ඇමැති සරත් එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ සංචාරයක නිරත සිටින මහජන ආරක්ෂක අමාත්‍ය රියර් අද්මිරාල් (විශ්‍රාමික) සරත් වීරසේකර මහතා අබුඩාබි හි ආරක්ෂක සහයෝගීතාව වැඩි දියුණු කිරීම පිළිබඳව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ නියෝජ්‍යය අගමැති සහ අභ්‍යන්තර කටයුතු අමාත්යම සයිෆ් බින් සයීඩ් නහියන් යන මහත්වරුන් ඇතුළු කණ්ඩායමක් සමග පසුගියා සාකච්ඡාවක නිරත වුහ. 17 December 2021
මහානාම අලුත් බලාපොරොත්තුවක ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරය භාරගන්නා ලෙස ආරාධනා කළහොත් ඒ පිළිබඳව කල්පනා කර බලන්නේ යැයි ශ්‍රී ලංකා හිටපු ආරම්භක පිතිකරු සහ අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ හිටපු තරග තීරක රොෂාන් මහානාම මහතා පවසයි. 17 December 2021
පරණ සිලින්ඩරයට අලුත් සිලින්ඩරයක් සමාගම කියයි කළු සහ නිල් මුද්‍රාව සහිත පාවිච්චි නොකළ ගෘහස්ථ ගෑස් සිලින්ඩර පාරිභෝගිකයාගෙන් ලබාගෙන අදාල සිලින්ඩර වර්ගයෙන්ම රතු මුද්‍රාව සහිත පිරවූ සින්ඩරයක් ලබාදිය යුතු බව ලිට්රෝ ගෑස් සමාගම සියලුම අළෙවි නියෝජිතයන්ට දැනුම්දී තිබේ. 17 December 2021
මැතිසභාව හැඩ වෙයි සැසිවාරය අවසන් කර ඇති කාලසීමාවේදී(නිවාඩු කාලයේදි) පාර්ලිමේන්තු සභා ගර්භයේ විශේෂ අලුත්වැඩියාවක් සිදුකරන බව එහි උසස් නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. 17 December 2021
කොවිඩ් එන්නත් පහක බලය හෙළිවෙයි මෙරට භාවිත කරන කොවිඩ් මර්දන එන්නත් පහක ශක්තිය( කාර්යක්ෂම ප්‍රතිදේහ සෑදීමේ හැකියාව) පිළිබඳව තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා, ප්‍රතිශක්තිවේද සහ සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ඇතුළු පර්යේෂකයන් කණ්ඩායමක් සමත්වී ඇත. 17 December 2021
21මසකට පසු සීෂෙල්ස් වෙත ගුවන් ගමන් අරඹයි මාස 21 කට පසු ශ්‍රී ලංකන් ගුවන් සේවය කොළඹ සිට සීෂෙල්ස් වෙත ගුවන් ගමන් යළි ආරම්භ කළ බව සීෂේල්ස් හී ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය කියා සිටී. 17 December 2021
ඉන්දීය මහ කොමසාරිස් හදිසියේම විදේශ ඇමති හමුවෙයි ශ්‍රී ලංකාව හා ඉන්දීයාව අතර ඉදිරි කටයුතු ගැන සකාච්ඡා කිරීමට ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බග්ලේ මැතිතුමා අද දින විදේශ අමාත්‍යංශයේ දී විදේශ අමාත්‍ය මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා හමු වූ බව විදේශ අමාත්‍යාංශය කියා සිටී. 17 December 2021
ලෝක රූ රැජිනටත් කොරෝනා හරස් වෙයි 2021 ලෝක රූ රැජින තේරීමේ අවසන් වටයේ තරගය, තාවකාලිකව නවත්වා දැමීමට සංවිධායකයෝ තීරණය කළහ. 17 December 2021
ලිට්රෝ, ලාෆ් ලොක්කෝ මානවහිමිකම් කොමිසමට විවාදයට තුඩු දී තිබෙන ලිට්රෝ සහ ලාෆ් යන ගෑස් සමාගම් දෙකේ සභාපතිවරු ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට අද (17) පෙරවරුවේ කැඳවා තිබුණි. 17 December 2021
ඩොලර් ඉතුරු කරන්න එතෙර කාර්යයාල 3ක් වහයි විදේශයන්හී පිහිටි ශ්‍රී ලංකා දූත මණ්ඩල තුනක් වසා දැමීමට විදේශ අමාත්‍යාංශය තීරණය කර ඇතැයි එම අමාත්‍යාංශ ආංරචි මාර්ග කියා සිටී. 17 December 2021
මැතිසබා ඡන්ද කමිටුව ලබන 20වැනිදා රැස්වෙයි මැතිවරණ නීති ප්‍රතිසංස්කරණ සඳහා පත් කෙරුණු විශේෂ කාරක සභාව ලබන 20 වැනිදා යළි රැස්වීමට නියමිතව ඇතැයි එම කාරක සභාවේ ලේකම් සහ පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීතිඥ කුෂාණී රෝහණදීර මහත්මිය පැවසුවාය. 17 December 2021
ගෑස්වලට අතුරු නියෝගයක් ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ නියමිත ප්‍රමිතීන්ට අනුකූල ගෘහස්ථ ගෑස් සිලින්ඩර පමණක් ඉදිරියට වෙළඳපොළට මුදාහැරීමට පියවර ගන්නා ලෙසට නියෝග කරමින් අභියාචනාධිකරණය අද (17) ලිට්රෝ සහ ලාෆ් ගෑස් සමාගම් දෙකට එරෙහිව අතුරු නියෝගයක් නිකුත් කළේය. 17 December 2021
විදෙස්ගත ලාංකිකයන්ට සහතික 03ක් ඔන්ලයින් හරහා විදේශවල සිටින ශ්‍රී ලාංකිකයන්ට උප්පැන්න, විවාහ සහ මරණ සහතික ලබාගැනීම ඇතුළු රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව සපයන සේවාවන් මාර්ගත ක්‍රමයට ලබාගත හැකි බව එම දෙපාර්තමේන්තුව පවසයි. 17 December 2021
වවන්න බැරි කුඹුරුවල පොල් වවන්න අවසර වගා කළ නොහැකි සියලු කුඹුරු ඉඩම්වල පොල් වගා කිරීම සඳහා අවසර ලබා දීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 17 December 2021
මකුළුවෙක් කළ හදියක් ඕස්ට්‍රේලියාවේ ක්වීන්ස්ලන්ඩ් ප්‍රාන්ත සෞඛ්‍ය ඇමැතිනිය වයෙට් ඩැට් දෛනික කොරෝනා තත්ත්වය පිළිබඳ මාධ්‍ය හමුවක් පවත්වමින් සිටිද්දී, මකුළුවකුගෙන් බාධා එල්ල විය. 17 December 2021
තවමත් තැන තැන පුපුරන ගෑස් ගෑස් සම්බන්ධ සිද්ධීන් 18 ක් අද (17) පෙරවරු 6.00 න් අවසන් වූ පැය 24 තුල වාර්තා වී ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුව පවසයි. 17 December 2021
ගංඟා ආශිත ස්ථාන 10,733ක් ආරක්ෂා කරයි රට පුරා ගංඟා ආශිතව තෝරාගත් ස්ථාන 10,733 ක් ආරක්ෂිත ප්‍රදේශ බවට පත්කිරීමට තීරණය කර ඇති බවත් එම ස්ථානවල ඇති ඉදිකිරීම් ඉවත්කිරීමට පියවර ගන්නා බවත් පරිසර අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 17 December 2021
12 දරුවා අපයෝජනය කළාට වසර 12 හිරේට කඩවත පොලිස් වසමේ දී අවුරුදු 12 බාලවයස්කාර පිරිමි ළමයකුට බරපතළ ලිංගික අපයෝජනයට ලක් කිරීමේ චෝදනාවට වරදකරු වූ විත්තිකරුට බරපතළ වැඩ ඇතිව වසර 12 ක සිරදඬුවමක් මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා නියම කළේය. 17 December 2021
රතුපස්වල වතුර නඩුව විභාගයට වැලිවේරිය නගරයේ තිබුන උද්ඝෝෂණය අසලට යුද හමුදා බ්‍රිගේඩියර් අරුණ දේශප්‍රිය ගුණවර්ධන ඇතුළු හමුදා නිලධාරීන් කණ්ඩායමක් ආවා. විනාඩි 10ක් තුළ ඉවත් වන ලෙස උද්ඝෝෂෙකරුවන්ට බ්‍රිගේඩියර් වරයා පවසා අසල තිබූ ඉන්ධන හල අසලට ගියා. ඔහු අත තිබූ ජංගම දුරකථනයෙන් කාටද කතා කර ඉතා ආවේගශීලීව උද්ඝෝෂණකරුවන් අතරට පැමිණි බ්‍රිගේඩියර් උද්ඝෝෂණකරුවෙකුට පහර දීමට තැත් කලා. එවිට නොසන්සුන්තාවයක් ඇතිවුණා යැයි පිරිසුදු පානීය ජලය ඉල්ලා රතුපස්වල අවට ජනයා වැලිවේරිය නගරයේ දී සිදුකළ උද් 17 December 2021
දළදා වඳින්න උණ්ඩයක් ගෙනා කත අල්ලයි දළදා සමිඳුන් වන්දනා කිරීමට ගාල්ලේ සිට පැමිණි කාන්තාවකගෙ අත්බෑගයේ තිබී ටී-56 වර්ගයේ ගිනි අවිවලට යොදන උණ්ඩයක් හමුවූ බව පොලිසිය කියයි. 17 December 2021
අඩුපීඩන තත්ත්වය බෙංගාල බොක්ක දෙසට දිවයිනට ගිනිකොණ දෙසින් පැවැති අඩු පීඩන කලාපය මේ වන විට දකුණු බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශය ආශ්‍රිතව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 17 December 2021
බදුල්ලේ දි බඩු දුම්රියක් පීලි පනී මහනුවර සිට බදුල්ල බලා ධාවනය වූ තිබූ මගී මැදිරි 3 ක් සහිත භාණ්ඩ ප්‍රවාහන දුම්රියක් අද සවස බදුල්ල දුම්රිය ස්ථානයේ සිට කිලෝ මීටරය ක් පමණ දුරින්, අමුනුවැල්පිටියේදී පීලිපැනීමකට ලක් වූ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි. 16 December 2021
පාර අයිනේ පලතුරු වික්ක තරුණයාට නගරාධිපතිගෙන් කනේ පහරක් බේරුවල නගරාධිපති මසාහිම් මොහොමඩ් තමන්ට කනට පහර දුන් බව පවසමින් 18 හැවිරිදි තරුණයකු අද පැමිණිල්ලක් කළ බව බේරුවල පොලිසිය කියයි. 16 December 2021
උසස් පෙළ කාල සටහන නිකුත් වෙයි පෙබරවාරි 07 වැනි ආරම්භ වීමට නියමිත අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයට 2021 (2022) අදාළ කාලසටහන විභාග දෙපාර්තමේන්තුව විසින් ප්‍රකාශයට පත් කරනු ලැබීය. 16 December 2021
දෙමටගොඩ රුවන්ගේ සේප්පුවකින් කෝටි 4 ක ඔප්පුවක් එළියට හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් රුපියල් කෝටි ගණන් වටිනා දේපළ උපයා ගනිමින් මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව වරදක් සිදු කළැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රුවන් චමිල නොහොත් “දෙමටගොඩ රුවන්” නමැත්තාට අයත් ‘සේප්පු’වක තිබී රුපියල් කෝටි 4කට අධික වටිනාකමකින් යුත් ඉඩමක ඔප්පුවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධී දේපළ හෝ වත්කම් විමර්ශන කොට්ඨාශය විසින් අද (16) සොයාගනු ලැබ ඇත. 16 December 2021
අලුත් ආසාදිතයෝ 518 ක් කොවිඩ් ආසාදිත රෝගීන් තවත් 518 දෙනකු අද (16) අලුතින් හඳුනාගත් බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා නිවේදනය කළේය. 16 December 2021
සේමිණීට 15,000 ක් දඩ බලපත්‍ර රහිතව ආරක්ෂක සේවා ස්ථානයක් පවත්වාගෙන ගෙන යාමේ චෝදනාවකට වරද පිළිගත් ජනප්‍රිය නිළි සේමිණී ඉද්දමල්ගොඩ මහත්මියට රුපියල් 15,000ක දඩයක් ගෙවන ලෙස කොළඹ වැඩබලන මහේස්ත්‍රාත් පී. ඩී. පෙරේරා මහතා නියෝග කර ඇත. 16 December 2021
යුගදනවි පෙත්සම් විභාග නොගෙනම ඉවත් කරන්නැයි නීතිපති ඉල්ලයි කෙරවලපිටිය යුගදනවි තාප විදුලි බලාගාරයේ රජයට අයත් සියයට හතලිහක කොටස් නිව් ෆෝට්රස් එනර්ජි නැමැති ඇමෙරිකානු සමාගමකට ලබා දීමට කැබිනට් මණ්ඩලය ගෙන ඇති තීරණය බලරහිත කරන්නැයි ඉල්ලා ගොනු කර ඇති සියලු පෙත්සම් විභාගයට නෙගෙනම ඉවත දමන්නැයි නීතීපති , ජනාධිපති නීතීඥ සංජය රාජරත්නම් මහතා ඊයේ (16) පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලෙන් ඉල්ලා සිටියේය. 16 December 2021
තවත් කොරෝනා මරණ 21 ක් කොවිඩ් ආසාදිත වූ තවත් රෝගීන් 21 දෙනකු ඊයේ (15) මරණයට පත් වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (16) තහවුරු කළේය. 16 December 2021
ගම්මුන්ට තඩිබෑ මීගමුවේ පොලිස් ලොක්කයි පොඩ්ඩො 8 යි රිමාන්ඩ් පන්නිල ප්‍රදේශයේ ඇලකට දියනෑමට ගොස් ප්‍රදේශවාසීන් සමඟ ගැටුමක් ඇතිකරගෙන ඔවුන්ට පහරදී තුවාල සිදුකළැයි ඇහැලියගොඩ පොලිසිය අත්අඩංගුවට ගත් මීගමුව කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා ඇතු`ථ එම අංශයේ පොලිස් නිලධාරීන් නව දෙනෙකු හදුනාගැනීමේ පෙරට්ටුවක් සදහා ලබන 27 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය නියෝග කර ඇත. 16 December 2021
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026