නීතිඥ සංගමයේ පෙත්සමට විරෝධතා ගොනු කරන්න අවසර විදේශ රටවල සිට බැංකු ගිණුම් හරහා මෙරටට ලැබෙන මුදල් ශ්‍රී ලංකා රුපියල් බවට පරිවර්තනය කිරීම අනිවාර්ය කරමින් ශ්‍රී ලංකා මහ බැංකු අධිපතිවරයා විසින් නිකුත් කර ඇති අතිවිශේෂ ගැසට් නිවේදනය බලරහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රී ලංකා නීතීඥ සංගම් සභාපති හා එහි නියෝජ්‍ය සභාපති ගොනු කළ රිට් පෙත්සමට එරෙහිව සීමිත විරෝධතා ගොනු කිරීම සඳහා මහ බැංකු අධිපතිවරයාට සහ එහි මූල්‍ය මණ්ඩලයට අභියාචනාධිකරණය අද (15)අවසර දෙන ලදී. 15 December 2021
’’පොඩි ලැසී’’ 21තෙක් රිමාන්ඩ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයේ රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටි පාතාල කල්ලි සාමාජිකයෙකු බව කියන ජනිත් මධුශංක හෙවත් ’’පොඩි ලැසී’’ නමැත්තා ලබන 21 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් බුද්දික සී. රාගල මහතා අද (15) නියෝග කළේය. 15 December 2021
බූස්ස බන්ධනාගාරයේ් රැදවියෙක් පළා යයි බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරයේ රැඳවියෙකු අද (15) දහවල් පලාගොස් ඇතැයි රත්ගම පොලිසිය පවසයි. 15 December 2021
ධීවරයින්ට අනතුරු ඇඟවීමක් දිවයිනට දකුණු දෙසින් පවතින පහළ වායුගෝලීය කැළඹිලි තත්වය අඩු පීඩන කලාපයක් දක්වා වර්ධනය වෙමින් පවතින බැවින් එම මුහුදු ප්‍රදේශ රළු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 15 December 2021
අලුතින් කිරි එකතු කීරිමේ මධ්‍යස්ථාන හයක් කිරි ගොවියන්ට නිෂ්පාදන පහසුවෙන් අලෙවිකර ගැනීම සඳහා කිරි එකතු කීරිමේ මධ්‍යස්ථාන හයක් අලුතින් ආරම්භ කිරීමට කෘෂිකර්ම අමාත්‍යාංශය පියවර ගෙන තිබේ. 15 December 2021
හදිසි දුම්රිය වර්ජනයක් දුම්රිය දෙපාර්තමේන්තුවේ ව්‍යාපෘතිවල සිදුවන අක්රමිකතාවලට නිසිපියවර නොගැනීමට විරෝධය දක්වමින් දුම්රිය නගා සිටුවීම උදෙසා වෘත්තීය සමිති අද (15) මධ්‍යහන 12.00 සිට වැඩවර්ජනයක් ආරම්භ කර ඇති බව වාර්තා වේ. 15 December 2021
රටපුරා පොල් පැළ ලක්ෂ 23ක් නොමිලේ බෙදයි දිවයින පුරා ජනතාවට( ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශ මට්ටමින්) පොල් පැළ ලක්ෂ 23 ක් ලබන වසරේදී නොමිලේ බෙදාදීමට රජය තීරණය කර ඇත. 15 December 2021
කිතුල් ආශ්රිත නිෂ්පාදන කුරුවිටදී ඇරඹේ කිතුල් ආශ්රිත නිෂ්පාදන අපනයනය කිරීම ඉලක්ක කරමින් කුරුවිට කර්මාන්ත පුරයෙහි ඉදිකළ ‘ඇග්රි’ දේශීය පුද්ගලික සමාගමේ කර්මාන්ත ශාලාව කර්මාන්ත අමාත්‍ය විමල් වීරවංශ මහතා ඇතුළු මැති ඇමතිවරු රැසකගේ සභාගිත්වයෙන් අද (15) පෙරවරුවේ විවෘත කළේය. 15 December 2021
ලිට්රෝ සමාගමෙන් අධිකරණයට පොරොන්දුවක් ශ්‍රී ලංකා ප්‍රමිති කාර්යාංශයේ ප්‍රමිතීන්ට අනුකූල ගෑස් සිලින්ඩර පමණක් බෙදාහරින බව ලිට්රෝ ගෑස් සමාගම අද (15) අභියාචනාධිකරණයට දැනුම් දුන්නේය. 15 December 2021
හෙරොයින් සමඟ නාවික හමුදා බාරයට ගත් නෞකාව වරායට ශ්‍රී ලංකා නාවික හමුදාව සහ පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය එකතුව පසුගිය සෙනසුරාදා ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ජාත්‍යන්තර මුහුදේදී හෙරොයින් කිලෝ 250 ක් සමඟ අත්අඩංගුවට ගත් යාත්‍රාව කොළඹ වරායට අද (15) පෙරවරුවේ රැගෙන ආවේය. 15 December 2021
'දුම්බර රටා' යුනෙස්කෝ සංස්කෘතික උරුමයක් කරයි යුනෙස්කෝ සංවිධානය විසින් මෙරට දුම්බර රටා සංස්කෘතික උරුමයක් ලෙස ප්‍රකාශයට පත් කර ඇතැයි බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික අමාත්‍යාංශයේ ලේකම් මහාචාර්ය කපිල ගුණවර්ධන මහතා පැවසීය. 15 December 2021
දරුවාට පහර දුන් ගුරුවරයා පොලීසියට බාර වෙයි වේයන්ගොඩ ප්‍රදේශයේ ප්‍රසිද්ධ පාසැලක උසස් පෙළ ඉගෙනුම ලබන දරුවෙකුට ඉතා අමානුෂික ලෙස ප්ලාස්ටික් බටයකින් පහරදී තුවාල සිදු කොට දින පහක කාලයක් සැගවී සිටි බව කියන ගුරුවරයා අද (15) උදෑසන නීතීඥ වරයෙකු මාර්ගයෙන් පැමිණ වේයන්ගොඩ පොලීසියට භාර වී ඇත. 15 December 2021
දින 44 කට ගෑස් සිද්ධි 727 ක් දින 44 ක් තුළ ගෑස් සම්බන්ධ සිද්ධීන් 727 ක් වාර්තා වී ඇතැයි පොලිස් දෙපාර්තමේන්තුව පවසයි. 15 December 2021
කොමිෂන් සභා, සංස්ථා, අධිකාරි සභාපතිවරු 26ක් උසස් නිලතල සභාවට කොමිෂන් සභා, සංස්ථා සහ අධිකාරි සඳහා පත් කෙරුණු සභාපතිවරු 26 දෙනෙක් ඔවුන්ගේ සුදුසුකම් පරීක්ෂා කර බැලීම සඳහා උසස් නිලතල පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව හමුවට කැඳවනු ලැබ සිටිති. 15 December 2021
ආර්.එම්.වී. ගාස්තු වැඩිවන ලකුණු මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් සපයන සේවා සඳහා අය කරන ගාස්තු ඉහළ දැමීමට යෝජනා වී ඇතැයි ප්‍රවාහන අමාත්‍යංශයේ උසස් නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 15 December 2021
'හිටපු ජාතික බුද්ධි ප්‍රධානීගේ වෛද්‍ය වාර්තාවක් කැඳවන්නයි ඉල්ලයි' ජාතික බුද්ධි ප්‍රධානීව සිටි සිසිර මෙන්ඩිස් මහතාගෙන් සාක්කි විමසිමට මත්තෙන් ඔහු උසාවියේ සාක්කි දිමට තරම් සුදුසු කායික හා මානසික මට්ටමක සිටී ද යන්න පරීක්ෂා කොට අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියම කරන්නැයි නීතිපතිවරයා කළ ඉල්ලීම සම්බන්ධයෙන් තීන්දුවක් ලබාදීම සඳහා අධිකරණය තාවකාලිකව නතර කළේය. 15 December 2021
බඹරු ඇන නොර්වුඩ් පාසලක ළමුන් 14ක් රෝහලේ හැටන් කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන නොර්වුඩ් හෙල්බොඩ දමිල මහා විද්‍යාලයේ පාසල් ළමුන් පිරිසකට අද (15) උදැසන එල්ල වු බඹර ප්‍රහාරයකින් පාසල් ළමුන් 14 දෙනෙකු දික්ඔය මුලික රෝහලට ඇතුලත් කර ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය. 15 December 2021
කෝටි තුනක් වටිනා ගජමුතු සමඟ අයෙක් එස්.ටී.එෆ් දැලේ රුපියල් කෝටි 3කට අධික වටිනාකමකින් යුතු ගජමුතු තුනක් ළඟ තබාගෙන සිටි සැකකරුවෙක් තිස්සමහාරාම තිස්ස නගරයේදී අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි. 15 December 2021
ලිට්රෝ ගෑස් මෙට්‍රික්ටොන් 3700 ප්‍රතික්ෂේප කරයි ලිට්රෝ සමාගම ආනයනය කළ කොළඹ ළගාවී ඇති නෞකාවේ ඇති ගෑස් මෙට්‍රික්ටොන් 3700 ක ප්‍රමාණය ගොඩබෑම අත්හිටවූ බව එම සමාගමට දැනුම් දුන්නේ යයි පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ නිලධාරියෙක් ‘ලංකාදීප’යට පැවසීය. 15 December 2021
විටින් විට තද වැසි නැගෙනහිර,මධ්‍යම, දකුණ සහ ඌව පළාත්වලත් පොළොන්නරුව දිස්ත්‍රික්කයේත් අද (15) විටින් විට වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. 15 December 2021
යුද හමුදා සෙබළා වෙඩි වැදී මරුට රන්ටැඹේ යුද හමුදා පුහුණු පාසලේ රාජකාරි කරමින් සිටි යුද හමුදා සෙබළකු වෙඩි වැදි මියගොස් ඇතැයි තෙල්දෙණිය පොලිසිය කියයි. 15 December 2021
ගෑස් ප්රශ්නය ඇදි ඇදී යාම ආණ්ඩුවට හිතකර නැහැ ගෑස් ප්රශ්නය මෙසේ දිගින් දිගටම ඇදි ඇදී තිබීම ආණ්ඩුවට හිතකර තත්වයක් නොවේ යැයි මහා මාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතා පැවසීය. 15 December 2021
මෙරට නිෂ්පාදිත ගිනි අවි හතක් අල්ලයි කරදියනාරු කිතුල, පොතාන ප්‍රදේශයේ දී සිදුකරන ලද වැටලීමක දී බලපත්‍ර නොමැතිව මෙරට නිෂ්පාදිත වෙඩි බෙහෙත් කොටන තුවක්කු 07 ක් හා යකඩ බෝල 350 ක් සමඟ සතුන් මැරීම සඳහා යොදා ගන්නා යකඩ මදු 05 අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බළකාය කියයි. 15 December 2021
ශ්‍රී පාද වන්දනාව ප්‍රකාශයට පත් කරමින් ගැසට් නිවේදනයක් ශ්‍රීපාද වන්දනා සමය ක්‍රියාත්මක වන කාලය සම්බන්ධයෙන් රත්නපුර දිස්ත්‍රික් ලේකම් මාලනී ලොකුපෝතාගම මහත්මිය විසින් විශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කරනු ලැබීය. 15 December 2021
මැති සබේ පිරිසක් රට පෝලිමේ:තව පිරිසක් නුවරඑළි යන්න වෙන් කරති මැති ඇමැතිවරුන් 60 කට ආසන්න සංඛ්‍යාවක් වර්ෂ අවසාන නිවාඩුව ගත කිරීම සඳහා විදේශ ගතවීමට සූදානම් වෙමින් සිටින බව පාර්ලිමේන්තු ආරංචි මාර්ගවලින් පැවසේ. 15 December 2021
මුදල් ඇමති ඩුබායි යයි මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා අද අලුයම ඩුබායි බලා පිටත්ව ගිය බව කටුනායක ගුවන්තොටුපොළ ආරංචි මාර්ග කියයි. 15 December 2021
ගිනි අවි,උණ්ඩ සමග අයෙක් මාට්ටු සමන්තුරෙයි කාරතිව් 2 ප්රදේශයේදීයි මයික්‍රෝ වර්ගයේ පිස්තෝලයක් , උණ්ඩ 16ක්, මැගසින් දකක් සමග සැකකරුවක් අත්අඩංගුවට ගත් බව සමන්තුරේ පොලිසිය කියයි . 15 December 2021
මීරිගමදී ලොරියක් දුම්රියක ගැටේ: දුම්රිය ධාවනයට බාධා - වීඩියෝ මීරිගම දිවුලපිටිය මාර්ගයේ දුම්රිය හරස් මාර්ගයේදී අද( 15)අලුයම සිමෙන්ති නිෂ්පාදනය ට යොදා ගන්නා අමුද්‍රව්‍ය පැටවූ ටිපර් රියක් දුම්රියක ගැටීමෙන් සිදු වූ අනතුරක් හේතුවෙන් දෙපැයක පමණ වේලාවක් දුම්රිය ගමනාගමනය සම්පූර්ණයෙන්ම ඇන හිටි අතර රියදුරන් දෙදෙනා ද සුළු තුවාල ලබාඇති බව මිරිගම පොලිසිය කියයි. 15 December 2021
අධිවේගයේ අනතුරින් දෙකක් මරුට:තුනකට තුවාල කතරගම සිට බණ්ඩාරගම දෙසට අධිවේගි මාර්ගයේ ධාවනය වූ මෝටර් රථයක් අද අළුයම 1.30 ට පමණ කිලෝ මිටර් 18 .2 දෙකේදී ( මිල්ලනිය ) පෙරළී යාමෙන් පියකු සහ දියණියක මිය ගොස් ඇතැයි දක්ෂිණ අධිවේගී රථවාහන පොලිසිය කියයි. 15 December 2021
සිසිර මෙන්ඩිස් සාක්කිකාර භාවයෙන් ඉවත් කරයි ජාතික බුද්ධි ප්‍රධානීව සිටි සිසිර මෙන්ඩිස් මහතාගෙන් සාක්කි විමසිමට මත්තෙන් ඔහු උසාවියේ සාක්කි දිමට තරම් සුදුසු කායික හා මානසික මට්ටමක සිටී ද යන්න පරීක්ෂා කොට අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන්නැයි කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට නියම කරන්නැයි කළ ඉල්ලීම ඉවත දැමූ ත්‍රිපුද්ල විනිසුරු මඩුල්ල සිසිර මෙන්ඩිස් මහතා පැමිණිල්ලේ සාක්කිකරුවකු ලෙස කඳවනවාද නැද්ද අධිකරණයට දැනුම් දෙන ලෙස නීතිපතිවරයාට නියෝග කළේය. 15 December 2021
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026