කෝටි 20 ක් වංචා කළ යුවළ දැලේ සිංගප්පූරුවේ සමාගමකට ආයෝජනය කර ලාභාංශ ලබා දෙන බව පවසා රුපියල් කෝටි 20 කට අධික මුදලක් හා රන් පවුම් 150 ක් වංචා කළ අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය සඳහන් කරයි. 20 August 2023
මැතිසබා සේවිකාවන්ට සාරිය අන්දයි පාර්ලිමේන්තු ගෘහ පාලන අංශයේ සියලුම සේවිකාවන්ට සාරියෙන් සැරසී රාජකාරියට වාර්තා කරන ලෙස එම අංශ ප්රධානීන් විසින් පසුගිය සතියේදී දැනුම් දෙනු ලැබ ඇත. 20 August 2023
මත්පැන් හලේ ගුටි ඇනගෙන අයෙක් මරුට වව්නියාව පූන්තොට්ටමු ප්රදේශයේ පිහිටි මත්පැන් අලෙවිසැලකදී අද (20) දින පුද්ගලයින් දෙදෙනකු අතර වූ ආරවුලක් හේතුවෙන් ඇති වූ පහර දී ගැනීමකදී එක් අයෙකු මිය ගොස් ඇතැයි වව්නියාව පොලීසිය පවසයි. 20 August 2023
වැඩබලන ඇමතිවරු සිව් දෙනෙක් ජනාධිපති රනිල් වික්රමසිංහගේ සිංගප්පූරු සංචාරයක නිරතවන කාලයේ ජනාධිපතිවරයා යටතේ පවතින අමාත්යාංශ අධීක්ෂණය කිරීම සඳහා වැඩබලන අමාත්යවරු සිව් දෙනකු පත් කර තිබෙන බව ජනාධිපති කාර්යාලය පවසයි. 20 August 2023
අතුරුදන් ගුවන් සෙබලා හමුවේ යුද අභ්යාසයක යෙදි සිටියදි අතුරුදහන් වු ගුවන් භටයා අද පස්වරුවේ අතරමංව සිටියදි සොයාගත් බව ගුවන් හමුදාව කියයි. 20 August 2023
රේගු නිලධාරීන්ගේ නව සභාපති සංජීව රේගු නිලධාරීන්ගේ සංගමයේ සභාපති ධූරයට ජේ. ජී. ඒ. සංජීව මහතා පත්විය. එම සංගමයේ 62 වැනි වාර්ෂික මහ සභා රැස්වීම කොළඹ ග්රෑන්ඩ් ඔරියන්ටල් හෝටලයේදී පැවැත්විණි. 20 August 2023
කිලිනොච්චයේ ළිඳකින් පුපුරණ ද්රව්ය හමුවෙයි කිලිනොච්චිය , පරන්තන් හි නිවසක ළිඳක් පිරිසිදු කිරීමේදී මෝටාර් උණ්ඩ ඇතුළු පුපුරණ ද්රව්ය විශාල ප්රමාණයක් අද (20) උදෑසන සොයාගත් බව කිලිනොච්චිය පොලිසිය පවසයි. 20 August 2023
රුසියන් යානය සඳට කඩා වැටේ රුසියානු ’රොස්කොස්මොස්’ අභ්යවකාශ ආයතනය වසර 47 කට පසු සඳට යැවූ ’ලූනා 25’ චන්ද්ර යානය, සඳට පතිත කිරීමට උත්සාහ ගනිද්දී සඳට කඩා වැටුණේය. 20 August 2023
රේගුවේ නමින් වංචා ඉහළ ගිහිල්ලා රේගු දෙපාර්තමේන්තුව සම්බන්ධ තොරතුරු සහ විස්තර භාවිතා කර ජනතාව රවටා මූල්ය වංචා කිරීම ඉහළ ගොස් ඇති බව රේගු දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් පැවසීය. 20 August 2023
’හාල් හිඟයක් නොවුණත් මිල වැඩි වෙයි’ ඉදිරි කාලයේ සහල් හිඟයක් ඇති නොවුනත් වෙළෙඳපොළේ සහල් මිල යම් ප්රමාණයකට ඉහල යනු ඇතැයි කෘෂිකර්ම අමාත්ය මහින්ද අමරවීර මහතා පැවසීය. 20 August 2023
ලූණු කිලෝවක් 200 පනී ඉන්දීය රජය ලූණු මත සියයට 40 ක අපනයන බද්දක් පැනවීම හේතුවෙන් ශ්රී ලංකාව තුළ ලූණු මිල ඉහළ ගොස් ඇති බව මෙරට ආනයනකරුවෝ පවසති. 20 August 2023
ආනයන සීමා ඉවත් කිරීම පරිස්සමින් විදේශ සංචිත ගොඩලඟා ගැනීමට භාණ්ඩ 3,000 කට වැඩි සංඛ්යාවකට ආනයන සීමා පැනවීමට සිදුවූ බවත් බිංදුවට වැටී තිබූ විදේශ සංචිත මේ වන විට ඩොලර් කෝටි 300 ක් දක්වා ඉහළ දමාගැනීමට හැකිව ඇති බවත් මුදල් රාජ්ය අමාත්ය රංජිත් සියඹලාපිටිය මහතා පැවසීය. 20 August 2023
හිටපු මාණ්ඩලික ප්රධානී ජාජබ වේදිකාවේ යුද හමුදාවේ හිටපු මාණ්ඩලික ප්රධානී මේජර් ජෙනරාල් නිශ්සංක විජේසිංහ මහතා කළුතර දී ජාතික ජන බළවේගයේ වේදිකාවට එක්විය. 20 August 2023
වරෙන්තුකරු වෙඩි තබා අල්ලයි චෝදනා ගණනාවක් සම්බන්ධයෙන් අධිකරණයෙන් වරෙන්තු ලබා සිටි සැකකරුවකු අත්අඩංගුවට ගැනීමට ගිය අලදෙනිය පොලිස් නිලධාරීන්ට පහරදී පැනයාමට උත්සාහ කරද්දී පොලිසිය වෙඩි තබා සැකකරු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි. 20 August 2023
ගුවන් භටයා ගිනි අවියත් සමඟ අතුරුදන් මොරවැව ගුවන් හමුදා කදවුරේ මුලික පුහුණුව හදාරමින් සිටි ගුවන් භටයෙකු කන්තලේ රක්ෂිතයේ යුද අභ්යාසයක නිරතව සිටියදි ටී 56 ගිණි අවිය සමග අතුරුදහන් වි ඇති මොරවැව පොලිසිය කියයි. 20 August 2023
බහින්බස්වීම මරණයෙන් කෙළවරවෙයි මුදල් ආරවුලක් සම්බන්ධයෙන් වූ බහින් බස් වීමක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පහර කෑ දෙදෙනෙකු ප්රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එක් පුද්ගලයෙකු මියගොස් ඇතැයි මහරගම පොලීසිය පවසයි. 20 August 2023
ලොකු ලූනු වගාවට හෙනහුරා ලබයි මෙරට ලොකු ලූනු වගාව දිනෙන් දින අභාවයට යන හෙයින් නැවතත් එම වගා කටයුතු දියුණු කිරීමට අවශ්ය පියවර ගැනීම සඳහා ලොකු ලූනු වගාව සම්බන්ධව වහාම වාර්තාවක් ලබා දෙන්නැයි කෘෂිකර්ම අමාත්ය මහින්ද අමරවීර මහතා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවට උපදෙස් දුන්නේය. 20 August 2023
ගණන් වලින් කප් ගසා මොරටුවට ආ සිසුවා දිවි නසා ගනි? අධ්යයන පොදු සහතිකපත් උසස් පෙළ විභාගයෙන් 2020 වර්ෂයේ ගණිත අංශයෙන් දිස්ත්රික් ප්රථමයා වි දැනට මොරටුව විශ්ව විද්යාලය අධ්යාපනය ලබන සිසුවෙකුගේ සිරුර සිය නිවස තුළ එල්ලෙමින් තිබියදී සොයාගෙන ඇතැයි කිලිනොච්චිය පොලිසිය පවසයි. 20 August 2023
කතරගම අසේලට වස දීලා?අයෙක් සැකපිට කතරගම අභිනවාරාම විහාරස්ථානයට අයත් ‘අසේල’ නැමැති අලියාට දහවල් යම් විස සහිත රසායනික ද්රව්යක් යෙදූ පැණි කොමඩු ගෙඩියක් දුන්බව කියන පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව කතරගම පොලීසිය කියයි. 20 August 2023
තල්ගස්වැව් පද්ධතියට ගිනි තියලා:සතුන් රැසක් මැරිලා ආණමඩුව තල්ගස්වැව පරිසර පද්ධතියට කිසියම් පිරිසක් ගිනි තැබිමේන් උරගයින් වර්ග රැසක් පිලිස්සි මිය ගොස් , ඒ සමගම වැව තුළ පිහිටි කුඹුක් ගස් රැසක මූල පද්ධතියට ගිනි ගෙන විනාශ වී වෘක්ෂයන්ද මැරි යාමේ අවදානමක් මතුව තිබේ. 20 August 2023
අවුරුදු තුනකදී ගෙවල් විසිනව දාහක් හදයි වසර තුනක් ඇතුළතදී දිවයින පුරා ඉදිකිරීම් ආරම්භ කළ නිවාස 37179 අතරින් නිවාස 29034ක ඉදිකිරීම් සම්පූර්ණයෙන්ම නිම කර ඇතැයි ජාතික නිවාස සංවර්ධන අධිකාරිය පවසයි. 20 August 2023
පෙම් කෙළින අස්සේ ගිනි කූරක් ගහලා ඇතුගල්පුරයට ගිනි තියලා පෙම් පලහිලව්වකට ගිනි කූරු දල්වා කුරුණෑගල ඇතාගල කන්ද මුදුනේ ගින්නක් ඇති කිරීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් තරුණ පෙම් යුවළ හෙට දින දක්වා රිමාන්ඩ් භාරයට පත් කිරීමට කුරුණෑගල වැඩ බලන මහේස්ත්රාත් නීතීඥ නලීන් ජේ.එදිරිසිංහ මහතා නියම කළේය. 20 August 2023
මතට ඇබ්බැහි වූ පීසී ගෙදර මත්ද්රව්ය පානය කිරීමට ඇබ්බැහි වී සිටි බව කියන කොළඹරථවාහන කොට්ඨාසය රාජකාරි කරන ආධුනික පොලිස් කොස්තාපල් වරයෙකුගේ වැඩ තහනම් කළ බව පොලිසිය පවසයි. 20 August 2023
අදත් මහ වැස්සක් නෑ දිවයිනේ බොහෝ ප්රදේශවලට වැසි රහිත කලගුණයක් පවතින බව කාලගුණ විද්යා දෙපාර්තමේන්තුව කියයි. 20 August 2023
බෙහෙතක් විස වී අයෙක් මරුට ? ඉංගිරිය ප්රදේශයේ පුද්ගලික ඖෂධ හලකින් නිකුත්කළ ඖෂධයක් පාවිච්චියට ගැනීමෙන් පසු පුද්ගලයෙකු අද (20) මියගොස් ඇති බව ඉංගිරිය පොලිසිය පවසයි. 20 August 2023
පෙරහර බලන්න ඇවිත් විදුලි සැර වැදිලා බෙල්ලන්විල රජමහා විහාරස්ථානයේ රන්දෝලි පෙරහැර නැරඹීමට පැමිණි කාන්තාවක් විදුලි සැර වැදී මියගොස් ඇතැයි බොරලැස්ගමුව පොලිසිය සඳහන් කරයි. 20 August 2023
දෙහිවල වෙඩි තැබීමක්: තරුණයකුට තුවාල යතුරුපැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනකු ඊයේ රාත්රී දෙහිවල ඕබන් පෙදෙස ක්රීඩාපිටිය අසල රැඳී සිටි පුද්ගලයකුට වෙඩි තබා පලා ගොස් ඇතැයි දෙහිවල පොලිසිය සඳහන් කරයි 20 August 2023
රුසියන් චන්ද්ර යානයට ඇබැද්දියක් ‘රොස්කොස්මොස්’ රුසියන් අභ්යවකාශ ආයතනයේ විද්යාඥයන් සඳ ගවේෂණයට යැවූ ‘ලූනා 25’ රොබෝ යානය, හෙට (21) දිනයේ සඳට පතිත කිරීමට නියමිතය. 20 August 2023
රුහුල් හක් ගෙදර යවයි වැඩ තහනම් කර තිබියදී විවාදයට තුඩුදුන් මරණ දෙකක මරණ පරීක්ෂණ කළ බවට චෝදනා එල්ල වී සිටින කොළඹ අධිකරණ වෛද්ය නිලධාරී රුහුල් හක් මහතා අනිවාර්ය නිවාඩු යැවූ බව සෞඛ්ය අමාත්යාංශය උසස් නිලධාරියෙක් පැවැසීය. 19 August 2023
පොලිසිය වේගයෙන් ගිය මෝටර් රථය විනාශ කරයි අධික වේගයෙන් ධාවනය කළ සුඛෝප භෝගී මෝටර් රථයක් ඕස්ට්රේලියා පොලිසිය විසින් තලා පොඩි කර විනාශ කර දමන ලදි. 19 August 2023
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026