බන්දුල නානායක්කාරවසම්ගේ ගේයපද රචනයෙන් ද සුනිල් එදිරිසිංහයන්ගේ සුගායනයෙන් ද රෝහණ වීරසිංහයන්ගේ ස්වරසංරචනයෙන් ද සුවිභූෂිත මෙි ගීමිණ උත්තරීතර ප්‍රේමයේ අකලංක පෙම්වතකුගේ මානව බන්ධුත්වය සුවිශද කරයි.
ලොබලිය ලියලවන ළදලියක හා පෙමින් වෙළී ගිය තරුණයකු නිමල්කැල්මෙන් ඇය වෙනුවෙන් දල්වන ප්‍රාර්ථනා මෙි ගීතයට විෂය වෙයි.මෙි වූකලී උත්තරීතර ප්‍රේමයක සදාතනික පරමානන්දය යි.මිනිසා චිරා කල් පතන්නේ කායික හා ආධ්‍යාත්මික ප්‍රහර්ෂය දනවන පරම සුන්දර ගැහැනියක නොවෙිද?එහෙත් මෙකී සුන්දරත්වය මතුපිටින් පමණක් නොව ඇතුළතින් ද තිබිය යුතුය.මානවප්‍රේමයේ සුන්දරත්වය මෙන්ම යථාර්ථය සුවිශද කරන මෙි පෙම්පැතුම රචකයා රමණීය කාව්‍යෝක්තියෙන් ඉදිරිපත් කරයි.මෙි ගීසපුව වර්ණවත් කිරීමට බන්දුල නානායක්කාරවසමයෝ ව්‍යංග්‍යාර්ථ පමණක් නොව සංකල්පරූප මංජරියක අප ගිල්වති.
නිම්තෙරක් නොදුටු මේ ලෝකයේ
රුදු සපුන් නිබඳ සරනා බිමේ
ඔබේ සිනා වත මගේ නවාතැන
අරුණු විහිදුවාවී ජීවිතයේ
මෙහි ස්ථායි කොටසේ පළමු පද පෙළම රමණීය නො වෙි ද? මෙි විශ්වයම විස්මයකි.එහි අගක් මුලක් සොයා ගැනීමට නොහැකිය.නිම්තෙරක් නොදකින,නොපෙනෙන එබඳු ලෝකයේ නානාවිධ මිනිසුන් අතරේ අපි ජීවත් වන්නෙමු.එහෙත් මෙි බිමෙි වැඩිපුර ම සිටින්නෝ කවරහුද? ඔවුහු අන් කිසිවකු නොව ගොරබීරම් වෙස්ගත් මනුෂ්‍යයෝය.යටකී රුදු සපුන් ගැන සුභාෂිතය ලියූ අලගියවන්න මුකවැටිතුමෝ මෙසේ කියති.
කුරිරු ගොර සපුන් ගේ දළ’ගෙහි විසය
මදුරු මැසි කැලන් ගේ තුඬ’ගෙහි විසය
රුදුරු නුහුසුවන් ගේ වල’ගෙහි විසය
නපුරු දුදනන්ගේ සියල’ගෙහි ම විසය
මෙසේ බලන කල්හි ලොව වෙසෙන නපුරු දුදනෝ ද විෂකුරු සර්පයෝමය.උන්ගෙන් බෙිරී සිටීම එතරම් පහසු නැත.එහෙත් මෙි කථකයා තම පෙම්වතියට පවසන්නේ එබඳු දුර්ජනයන් හමුවේ නොසැලී නොබියව ඇයට ඉත සිතින් පෙම්කරන බව නො වෙි ද? සත්‍යප්‍රේම භුංගරාජයෝ එසේ නොවෙත් ද?මෙහිදී කථකයා තවත් අපූරු ප්‍රකාශයක් කරයි.එනම් ඇගේ සිනාවත ඔහුගේ නවාතැන වී ඇති බවයි.හිත ගිය තැන මාලිගාව යනු මෙය නො වෙි ද? එබඳු ගැහැනියකගේ සිනා පිරුණු වතකමල පිරිමියකුගේ ජීවිතයට අරුණාලෝකය කැටුව එන බව කීම අරුමයක් ද? ස්ත්‍රී රූපයේ සෞකුමාර්යය පිරිමියාගේ ජීවිතය කණපිට පෙරළීමට තරම් ප්‍රබල නො වෙි ද?
රැල් නගා ගලන ගංගා දියේ
මං වසා දමනු හැකිදෝ කෙසේ
සොයා සයුරු දිය හඹා ඇවිත් ගඟ
සදා සැඟව යාවී සාගරයේ
රළ නගමින් ගලා යන ගංගාවක් කුමන බාධක දමා අවහිර කළත් නතර කළ හැකිද? සිඳු තුරුලේ නැලවීමට ගං කොමළිය එන්නා සේ ඇය ද ඔහු වෙත පැමිණෙනු ඇත.මෙහි කථකයා තම පෙම්වතිය වෙනුවෙන් උපදවන ආදරය පරමරමණීය නො වෙි ද? ඇය පිළිබඳ එසේ සිතීම කවරනම් වරදක් ද?
සිල් බිඳී මුවන් කැලඹූ වනේ
බිම නොලා නෙලූ ඵල මාවතේ
සදා ඔබේ ගිම් බෙදාගනිම් මං
තැවුල් සැඟව යාවී මාරුතයේ
මහ වනාන්තරයේ වෙසෙන මුවන් වැනි අහිංසක සතුන්ගේ සිල් බිඳෙන්නේ ද අනතුරක සෙයියාවකදී පමණි.අනතුරකදී,කලබලයකදී ව්‍යසනයක දී නොකැලඹෙන්නෝ කවරහුද? ඔවුහු බෝධිසත්වයෝය.එහෙත් ජීවිතය කෙතරම් කටුක වූව ද තම පෙම්වතිය කිසිදු නිමෙිෂයක හැරදමා යෑමට මෙි කථකයා සූදානම් නැත.නෙළුෑ පලා බිම දමා යෑමට තරම් ඔහු අමනෝඥයෙක් ද නෙවෙයි.ඔහුගේ එකම ආරම්මණය මෙි කෙටි දිවි මගේ හුස්ම වැටෙනතුරු ඈ හා අත්පටලා සුඛානන්දයෙන්,ප්‍රහර්ෂයෙන් ඇවිද යාමය.ජීවන ගමනේ සරතැස හෙවත් විඩාව ඈ හා බෙදා ගැනීම ඔහුගේ එකම ප්‍රාර්ථනය යි.පැනසර,නැණසර,හරබර,සිරිබර හිතක් ඇති මෙබඳු පෙම්වතකු ලබන පෙම්වතිය සැබැවින් ම භාග්‍යවන්තියක් නො වෙි ද?
සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මියුරු මියැසියෙන් ද යුතු ම
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ සංකල්ප රූප සංකලනයෙන් ද වික්ටර් රත්නායකයන්ගේ සුමධුර ස්වර සංරචනයෙන් ද අබෙිවර්ධන බාලසූරියගේ හඬ මාධුර්යෙන් ද සුරංජිත මෙි
ඩෝල්ටන් අල්විසුන්ගේ ගේයපද මාලාවෙන් ද නන්දා මාලිනීයන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ ස්වරාලංකාරයෙන් ද යුතු මෙි ගීමිණ දේශානුරාග
සුකීර්තිමත් කිවිසුරු රත්න ශ්රී විජේසිංහයන්ගේ සුගේයපද සුරචනයෙන් ද කරුණාරත්න දිවුල්ගනේගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද එච්. එම් ජයවර්ධනයන්ගේ ස්වරාල
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද මාලාවෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ සහ නීලා වික්‍රමසිංහගේ ගායනයෙන් ද යුතු මෙි ගීමිණ අසම්මත ප්‍රේමය
මහින්ද දිසානායකයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද මාලාවෙන් ද ගුණදාස කපුගේ සහ කරුණාරත්න දිවුල්ගනයන්ගේ සුගායනයෙන් ද ගුණදාස කපුගේ සූරීන්ගේ ස්වරාලංකාරයෙන්
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ්රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
නිම්තෙරක් නොදුටු මෙි ලෝකයේ
Gamini Funseka JP Lakhanda radio programMwlbourne, Australia Monday, 05 August 2024 11:39 AM
මේවා තමයි සින්දු...