IMG-LOGO

2025 අප්‍රේල් මස 02 වන බදාදා


සනත් නන්දසිරි දිවියට සමුදෙයි

(සමන්ත යහම්පත් සහ ඩයනා උදයංගනී)

මෙරට සංගීත ක්‍ෂේත්‍රයට සුවිසල් දායකත්වයක් ලබාදුන් ප්‍රවීන ගායන ශිල්පී, සංගීතඥ, සංගීත් නිපුන්, මහාචාර්ය සනත් නන්දසිරි මහතා අද (28) පෙරවරුවේ සිය දිවිසැරිය නිමා කළේය.

ඔහු ශ්‍රී ලංකා සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ කුලපතිවරයා ලෙස ද කටයුතු කළේය.

සනත් නන්දසිරි මහතා මිය යන විට 81 වැනි වියේ පසුවිය.

සංගීතඥයෙක්, ගායන ශිල්පියෙක්, සංගීත අධ්‍යක්ෂවරයෙක් හා ගී පද රචකයෙක් වූ ඔහු දශක ගණනාවක් පුරා රසික හදවත් ජයගෙන සිටියේය.

1942 වසරේ පෙබරවාරි මස 15 වැනිදා ගොතටුවේදී උපත ලැබූ සනත් නන්දසිරි මහතා 1955 දී එනම් ඔහුට වයස අවුරුදු 13 දී ජාතික ගුවන්විදුලියට සම්බන්ධ විය.

අනතුරුව ඔහු වයස අවුරුදු 17 දී ඩී. ආර්. පීරිස් මහතා යටතේ තබ්ලා වාදනය වැඩිදුර හැදෑරීය.

ඉන්දියාවේ භාත්ඛාණ්ඩේ විශ්ව විද්‍යාලයට 1960 වසරේ දී එනම් 19 හැවිරිදි වියේ දී සම්බන්ධ වූ සනත් නන්දසිරි මහතා උස්තාද් අහමඩ් ජාන්ල ජී.එන් නාටු, උස්තාද් මොක්ෂට් අලි, පණ්ඩිත් හරි ශන්කර් යන ප්‍රවීණයන් යටතේ අධ්‍යාපනය ලබා එහි පරීක්ෂණවලින් ඉහළින් සමත්ව තබ්ලා හා ගායන විශාරද උපාධි හිමිකරගත්තේය.

ඉන් අනතුරුව මෙරටට පැමිණ සංගීත ගුරුවරයකු ලෙස අම්පාර, උහන මහා විද්‍යාලයට 1965 වසරේදී පත්වීම ලබාගත් ඔහු 1988 සිට 1992 දක්වා කැලණිය විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයෙකු ලෙස සේවය කළේය.

ප්‍රවීණ ගායන ශිල්පිනියක වන මල්කාන්ති නන්දසිරි මහත්මිය සමඟ 1971 වසරේ දී විවාහ වූ ඔහුගේ එකම දියණිය වන අනුරාධා නන්දසිරි මහත්මිය ද ගායන ශිල්පිනියකි.

සනත් නන්දසිරි මහතා 1992 වසරේ දී සංගිත් නිපුන් උපාධිය ලබාගත් අතර, එම උපාධිය ලබාගත් පළමු ශ්‍රී ලාංකිකයා වන්නේ ද සනත් නන්දසිරි මහතාය.

“මම නම් ආසයි අහන්න නයනා”, “වරදක් කළත් සිතකින් නොවෙයි”, “දඟකාර ඔය දෑස දුටුවා එදා”, “විකසිත වත කමලේ”, “එදා මෙදා තුර”, “ඇවිලුනු ගිනිදැල්”, “මුලු ලොව මගෙන් අසාවි”, “යශෝදරා”, “එක යායට මල් පීදුණු බිම් තීරේ”, “සොවින් පිරි මගේ හදවත.”, “දූ අනුරාධා”, “ලස්සන නම් නෑ පෙනෙන්නේ”, “ඈත එපිට ගම්මානෙන්”, “බෝ මලුවේ මල් සුවඳක පැටලී”, “ගමේ කෝපි කඩේ දෙන්න දෙපැත්තේ දාං අදින්නේ”, “ආදර සැමරුම් කැටිවූ”, “පෙමාතුර හැඟුම්”, “වාසනා වේවා”, “මම නම් ආසයි අහන්න නයනා”, “නිර්වාණ ස්වර්ණ ද්වාරයෙන්”, මේ ප්‍රථම වසන්තයයි” ආදී අතිශය ජනප්‍රිය ගීත රැසක් ඔහු සිය රසිකයන් වෙත තිළිණ කළේය.
ඔහු ගායනා කළ බොහෝ ගීතයන් හි තනු නිර්මාණය කරනු ලැබුවේ ද ඔහු විසිනි.

ඔහු තම බිරිඳ වන මල්කාන්ති නන්දසිරි මහත්මිය සමඟ ද ‘හිච්චි නගේ’ සහ ‘සීත රෑ වසන්තේ’ ආදී ගීත ගණනාවක් ගායනා කළේය.

ඔහු පළමු ගී ප්‍රසංගය ‘ස්වර්ණ කුණ්ඩල’ නමින් 1974 වසරේ දී පැවැත්වුණු අතර, ඔහුගේ පළමු ගී තැටිය ද එම නමින්ම ජෙම්ටෝන් ලේබලය යටතේ 1979 වසරේ දී නිකුත් විය. ඉන්පසු ඔහු සින්ග් ලංකා ලේබලය යටතේ ද ගී තැටි ගණනාවක් නිකුත් කළේය.

‘සැඩොල් කඳුළු’, ‘හරි මග’, ‘හන්තානේ කතාව’, ‘සමනල කුමරියෝ’, ‘හතරවටේ’, ‘අහස් ගව්ව’, ‘දුලීකා’, ‘වසන්තේ දවසක්’, ‘සැනසුම’, ‘මංගල තෑග්ග’, ‘සළඹක් හඬයි’, ‘විරාගය’, ‘හංස විලාපය’, ‘ඉන්ද්‍රඛීලය’ වැනි චිත්‍රපට රැසක් සඳහා ද ඔහු ගීත ගායනා කළේය.

ඔහු එම ගායනාවන් වෙනුවෙන් ජනාධිපති, සරසවි ආදී සම්මාන රැසකින් ද පිදුම් ලැබීය.

‘ගාන්ධාරී’ නමින් සංගීත ආශ්‍රමයක් ද 1982 වසරේ දී ආරම්භ කළ ඔහු එහි දී භාත්කණ්ඩේ විශ්ව විද්‍යාලය සඳහා අවශ්‍ය පාසල් විෂය නිර්දේශය ඉගැන්වීය.

පණ්ඩිත් ඩබ්ලිව්. ඩී අමරදේවයන්ගේ අභාවයෙන් පසු 2016 වසරේ දී සෞන්දර්ය කලා විශ්ව විද්‍යාලයේ කුලපති ධුරය සඳහා ඔහු පත්විය.

ගොතටුව මහා විද්‍යාලය, දෙමටගොඩ ශාන්ත මැතිව් විදුහල, මහබෝධි මහා විද්‍යාලය යන පාසල්වලින් අධ්‍යාපනය ලබාගත් සනත් නන්දසිරි මහතා ඉංග්‍රීසි අධ්‍යාපනය ලැබුවේ ස්ටැෆර්ඩ් විද්‍යාලයෙනි.

ඔහු පාසල් සමයේ දක්‍ෂ මලල ක්‍රීඩකයෙක් හා එල්ලේ ක්‍රීඩකයෙක් ද විය.

අවසන් කටයුතු පසුව දැනුම් දෙනු ඇත.

 



අදහස් (0)

සනත් නන්දසිරි දිවියට සමුදෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

ගී විනිස

මහ වැස්සක පෙරනිමිති පෙනෙනවා
2025 අප්‍රේල් මස 01 332 0

කේ.ඩී කේ ධර්මවර්ධයන්ගේ ගේයපද රචනයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ කර්ණරසායන ස්වර මාධූර්යයෙන් ද සංගීත නිපුන් සනත් නන්දසිරිගේ ස්වරාලංකාරයෙන් ද සුසැදි මෙි ගී


පූජාසනයේ ඔබ හිඳුවා
2025 මාර්තු මස 25 963 0

සුනිල් ආරියරත්නගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද සුරචනයෙන් ද නන්දා මාලිනීයන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද එච්.එම් ජයවර්ධනයන්ගේ මියුරු මියැසියෙන් ද යුතු ම


ගංගා එන්න කෝ ගංගා
2025 මාර්තු මස 18 1100 1

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ සංකල්ප රූප සංකලනයෙන් ද වික්ටර් රත්නායකයන්ගේ සුමධුර ස්වර සංරචනයෙන් ද අබෙිවර්ධන බාලසූරියගේ හඬ මාධුර්යෙන් ද සුරංජිත මෙි


උඩඟු ලියන්
2025 මාර්තු මස 11 1153 1

ඩෝල්ටන් අල්විසුන්ගේ ගේයපද මාලාවෙන් ද නන්දා මාලිනීයන්ගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ ස්වරාලංකාරයෙන් ද යුතු මෙි ගීමිණ දේශානුරාග


දුරුකතර ගෙවාගෙන
2025 මාර්තු මස 04 1155 0

සුකීර්තිමත් කිවිසුරු රත්න ශ්‍රී විජේසිංහයන්ගේ සුගේයපද සුරචනයෙන් ද කරුණාරත්න දිවුල්ගනේගේ කර්ණරසායන ස්වරමාධුර්යයෙන් ද එච්. එම් ජයවර්ධනයන්ගේ ස්වරාල


දස්කොන් සකිසඳ
2025 පෙබරවාරි මස 25 1250 0

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ ධ්වනිතාර්ථපූර්ණ ගේයපද මාලාවෙන් ද පණ්ඩිත් අමරදේවයන්ගේ සහ නීලා වික්‍රමසිංහගේ ගායනයෙන් ද යුතු මෙි ගීමිණ අසම්මත ප්‍රේමය


මේවාටත් කැමතිවනු ඇති

Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක. 2025 මාර්තු මස 31 171 0
Hello Dada කියලා කියන්නේ Say Prime චැනල් එකෙන් නිෂ්පාදනය වුන පළවෙනි මිනි සීරීස් එක.

මිනි සීරීස් කන්සෙප්ට් එකෙන් සීරීස් කිහිපයක්ම නිර්මාණය කරපු අධ්‍යක්ෂකවරයෙක් තමයි ජෝ දිසානායක. Hello Dada අධ්‍යකෂණය සිදු කරන්නේද ඔහු විසින්ම. බොහෝ ජනප්‍රිය

ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක් 2025 මාර්තු මස 21 758 0
ප්‍රයිම් සමූහය වෙතින් PrimeMax: අවම මූලික ගෙවීමක් සහ ඇදහිය නොහැකි මාසික වාරිකයක් සමගින් දේපළ සඳහා ආයෝජනය කිරීමට අනගි අවස්ථාවක්

ප්‍රයිම් සමූහය ශ්‍රී ලංකාවේ දේපළ වෙළඳාම් ක්ෂේත්‍රයේ පෙරළියක් සිදුකරමින් නව ගෙවීම් ක්‍රමවේදයක් හඳුන්වා දීමට පසුගියදා කටයුතු කළේ ය.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි 2025 මාර්තු මස 07 769 2
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව සඳහා අයදුම්පත් විවෘත කරයි

දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්‍

Our Group Site