ගෑස්මිල ගැන තවම තීරණයක් නෑ ගෑස් මිල ඉහළ නැංවිය යුතු බවට ගෑස් සමාගම් මගින් ඉල්ලීමක් කර ඇති බවට වෙළඳ අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා අමාත්‍ය මණ්ඩලයට දැනුම් දුන් බවත් ඒ සම්බන්ධයෙන් සාකච්ඡා කළ නමුත් අවසන් තීන්දුවක් නොගත් බවත් සම කැබිනට් ප්‍රකාශක, වැවිලි අමාත්‍ය, රමේෂ් පතිරණ මහතා පැවසීය. 09 March 2021
එජාපයෙන් ඉවත්කළ ප.පා. මන්ත්‍රීවරුන් සම්බන්ධ නියෝගය දීර්ඝ කරයි ඉකුත් ජනාධිපතිවරණයේදී විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ නායකත්වයෙන් යුතු සමගි ජනබලවේගයට සහාය දීම හේතුවෙන් එක්සත් ජාතික පක්ෂ සාමාජිකත්වයෙන් ඉවත් කළ එම පක්ෂයේ පළාත් පාලන මන්ත්‍රීවරුන් 38 දෙනෙකු සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගෙන , පවතින තත්වයෙන්ම පවත්වා ගෙන යන්නැයි දිස්ත්‍රික් තේරීම්බාර නිලධාරීන්ට කළ නියෝගය ලබන අප්‍රේල් 28 වැනිදා තෙක් දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය අද ( 09) තීන්දු කළේය. 09 March 2021
බස්නාහිර පාසල්වල 5-11-13 ශ්‍රේණි මාර්තු 15 දා අරඹයි බස්නාහිර පළාතේ පාසල්වල 5, 11 සහ 13 ශ්‍රේණි මාර්තු 15 වැනිදා ආරම්භ කරන බව අධ්‍යාපන අමාත්‍ය ජි.ඇල්.පිරිස් මහතා පැවසීය. 09 March 2021
බකිංහැම් මාලිගය අර්බුදයක හැරී කුමරු සහ ඔහුගේ බිරිඳ වන මේගන් මේකල් මහත්මිය විසින් බකිංහැම් මාලිගය තුළ ජීවිතය පිළිබඳ හෙළිදරව් කිරීමෙන් පසුව, එංගලන්තයේ දෙවැනි එළිසබෙත් රැජින අර්බුදකාරී සාකච්ඡාවල නිරත වූ බව එංගලන්තයේ මාධ්‍ය වාර්තා කරයි. 09 March 2021
ගානියා බැනිස්ටර්ට අධිචෝදනා නාඳුනන පුද්ගලයින් පැහැරගෙන යාම සම්බන්ධයෙන් අපරාධ විමර්ශන දෙපාර්තමේන්තුවට (සී.අයි.ඩී.) ව්‍යාජ ප්‍රකාශයක් කළ බවට චෝදනා කරමින් කොළඹ මහාධිකරණය ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවය කළ නිලධාරියක වන ගානියා බැනිස්ටර් ෆ්‍රැන්සිස් මහත්මියට එරෙහිව අද අධිචෝදනා ගොනු කළේය. 09 March 2021
සෝමරත්න විදානපතිරණ වනජිවියේ ලේකම් තනතුරට ගාල්ල දිසාපතිවරයා ලෙස කටයුතු කළ සෝමරත්න විදානපතිරණ මහතා වනජීවී හා වනසංරක්ෂණ අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙස පත්කර ඇතැයි රජයේ ආරංචිමාර්ග සඳහන් කරයි. 09 March 2021
වී මල්ලට කළහ කළ බාප්පාගේ පිහි පහරින් ඥාති පුතා මරුට වී මල්ලක් සම්බන්ධයෙන් ඇති වූ ගැටළුවක් මුල්කර ගනිමින් තම වැඩිමහල් සහෝදරයා ගේ නිවසට ගොස් ගැටුමකට සම්බන්ධ වූ බාල සහෝදරයා එල්ල කරන ලද පිහි පහරකින් වැඩි මහල් සහෝදරයාගේ වැඩි මහල් පුත්‍රයා මිය ගොස් තිබූ බව බෙලිඅත්ත පොලීසිය පවසයි. 09 March 2021
එන්නත් පෝලිම කඩන්න දෙනු එපා මෙරටින් ප්‍රථම කොරෝනා රෝගියා වාර්තා වී වසරක් ගත වනවිට වයිරසයට එරෙහි එන්නත්කරණය ආරම්භ වී තිබීම විශාල සහනයකි. ඉදිරි කාලය තුළදී රෝගය පැතිරීම වළක්වා ගැනීම පිළිබඳව කිසියම් බලාපොරොත්තුවක් ඇති කරගැනීමට ද එන්නත උදව්වකි. එම එන්නත්කරණ වැඩපිළිවෙළ ඉතාම විධිමත් ආකාරයකට සිදුකරගෙන යාම මෙහිදී විශේෂයෙන් වැදගත් වෙයි. කොරෝනා වසංගතය පාලනය කරගැනීමේ යතුර එන්නත බැවිනි. 09 March 2021
හිස නැති තරුණියගේ සිරුරේ ඩිඑන්ඒ වාර්තා ගැලපෙයි හංවැල්ල නවාතැන් පොළකදී ඝාතනයට ලක්ව හිස නොමැති සිරුර වේල්ල වීදිය ප්‍රදේශයට දමා ගොස් තිබියදී සොයාගත් තරුණියගේ සිරුර කුරුවිට තෙප්පනාව ප්‍රදේශයේ 30 හැවිරිදි තරුණියකගේ බවට ඩීඑන්ඒ පරීක්ෂණයේ දී තහවුරු වූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 09 March 2021
නකල්ස් රක්ෂිතයේ එනසාල් වවන්න යයි නක්ල්ස් රක්ෂිතය ආශ්‍රිතව ඇති මීමුරේ ගම්මානයේ වැසියන්ට වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධීක්ෂණය යටතේ නකල්ස් රක්ෂිතයේ තෝරාගත් ස්ථානවල තුළ එනසාල් වගා කිරිමට ඉඩ ලබාදීමට තීරණය කළ බව කුඩා වැවිලි භෝග ආශ්රිත කර්මාන්ත හා අපනයන ප්‍රවර්ධන රාජ්‍ය අමාත්‍ය ජානක වක්කුඹුර මහතා පැවසීය. 09 March 2021
පාර්ලිමේන්තු රැස්වීම් දින දෙකකට සීමා කරයි මේ සතියේ පාර්ලිමේන්තු රැස්වීම් අද(9) සහ හෙට (10) යන දින දෙකට පමණක් සීමා කිරීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව තීරණය කළේය. 09 March 2021
අමරදේව පියඹ සමුගනී හෙළයේ මහා ගාන්ධර්වයාණන් ලෙසින් පසිඳු, අභාවප්‍රාප්ත ඩබ්ලිව්. ඩී. අමරදේව මහතාණන්ගේ බිරිඳ වන විමලා අමරදේව මහත්මිය අද අභාවප්‍රාප්ත වූවාය. මියයන විට ඇය 86 වැනි වියේ පසුවූවාය. 08 March 2021
2015 යෝජනාව ඉදිරිපත් කළ කිසිවෙක් අද දේශපාලනයේ නෑ ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට 2015 වසරේදී 30/1 යෝජනාව ඉදිරිපත් කළ කිසිවකුත් අද දේශපාලනයේ නැතැයි විදේශ අමාත්‍යාංශයේ ලේකම් ආචාර්ය ජයනාත් කොළඹගේ මහතා පැවැසීය. 08 March 2021
“මට ජීවිතේ එපා වෙලා තිබුණේ” එංගලන්ත රජ පවුලට සම්බන්ධ වීමෙන් පසුව ඇතිවූ ප්‍රශ්න හේතුවෙන් තමන් සියදිවි හානිකර ගැනීම ගැනත් සිතා බලමින් සිටි බව හැරී කුමරුගේ බිරිඳ වන මේගන් මේකල් මහත්මිය කියා සිටියාය. ඇමරිකානු රූපවාහිනී සේවයක් සමග පැවැති සම්මුඛ සාකච්ඡාවකදී ඇය ඒ බව පවසා සිටියාය. 08 March 2021
අද කොරෝනා ආසාදිතයන් 334 ක් කොවිඩ්-19 වයිරසය ආසාදනය වූ නව ආසාදිතයන් 177 දෙනෙකු අද රාත්රියේදී හඳුනාගත් බව රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව පස්වරු 20.40 ට නිකුත් කළ වාර්තාවේ දැක්වේ. 08 March 2021
පුරාවිද්‍යා ආඥා පනතකට අලුත් කෙටුම්පතක් නව පුරාවිද්‍යා ආඥා පනතක් සඳහා වන කෙටුම්පත සකස් කර අද (8) පැවැති පුරාවිද්‍යා උපදේශක සභාවට භාර දුන් බව පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා පැවැසීය. 08 March 2021
තවත් කොරෝනා මරණ 5 ක් කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 5 දෙනෙකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (08 වැනිදා) තහවුරු කරයි. 08 March 2021
වෛද්‍ය එස්. එම්. ආනල්ඩ් නව තනතුරක නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් (මහජන සෞඛ්‍ය සේවා 1) තනතුර සඳහා අද (9) සිට විශේෂඥ වෛද්‍ය එස්. එම්. ආනල්ඩ් මහතා පත්කර තිබේ. 08 March 2021
කෝටි දෙකක එතනෝල් අල්ලයි කාර්මික රසායනික ද්‍රව්‍ය බවට රේගුවට ප්‍රකාශ කරමින් රුපියල් දෙකෝටි විසි ලක්ෂයක් පමණ වටිනා එතනෝල් මධ්‍යසාර තොගයක් අඩංගු බහාලුමක් කොළඹ වරායට ගෙනැවිත් තිබියදී රේගු මධ්‍යම විමර්ශන අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අද (8) එම තොගය අත්අඩංගුවට ගනු ලැබීය. 08 March 2021
අශෝක් අබේසිංහ සී.අයි.ඩී.ය මඟහරී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා සිටි ජාතික සමගි ජනබලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි අශෝක් අබේසිංහ මහතා අද (8) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී නොසිටි බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 08 March 2021
ගම්පහ කච්චෙරි වැඩ බිමේ 20 කට කොරෝනා ගම්පහ, කච්චේරි භූමියේ ඉදිකෙරෙන ගොඩනැගිලි සංකීර්ණයක සේවය කරන සේවකයින් 20 දෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට හදුනාගෙන ඇති අතර ඔවුන් ප්‍රතිකාර සඳහා යොමු කිරීමටත් ආශ්‍රිතයින් සොයා ගැනීමට පියවර ගෙන ඇති බවත් ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුභාෂ් සුභසිංහ මහතා සදහන් කළේය. 08 March 2021
ගල්කිස්ස උසාවියෙන් පැන ගිය ‘පොල්ගස්ඕවිට මාලන්’ අල්ලයි ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය තුළ පොලිස් නිලධාරීන් බාරයේ සිටියදී පළාගිය ’’පොල්ගස්ඕවිට මාලන්’’ නැමැත්තා අද (8) අඟුලාන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව අඟුලාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ශාරද ප්‍රනාන්දු මහතා පැවසීය. 08 March 2021
රිමාන්ඩ් බන්ධනාගාර ජේලර්වරයකුගේ වැඩ තහනම් පාස්කු ඉරිදා ප්‍රහාරයට සම්බන්ධව සැකපිට රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින සැකකරුවකුට සහ මත්ද්‍රව්‍ය ඡාවාරම්කරුවන් දෙදෙනකුට දුරකථන පහසුකම ලබාදීම වෙනුවෙන් බන්ධනාගාර අධිකාරීවරයාට අල්ලස් ලබාදීමට අතරමැදියකු ලෙස කටයුතු කළ කොළඹ රිමාන්ඩ් බන්ධනාගාර ජේලර්වරයකුගේ වැඩ තහනම් කර ඇතැයි බන්ධනාගාර කොමසාරිස් (පාලන) මාධ්‍ය ප්‍රකාශක චන්දන ඒකනායක මහතා පැවසීය. 08 March 2021
ඉන්දීය දුම්රිය මැදිරි 10 ක් හෙට කොළඹ වරායට ඉන්දියාවේ චෙන්නායි නගරයේ පිහිටි අයි.සී.එෆ් නිෂ්පාදනාගාරයේ නිෂ්පාදිත ඉන්දියානු දුම්රිය මැදිරි 10 ක් හෙට (9) කොළඹ වරායට ළඟා වන බව අතිරේක දුම්රිය සාමාන්‍ය අධිකාරි ප්‍රධාන ඉංජිනේරු යාන්ත්‍රික කීර්ති හේවාවිතාරණ මහතා පැවසීය. 08 March 2021
ලංගම බසයට පහර දුන් 5 ක් අල්ලයි ලංගම බස් රථයක් ඉස්සර කිරීමට නොදීමේ සිද්ධියක් මුල්කරගෙන කොළඹ ගෑස්පහ හංදියේදී ක්‍රිකට් පිති, යකඩ පොලු රැගෙන ලංගම බස් රථයකට ගොඩ වී රියදුරුට, කොන්දොස්තරට හා බස් රථයට පහර දීමේ සිද්ධිය සම්බන්ධයෙන් තරුණයන් පස් දෙනකු අද (8) අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 08 March 2021
යාපනයේ සුසාන භූමියක් අසළ අධිබලැති පුපුරණද්‍රව්‍ය යාපනය චෙම්මිණි ප්‍රදේශයේ සුසාණ භූමියක බෑගයක් තුළ තිබූ අධිබලැති පුපරණද්රව්ය කිලෝ 02 ක් සහ ඩෙටනේටර් සමගින් අද (08) දින සොයාගත් බවට යාපනය පොලීසිය පවසයි. 08 March 2021
‘ප්‍රා.සබේ මන්ත්‍රීනියන් 98 කගේ අයිතීන් කඩවෙලා’ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විනය කඩකිරීම් චෝදනා ලැබ සිටින ප්‍රාදේශීය සභා මන්ත්‍රිනියන් 98 දෙනකුට පක්ෂ කාන්තා දින සැමරුමට ආරාධනා කර නොමැති බවත්, එය ඔවුන්ගේ අයිතිවාසිකම් කඩකිරීමක් බවත් එම පක්ෂයේ සභාපති, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (8) පැවසීය. 08 March 2021
උතුරේ කාන්තාවෝ පන්දම් අතට ගනිති ශ්‍රී ලංකා ආණ්ඩු විසින් මෙරට දෙමළ කාන්තාවන්ට එරෙහිව සිදු කළ බව කියන අසාධාරණයන්ට විරෝධය පළ කරමින් ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් උතුරු නැගෙනහිර පළාත් කාන්තා හා සිවිල් සංවිධානවල කාන්තාවෝ අද (8) යාපනය නල්ලුර්හිදි තීපන්ද පෝරාට්ටම් හෙවත් පන්දම් විරෝධතාවයක් පැවැත්වුහ. 08 March 2021
ආදායම් දෙපාර්තමේන්තු සංවත්සරයට 50,000 ක් බැගින් එකතු කරයි දකුණු පළාත් ආදායම් දෙපාර්තමේන්තුවේ 30 වැනි සංවත්සර උත්සවය සැමරීම සඳහා තක්සේරු නිලධාරියකු මාර්ගයෙන් රුපියල් 50,000.00 බැගින් මුදලක් එකතු කරන බවට වී තිබේ. 08 March 2021
අපොස විභාග මධ්‍යස්ථානවල යකා නැටුවොත් දඩුවම් අධ්‍යයන පොදු සහතික පත්‍ර විභාගය පැවැත්වෙන මධ්‍යස්ථාන සහ අවට බාධාකාරී ලෙස හැසිරෙන හෝ දේපලවලට හානිකරන අයදුම්කරුවන්ට එරෙහිව දැඩි දඬුවම් පමුණුවන බවත්, ඒ වෙනුවෙන් විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවත් විභාග කොමසාරිස් ජනරාල් බී. සනත් පූජිත මහතා පවසයි. 08 March 2021
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026