
(අංජුල මහික වීරරත්න)
ත්‍රිරෝද රථ ධාවනය සඳහා වන අවම වයස් සීමාව අවුරුදු 40ත් දක්වා ඉහල නැංවීම ගැන යෝජනාව සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයකට පැමිණ නැති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
අමාත්‍යවරයා මේ බව කීවේ අදාළ කාරණය සම්බන්ධයෙන් වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවගේ මහතා කළ ප්‍රකාශය ගැන අදහස් දක්වමිනි.
පාසල් අධ්‍යාපනය අතරමග හැර ගිය හෝ උසස් පෙළින් පස්සේ පාසල් අධ්‍යාපනය නැවැත්වූ අය සහ සමහර අයට වෘත්තීය අධ්‍යාපනය ලබා දීම සම්බන්ධව සහ වෘත්තිය පුහුණුවක් ලබා දීම සම්බන්ධව විවිධ පුද්ගලයින්ගෙන්, ආයතනවලින් යෝජනා පැමිණ ඇතැයි ද එම සමහර යෝජනා ක්‍රියාත්මක වෙන නමුත් ත්‍රීරෝද රථ පැදවීමේ වයස් සීමාව ගැන සලකා බලා නැතැයි අමාත්‍යවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්ද මේ මිනිහ කිව්වොත් කියන්නෙ බොරැවක්. හාන එකමයි කරන්නෙ.
අර නියෝජ්‍ය ඇමති කිව්වා වගේ කළා නම් ආණ්ඩුවෙත් අවසානය එදා තමයි.
අධිබාරේ අගෝස්තු 15 ඉවත් කරනවා කියල කිවා නම් එක කරන්න ඕනේ , අධිභාරේ දෙසැම්බර් වෙනකම් තියෙනවා නම් එක දමපු දවසෙම කියන්න ඕනේ , එහෙම නැතිනම් දින නියමයක් නැතිව මේක පනවන්න තිබුන , මිනිස්සුන්ට දිනයක් දීල , පොරොන්දුවක් දීල , රටේ අලුතෙන් ආර්ථික ප්‍රශ්නෙකුත් නැතුව තිබෙන , භාන්දගරෙත් පිරිලා තිබෙන මේ අවස්ථාවේ , බොරු පොරොන්දු දෙනවා කියන්නේ අනවශ්‍ය වැඩක් , අවුරුදු 40 ට අඩු අයට ත්‍රිරෝද පදින්න රියදුරු බලපත්‍ර දෙන්නේ නැහැ කියල නලින් හේවගේ කියනවා , යතුරු පැදිය කියන්නේ ත්‍රිරෝද රථයට වැඩිය අවධානම වැඩි වහනයක් , මේ ත්‍රිරෝද රථ පදින මිනිස්සුම අල්ලන් කන්න හදන්නේ , ඒගොල්ල චන්දෙ කලේ මලිමාවට වැඩිපුරම කැම්පේන් කරපු නිසාද ? මේක කලොත් ගමේ කොල්ලෝ චන්දෙ දෙන්නේ නැහැ , අර නලින් හේවගේ චන්දෙට කලින් පොරොන්න්දු වුන ලක්ෂ 12 vits එක දුන්න නම් කොල්ලෝ ත්‍රිරෝද පදින්නේ නැතිව vitz එකේ යාවි
අනිවාර්යයෙන්ම ඔය ත්‍රිරෝද රථ පදින වයස් සිමාව 40 කරන යෝජනාවත් අනිවාර්යයෙන්ම රිවස් කරනවා , මේක ආණ්ඩුව හරියට අර ඇනස්ලි , බර්ටි , සමුවෙල්ගේ විනෝද සාමය වගේ , ජනතාවට විහිලු සපයනවා මිසක් , මේවා මුලින්ම කැබිනට් එකේ සාකච්චා කරලා එක ප්රතිපත්තියක ඉඳගෙන , කෙලින් තීරණ අරන් , කැබිනට් පරක්ෂක විසින් මාධ්‍ය වලට දැනුම් දෙන්න ඕනේ ,වැඩක් හරියට කරන්න මේ ගොල්ලට බැහැ , කැබිනට් එකේ කතා කරන්න ඕනේ දේවල් මේගොල්ල කතා කරන්නේ දේශපාලන වේදිකාවල , ඊට පස්සේ රට අනවශ්‍ය අර්භුධ ඇතිවෙනවා , මෙවැනි වැඩ නිසා දෙදරා යන්නේ මොවුන්ගේම චන්ද පදනම ,
මගේ නම් අදහස ත්‍රිරෝද රථ බලපත් සිමාවේ වෙනසක් වෙන්නේ නැහැ , නමුත් පක්ෂ අභ්‍යන්තරේ සාකච්චාවක් එක පවත්වා තීන්දුවකට , එන්නේ නැතිව , මෙවැනි මත ප්‍රකශ කිරීම මගින් , තරුණ පරපුරේ සහයෝගේ ආණ්ඩු පක්ෂේට නැති වෙන අතර , අනෙක් පැත්තෙන් 40 සීමාවට කැමති පුද්ගලයන්ගේ චන්ද ටිකත් ඔවුන්ට නැති වෙනවා , මේක කලේ නැහැ කියල ,
තරුණ පරම්පරාවට යාවත්කාලීන, පුහුණු මධ්‍යස්ථාන ඇති කිරීමට රජය උනන්දු වෙන්න. ත්‍රීවීල් සංස්කෘතියෙන් බැහැරව රටට වැඩදායී පුහුණු තරුණ කැලක් අවශ්‍යයි.