ලාෆ් ගෑස් මිලත් පහළට මිල සූත්රයට අනුව ලාෆ් ගෑස් සිලින්ඩරයක මිල අද (01) සිට අඩු කිරීමට කටයුතු කළ බව ලාෆ් සමාගම කියයි. 01 April 2024
සෙල්ලම් පිස්තෝලයෙන් වැඩ පෙන්නන්න ගිහින් වැඩවරදී මරදාන ඩින්ස් පාර ප්රදේශයේදී බුද්ධි අංශ නිලධාරියකු සිවිල් ඇඳුමෙන් සැරසී මාර්ගයේ ගමන් කරමින් සිටියදී පිස්තෝලයක් එල්ල කර බිය ගන්වා මෝටර් රථයෙන් පළා ගිය සැකකරු යක්කපිටිය මධ්යම අධිවේගී හුවමාරුවේ දී සෙල්ලම් පිස්තෝලයක් සමඟ අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. 01 April 2024
ලංකාවෙන් පලස්තීනයට කෝටි 30ක ආධාරයක් ගාසා තීරයේ ගැටුම්වලින් පීඩාවට පත් දරුවන්ට ආධාර කිරීම සඳහා ලංකා රජය ඩොලර් මිලියනයක් පරිත්යාග කළ බව ජනාධිපති කාර්යාලය පවසයි . 01 April 2024
සිව්දරු පියා පස් කණ්ඩියට බිලි පූජාපිටිය කහවත්ත ප්රදේශයේ නිවසක අත්තිවාරමක් සඳහා බැම්මක් ඉදි කරමින් සිටි දෙදෙනෙකු මතට අද(01)පස් කණ්ඩියක් කඩා වැටීමෙන් එක් පුද්ගලයෙකු මිය ගොස් තවත් පුද්ගලයෙකු තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි. 01 April 2024
විද්යා ඝාතන නඩුවේ මරණ දඬුවම් නියම වු අයෙක් මරුට යාපනය පුන්කූඩතිවූ ප්රදේශයේ පාසල් දැරියක වූ ශිවලෝනාදන් විද්යා දැරිය සමූහ දූෂණයකට ලක් කොට මරා දැමීමේ සිද්ධිය සම්බන්ධයෙන් මරණීය දණ්ඩනයට නියමව පල්ලේ කැලේ දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටි සැකකරුවෙකු මහනුවර ජාතික රෝහලේ ප්රතිකාර ලබමින් සිටියදී මිය ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග තහවුරු කරයි . 01 April 2024
UN සංවර්ධන නියෝජිතයෝ - ජාජබ අතර හමුවක් එක්සත් ජාතීන්ගේ සංවර්ධන වැඩසටහන සහ ජාතික ජන බලවේගය අතර හමුවක් අද (01) පෙරවරුවේ ජ.වි.පෙ ප්රධාන කාර්යාලයේදී සිදු විය. 01 April 2024
ජේතවන ස්ථූපයේ පැල්ම ගැන සොයන්න කණ්ඩායමක් අනුරාධපුර ජේතවන ස්ථූපයේ මෑතක දී සිදු වී ඇති ඉරිතැලීම් ගැන සොයාබැලීමට විශේෂඥ දැනුමැති කණ්ඩායමක් අනුරාධපුරයට හෙට (02) යන බව මධ්යම සංස්කෘතික අරමුදලේ අධ්යක්ෂ ජනරාල් මහාචාර්ය ගාමිණී රණසිංහ මහතා පැවැසීය. 01 April 2024
ආයතන හයක් හෙට මැතිසබයට කැඳවයි බී ලූනු, හාල්මැස්සන් ඇතුළු ආහාර ද්රව්ය ආනයනය කිරීමේදී ආනයනකරුවන් අයථා ලෙස ලාභ උපයා ගැනීම් සම්බන්ධයෙන් ප්රශ්න කිරීම සඳහා ආයතන පහක් ක්රම සහ විධි පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට හෙට (2) කැඳවනු ලැබ ඇත. 01 April 2024
අස්වැසුම බෙදන්න ග්රාම නිලධාරින් නෑ අස්වැසුම සුභසාධන ක්රියාවලියෙන් ඉවත්ව සිටීමේ වෘත්තීය ක්රියාමාර්ගය තවදුරටත් අඛණ්ඩව ක්රියාත්මක කරන බව ශ්රී ලංකා එක්සත් ග්රාම නිලධාරින්ගේ සංගමය පවසයි 01 April 2024
සිවුරු දැරූ අයෙක් ඇතුළු අපරාධ කල්ලි සාමාජිකයෝ 6ක් දැලේ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු බව කියන සිවුරු දැරූ පුද්ගලයකු ඇතුළු 6 දෙනෙකු සංවිධානාත්මක අපරාධ මැඩලීමේ විශේෂ අපරාධ කොට්ඨාස මගින් ඊයේ (31) අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මූලස්ථානය පවසයි. 01 April 2024
වසන්ත උදානය ඇරැඹෙයි නුවරඑළිය නගරයට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් වෙනුවෙන් සංවිධානය කරන සුන්දර නුවරඑළිය වසන්ත උදානයේ සමාරම්භක උළෙල මෙවරත් 22 වෙනි වතාවට අද (01) දින මධ්යම පළාත් ආණ්ඩුකාර නීතිඥ ලලිත් යූ ගමගේ මහතාගේ ප්රධානත්වය අරැඹිණි. 01 April 2024
ගාසා රෝහල්වලට ඊශ්රායලය පහර දෙයි ගාසා තීරයේ අල් ෂිෆියා රෝහලටත්, අල් අස්කා රෝහලටත් ඊශ්රායල ගුවන් හමුදාව ප්රහාර එල්ල කළේය. එක්සත් ජාතීන්ගේ සංවිධානය පැවැසුවේ, තමන්ට ලැබුණු වාර්තා අනුව, එම ප්රහාරවලින් පලස්තීන වැසියන් 25 දෙනකු ජීවිතක්ෂයට පත්වුණු බවය. 01 April 2024
කෝටි ලක්ෂයක් බදු පොලු තියලා මේ වේගයෙන් ගියොත් අවුරුදු 18ට වැඩි ලක්ෂ 160ක ජනතාවගේ බදු ලිපි ගොනු විවෘත කරන්නට වසර තිස් දෙකක් ගත වෙන බව පාඨලී චම්පික රණවක මහතා පාර්ලිමේන්තුවේ දී පැවසීය. 01 April 2024
බොලෙරෝව අඩි 75ක් පහළට: 10ක් රෝහලට පහළොස් දෙනකු රැගත් බොලේරෝ වර්ගයේ ජීප් රථයක් බණ්ඩාරවෙල සිට රඹුක්කන බලා ගමන් කරමින් තිබියදී ගම්පොළ දැල්පිටිය ප්රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 75 ක පමණ පහළට පෙරළී යාමෙන් එහි ගමන් ගත් පිරිසෙන් දස දෙනකු තුවාල ලබා ගම්පොල ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇතැයි ගම්පොල පොලිසිය පවසයි. 01 April 2024
වාහන ගෙන්වීමේදී මගඩියක් විදෙස් ශ්රමිකයන් සඳහා විද්යුත් වාහන එකසිය පනහක් ගෙන්වීමේදී අක්රමිකතා රැසක් සිදුවී ඇතැයි රජයේ මුදල් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාපති මන්ත්රී ආචාර්ය හර්ෂද සිල්වා මහතා පාර්ලිමේන්තුවේදී අද (1) පැවසීය. 01 April 2024
ගෑස් මිල පහළට මිල සූත්රයට අනුව ලිට්ට්රෝ ගෑස් සිලින්ඩරයක මිල අද සිට අඩු කිරීමට කටයුතු කළ බව ලිට්ට්රෝ සමාගම කියයි. 01 April 2024
ලංකාව පොල් ගැන නරක කප් එකක් ගහයි ශ්රී ලංකාව ලෝකයේ වැඩිපුරම පොල් නාස්ති කරන රට බවට පත්ව ඇතැයි කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්ය මහින්ද අමරවීර මහතා පැවසීය. 01 April 2024
’’බොරළුගොඩ සිංහයා’’ සමරයි මෙරට සමාජවාදි ව්යාපාරය බිහි කිරීමේ පුරෝගාමියකු වු පිලිප් ගුණවර්ධන මහතාගේ 52 වන ගුණ සැමරුම් උත්සවය ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාගේ ප්රධානත්වයෙන් කොළඹ ශ්රී ලංකා පදනම් ආයතනයේ දී පැවැත්විණි. 01 April 2024
වවිනියාව බන්ධනාගර රැඳවියෙක් රෝගී වී මරුට වවුනියාව බන්ධනාගාරගතව සිටි රැදවියකු කිසියම් රෝගී තත්වයක් හේතුවෙන් මියගොස් අැතැයි වවුනියාව පොලිසිය කියයි. 01 April 2024
පාස්කු ප්රහාරයේ මහමොළකරු හැංගු අයට දඬුවම් ඕනෑ පාස්කු ඉරුදින ප්රහාරයේ මහමොළකරු වසන් කළ පුද්ගලයන් සම්බන්ධයෙන් ක්රියාකරන්නැයි විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා පාර්ලිමේන්තුවේදී අද (1) ඉල්ලීමක් කළේය. 01 April 2024
සොරාගත් යතුරු පැදි ඔන්ලයින් හරහා විකිණූ 2ක් මාට්ටු සොරාගත් යතුරු පැදි අන්තර්ජාලය හරහා අලෙවි කිරීමේ ජාවාරමේ නියුතූ පුද්ගලයන් දෙදෙනකු හෝකන්දර උතුර ප්රදේශයේදී බොරලැස්ගමුව පොලීසිය අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසීය. 01 April 2024
කේක් කිලෝව 400කට දෙන හැටි ජයවර්ධන කියයි බිත්තරයක මිල රුපියල් 35 දක්වාත්,මාජරින් සඳහා පනවා ඇති බද්ද නිදහස් කළහොත් කේක් කිලෝවක් රුපියල් 400කට වෙළෙඳපොළට ලබාදිය හැකි බව සමස්ථ ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා පවසයි. 01 April 2024
මියන්මාරයේ රඳවා ඇති ලාංකිකයන්ට කුඩම්මාගේ සැලකිලි ඇයි මියන්මාර් රැකියාවලට ගොස් බලහත්කාරයෙන් රඳවාගෙන සිටින ලාංකිකයන් පනස් ගණනක් සම්බන්ධයෙන් රජය ගෙන ඇති පියවර කුමක්දැයි විපක්ෂයේ ප්රධාන සංවිධායක ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී ප්රශ්න කළේය. 01 April 2024
සැකකරු පළා ගියැයි අයි.පී - පී.සී ගෙදර හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන රැදවුම් නියෝග මත පූජාපිටිය පොලිසියේ රඳවා සිටි සැකකරුවෙකු පොලිස් අත්අඩංගුවෙන් මිදී පලායාමේ සිද්ධියක් සම්බන්ධයෙන් පොලිස් පරීක්ෂකවරයෙකුගේ සහ පොලිස් කොස්තාපල්වරයෙකුගේ වැඩ තහනම් කර ඇති බව පොලිස් මුලස්ථානය පවසයි. 01 April 2024
පළාත් කිහිපයකට අදත් සවස වැස්ස බස්නාහිර, දකුණ, සබරගමුව සහ ඌව පළාත්වල ප.ව. 2.00 න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. ඇතැම් ස්ථාන වලට මි. මී. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්යා දෙපාර්තමේන්තුව කියයි. 01 April 2024
විජයදාස ජනපතිවරණයට? ශ්රී ලංකා නිදහස් පක්ෂයේ ජනාධිපති අපේක්ෂක ධූරය බාර ගන්නැයි එම පක්ෂයේ විධායක සභිකයෝ සහ ආසන සංවිධායකයෝ අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ආණ්ඩුක්රම ව්යවස්ථා ප්රතිසංස්කරණ අමාත්ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතාගෙන් එක හඬින් ඉල්ලීමක් කළහ. 01 April 2024
කුවේටි ගිය බිරිය හාම්පුතාත් එක්ක ආවාට සැමියා ගෙට ගිනි තියලා කුවේට්හි ගෘහ සේවිකාවක ලෙස සේවය කළ බිරිඳ ඇය සේවය කළ නිවෙසේ හිමිකරු වන අසූ හැවිරිදි පුද්ගලයාද කැඳවාගෙන පැමිණ නිවෙසේ නවාතැන් ලබා දීම ගැන හටගත් ආරවුලක් දුර දිග යෑමෙන් සැමියා අද අලුයම නිවෙසට ගිනි තබන ලදැයි කියන සිද්ධියකින් බිරිඳ ,එම කුවේට් ජාතිකයා සහ 76 හැවිරිදි පුද්ගලයකු පිළිස්සුම් තුවාල ලබා බිබිල රෝහලේ හදිසි ප්රතිකාර ඒකකයට ඇතුළත් කර ඇති බව බිබිල පොලිසිය පවසයි. 31 March 2024
දේවස්ථාන පිවිසුමේ දී පිහි දෙකක් එක්ක හිටපු කොටියා මාට්ටු මීගමුව කඩොල් කැලේ උත්තාන වූ සමිඳුන්ගේ දේවස්ථානයේ පාස්කු දේව මෙහෙය පැවැත්වෙන අතරවාරයේ පිවිසුම් දොරටුව ආසන්නයේදී එල්ටීටීඊ සංවිධානයේ හිටපු සාමාජිකයකු පිහි දෙකක් සමග සැකපිට අත්අඩංගුවට ගත් බව මීගමුව මූලස්ථාන පොලිසිය පවසයි. 31 March 2024
සුපිරි ඩීසල්, සුපිරි ප්රෙට්රල්, භූමිතෙල් මිල පහතට ඉන්ධන මිල සූත්රයට අනුව අද දිනයේ ඉන්ධන වර්ග තුනක් මිල පහත දැමූ බව ලංකා ඛනිජතෙල් සංස්ථාව පවසයි. 31 March 2024
මීනීකූපරයක් ත්රිරෝදයක් කළාට ඉඩම් කොමසාරිස්ට නඩු රේගු බදු නොගෙවා මෙරටට ගෙන්වූ ‘මීනී කූපර්” වර්ගයේ මෝටර් රථයක් ත්රීරෝද රථයක අංකයක් යොදා ලියාපදිංචි කර රජයට පාඩු කළැයි චෝදනා කරමින් ඉඩම් කොමසාරිස් ජනරාල්වරයාට සහ මෝටර් රථ ප්ර්වාහන ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසකට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණය හමුවේ නඩු පැවැරීය. 31 March 2024
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026