‍ය ආරක්‍ෂාව සපයා දීමට කටයුතු කළ උතුරු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ගාමිණී සිල්වා මහතාටත් අපට මගපෙන්වූ උතුරු පළාත් විශේෂ මෙහෙයුම් ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක පුෂ්පිත ගුණරත්න, කොස්තාපල් සූරියබණ්ඩාර (31901) සහ කොස්තාපල් බණ්ඩාර (71223) යන මහත්වරුන්ට විශේෂ ස්තුතිය පිරිනැමේ.

සටහන - ශ්‍රීනාත් ප‍්‍රසන්න ජයසූරිය / ඡායාරූප - මාදම්පේ, එස්. හේරත්
සුසෙයිගේ පුතා මැරුණේ බෝට්ටුවේ සුක්කානම වැරදි පැත්තට කරකවලා නන්දිකඩාල් කළපුවේ ප‍්‍රභාකරන් වෙඩි කෑ ස්ථානයේ කොඩියක් ඔසවා ඇති අයුරු නන්දිකඩාල් කළපුව පුදුකුඩිඉරිප්පු නගරය මැදි නිදහසේ පාසල් යන දරු දැරියන් පුදුකුඩිඉරිප්පු මංසන්ධිය    



අදහස් (0)

එදා කොටි නායකයන් තලගොයි මස් කන්න හරිම කැමතියි

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

වික්ටෝරියා රැජිනගේ සංචාරක නිවහනේ ඓතිහාසික වෙන්දේසිය
2024 සැප්තැම්බර් මස 18 638 0

වික්ටෝරියා රැජිනගේ ප්‍රියතම සංචාරක නිවහන වූ ඉතාලියේ ‘‘පල්මියෙරි විලා” ඇමෙරිකානු ඩොලර් මිලියන 55 (ශ්‍රී ලංකා රුපියල් කෝටි 1660 ක් පමණ) ක මුදලකට විකිණීමට තී


ගමන වැරැදුණොත් රට යන්නේ අගාධයට
2024 සැප්තැම්බර් මස 18 257 2

ස්වාධීන ජනාධිපතිධුර අපේක්ෂක රනිල් වික්‍රමසිංහ මහතා සමග කළ සාකච්ඡාවකි මේ.


යල්පැනගිය අතීත කාමයේ සිරවීම නවකතා කරුවාට බාධාවක්
2024 සැප්තැම්බර් මස 17 619 0

ශ්‍රී ලංකා පොත් ප්‍රකාශකයන්ගේ සංගමය සංවිධානය කළ ස්වර්ණපුස්තක සම්මාන උළෙල මෙවරද කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී පසුගිය දා


රට වෙනස් මගකට ගත් ජේ.ආර්. චින්තනය
2024 සැප්තැම්බර් මස 17 280 0

හිටපු ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන මහතාගේ 118 වැනි ඡන්ම දිනය අදට (17) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


ජය පරාජය සමසේ විඳගනිමු
2024 සැප්තැම්බර් මස 17 202 0

මානව වර්ගයාගේ ආරම්භයේ සිටම අපේක්ෂාව වූයේ ජයග්‍රහණයයි. මනුෂ්‍යයන් පමණක් නොව තිරිසන් සතුන් අතර ද තම වර්ගයා අතර මෙන්ම වෙනත් සත්ව කොට්ඨාස සමග ගැටුම් මෙන්


බුදු දහමින් සිරිලක පෝෂණය කළ අනගාරික ධර්මපාල තුමා
2024 සැප්තැම්බර් මස 17 170 0

අනගාරික ධර්මපාලතුමා ජන්ම දිනය අදට (17) යෙදේ. මේ ලිපිය ඒ නිමිත්තෙනි.


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 36 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 74 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 128 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

Our Group Site