දකුණු පළාත් සභාවේ හිටපු අමාත්‍ය ආරියතිලක නික්ම යයි දකුණු පළාත් සභාවේ හිටපු අමාත්‍යවරයකු වූ නීතිඥ යූ.ජී.ඩී.ආරියතිලක මහතා අද (27) කරාපිටිය ශික්ෂණ රෝහලේ දී අභාවප්‍රාප්ත වූයේය. 27 February 2021
අපරාධ රැසකට සම්බන්ධ අයෙක් අත්අඩංගුවට මිනීමැරුමකට සහ අපරාධ රැසකට සම්බන්ධ වරෙන්තුකරුවෙකු වෙනත් නමකින් අඹන්පොල ප්‍රදේශයේ කාන්තාවකගේ නිවසේ සැඟවී සිටියදී , ව්‍යාජ රියදුරු බලපත්රයක්ද සමග අත්අඩංගුවට ගත් බව නිකවැරටිය කොට්ඨාශ පොලිස් විශේෂ කාර්යාංශය අද (27) පැවසීය. 27 February 2021
නාරංගල කන්දේදී අතුරුදන් තරුණයාගේ මෘතදේහය සොයාගනී මිතුරන් 6 දෙනෙකු සමග පැමිණ බදුල්ල නාරංගල කන්දේ රාත්‍රී කූඩාරමක් ඉදිකර එහි දිකර රාත්‍රිය ගත කරමින් සිටියදී ඊයේ (26) රාත්‍රී අතුරුදන්වූ තරුණයෙකු මෘත දේහය එම කන්දේ ප්‍රපාතයක තිබී අද (27) දහවල් සොයාගෙන තිබේ. 27 February 2021
කෝටියක මත්කුඩු සමග කාන්තාවක් අල්ලයි රුපියල් කෝටියකට අධික වටිනා හොරෙයින් මත්කුඩු තොගයක් සමග කාන්තාවක් කොහුවල ,කලුබෝවිල රෝහල පාර නිවසකදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකා ගෝනහේන කඳවුරේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. 27 February 2021
නාරංගල කන්දේදී තරුණයෙකු අතුරුදන් මිතුරන් 6 දෙනෙකු සමග පැමිණ බදුල්ල නාරංගල කන්දේ රාත්‍රී කූඩාරමක් ඉදිකර එහි රාත්‍රිය ගත කරමින් සිටි තරුණයෙකු අතුරදන්ව ඇතැයි බදුල්ල පොලිසිය පවසයි. 27 February 2021
උඩ දියලුම රාත්‍රි කූඩාරම් ගැසීම තහනම් කරයි ආරක්ෂක වැඩපිලිවලක් ක්‍රියාත්මක කරන තෙක් කොස්ලන්ද උඩ දියලුම සිංචාරක ප්‍රදේශයේ රාත්‍රි කුඩාරම් ඉදිකර නවාතැන් ගැනීම සංචාරකයින්ට තාවකාලිකව තහනම් කළ බව හල්දුම්මුල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති එස්.අශෝක් කුමාර මහතා පැවසීය. 27 February 2021
ලක්ෂ 75 ක මත්ද්‍රව්‍ය සමග අයෙක් අත්අඩංගුවට රුපියල් ලක්ෂ 75 ක් පමණ වටිනා අයිස් මත්ද්‍රව්‍ය සහ මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බවට සැක කරන රුපියල් 15,20,000 ක මුදලක් සමඟ රාගම තේවත්ත පාරෙ නිවසක් වටලා පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බලකායේ ගෝනහේන කදවුර පවසයි . 27 February 2021
ගෝඨා - සජිත් - රනිල් ගංගාරාම විහාරස්ථානයේ කොළඹ හුණුපිටිය ගංඟාරාම විහාරස්ථානයේ නවම් මහ පෙරහර වීදි සංචාරය කිරීම ආරම්භ කිරීමේ අවස්ථාව සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, විපක්ෂ නායක සමඟ ජනබල වේගයේ නායක සජිත් ප්‍රේමදාස සහ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ යන මහත්වරු එක්ව සිටි අයුරු... 26 February 2021
ගාලු කොටු දොරකඩ මාසයක් වහයි ලෝක උරුමයක් වූ ගාල්ල කොටුව සංරක්ෂණය කිරීමේ වැඩ සටහනේ එක් කටයුත්තක් ලෙස ප්‍රධාන දොරටුව සංරක්ෂණය කිරීම වෙනුවෙන් මේ මස 28 වැනි දින රාත්‍රී 12 සිට පුරා මාසයක් එම ස්ථානය මහ ජනතාවට සහ කොටුවට පිවිසෙන වාහන වෙනුවෙන් වසා තැබෙන බව උපාය මාර්ගික නගර සංවර්ධන ව්‍යාපෘතියේ ගාල්ල කොටුව සංරක්ෂණ කටයුතු භාර ප්‍රධාන උපදේශක නිලාන් කුරේ මහතා අද (26) පැවසීය. 26 February 2021
කොරෝනා සිරුරු භූමදානය සතියකින් කල්යයි කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මිය යන මුස්ලිම් ජාතිකයන්ගේ සිරුරු භූමදානය කිරීමට රජය අවසර දුන් නමුත් එය ක්‍රියාත්මක කිරීම සඳහා තවත් සතියක් පමණ යන බව සෞඛ්‍ය අමාත්‍යංශයේ ප්‍රකාශකයෙක් පැවසීය. එම සිරුරු භූමාදානයට අවසර දෙන බවට නිර්දේශිත ගැසට් පත්‍රය ඊයේ (25 වැනිදා) රාත්‍රියේ ප්‍රකාශයට පත්කළ නමුත් ඊට අදාළ කොන්දේසි මෙන්ම රෙගුලාසි මේ වන තුරුත් නියම කර නොතිබීම ඊට හේතුව බවද එම ප්‍රකාශකයා පැවසීය. 26 February 2021
රජයේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ට එක තනතුරකට වඩා දෙන්න එපා ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරින් එක් තනතුරකට වඩා තනතුරු නොදැරිය යුතු යැයි පාස්කු ඉරුදින ප්‍රහාරය පිළිබඳ විමර්ශනය කිරිමේ ජනාධිපති කොමිසන් සභාව සිය වාර්තාවෙන් නිර්දේශ කර ඇත. 26 February 2021
චීනයේ සහාය ශ්‍රී ලංකාවට ශ්‍රී ලංකාව පිළිබඳ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 46 වැනි සැසිවාරයට ඉදිරිපත් කර ඇති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයේ වාර්තාව පක්ෂපාතී යැයි එක්සත් ජාතීන් වෙනුවෙන් පත් කර සිටින චීනයේ නිත්‍ය නියෝජිත චෙන් ෂූ මහතා ප්‍රකාශ කළේය. 26 February 2021
අද කොරෝනා මරණ 5 යි : ආසාදිතයන් 487 යි කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් 5 දෙනෙකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (26 වැනිදා) තහවුරු කරයි. 26 February 2021
උඩ දියලුම දියනෑමට ගිය දස හැවිරිදි දරුවෙකු මරුට කොස්ලන්ද උඩ දියළුම අනාරක්ෂිත දිය වලක දිය නෑමට ගිය දස හැවිරිදි පිරිමි දරුවකු අද (21) දියේ ගිලී ජීවිතක්ෂයට පත්වී ඇතැයි කොස්ලන්ද පොලීසිය කියයි. 26 February 2021
ව්‍යාජ ඩොලර් මුද්‍රණය කරන කඩදාසි මිටි 25 ක් සොයාගනී උණ්ඩියල් ක්‍රමයට මුදල් ඩුබායි රටට බැර කිරීමේ යෙදුණු 11 දෙනෙකුගෙන් යුත් සංවිධානාත්මක කණ්ඩායමක් අත්අඩංගුවට ගත් බව කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය කියයි. අත්අඩංගුවට පත් වූවන් අතර නයිජීරියානු ජාතිකයන් සිව්දෙනෙකු, බෙලරූස් ජාතික කාන්තාවන් දෙදෙනෙකු, ශ්‍රී ලාංකික කාන්තාවක හා පිරිමි සිව් දෙනෙකු ඒ අතර වන බව පොලිසිය කියයි. 26 February 2021
කොරෝනා එන්නත දීමෙන් ගම්පහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ඉවත්වෙති කොරෝනා වයිරසය මර්ධනය පිනිස වන එන්නත ලබා දීමේ නිසි ක්‍රමවේදයක් නොමැතිවීම සහ වරින් වර තීරණ වෙනස් කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය පියවර ගැනීම මත හෙට (27) සිට ගම්පහ දිස්ත්‍රික්කයේ එන්නත් ලබාදීමේ වැඩපිළිවෙළෙන් ඉවත් වීමට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් තීරණය කර ඇත. 26 February 2021
සජබ පක්ෂ සංවත්සරය මාර්තු 15 දා සමගි ජන බලවේගයේ පලමු පක්ෂ සංවත්සරය පක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ හයිඩ් පිටියේදී ලබන මාර්තු 15 වැනදා පැවැත්වීමට තීරණය කර තිබේ. 26 February 2021
නයිජීරියාවේ තුවක්කුකරුවෝ පාසැල් සිසුවියන් 300 ක් පැහැර ගනිති නයිජීරියාවේ වයඹ දිග සැම්ෆාරාහි දී පාසැල් සිසුවියන් 300 ක් පමණ පැහැරගෙන ඇතැයි වාර්තා වේ. 26 February 2021
මෛත්‍රීගේ පුත්‍රයාට පහර දුන් පොලිසියේ සිවු දෙනෙකුගේ වැඩ තහනම් හිටපු ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්නගේ පුතා වන නීති ශිෂ්‍ය මිගාර ගුණරත්න යන අයට පහරදී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් පෑලියගොඩ පොලිසියට අනුයුක්ත ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයෙකුගේ සහ කොස්තාපල්වරුන් තිදෙනකුගේ වැඩ තහනම් කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශ කර නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. 26 February 2021
අනුර සේනානායක සමුගනී හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු මෙන්ම ගායකයකුද වූ අනුර සේනානායක මහතා අද (26) දහවල් අභාවප්‍රාප්ත විය. 26 February 2021
කපමින් සිටි කිතුල්ගසට යටවී යාබද නිවසේ කත මරුට පුද්ගලයන් තිදෙනෙකු විසින් අඩක් කපන ලද කිතුල් ගසකට කඹයක් යොදා අදිමින් සිටියදී, යාබද ඉඩමේ සිටි කාන්තාවක් මතට ගස වැටීමෙන් ඇය මිය ගොස් ඇති බව වැලිපැන්න පොලිසිය කියයි. 26 February 2021
සැරයන් පොලිස් පරීක්ෂකට වෙඩි තියන්න යයි හලාවත මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයාට රාජකාරි ගිනි අවියෙන් වෙඩි තැබීමට සූදානම් වූ පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනමට ලක්කර, ඒ සම්බන්ධයෙන් අදාළ නීතිමය කටයුතු ආරම්භ කර ඇති බව පුත්තලම නියෝජ්‍ය පොලිස්පති නිමල් පෙරේරා මහතා අද(26) පැවසීය. 26 February 2021
කෝටි 45 ක හෙරොයින් සමඟ ඇල්ලූ සෙබලු රඳවා ප්‍රශ්න කරන්න අවසර රුපියල් කෝටි 45 පහකට අධික වටිනාකමින් යුත් හෙරොයින් මත්කුඩු තොගයක් යුද හමුදාවට අයත් සුඛෝපභෝගී වෑන් රථයකින් ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගත් සෙබලුන් දෙදෙනා දින 7 ක රැඳවුම් නියෝග මත වැඩිදුර ප්‍රශ්න කිරීමට මහේස්ත්‍රාත් චානිමා විජයබණ්ඩාර මහත්මිය අවසර දුන්නාය. 26 February 2021
කතරගමට කොරෝනා මර්දන එන්නත ඉල්ලති කතරගම දෙස් විදෙස් සංචාරකයින් ගැවසෙන නගරයක් බැවින් කොරෝනා ප්‍රතිශක්තිකරණ එන්නත කතරගම සියලු ම විහාරස්ථාන ඇතුළු නාගරික හා ප්‍රදේශවාසී ජනතාවට ඉතා කඩිනමින් ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාවට නගන්නැයි කතරගම කිරිවෙහෙර රාජමහා විහාරාධිපති ශාසන ආරක්ෂක බල මණ්ඩලයේ සභාපති රුහුණු මාගම් පත්තුවේ ප්‍රධාන සංඝනායක කොබවක ධමිමින්ද නායක හිමියෝ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ඉල්ලීමක් කරති. 26 February 2021
මුතුරාජවෙල පරිසර ඇගයීම් වාර්තාවට තවත් සති 8 ක් මුතුරාජවෙල තෙත් බිම ආශ්‍රිතව ගොල්ෆ් පිටියක් සහිත හෝටල් සංකීර්ණයක් ඉදිකිරීම සම්බන්ධව සිදුකෙරෙමින් පවතින පාරිසරික අධ්‍යයන වාර්තාව ඉදිරි දෙමස ඇතුළත අවසන් වනු ඇතැයි එහි ආයෝජකයන් වන මැල්වත්ත සමාගම කියයි. 26 February 2021
රුසියාවේ-චීනයේ එන්නත් එපායි හෙද නිලධාරීහු කියති රුසියාව හා චීනය නිෂ්පාදනය කරනු ලබන කොරෝනා එන්නතට ලෝක සෞඛ්‍ය සංවිධානයේ අනුමැතිය ලැබී නැති නිසා, එම එන්නත ලබානොගන්නා ලෙස රජයේ හෙද නිලධාරීන්ගේ සංගමය රජයෙන් ඉල්ලා සිටී. 26 February 2021
මෛත්‍රී ගුණරත්නගේ පුතාට පහරදුන් පොලිසියේ නිලධාරින්ගේ වැඩ තහනම් කරන්න උපදෙස් පෑලියගොඩ පොලිසියේ දී නීති ශිෂ්‍යයකුට පහරදීමේ සිද්ධිය පිළිබඳව වහාම පරීක්ෂණයක් පවත්වා අදාළ පොලිස් නිලධාරින් වැඩ තහනම් කරන ලෙසට ඇමැති සරත් වීරසේකර මහතා පොලිස්පතිවරයාට උපදෙස් දී තිබේ. 26 February 2021
ලක්ෂ 10 ක අධික කේරල ගංජා සමඟ පුද්ගලයෙක් අත්අඩංගුවට මාලබේ පිට්ටුගල හන්දිය අසල සිදුකළ වැටලීමක දී රුපියල් ලක්ෂ දහයකට අධික වටිනා කේරළ ගංජා සමඟ පුද්ගලයකු අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කියයි. 26 February 2021
පාස්කු කොමිෂන් වාර්තාවේ අඩුපාඩු රැසක් - රනිල් පාස්කු ප්‍රහාරයේ ඇත්ත කරුණු කිසිවක් හෙළි නොකළ ජනාධිපති කොමිෂන් සභා වාර්තාව “එක රටක් එක නීතියක්” වැනි දේශපාලන පක්ෂ ප්‍රතිපත්ති ප්‍රකාශය හා සමාන නිකන්ම නිකන් ලියවිල්ලක් පමණක් බව එක්සත් ජාතික පක්ෂ නායක හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා කොළඹදී අද පැවසීය. 25 February 2021
අද කොරෝනා මරණ 2 යි : ආසාදිතයන් 464 යි කොවිඩ්-19 වයිරසය ආසාදනය වීම හේතුවෙන් තවත් පුද්ගලයන් දෙදෙනෙකු මරණයට පත්ව ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල්වරයා අද (25 වැනිදා) තහවුරු කරයි. 25 February 2021
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026