මනෝජ් නීලංග දැන් වසර 17ක් පුරා ඔස්ට්‍රේලියාවේ වෙසෙන ලාංකිකයෙකි. ගී පද රචකයෙකි.ගීත ක්ෂේත්‍රයේ උන්නතිය උදෙසා නවමු ආකාරයේ නිර්මාණ කලාවක හෙතෙම නිරත වේ . මේ වනවිට ගීත 10ට ආසන්න සංඛ්‍යාවක් රචනා කර ඇති මනෝජ් ඒ යටගියාව සිහිපත් කළේ මෙසේය.
‘මම ජීවත් වුණේ දෙමටගොඩ ප්‍රදේශයේයි. එවැනි සමාජ වටපිටාවක ජීවත් වෙද්දි අපට නිතරම දකින්න ලැබෙන්නේ කුණු කාණු, මීයෝ, පයිප්ප ළඟ වතුර පුරවන ගැහැනු උදවිය, තැන තැන රංචු ගැහිලා කතා කරන අය, උඩු කයට ඇඳුම් නැති පිරිමි, අමුතු කතා විලාසය වගේ දුක් විඳින කටු කන ජීවිතයි. මා අද පිටරටක ජීවත් වුණත් අර පරිසරය, ඒ මිනිස්සු නිතරම හිතේ මැවුණා. ජීවත් වෙන්න කරන අරගලය දැණුනා. ඒ අනුව ‘ලොවේ තැලෙන මිනිහා‘ කියන ගීතය මා අතින් මෙහේදි රචනා වුණා. ඒ මා රචනා කළ මුල්ම ගීතයයි. ඔයාකාරයට මා විඳි දේවල්,ලත් අත්දැකීම් පද රචනා බවට පත්වී මේ වනවිට ගීත 10කට ආසන්න සංඛ්‍යාවක් මා අතින් ලියැවී තිබෙනවා.
මනෝජ් අතින් ලියැවුණු ගීත අතුරින් සුවිශේෂී ගීත කිහිපයකුත් නැතුවාම නොවෙයි. ගීතයක් දැනෙන්න පද රචනය , තනුව සේම රූප රාමුත් අපට සමීප විය යුතුයි. ඔහු රචිත එක් ගීතයක රූප රචනාවේදී එක් විශේෂිත පුද්ගලයකු අපට හඳුන්වා දෙනවා.ඔහු කවුද? අප නැඟූ ප්‍රශ්නයට මනෝජ් දුන් පිළිතුරයි මේ.
‘මා රචනා කළ ගීත දෙකක මගේ පුතා දේශ් කෝංගල රංගනයෙන් දායක වුණා. ඔහු පෙනී සිටි දෙවැනි ගීතය වන ‘සිහිනයක මම සඳේ පියමැන්නා ‘ගීතය ගායනා කරන්නේ සාරංග දිසාසේකර විසිනුයි. මා පද රචනා කළ මෙම ගීතයට දේශ් ඔහුට හැකි උපරිම සාධාරණයක් ඉටු කළා කියා මට කිව හැකියි. මා වගේම පුතාත් ඔස්ට්‍රේලියාවේ සිටියත් හදවතින්ම අපි උපන් රටට ආදරෙයි. පුතා වුණත් කලාවට හරි ලැදි දරුවෙක්. ඔහු කාලයක් ක්‍රිකට් ගැහුවා. ක්වීන්ස්ලන්ඩ් ටීම් එකට තේරුණා. මේ වෙද්දි ඔහු උපාධිය සඳහා සූදානම් වෙනවා. ඔහු ඉදිරියේදී පශ්චාත් උපාධිය සඳහා එංගලන්තයට යාමට අදහස් කරගෙන සිටිනවා. රංගනයට කැමැති ඔහුට ඒ සඳහා අවස්ථාවක් ලැබුණොත් ඔහු කැමැත්තෙන්ම එය ඉටු කරාවි කියන විශ්වාසය මා තුළ තිබෙනවා.‘
පිටරටක විසුවද කලාවට ලැදි මේ පිය පුතු දෙදෙනා ඉදිරියේදී විවිධ නිර්මාණ හරහා ඔබ අප හමුවෙනු ඇත.
-සටහන- මාධවී ධර්මරත්න
කේ.ඩී කේ ධර්මවර්ධයන්ගේ ගේයපද රචනයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ කර්ණරසායන ස්වර මාධූර්යයෙන් ද සංගීත නිපුන් සනත් නන්දසිරිගේ ස්වරාලංකාරයෙන් ද සුසැදි මෙි ගී
සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මියුරු මියැසියෙන් ද යුතු ම
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ සංකල්ප රූප සංකලනයෙන් ද වික්ටර් රත්නායකයන්ගේ සුමධුර ස්වර සංරචනයෙන් ද අබෙිවර්ධන බාලසූරියගේ හඬ මාධුර්යෙන් ද සුරංජිත මෙි
ඩෝල්ටන් අල්විසුන්ගේ ගේයපද මාලාවෙන් ද නන්දා මාලිනීයන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ ස්වරාලංකාරයෙන් ද යුතු මෙි ගීමිණ දේශානුරාග
සුකීර්තිමත් කිවිසුරු රත්න ශ්‍රී විජේසිංහයන්ගේ සුගේයපද සුරචනයෙන් ද කරුණාරත්න දිවුල්ගනේගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද එච්. එම් ජයවර්ධනයන්ගේ ස්වරාල
මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද මාලාවෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ සහ නීලා වික්‍රමසිංහගේ ගායනයෙන් ද යුතු මෙි ගීමිණ අසම්මත ප්‍රේමය
මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය
ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
රංගනයයි ගී පද රචනයයි එකට මුසු කළ පිය පුතු දෙපළ