නිලූකා කුමාරතුංග
යාපනය චෙම්මනි මිනීවළෙන් සොයා ගැනුණු මිනිස් අස්ථි කොටස් වසංගත රෝගයකින් මියගිය අයගේ බවට පළවන වාර්තා පිළිගත නොහැකි බව උතුරු පළාත් හිටපු මහ ඇමති සී. වි. විග්නේෂ්වරන් පවසයි.
එසේ වසංගත රෝගයකින් මියගියේ නම් වසංගත රෝගය පැවතුණ දිනවකවානු හා අදාළ රෝගය කුමක්ද යන්න හෙළි කළ යුතු බව ඔහු ප්රකාශ කළේය.. මෙම ප්රකාශය කිසිසේත්ම පිළිගත නොහැකි තර්කයක් බව හෙතෙම අවධාරණය කර සිටියි.
මෙම ප්රකාශය අහිංසක උතුරේ දෙමළ ජනතාවට කළ අසාධාරණයක් බවද ඔහු පෙන්වා දෙයි. මෙහි සත්යාසත්යතාව නිසි ලෙස තහවුරු කර ගැනීම සඳහා ජාත්යන්තර පරීක්ෂණයක අවශ්යතාවක් අවශ්ය බවද ඔහු කියා සිටියි.
මේ පිළිබඳ අවස්ථා ගණනාවක දී කරුණු පැහැදිලි කළ ද ඒ ගැන අවධානය යොමු නොකිරීම උතුරේ දෙමළ ජනතාවට කරන අසාධාරණයක් බවද ඔහු සඳහන් කරයි.
මේ සම්බන්ධයෙන් නැවත වරක් ජාත්යන්තරයේ අවධානය යොමු කිරීමට කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේ ය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd