IMG-LOGO

2024 නොවැම්බර් මස 23 වන සෙනසුරාදා


පෘතුගීසි ලේඛකයා දුටු ලංකාවේ පළමු භූමිකම්පාව

සිංහල අලූත් අවුරුද්ද උදාවූයේ රටපුරා මහත් උනන්දුවකින් සහ උත්සවශ්‍රීයකිනි. එයට හේතු වූයේ වෙනදා නොවූ විරූ තරම් සරුසාර අස්වැන්නක් ලැබී ගම ගෙවල අටු කොටු පිරී ඉතිරී යාම නිසාය. ඒ ක‍්‍රිස්තුවර්ෂ 1615 අපේ‍්‍රල් 14 වැනිදාය. පරංගි ආක‍්‍රමණයෙන් වසර 110 ක් ගිය තැන උදාවූ සිංහල අලූත් අවුරුදුදා පසුවී පසුදාට පහන් වූයේ ජනතාව තවමත් අවුරුදු ප‍්‍රීතිය භුක්ති විඳිමින් සිටියදීය. එහෙත් ඒ ප‍්‍රීතිය පැවතුනේ හෝරා කිහිපයකි. පසුදාට පහන්ව, හිරු උදාවන ඒ අසිරිය දැක ගැනීමට, විඳගැනීමට මේ බොහෝ දෙනෙකුට වාසනාව නොතිබුණ සේය. ශ්‍රී ලංකා ඉතිහාසයේ අඳුරුම යුගයක් උදාකළ ඒ අපේ‍්‍රල් 14 වැනිදා සිදුවූ ඒ මහා ව්‍යසනය ගැන එදා මෙරට විසූ පෘතුගීසි ජාතිකයකු වූ ජෝර්ජ් රොඩි‍්‍රගස් නමැත්තා වර්ෂ 1616 දී පෘතුගාලයේ ලිස්බන් අගනුවරදී මුද්‍රණයකොට ඇති පිටු 4 කින් යුතු පත‍්‍රිකාවක සවිස්තර වාර්තාවක් වෙයි. ශ්‍රී ලංකාවේ වාර්තාගත ප‍්‍රථම භූමිකම්පාව ලෙස සඳහන් එම සිද්ධිය විස්තර කරන රොඩි‍්‍රගස්ගේ පත‍්‍රිකාව පෘතුගීසින් අදහන ආගම විශ්වාස නොකරන ජනයාට දෙවියන් විසින් දෙන ලද දඬුවමක් සේ හුවා දැක්වීමට උත්සාහ කර තිබේ. ඒ කෙසේ වෙතත් වර්ෂ 1615 අපේ‍්‍රල් මස 14 වැනිදා රාත‍්‍රියේ සිදුවූ එම භූමිකම්පාව ගැන ජෝර්ජ් රොඩි‍්‍රගස් මෙසේ සඳහන් කරයි. එදින අඩහෝරාවකටත් කලින් හිරු බැසගියේ සිදුවීමට යන හෙවත් දෙවියන් විසින් පැමිණවීමට යන දඬුවම දැකගැනීමට හෝ එහි සාක්‍ෂිකරුවකු වීමට අකැමැත්තෙන් මෙනි. රාත‍්‍රි 7 පසුවනවාත් සමගම කණ් බිහිරි කරවන ගිගුරුම් සහිත හෙණ හඬ පුපුරා යත්දී පොළෝතලය කම්පනය වූයේ හිටගෙන සිටීමටත් නොහැකි තරම් වේගයකිනි. නිවෙස් තුළ සිටි ජනයා එළිමහනට පැනගත්තේ ගොඩනැගිලි කඩාවැටේ යැයි බියෙනි. එහෙත් එය කබලෙන් ලිපට වැටුනාක් මෙන් විය. මහා හෙණ හඬ සමඟ එක පිට එක පතිත වූ අකුණු සැරවලින් බියපත් ජනයා එයින් බේරීමට යළි ගොඩනැගිලි තුළට දිවගියේ කිසිදා ආපසු නොඑන්නටය. ඔවුන් සිය නිවාස තුළම වැළලී ගොස් තිබිණි. ඒ මහා භූමිකම්පාවේ ප‍්‍රබලත්වය කොතෙක්ද යත් මහා මන්දිර මෙන්ම කුඩා පැල්පත් පවා බිමට සමතලා වී තිබිණ. පොළෝ තලය චලනය වූයේ සයුරු රළ ගසන්නාක් මෙනි. එම රළ පහරට හසුවූ මහා ගල් කුළු පෙරළී ගියේ සුළඟට අසුවූ පිහාටු මෙනි. පසුදා පහන්වනතුරු පැවැති මේ මහා භූ චලනයේ විනාශය හරිහැටි දැකගැනීමට දින ගණනාවක් ගතවිය. දිවයිනේ බොහෝ පළාත් වලින් මරණ වාර්තාවී තිබූ අතර වැඩිම ව්‍යසනය කොළඹ අගනුවර ප‍්‍රදේශය කේන්ද්‍ර කොටගෙන සිදුවී තිබිණ. මෙම ව්‍යසනයේදී මිනිසුන් පමණක් නොව සතා සිවුපාවා පවා ගොදුරු වී තිබිණි. කොළඹ අවට ප‍්‍රදේශයෙන් පමණක් මිනිස් ජීවිත 2000 (දෙදහසක්) පමණ මෙම භූමිකම්පාවට බිලිවූ බව වාර්තා විය. කොළඹ කොටුවේ බටහිර කොටුබැම්ම ද කඩා වැටුණු අතර ඒ මත වූ කුලූනක් ඇද වැටීමේදී ඊට යට වූ නිවෙසක සිටි සිව්දෙනෙකු එතැනම මිය ගිය බව ද වාර්තාවිය. කොළඹ අවට නිවාස 200 ක් පමණ විනාශ වී තිබිණ. මේ භූමිකම්පාවේ භයානකම ප‍්‍රතිපලය වූයේ පොළෝ තලය පුපුරා ඉතා ගැඹුරු අගාධ ඇතිවී තිබීමය. මෙම අගාධවලින් වරින් වර ගිනි දළු සහ ගෙන්දගම් සැර ඇති දුමාරයක් ගලායමින් තිබිණ. මෙම අගාධ වලින් පිටවූ ගිනි දළු සහ ගෙන්දගම් සැර කොතරම් ප‍්‍රබල වීද යත් ඒවා වසා දැමීමට කිසිවෙකුත් කාලයක් ගතවන තුරු ඒවා අසලටවත් නොගිය බව වාර්තාවී තිබිණ. මෙම මහා භූ චලනයේ ප‍්‍රබලත්වය අංශක 8 ක් හෝ 9 ක් පමණ විය හැකි බව විශ්වාස කෙරේ. මෙම මහා භූමිකම්පාවේ ප‍්‍රබලත්වය කියාපාන හොඳම උදාහරණය ලෙස රොඩි‍්‍රගස් ගෙනහැර පාන්නේ කැලණිය ගඟ මතින් ඉදිකොට තිබූ කළු ගලින් නිමවූ පාලම විනාශවී ගිය අන්දමය. විශාල කළු ගල් යොදා එමෙන්ම විශාල වියදමක් දරා ඉදිකරන ලද මෙම පාලමේ ගල් සුළඟට අසුවූ පිහාටු මෙන් වීසිවී ගිය බට සඳහන් වේ. එම කළු ගල් කුට්ටි පාලම තිබූ තැන සිට ගව් (ලීග) කිහිපයක් දුරින් පතිත වී තිබී හමුවීමෙන්ම මේ බව සනාථ වෙතැයි රොඩි‍්‍රගස් සඳහන් කරයි. රොඩි‍්‍රගස්ගේ වාර්තාවට අනුව මේ මහා භූමි කම්පාවට පෙර, දිවයිනට බලපෑමට නියමිත ව්‍යසනයක් පිළිබඳ ඉන් මාසයකට පෙර අනතුරු ඇඟවීමක් සිදුවූ බව සඳහන් කර තිබේ. එය නම් වර්ෂ 1615 මාර්තු මස 7 වැනි දින පෑයූ වල්ගා තරුව හා ඒ සබැඳි විනාශ කාරී බලපෑම පිළිබඳවය. දිවයිනෙහි ජනයා, වල්ගා තුනකින් සමන්විත මේ ආකාශ වස්තුව දෙස විශ්මයෙන් ද භීතියෙන් ද යුතුව බලා සිටියහ. දින ගණනාවක් දර්ශනය වූ මේ වල්ගා තරුවෙහි වලිග තුනේ කෙළවර ඊතල තුඩු සේ දිස්වූ අතර එයින් ගිනි පිටවෙන්නාක් මෙන් මුළු අහස් තලයම රක්ත වර්ණ ගැන්වී තිබිණ. මෙම වල්ගා තරුවේ බලපෑම කෙතෙක් ප‍්‍රබලවීද යත් දින ගණනක් සූර්යාලෝකය පතිත නොවීමෙන් අවකාශය දුෂ්‍යවී මිනිසුන් පමණක් නොව වතුපිටිවල සිටි ගව ආදී සතුන් පවා තැන තැන මැරී වැටුණු බවද වාර්තාවී තිබිණ. මේ විශ සහිත වායුවෙන් මුහුදේ මාළුන්ට පවා බලපෑමක් ඇති වූ බව පසක්වූයේ රළ පහරට වෙරළට මාළු පාවී ආ අයුරු දුටු විටය. මෙසේ වෙරළට ගොඩ ගැසූ මාළු ආහාරයට ගත් මිනිසුන් මෙන්ම කපුටන් ආදී පක්‍ෂීන්ද මියගියේ ජනසමාජය මහත් භිෂණකාරී වාතාවරණයක ගිල්වමිනි. මෙම සිද්ධියෙන් මිනිසුන් කොතරම් භීතියට පත්වීද යත් වෙරළාසන්නයේදී මියගිය මිනිසුන්ගේ සිරුරු වළදැමීම සඳහාවත් කිසිවකු ඒ අසලටවත් යෑම ප‍්‍රතික්‍ෂේප කළහ. මේ නිසා මිනිසුන්ගේද සතුන්ගේද මළ කඳන් වලින් නැගී ආ දුර්ගන්ධය ඉවසිය නොහැකි තරමට වාතය දුෂ්‍ය වූයේ එම ප‍්‍රදේශය ජන ශූන්‍ය විය. මේ සියලූ ව්‍යසන වලට හේතුව ලෙස රොඩි‍්‍රගස් දක්වා තිබෙන්නේ පෘතුගීසීන් අදහන ආකාරයට දෙවියන් විශ්වාස නොකරන මිනිසුන්ට පැමිණවූ දේව දඬුවමක් ලෙසටය. වල්ගා තරු මෙන්ම භූමි කම්පා ආදිය මේ පෘථිවියේ ස්වභාවික සංසිද්ධීන් බව රොඩි‍්‍රගස් ජීවත්වූ යුගයේ මිනිසුන්ට වැටහීමක් නොතිබූ බව ඔහුගේ අර්ථකථනයෙන් ගම්‍ය වෙයි.

විශේෂ ලියුම්කරුවකු විසිනි
අතීතයේදී සිදුවූ භූමිකම්පාවක දර්ශනයක් කොළඹ වරායේ පැරණි දර්ශනයක්



අදහස් (0)

පෘතුගීසි ලේඛකයා දුටු ලංකාවේ පළමු භූමිකම්පාව

සුනිල් Friday, 06 July 2012 09:56 PM

සිංහල ඉතිහාස පොත්වල මම නම් මෙහෙම කතාවක් කියවලා නෑ

:       0       0

ලන්ඩන් කොල්ල Saturday, 07 July 2012 01:33 PM

මන් ලිස්බන් ගිය වෙලාවක බලා ගන්න,ඔය පත්‍රිකාව තියෙන්නේ මොන පුස්තකාලේද?මේ විශේෂ ලියුම්කරුවගේ නම මොකක්ද?

:       0       0

අරුණ Thursday, 05 July 2012 10:21 AM

අතීතය ගැන විමසා වර්ථමානය තුලදී අපගේ අධ්‍යාත්මය වර්ධනය කර ගනිමු....

:       0       0

ඉන්දික Wednesday, 04 July 2012 06:42 PM

අතීතය ගැන කිවුවට ගොඩක් පින්

:       0       0

ඉන්දික Wednesday, 04 July 2012 06:42 PM

මේ වගේ දේවල් පළ කිරීම ඇත්තටම ගොඩක් හොදයි

:       0       0

දේශ හිතෛශී Friday, 06 July 2012 04:15 PM

දෙයියො මෙහෙමත් දඬුවම් දෙනවද?

:       0       0

චමිල Thursday, 05 July 2012 11:10 AM

ඔබලා ළග තවත් මෙවැනි තොරතුරැ තියනවානම් අපටත් දැන ගැනීමට පළ කරන්න.. මේවා අපට අවශ්‍යයි දැන ගැනීමට ජනතාවට දැනුම ලබා ගැනීමට..

:       0       0

ආ..... Thursday, 05 July 2012 09:24 PM

විස්වාස කරන්න බැහැ . මේක බොරු කතාවක් .

:       0       0

සරත් Tuesday, 03 July 2012 08:02 AM

යකඩෝ, අපි කවුරුවත් ඉතිහාසයේ මෙහෙම දේවල් අහලා නෑනේ

:       0       0

සුජීව Monday, 02 July 2012 05:11 PM

මේ වගේ කතාවක් ඇහුවෙත් අදමයි . අඩුමගානේ ඉස්කොලේවත් උගන්නල නැනේ ..

:       0       0

ආචාර්ය වසන්ත ලියනගේ Monday, 02 July 2012 12:03 PM

වැඩිම හානි කොළඹට නම් ඒ කියන්නෙ දෙවියන් වැඩිපුරම දඩුවම් දීල ඇත්තේ පරංගින්ටමයි.

:       0       0

ඔබේ අදහස් එවන්න

විශේෂාංග

මාලිමාවේ ජයෙන් ඔබ්බට
2024 නොවැම්බර් මස 22 496 1

මහ මැතිවරණය නිමා වී ඇත. නව පාර්ලිමේන්තුව ද පළමු වතාවට ඊයේ රැස්වූයේය. ජාතික ජන බලවේගයේ දේශපාලන වැඩසටහන විධායකය සහ ව්‍යවස්ථාදායකය යන ක්ෂේත්‍ර දෙකේම ශක්


එලොව පොල් පෙන්වන පොල් මිලේ රහස
2024 නොවැම්බර් මස 21 561 0

බ්‍රිතාන්‍ය යටත්විජිත සමයේ සිට මෙරට භාණ්ඩ අපනයනය සිදු වුණි. එදා සිට අද දක්වාම මෙරට ප්‍රධාන අපනයනික බෝග ලෙස හඳුනාගන්නේ තේ, පොල්, රබර් ය. එහෙත් එම පිළිගැන


ජයග්‍රහණ ජනසතුවේ අභියෝග
2024 නොවැම්බර් මස 21 110 0

ජනාධිපති අනුර කුමාර දිසානායක ප්‍රමුඛ ජාතික ජන බලවේගය මෙවර මහ මැතිවරණයේ දී ජනතාවගෙන් ඉල්ලා සිටියේ ‘පොහොසත් රටක් ලස්සන ජීවිතයක්’ ජනතාවට උරුම කර දීම සඳ


පෙරදිග ධාන්‍යාගාරයේ සහල් අර්බුදය
2024 නොවැම්බර් මස 20 379 1

පෙරදිග ධාන්‍යාගාරය යන්න ඇසූ සැණින් කාගේත් මතකයට නැගෙන්නේ මහා පරාක්‍රමබාහු සමයේ අප රට හැදින් වූ නමයි. වචනයේ අර්ථය අනුව ගතහොත් පෙරදිග ලෝකයටම අවශ්‍ය තරම


ආණ්ඩුවට භාරදූර වගකීමක්
2024 නොවැම්බර් මස 19 544 0

ජාතික ජන බලවේගයට පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක් ඉක්මවා යන ආසන 159ක අද්විතීය ජයග්‍රහණයක් ලබා දෙමින් 2024 පාර්ලිමේන්තු මැතිවරණය නිමාවට පත්විය. එහිදී සමඟි ජන බ


ජයග්‍රහණය අබියස අභියෝගය
2024 නොවැම්බර් මස 18 917 0

ජ.වි.පෙ මූලිකත්වය ගත් මේ 2024 පාර්ලිමේන්තු මැතිවරණයේ ජා.ජ.බ නැතිනම් “මාලිමා” ජයග්‍රහණය සැබවින්ම ඓතිහාසික ජයග්‍රහණයකි. ඔවුන්ගේ දේශපාලනය මා නොපිළිගත්තද, ඔ


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 490 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 709 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1990 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site