
(යොහාන් භාසුර)
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කැබිනට් මණ්ඩලය අහෝසි කර වෙනත් පනතක් ගෙන එනවා නම් සුරේෂ් සලේගේ මෙම මස 28 වැනිදා අවසන් වන දින 180 රැඳවුම් නියෝගය තවදුරටත් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගැනීම සුදුසු නොමැති බව හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතා අද (25) පැවසීය.
බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පක්ෂ මූලස්ථානයේ අද (25) පැවැති මාධ්‍ය හමුවේදී අමාත්‍ය සරත් වීරසේකර මහතා එසේ පැවසීය.
හිටපු අමාත්‍ය සරත් වීරසේකර මහතා මෙසේ ද අදහස් දැක්වීය.
“හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී ජෙනරාල් සුරේෂ් සලේ රැඳවුම් නියෝග මත මේ වන විට දින 180 ක් ජනාධිපතිගේ නියෝග මත ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවා සිටිනවා. නමුත් ඊයේ පෙරේදා ඒ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත කැබිනට් මණ්ඩලය අහෝසි කර දැන් වෙනත් පනතක් ඒ සම්බන්ධයෙන් ගේනවා. එසේනම් මේ මාසයේ 28 වෙනිදා අවසන් වෙන ඒ දින 180 රැඳවුම් නියෝගය තවදුරටත් බලපාන්නේ නැති, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගැනීම සුදුසු නැහැ. ඒ වගේම සලේගේ බිරිඳත් ජනාධිපතිතුමාට ලිපියක් යවා තිබෙනවා මේ රැඳවුම් නියෝගය නොමැතිව රිමාන්ඩ් භාරයට පත්කරන්න, එවිට ඒ විමර්ශනවලට සලේ පූර්ණ සහය ලබාදෙයි කියලා. ඒ වගේම අපිත් ප්‍රකාශ කර සිටින්නේ තවමත් මේ දින 180 ක් ගියත් චෝදනා ගොනුකර නොමැතිනම්, අධිකරණ ක්‍රියාවලියක් තවම ආරම්භ කර නොමැති නම් සලේව රැඳවුම් නියෝගයක් නොමැතිව රිමාන්ඩ් භාරයට පත්කරන්න. එවිට ඒ තිබෙන අධිකරණ ක්‍රියාවලිය දිගටම ගෙනයා හැකියි.
සහරාන් සහ නවුෆර් මවුලවි එකතුවෙලා මේ වගේ ත්‍රස්ත ප්‍රහාර එල්ල කරනවා කියලා 2015 සිට සීඅයිඩීය දන්නවා. ඒ වගේම ප්‍රහාරයට මාස 03 කට පෙර වනාත විල්ලුවේ පුපුරණ ද්‍රව්‍ය කිලෝ සියයක් පමණ හසුවුණා. ඒ වගේම මාවනැල්ලේ බුදුපිළිම විනාශ කළා. මේ සියල්ලකම පෙනි යන්නේ යම්කිසි ප්‍රහාරයක් නුදුරු අනාගතයේ සිදුවෙනවා කියලා සීඅයිඩීය දැනගෙන සිටියා. ඒ වගේම මේ ප්‍රහාරය වෙන්න පැය 24 ට පෙර ඉන්දියානු බුද්ධි අංශය විසින් ප්‍රකාශ කළ සිටියා මේ ස්ථානවලට තමයි ප්‍රහාරය එල්ල කරන්නේ කියලා. එසේ කියා සිටියදීත් සීඅයිඩීය හෝ පොලිසිය කිසිදු පියවරක් ගත්තේ නැහැ. එලෙස සියල්ල දැනගෙන ජිවිත 269 ක් බිලිදෙනතුරු කිසිදු දෙයක් නොකර, රටේවත් සිටිය නැති සුරේෂ් සලේව අත්තඩංගුවට ගත්තේ කෙසේද? 2016 සිට 2019 දෙසැම්බර් දක්වා සුරේෂ් සලේ සිටියේ මැලේෂියාවේ සහ ඉන්දියාවේ. එසේනම් දින 180 ක් රඳවාගෙන සිටින්නේ කුමණ හේතුවක් මතද?
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සාලෙ ගැනමයි කතාව,, තව කොච්චර ඉන්නවද හිරේ ,,ඒ අයත් මනුෂ්‍යයො සාලෙ ගැනමයි කතාව
ඕනම එකෙක් කරන දෙයක් ගේම් එක ගානට ප්ලේ වෙන්න ඇරල රටින් පිටවෙලා ගේම් එක බලන් ඉන්න එක. ඒක මේ පැන්ෂන් ගිව නේවිකාරයා දන්නෙ නැති එකයි පුදුම
තමුන් බලයේ හිටපු කාලේ කියපු කරපුවා ගැනත් දන්නෝ හොන්දාකාරවම දන්නවා.හිටපු දුෂිත නායකයෝ අදිකරණයට ඇගිළි ගැහැව්වා.බලපෑම් කෙරුවා.අදිකරණය ස්වාධීනව කටයුතු කරන ආකාරය පැහැදිලීව දකින්ඩ ලැබෙනවා..
සුදුසුද නැද්ද කියල අධිකරණ තීරණය කරයි. ඔයගොල්ලො පහුගිය හොරකම් ගැන කතා කර කර ඉන්න. කලබල වෙන්න එපා
එහෙම නම් එදා කිසිම චෝදනාවක් නැතුව හිස්බුල්ලා මැතිතුමාව මෙහෙම රැඳවුම් නියෝගය මත රඳවා ගත්ත එක හරිද?
ඔව් එළියට දාලා ෂොට් එක දෙන්න ලේසියිනේ නේද.
ඒ වුනාට බිල්ලෙක් මවල සලේ හිරේ දානකම් සමහර බලවත් පුද්ගලයන්ට නින්ද යන්නේ නැහැ.
දීකිරට බළල්ලුත් සාක්කි.
සහරාන් සහ නවුෆර් මවුලවි එකතුවෙලා කරපු හරි ඒ උන්ට මහ මොළකරු කවුද කියලා ජනතාව දැනගන්න ඕන නිසා Mr. Sale ඇතුළේ ඉන්නේ.
ඕයි! ඔහෙලගෛ බොක්කෙන්ම යාලුවනේ සලේ. ඔච්චර දුකක් තියනව ෆෝන් එකෙයි, ලැප්ටෝප් එකෙයි පාස් වර්ඩ් දෙක දීල වැඩේ ඉවරගන්න කියල යාලුවට කියන්නකො. එතකොට ඔය D.O. වැඩේ නවතිනවනේ. ඔය ගොල්ලො ඒ වැඩේ නොකියන බව අපි හොදටම දන්නවා.
ටිකිරි මොළේ පේනවා අහන ප්‍රශ්නවලින්. CID මොළේ ඊට වඩා තියුණුයි, දියුණුයි. මේ තමයි නියම රාජ්‍ය ද්‍රෝහියෝ.
සලේටව පීඩාවට පත්කරන හස්තය උතුම් තෙරුන් බෙලෙන් සුනු විසු විසුනු වේවා... සලේ නම් රණවිරුවාට නිදහස ලැබේවා....!!!
කමල් ගොං කතා කියන එකෙත් සීමාවක් තියාගන්න. තෙරුන් බලය කිසිම දෙයක් විනාශ නොකරයි. සතුරාටද මෛත්රීකල උතුම් දහමක් පටු, ආත්මාර්ථකාමී දේවල් එක්ක සම්බන්ධ කරන්න එපා.
මොකද දන්නේ නැහැ සලේ ගැන මෙයාගේ හදවත ඔය තරම් සැලෙන්නේ? තමුන්ගේ කියුම් කෙරුම් ගැනත් දන්නෝ හොන්දාකාරවම දන්නවා.