වෛද්ය රුක්ෂාන්ගෙන් වෛද්ය පාලිත මහීපාලට සහතිකයක් සෞඛ්ය අමාත්යාංශයේ තිබූ අකාර්යක්ෂමතා සහ දූෂණ වංචා සම්පූර්ණයෙන්ම මැඩ පවත්වා පාලනය ශක්තිමත් කිරීමට එම අමාත්යාංශයේ ලේකම් වෛද්ය පාලිත මහීපාල මහතාට හැකියාව ලැබුණු බව රජයේ වෛද්ය නිලධාරීන්ගේ සංසදයේ සභාපති වෛද්ය රුක්ෂාන් බෙල්ලන මහතා ප්රකාශ කළේය. 01 September 2024
පොරෝ පහරින් එක්දරුපියා අවසන් ගමන් යයි කුලියාපිටිය රත්මලේවත්ත ප්රදේශයේදී 31 හැවිරිදි පුද්ගලයෙක් නිවසකදී පොරවකින් කපා කොටා ඝාතනය කර ඇතැයි කුලියාපිටිය පොලිසිය කියයි. 01 September 2024
කොණ්ඩේ හදන්න ගිහින් විස වෙලා සාදයකට සහභාගි වීම සඳහා සිය හිස කෙස් සකසා ගැනීම සඳහා මිනුවන්ගොඩ නගරයේ රූපලාවණ්යාගාරයකට ගිය කාන්තාවක්හට එහිදී හිසේ ගැල්වූ ද්රව්යයන් ආසාත්මික වීම හේතුවෙන් හිස කෙස් ගැලවී යාමේ බරපතල තත්ත්වයක් හේතුවෙන් එම කාන්තාව ගම්පහ මහ රෝහලට ඇතුළත් කළ බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි . 01 September 2024
මන්ත්රී රැකවලුන් ඡන්ද වැඩට එපා මහජන නියෝජිතයන්ගේ රැකවලුන් ලෙස කටයුතු කරන පොලිසියේ සහ අනෙකුත් ආරක්ෂක අංශවල නිලධාරීන් නිල නොවන ආකාරයට මැතිවරණ ප්රචාරක කටයුතුවලට යොදා ගැනීමෙන් වළකින්නැයි මැතිවරණ කොමිෂන් සභාව සියලුම දේශපාලන පක්ෂ අපේක්ෂකයන්ගෙන් ඉල්ලීමක් කරයි. 01 September 2024
‘සෞභාග්ය සම්පන්න ජන ජිවිතයක් උදා කරනවා‘ ජාතිවාදය පසෙකලා සෞභාග්ය සම්පන්න ජන ජිවිතයක් උදා කිරීමේ වගකීම තමන් ප්රමුඛ සමගි ජන සන්ධානය බාරගන්නා බව - විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පැවසීය. 01 September 2024
රාජකාරියේ සිටි පොලීසියේ දෙන්නාට පාට් දැමූ සැරයන්ගේ වැඩ තහනම් සංගීත ප්රදර්ශනයක් නැරඹීමට පිරිසක් සමඟ පන්ගමුව මහජන ක්රීඩාංගණයට පැමිණ එහි රාජකාරියේ යෙදී සිටි උප පොලිස් පරීක්ෂකවරයකු ඇතුළු නිලධාරීන්ට පරුෂ වචනයෙන් බැණ පිස්තෝලයක් සහ අත්විලංගු පෙන්වා තර්ජනය කළ බව කියන තිස්සමහාරාම පොලිසියේ දූෂණ මර්දන අංශයේ ස්ථාධිපතිගේ වැඩ තහනම් කළ බව තංගල්ල ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය පවසයි. 01 September 2024
බස් ගාස්තු අඩු නොවේ ඩීසල් ලීටරයක මිල රුපියල් 10 කින් අඩු කළ ද බස් ගාස්තු අඩු කළ නොහැකි බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය. 01 September 2024
කෝවිද හිමියෝ අපවත් වෙති විචිත්ර ධර්ම කථික කොලොන්නාව ශ්රී මහා බෝධි විහාරාධිපති බොරැල්ලේ කෝවිද ස්වාමීන් වහන්සේ අද (01) දහවල් අපවත් වුහ. 01 September 2024
කෑම අස්සේ කුඩු ගෙන ගිය කාන්තාවෝ දෙකක් මාට්ටු උපක්රමශිලිව කෑම පාර්සල් දෙකක මත් ද්රව්ය සඟවා වාරියපොළ බන්ධනාගාරයට ගෙන ගිය කාන්තාවන් දෙදෙනකු බන්ධනාගාරභාර නිළධාරීන් විසින් අත්අඩංගුවට ගෙන වාරියපොළ පොලිසියට භාර දී ඇත. 01 September 2024
ඩුබායි යන්න ආ විශ්රාමික ගුවන් සෙබළියගේ බෑගයේ ජීව උණ්ඩයක් ඩුබායි වෙත පිටත්ව යාම සදහා කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණි විශ්රාමික ගුවන් හමුදා සෙබළියකගේ අත් බෑගය තුළ තිබූ ටී - 56 උණ්ඩයක් , ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ ගමන් මලු පරිලෝකන යන්ත්ර පරීක්ෂා කිරීම සිදු කරමින් සිටි ගුවන් තොටුපොළ ආරක්ෂක නිලධාරීන් විසින් සොයා ගෙන ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබේ . 01 September 2024
ව්යාජ ඡන්දයක් ගැන පැමිණිල්ලක් ඇඹිලිපිටිය නගරයේ ප්රසිද්ධ ස්ථානයක ව්යාජ ඡන්ද පොළක් පවත්වා ප්රතිඵල ලේඛනයක් මුහුණු පොතට නිකුත් කිරිම සම්බන්ධව වහාම විමර්ශනයක් කරන ලෙස එක්සත් ලංකා පොදුජන පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ජනක ප්රියන්ත කුමාර රත්නායක ඇඹිලිපිටිය පොලිසියට පැමිණ පැමිණිල්ලක් කළේය. 01 September 2024
තැපැල් ස්ථානාධිපතිවරියගේ සිරුර බාල්කයේ එල්ලෙයි කොලොන්නාව බාලිකාව ඉදිරිපිට උප තැපැල් කාර්යාලයේ ස්ථානාධිපතිවරිගේ සිරුර තැපැල් කාර්යාලය තුළ බාල්කයක එල්ලෙමින් තිබියදී සොයාගත් බව වැල්ලම්පිටිය පොලිසිය කියයි. 01 September 2024
රබර් වගා ණය අරන් කෝටි 12 ක් පොලු තියලා දිස්ත්රික්ක පහළොවක වගාකරුවන් 3544 දෙනකු රබර් නැවත වගාව සහ නව වගාව සදහා රජයෙන් වගා සහනාධාර මුදල් ගැනීමෙන් පසු වගාව අත්හැර දමා රුපියල් කෝටි දොළහකට වැඩි මුදලක් නැවත ගෙවීම පැහැර හැර ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. 01 September 2024
ලිට්රෝ මිල සංශෝධනය නොවේ ලිට්රෝ ගෘහස්ථ ගෑස් මිල මෙම සැප්තැම්බර් මස සංශෝධනය නොවන බව ලිට්රෝ ගෑස් සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා අද (1) පැවසීය. 01 September 2024
කල්පිටියේ ඉන්ධන හලක පෙට්රල් ටැංකියට සීල් කල්පිටිය විවිධ සේවා සමූපකාර සමිතිය මගින් පාලනය වන ඉන්ධන පිරවුම් හලේ පෙට්රල් බෙදා හැරීමේ ටැංකිය දින තුනක සිට මුද්රා තබා තිබේ. 01 September 2024
කුඩු අලෙවි කළ නිවසක සිටි පොලිසියේ තිදෙනාගේ වැඩ තහනම් සුවසාර කැදැල්ලට යොමු කරන ලද මත්ද්රව්ය වලට දැඩිව ඇබ්බැහි වු පුද්ගලයෙකුගේ නිවසේ මධ්යම රාත්රියේ රැඳී සිටියදී වැලිපැන්න පොලිසිය මගින් අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරුන් ගේ වැඩ තහනමට ලක් කළ බව කළුතර ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී කාර්යාලය සඳහන් කරයි . 01 September 2024
දියණියට වද හිංසා කළ පියෙක් අත්අඩංගුවට විදේශගතව සිටින බිරිඳ ලබා දෙන මුදල් මදි බව හා බිරිඳගේ දෙමාපියන් හට ලබා දෙන මුදල් ද තම ගිණුමට බැර කරන ලෙස පවසා වයස අවුරුදු 05 ක තම දියණිය කෲරත්වයට පත් කළ බව කියන පියෙකු පොලීසියට ලද පැමිණිල්ලක් මත අත් අඩංගුට ගත් බව දෙණියාය පොලීසිය පවසයි . 01 September 2024
ගාල්ලෙන් මැතිවරණ පැමිණිලි 71ක් ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා බාරදුන් දිනයේ සිට අද උදෑසන දක්වා කාලය තුල ගාල්ල දිස්ත්රික්කයෙන් මැතිවරණ පැමිණිලි 71ක් ලැබි ඇති බව ගාල්ල දිස්ත්රික් ජනාධිපති මැතිවරණ පැමිණිලි මධ්යස්ථානය පවසයි. 01 September 2024
ෂෙයික් හසීනාට නඩු සිය ගණනක් බංග්ලාදේශ හිටපු අග්රාමාත්ය ෂෙයික් හසීනාට එරෙහිව ගොනුකර ඇති නඩු ගණන 100 පසුකර ඇතැයි විදෙස් මාධ්ය වාර්තා කළේය. 01 September 2024
විදුලිසැර වද්දවා අලියා මැරී යැයි වත්තේ මුරකරු අත්අඩංගුවට මාතලේ - යටවත්ත ප්රදේශිය ලේකම් කොට්ඨාශයට අයත් මහවෙල පොලිස් වසමේ උතුරු මාතලේ - දළුපොතවත්ත ප්රදේශයේ දී විදුලි රැහැනක පැටලි වන අලියෙකු ජිවිතක්ෂයට පත්ව ඇතැයි මහවෙල පොලිසිය කියයි. 01 September 2024
කුමාරි ඇතින්නියට හිංසා කළැයි ඇත් ගොව්වා අත්අඩංගුවට බණ්ඩාරගම වෑවිට ප්රදේශයේදී කුමාරි නමැති ඇතින්නියකට හෙණ්ඩුවෙන් ඇන වේවැලකින් පහර දී හිංසනයක් සිදු කිරීම සම්බන්ධයෙන් ඇත් ගොව්වා අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලිසිය කියයි . 01 September 2024
ඉන්දුනීසියා සංචාරයට පාප්තුමා සූදානම් ශුද්ධෝත්තම ෆ්රැන්සිස් පාප්තුමන් ඉන්දුනීසායාවට පැමිණීමට සූදානමින් සිටී. පාප්තුමන් ඉන්දුනීසියාවට පැමිණෙනු ඇත්තේ අනිද්දා (3) වැනිදා යැයි වතිකානය පවසා ඇත. 01 September 2024
සටන් විරාමය මැද පෝලියෝ එන්නත් දෙයි එක්සත් ජාතීන්ගේ නියෝජිත ආයතන සහ ගාසා තීරයේ පලස්තීන සෞඛ්ය නිලධාරීන් එකමුතු වෙමින්, ගාසා තීරයේ දරුවන් 640,000කට පෝලියෝ එන්නත් කිරීමේ මේ වනවිට ආරම්භ වී ඇතැයි විදෙස් මාධ්ය පවසයි. 01 September 2024
විල්පත්තු වනජීවී කාර්යාලයේ හතරක් අත්අඩංගුවට විල්පත්තුව ජාතික වනදෝන්යයේ පිහිටි රජයට අයත් පැරණි ගොඩනැගිල්ලක සෙවිලි තහඩු සොරා ගැනිමට උත්සහා කළ විල්පත්තුව වනජීවි කාර්යාලයට අනුයුක්තව සේවය කරන නිලධාරින් තිදෙනෙකු හා සිවිල් ආරක්ෂක භටයෙකු අත්අඩංගුවට ගත්බව නොච්චියාගම පොලිසිය කියයි. 01 September 2024
නිතී විරෝධි දුම්වැටි ගුවන්තොටේ හිරවෙයි රුපියල් ලක්ෂ තිහක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් නීතිවිරෝධී ලෙස රැගෙන විත් , කටුනායක ගුවන් තොටුපොළෙන් පිටතට ගෙන යමින් සිටියදී , එම ගුවන් මගියා ද සමඟ පොලිස් මත්ද්රව්ය නාශක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත් අඩංගුවට ගෙන තිබේ . 01 September 2024
වන අලියෙක් වාහනයක හැපිලා පුත්තලම අනුරාධපුර මාර්ගයේ කරුවලගස්වැව මී ඔය පාලම ආසන්නයේදී වාහනයක ගැටීමෙන් වන අලි පැටවකු අනතුරට ලක්වී ඇති බව කරුවලගස්වැව වනජීවී කාර්යාලය කියයි . 01 September 2024
රෑ වැටුණු වලේ දවල් වැටෙනව ද? රෑ වැටුණු වලේ දවල් වැටෙනවාද කියා තීරණය කරන්නට ජනපතිවරණයේදී ජනතාවට කදිම අවස්ථාවක් ලැබෙන බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා ත්රිකුණාමලය ඇතුළු ජනපතිවරණ ජනරැලි පහක් අමතමින් පැවසීය. 01 September 2024
විටින් විට කඩින් කඩ වැසි බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළියදිස්ත්රික්කවලත්විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව කියයි. 01 September 2024
ලාන්ස් කෝප්රල් වෙඩි තබාගෙන බත්තරමුල්ල අකුරේගොඩ යුද හමුදා මූලස්ථානයේ ඇතුලත මුරපලක රාජකාරියේ නිරතව සිටි සෙබළෙකු සිය රාජකාරි ගිනි අවියෙන් වෙඩි තබාගෙන සියදිවි හානි කරගෙන ඇතැයි තලංගම පොලිසිය පවසයි. 01 September 2024
පෙට්රල් - ඩීසල් මිල බස්සයි පෙට්රල් සහ ඩීසල් මිල ඊයේ (31) මධ්යම රාත්රීයේ සිට පහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පැවසීය. 01 September 2024
හේනේගම අනතුරකින් අඹුසැමි යුවළ මරුට ගම්පහ කිරිඳිවැල 231 මාර්ගයේ හේනේගම හන්දියේදී බස් රථයක් හා යතුරු පැදියක් මුහුණට මුහුණ ගැටීමෙන් තරුණ අඹුසැමි යුවළක් මියගොස් ඇතැයි වැලිවේරිය පොලිසිය කියයි... 09 October 2026