ජලය කපන්නා ආ සේවකයාට ගහලා තංගල්ල දංකැටිය වීරමාවතේ නිවසක ජලය විසන්ධි කළ තංගල්ල ජල සම්පාදන මණ්ඩලයේ සේවකයකුට එම නිවසේ සිටි අයකු පහරදී ඇතැයි තංගල්ල පොලිසිය කියයි . 14 June 2023
ප්රංශ ජනපතිගෙන් ජනපතිට ආරාධනයක් නව ගෝලීය මූල්ය ගිවිසුමක් සඳහා වන ගෝලීය නායක සමුළුවේ දී ඉහළ පෙළේ සාකච්ඡා සභාවක් ඇමතීමට ප්රංශ ජනරජයේ ජනාධිපති එමානුවෙල් මැක්රොන් මහතා ජනාධිපති රනිල් වික්රමසිංහ මහතාට ආරාධනා කර ඇත. 14 June 2023
යාංගල් මෝදර දී අනු නවයෙන් බේරුණු මහා අනතුර කොළඹ - කුරුණෑගල මාර්ගයේ අලව්ව යාංගල් මෝදර දුම්රිය මාර්ගය හරහා අනාරක්ෂිත ලෙස ඊයේ (13) පෙරවරු 7.00ට පමණ බසයක් ධාවනය කරද්දී දුම්රිය නොගැටී අනුනවයෙන් බේරී ඇතැයි පොල්ගහවෙල රථවාහන පොලිසිය කියයි. 14 June 2023
විස්සේ තරුණියට කැත වැඩක් කළ සැරයන් මාට්ටු අවුරුදු විස්සක් වයසැති තරුණියකට ලිංගික අතවරයක් කළේ යැයි කියන පොලිස් සැරයන්වරයකු සැකපිට අත්අඩංගුවට ගත් බව රස්නායකපුර පොලිසිය පවසයි. 14 June 2023
ටොනික් මූඩි අස්සේ හෙරොයින් විකුණලා ටොනික් මූඩි උපයෝගී කරගනිමින් විද්යුත් ක්රමයට හෙරොයින් ජාවාරමේ නිරත වූ වරකාගොඩ ගොඩපොරහේන ප්රදේශයේ පදිංචි ජෝනා අත්අඩංගුවට ගත් බව වරකාගොඩ පොලිසිය පවසයි. 14 June 2023
බෙහෙත් ගන්න ගිය කතට අතවර කළ දොස්තර සොයයි සියඹලාපේ ප්රදේශයේ ආයුර්වේද වෛද්ය මධ්යස්ථානයකට ප්රතිකාර ලබා ගැනීමට පැමිණි හතළිස් දෙහැවිරිදි කාන්තාවක් දූෂණය කළේ යෑයි කියන වෛද්යවරයෙකු සැකපිට අත්අඩංගුවට ගැනීමට පොලිස් ළමා ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශය පරීක්ෂණ පවත්වාගෙන යයි. 14 June 2023
අණ නොතැකූ යතුරුපැදියකට වෙඩි රඹුක්කන බෝලගම කොටගම පොලිස් මාර්ග බාධකය හරහා අන නොතකා ධාවනය කළ යතුරුපැදියකට පොලිසිය වෙඩි තබා ඇත. යතුරුපැදි කරු තුවාල ලබා රෝහල් ගත කරයි 14 June 2023
අමුතු කතා කියන දරුවන් හතරක් දකුණෙන් හමුවේ සහාජයෙන්ම ඉංග්රීසි භාෂාව හසුරුවන සම වයසේ දරුවන් සිවු දෙනකු ඌරගස්මංහන්දිය ප්රදේශයෙන් අපට හමු විය. 13 June 2023
අදානිගෙන් මෙගාවොට් 500 ක විදුලියක් මන්නාරම සහ පූනරින් ප්රදේශවල ඉදිකිරීමට යෝජිත මෙගාවොට් 500ක ධාරිතාවෙන් යුත් සූර්ය සහ සුළං පුනර්ජනනීය බලශක්ති ව්යපෘතිය ලබන වසරේ (2024) දෙසැම්බර් මස ව්යාපෘතිය අවසන් කිරීමට එම සමාගම බලාපොරොත්තු වන බව විදුලිබල හා බලශක්ති අමාත්ය කංචන විජේසේකර මහතා පැවසීය. 13 June 2023
ලොකු ලොකු අය ආ ගිය ගණිකා මඩමක් වටලයි දෙස් විදෙස් සුපිරි ධනවතුන් නිරතුරුවම ආ ගිය බව කියන කොල්ලුපිටිය දෙමහල් ගොඩනැඟිල්ලක පවත්වාගෙන ගිය ගණිකා නිවසක් වටලා සුරූපී තායි තරුණියන් දෙදෙනකු ඇතුළු පස් දෙනකු අත්අඩංගුවට ගත් බව පානදුර වලාන මධ්යම දුෂණ මර්ධන ප්රහාරක බලකාය කියයි. 13 June 2023
හොරා කෑ මුදල් හොඳ වැඩට යොදනවා දේශපාලකයන් සහ ඔවුන්ට සම්බන්ධ පිරිස් හොරකම් කරන ලද මුදල් නැවත රටට ලබා ගෙන එම මුදල් සෞඛ්ය, අධ්යාපනය, කෘෂිකර්මාන්තය වැනි ක්ෂේත්ර සඳහා යොදවන බව විපක්ෂ නායක සජිත් ප්රේමදාස මහතා ප්රකාශ කළේය. 13 June 2023
ෆීල්ඩ් මාෂල් කණ්නාඩියෙන් දකින නායකයා කවුද? මුහුණ බලන කණ්නාඩිය ඉදිරිපිටට ගියවිට රටට නායකත්වය දිය හැකි නායකයකු තමන්ට පෙනෙන බව ගම්පහ දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා පූගොඩ මණ්ඩාවල ප්රදේශයේ දී අද (13) දින පැවසීය. 13 June 2023
පාද යාත්රාවේ ආ මවට වල්අලි ප්රහාරයක් කතරගම ඇසළ මංගල්යයට සහභාගීවිමේ අරමුණින් පාද වන්දනාව පැමිණි (63) හැවිරිදි මතාවකට අලියකු පහරදීම හේතුවෙන් මියගොස් ඇතැයි පොලිසිය කියයි 13 June 2023
ලංකාවේ 7 ක් ඉන්ටර් පෝල් රතු ලයිස්තුවේ ජාත්යන්තර පොලිසියේ රතු නිවේදන ලැයිස්තුව යටතේ පලාගිය පුද්ගලයන් බවට ලැයිස්තුගත කර ඇති 6,872 අතර ට ශ්රී ලාංකිකයන් හත් දෙනෙකුගේ ද නම් ද එහි නවතම වාර්තා අතරට ඇතුළත් කර ඇතැයි ඉන්ටර් පෝල් වෙබ් අඩවිය සදහන් කරයි. 13 June 2023
විදේශ සංචාරකයන්ගේ පැමිණීමේ වර්ධනයක් මෙම වසරේ පළමු මාස 5 තුළ විදෙස් සංචාරකයින් 556,395 ක් මෙරටට පැමිණ ඇති බව ශ්රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි. 13 June 2023
ජනපති රැස්වීමට පොහොට්ටුවේ ජ්යෙෂ්ඨයන් නෑ ජනාධිපතිවරයාගේ ප්රධානත්වයෙන් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වූ සාකච්ඡාවකට ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ජ්යෙෂ්ඨයන් පිරිසක් සහභාගීවී නැතැයි වාර්තා වේ 13 June 2023
ටියුෂන් ඇදුරෝ ගිණි කති උපකාර පන්ති ඇතැම් ගුරුවරුන් ශිෂ්ය ශිෂ්යාවන්ගෙන් අසාධාරණ මාසික ගාස්තු අය කරන බවට මවුපියෝ මැසිවිලි නගති. 13 June 2023
ඇසිඩ් ගැහුවාට අලුත් බාප්පාට යකඩ පොල්ලකින් ගසා මරා දමලා මවගේ වත්මන් සැමියාට යකඩ පොල්ලකින් පහරදී ඝාතනය කිරීම සම්බන්ධයෙන් සැකපිට පුතා අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි . 13 June 2023
රියදුරු බලපත් ලක්ෂ 8ක් මුද්රණය පෞද්ගලික අංශයට රියදුරු බලපත්ර කාඩ් ලක්ෂ 8 ක පමණ ප්රමාණයක් පෞද්ගලික අංශයෙන් මුද්රණය කිරීමට තීරණය කර ඇති බව මෝටර් රථ ප්රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පැවසීය. 13 June 2023
උපදේශකවරුන් දෙන්නෙකුට ලක්ෂ විසි හතක් නිකන් පඩි ගෙවලා සීමාසහිත එක්සත් ප්රවෘත්ති පත්ර සමාගමේ හිටපු උපදේශකවරුන් දෙදෙනෙකුට කිසිදු සේවයක් ලබා නොගෙන රුපියල් ලක්ෂ 27ක මුදලක් ගෙවා ඇතැයි පොදු ව්යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී( කෝප් කමිටුව ) තොරතුරු අනාවරණය විය. 13 June 2023
රන් මිල ඉහළට ඩොලරයේ අගය පසුගිය දින දෙකේදී ඉහළ යෑමත් සමඟ ශ්රී ලංකාව තුළ රත්තරන් මිල තරමක් ඉහළ ගිය බව දේශීය රත්තරන් ව්යාපාරිකයෝ පවසති. 13 June 2023
ශ්රී ලංකා - තුර්කි සෘජු ගුවන් ගමන් ඇරඹෙයි ශ්රී ලංකාව සහ තුර්කිය අතර සෘජු ගුවන් සේවාවක් ලබන ඔක්තෝබර් මස ආරම්භ කිරීමට නියමිත බව ශ්රී ලන්කන් ගුවන් සේවයේ උසස් නිලධාරියෙක් පැවසීය. 13 June 2023
ටෙලිකොම් පෞද්ගලීකරණ වාර්තාව ගැන ආරක්ෂක කවුන්සිලයේදී අනාවරණයක් ශ්රී ලංකා ටෙලිකොම් පෞද්ගලීකරණය කිරීමෙන් ජාතික ආරක්ෂාවට තර්ජනයක් වෙියැයි පාර්ලිමේන්තු ආංශික අධීක්ෂණ කාරක සභා වාර්තාව සැකසීමේදී ජාතික ආරක්ෂාව පිළිබඳ වගකියන කිසිඳු ආයතනයකින් හෝ අංශයකින් විමසීමක් කර නැතැයි ආරක්ෂක කවුන්සිලයේදී අනාවරණය වී ඇත. 13 June 2023
කොටා පාර දුම්රිය හරස් මාර්ගය වහයි කැලණිවැලි දුම්රිය මාර්ගයේ කොටා පාර දුම්රිය හරස් මාර්ගය නඩත්තු කටයුතුත්තක් සඳහා මේ මස 17 වැනිදා පෙරවරු 7.00 සිට 18 වැනිදා අළුයම 5.00 දක්වා වසා තබන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 13 June 2023
පානදුර ඝාතනයේ ප්රධාන සැකකරු අල්ලයි පානදුර ප්රධාන ඇගළුම් කර්මාන්ත ශාලවක් ඉදිරිපිටදී ඉකුත් මැයි 31 රාත්රි පුද්ගලයකු කපා කොටා ඝාතනය කර සැගව සිටී ප්රධාන සැකකරු අද (13) අත්අඩංගුවට ගත්බව කළුතර අපරාධ කොට්ඨශය පවසයි. 13 June 2023
සියලු පළාත්වල ආහාර සුරක්ෂිතතාවයේ දියුණුවක් ශ්රී ලංකාවේ සියලුම පළාත් වල ආහාර සුරක්ෂිතතාවයේ දියුණුවක් පෙන්නුම් කරන බව ලෝක ආහාර වැඩසටහන සඳහා වූ සහයෝගීතා ලේකම් කාර්යාලයේ (PSWFPC) අධ්යක්ෂ ජනරාල් ආචාර්ය සුලක්ෂණ ජයවර්ධන මහතා පැවසීය. 13 June 2023
පොල්ගහවෙල දුම්රිය හරස් මාර්ග 15 වැනිදා වහයි ප්රධාන දුම්රිය මාර්ගයේ පොල්ගහවෙල දුම්රිය ස්ථානයේ පොල්ගහවෙල - කෑගල්ල හරහා ඇති දුම්රිය හරස් මාර්ගයේ අලුත්වැඩියා කටයුත්තක් සඳහා මේ මස 15 වැනිදා පෙරවරු 7.00 සිට සිට 18 වැනිදා දක්වා පෙරවරු 7.00 දක්වා එම මාර්ගයේ වාහන ගමනාගමනය සම්පූර්ණයෙන්ම අත්හිටුවමින් වසා දමන බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 13 June 2023
ඉදියවෙන් යෝගා උගන්වයි කොළඹ ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය සහ එම කාර්යාලයට අනුබද්ධ ආයතන එක්ව 9 වැනි ජාත්යන්තර යෝගා දිනය වෙනුවෙන් රට පුරා ප්රදේශ රැසක මේ මස 17 වැනිදා සිට 21 දක්වා දක්වා වැඩසටහන් රැසක් ක්රියාත්මක කරයි. 13 June 2023
වකුගඩු වෛද්යවරයා අභිරහස් ලෙස මියයයි තඹුත්තේගම රජයේ රෝහලේ සේවය කළ 35 හැවිරිදි විවාහක වෛද්යවරයකු සිය නිල නිවසේදි අභිරහස් ලෙස මිය ගොස් ඇතැයි තඹුත්තේගම මුලස්ථාන පොලිසිය කියයි. 13 June 2023
මන්ත්රී අමරකීර්ති ඝාතන නඩුව 19 කැඳවයි පාර්ලිමෙන්තු මන්ත්රී අමරකීර්තී අතුකෝරල මහතා සහ ඔහුගේ ආරක්ෂක නිලධාරියාට පහරදී ඝාතනය කළ බවට විත්තිකරුවන් 42දෙනකුට එරෙහිව පවරා ඇති නඩුව ලබන 19 වැනිදා කැඳවීමට ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල නියම කළේය. 13 June 2023
“ජවිපෙ දළදා මාලිගාවට බෝම්බ ගැහුවේ නෑ“ ජනතා විමුක්ති පෙරමුණ මහනුවර ශ්රී දළදා මාලිගාවට බෝම්බ ගැහුවා යැයි කියන කතාව අමූලික බොරුවක් බව තිබ්බටුවාවේ ශ්රී සිද්ධාර්ථ සුමංගල මල්වතු මහා නා හිමියෝ සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්.. 12 October 2026