අමාරු කාලයේ ජනතාවට පිහිටවූ සුළු වෙළෙන්ඳාගේ ඉරණම කොවිඩ්-19 වසංගතය ව්‍යාප්තිය පාලනය කිරීමට රට පුරා පොලිස් ඇඳිරි නීතිය පැනවීය. නිවෙස්වලට කොටු වූ ජනී ජනයාට එදිනෙදා බඩු භාණ්ඩ මිල දී ගැනීමට නිසි පිළිවෙළක් නොතිබුණි. උවමනා දේ මිල දී ගත්තේ ජංගම ව්‍යාපාරිකයන්ගෙනි. වාහන ශබ්දයක් ඇසෙන තෙක් මහ පාර දෙස බලාගෙන සිටියහ. අන්තර් ජාලය හරහා ඇණවුම් කළ හැකි බව සුපිරි වෙළඳ ජාලාවලින් ප්‍රකාශ කරන ලද නමුත් අවසානයේ දී සාර්ථක වුයේ නැත. නිවෙස අසලටම පැමිණ යමක් විකුණා යන වෙළෙන්දෝ ප්‍රසාදය දිනා ගත්හ. 18 June 2020
පුස්තකාලයේ පොතුත් නිරෝධායනයේ කොරෝනා ව්‍යසනයෙන් පසුව පාඨකයින්ට සදහා නිකුත් කරන පොත් සතියක් නිරෝධායනය කර බැහැරව ගෙනයාමට දීමේ නවතම වැඩසටහනක් අද (18 ) බලපිටිය ප්‍රාදේශීය සභා මහජන පුස්ථකාලය ආරම්භ කලේය. 18 June 2020
මැතිවරණ කාර්යාලවලත් අපේක්ෂක කටවුට් තහනම් මැතිවරණ කාර්යාලවල අපේක්ෂකයන්ගේ කටවුට් ප්‍රදර්ශනය කිරීමට මෙවර ඉඩ නොදෙන බව මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා දේශපාලන පක්ෂවල ලේකම්වරුන්ට හා නියෝජිතයන්ට ඊයේ (17) දැනුම් දී ඇත. 18 June 2020
ව්‍යාපාර නංවන්න බැංකුවලින් කෝටි 11,500 ක ණයක් ව්‍යාපාර කේෂ්ත්‍රය සඳහා වාණිජ බැංකුවලින් රුපියල් කෝටි 11500 ක අතිරේක ණය මුදලක් නිකුත් කිරීමට හැකියාව ලැබෙන පරිදි ශ්‍රී ලංකා මහ බැංකුව නව ක්‍රමවේදයක් පෙරේදා (16) සිට හඳුන්වා දී තිබේ. 18 June 2020
කඩාවැටුණු ව්‍යාපාරවලට 4% පොලියට ණය කොරෝනා ව්‍යසනයෙන් කඩාවැටුණු ව්‍යාපාරවලට සියයට 4 ක සහන පොලී අනුපාතයක් මත ණය නිකුත් කිරීම සඳහා පියවර ගන්නැයි ශ්‍රී ලංකා මහ බැංකුව වාණිජ බැංකුවලට උපදෙස් ලබාදී තිබේ. 18 June 2020
මහ මැතිවරණ වියදම කෝටි 700 සිට 1000 ට නඟී මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණය සඳහා රුපියල් කෝටි 1,000 ක පමණ මුදලක් වැය වනු ඇතැයි මැතිවරණ කොමිසම ඊයේ (17) පස්වරුවේ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට දැනුම් දී තිබේ. 18 June 2020
මුල්‍ය-ලීසිං සමාගම්වල අක්‍රමිකතා සොයන්න ත්‍රිපුද්ගල කමිටුවක් මූල්‍ය සමාගම් සහ ලීසිං සමාගම්වල සිදුවන අක්රමිකතාවයන් සහ නීති විරෝධී ක්‍රියාවන් සොයා බලා වාර්තා කිරීමට මහ බැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී ලක්ෂ්මන් මහතා විසින් ත්රීපුද්ගල කමිටුවක් පත්කරනු ලැබ ඇත. 18 June 2020
ලුණු සභාපති ලක්ෂ 2 ක දුරකතනයක් අරන් රටේ ජනාධිපති තම වැටුප කොරෝනා අරමුදලට පරිත්‍යාග කරද්දී ලුණු සංස්ථාවේ සභාපතිවරයා සංස්ථාවේ මුදලින් රුපියල් ලක්ෂ දෙකක් වටිනා ජංගම දුරකතනයක් මිලදී ගෙන ඇතැයි ද තංගල්ල නගර සභාවේ මන්ත්‍රී චින්තක කැළුම් (ජවිපෙ) මහතා පැවැසීය. 18 June 2020
තේ ප්‍රවර්ධන හා අලෙවි බද්ද අයකිරීම මාස 6කට අත්හිටුවයි තේ අපනයනය කිරීමේදී තේ ප්‍රවර්ධන හා අලෙවි බද්ද අය කිරීම මාස 6ක කාලයක් සඳහා තාවකාලිකව අත්හිටුවීමට කැබිනට් මණ්ඩලයේ තීරණය කර ඇත. 18 June 2020
වාහනවලින් ඉගිලෙන මග මරුවන්ට දෙන දඬුවම් මදි බම්බලපිටිය තුම්මුල්ල ප්‍රදේශයේ දී සිදු වූ ඩිෆෙන්ඩර් - යතුරු පැදි ගැටුමෙන්, යතුරු පැදියේ ගමන් කළ රාජ්‍ය බුද්ධි සේවයට අනුයුක්තව රාජකාරි කළ ආධුනික පොලිස් කොස්තාපල් සිතුම් දුලීප යොමාල් අලහප්පෙරුම මහතා මිය ගියේය. ඔහු සමග යතුරු පැදියේ ගමන් කළ පොලිස් නිලධාරියා ද බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි මාධ්‍ය වාර්තාවල සඳහන්ය. ඩිෆෙන්ඩර් රථය පැදවූ නීති ශිෂ්‍යයා බීමතින් සිටි බවට තහවුරු වූ බවත් ඔහු රිමාන්ඩ් බාරයට පත් කර ඇති බවත් අප පුවත්පත වාර්තා කළේය. 18 June 2020
පොලීසිය යැයි පවසා චීන ජාතිකයාගෙන් මුදල් පැහැරගත් භාෂා පරිවර්තක සහ තවත් අයෙක් අත්අඩංගුවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් නිලධාරීන් යැයි පවසා රුපියල් 10,00000 සහ සිගරට් කාටූන් 6 ක් චීන ජාතිකයෙකුගෙන් බලෙන් ලබා ගත් පුද්ලගයින් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. 18 June 2020
අම්බලන්ගොඩ ධීවරයින්ට කොරෝනා රතු නිවේදන කෝවිඩ්-19 ආසාධිතයින් ධීවර යාත්‍රා ආධාරයෙන් ඉන්දියාව ඇතුලු අනෙක් රටවලින් අම්බලන්ගොඩට සංක්රමණයවීම වැලැක්වීමට ධීවරයින් දැනුම්වත් කිරීමේ රතු නිවේදන අම්බලන්ගොඩ පොලීසිය විසින් අම්බලන්ගොඩ ධීවර වරායේ ප්‍රසිද්ධ ස්ථානවල ඇලවීමේ කටයුතු සිදු කලේය. 18 June 2020
හොන්ඩුරාස් ජනාධිපතිට කොරෝනා හොන්ඩුරාස් ජනාධිපති යුවාන් ඕර්ලන්ඩෝ හර්නැන්ඩස් ට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි විදෙස් පුවත් සේවා වාර්තා කරයි. 17 June 2020
ඉකුත් වසරේ මහ භාණ්ඩාගාරයේ කෝටි 19,660ක බිල්පත් ගෙවා අවසන් ඉකුත් වසරේ නොගෙවා මහ භාණ්ඩාගාරයේ ගොඩගැසී තිබූ හිඟ බිල්පත්වලින් රුපියල් කෝටි 19,660ක බිල්පත් ගෙවා අවසන් කර ඇතැයි මුදල් අමාත්‍යාංශ වාර්තා සඳහන් කරයි. 17 June 2020
ත්‍රිපෝෂ හදන්න යොදය සහිත කිරිපිටි මෙට්‍රික් ටොන් 720ක් දේශීය නිෂ්පාදකයන්ගෙන් මිලට ගනී ත්‍රිපෝෂ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය සම්පූර්ණ යොදය සහිත කිරිපිටි මෙට්‍රික් ටොන් 720ක් දේශීය නිෂ්පාදිතකයන්ගෙන් තරගකාරී මිල ගණන් යටතේ මිලදී ගැනීමට සෞඛ්‍ය අමාත්‍යාංශය තීරණය කර ඇත. 17 June 2020
කංජිපානි ඉම්රාන්ගේ පියාට තියුණු ආයුධයකින් පහර දී තුවාල ලබා රෝහලේ බන්ධනාගාර ගත කර සිටින ප්‍රබල පාතාල නායකයකු වන කංජිපානි ඉම්රාන්ගේ පියාට මාලිගාවත්ත ප්රදේශයේදීි අද(17) රාත්‍රියේ තියුණු ආයුධයකින් පහරදීම හේතුවෙන් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කරයි. 17 June 2020
ඕස්ට්‍රේලියාවේ දේශසීමා විවෘත කෙරෙන්නේ 2021 දී නව කොරෝනා වයිරසය හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයේ ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා වසා දැමුණු දේශසීමා නැවත විවෘත කෙරෙන්නේ ලබන වසරේදී යැයි ඔස්ට්‍රේලියාවේ වෙළෙඳ අමාත්‍ය සිමන් බර්මින්හැම් අද (17) පැවැසීය. 17 June 2020
එමිරේට්ස් ශ්‍රී ලංකාවෙන් පිටත ගුවන් ගමන් අරඹයි එමිරේට්ස් ගුවන් සේවය මෙම මස 20 වැනිදා සිට නැවතත් ශ්‍රී ලංකාවෙන් පිටතට මගී ගුවන් ගමන් ආරම්භ කරන බව එම සමාගම පවසයි. 17 June 2020
විදෙස් සංචාරකයින්ට පොදු ප්‍රවාහනය තහනම් විදෙස් සංචාරකයින් මෙරටට ගෙන්වා ගැනීම අගෝස්තු 01 දා සිට ආරම්භ වන අතර එසේ පැමිණෙන අයට පොදු ප්‍රවාහන සේවා භාවිතයට ඉඩ නොලැබෙන බවත්, පී.සී.ආර් පරීක්ෂණ කිහිපයකට ලක්වීමට සිදුවන බවත් ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරියේ සභාපතිනි කිමාලි ප්‍රනාන්දු මහත්මිය පැවසුවාය. 17 June 2020
හොන්ඩුරාස් රාජ්‍යයේ ජනාධිපතිට කොරෝනා හොන්ඩුරාස් රාජ්‍යයේ ජනාධිපති ජුවාන් ඕර්ලන්ඩෝ මහතාට කොරෝනා වෙරසය ආසාදනය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. 17 June 2020
බීජිං නුවර ගුවන් ගමන් 1,255ක් අවලංගුයි චීනයේ බීජිං අගනුවරින් නව කොරෝනා ආසාදිත පොකුරු හමුවීමත් සමඟ පාසල් වසා දැමීමටත් ගුවන් ගමන් අවලංගු කිරීමට එරට බලධාරීහු පියවර ගත්හ. 17 June 2020
මිහින් ලංකා සමාගම ගත් බැංකු ණය කෝටි 518 දක්වා ඉහළට මිහින් ලංකා ගුවන් සමාගම ප්‍රධාන පෙළේ රාජ්‍ය බැංකු දෙකෙන් ලබාගෙන ඇති ණය ප්‍රමාණය රුපියල් කෝටි 518 ක් දක්වා ඉහල ගොස් ඇතැයි මුදල් අමාත්‍යංශ වාර්තා සඳහන් කරයි. 17 June 2020
බස් රථ මිලදී ගැනීමේදී සියයට 4 ක සහන ණයක් පෞද්ගලික බස් රථ බස් රථ කර්මාන්තය නංවාලීම සඳහා බස් රථ මිලදී ගැනීමට 4 % ක සහන පොලී පදනම යටතේ ණය මුදල් ලබාදීමට අද (17) දින රැස්වූ අමාත්‍ය මණ්ඩලය තීරණය කළ බව මගී ප්‍රවාහන කළමනාකරණ සහ විදුලිබල බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය. 17 June 2020
පාකිස්තානයේ රෝහල් පිරෙයි පාකිස්තානයෙන් දිනපතා වාර්තා වන කොරෝනා ආසාදිතයන්ගේ ගණන මෙන්ම කොරෝනා ආසාදිත මරණ ගණන ද වේගයෙන් ඉහළ යමින් තිබේ. 17 June 2020
ප්‍රමුඛතා මංතීරූ දෙවන අදියර බොරැල්ලේ සිට පිටකොටුව දක්වා වාහන තදබදය අවම කිරීමේ අරමුණින් කොළඹ නගරයේ ක්‍රියාත්මක ප්‍රමුඛතා මන්තීරු ලබාදීමේ වැඩපිළිවෙළේ දෙවන අදියර බොරැල්ල සිට පිටකොටුව දක්වා ක්‍රියාත්මක කරන බව මගී ප්‍රවාහන කළමනාකරණ සහ විදුලිබල බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසීය. 17 June 2020
‘’විදුලි බිල්පත වාරික වශයෙන් ගෙව්වත් විදුලිය විසන්ධි කරන්නේ නෑ’’ විදුලි බිල්පත් ගෙවීමේ දී අවසන් බිල වාරික කිහිපයකින් ගෙවීමට අවසර ලබාදෙන ලෙසට විදුලිබල බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ලංකා විදුලි බල මණ්ඩලය වෙත උපදෙස් ලබාදි තිබේ. 17 June 2020
බන්ධනාගාරයට ගෙන ගොස් හෙරොයින් ජාවාරමේ නියැලුණු කාන්තාවක් ජීවීතාන්තය දක්වා හිරේට වැලිකඩ බන්ධනාගාරය තුළට හෙරොයින් ග්රැම් 03 ක් ගෙන ගොස් ජාවාරම් කිරීමේ චෝදනාවට වරදකරු වු 60 හැවරිදි කාන්තාවකට කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා ජීවීතාන්තය දක්වා වු බරපතල වැඩ සහිත සිරදඬුවමක් අද (17) නියම කළේය. 17 June 2020
පැය 24ක් ඇතුළත ඉන්දියාවෙන් කොරෝනා ආසාදිත මරණ 2,000ක් ඉන්දියාවෙන් අද (17) පස්වරුවෙන් අවසන් වූ පැය 24 ක කාලයේදී කොරෝනා ආසාදිත මරණ 2,000ක් වාර්තා විය. පැය 24ක් ඇතුළත ඉන්දියාවෙන් වාර්තා වූ වැඩිම කොරෝනා ආසාදිත මරණ ගණන එය වූ අතර එම සංඛ්‍යාව 2, 003ක් ලෙස දැක්විණි. 17 June 2020
‘’රට විරුවන් අද කොරෝනා බෝම්බ වෙලා’’ වත්මන් ආණ්ඩුවට ජනාධිපතිවරණයට පෙර රට විරුවන් වූ විදෙස් ශ්‍රමිකයන් ජනාධිපතිවරණයෙන් පසු කොරෝනා බෝම්බ බවට පත්වූ බව හිටපු පාර් ලිමේන්තු මන්ත්‍රී හිරුණිකා ප්‍රේමචන්ද්‍ර මහත්මිය කොළඹදී පැවසුවාය. 17 June 2020
පර්පෙචුවෙල් ටෙෂරීස් සමූහයේ තවත් අධ්යක්ෂවරයකුට වරෙන්තු ශ්‍රී ලංකා මහ බැංකුවේ බැඳුම්කර වෙන්දේසි දෙකකදි රුපියල් බිලියන 52ක් සාවද්‍ය පරිහරණය කළැයි කියන සිද්ධියට අදාළ නව පැමිණිල්ලක් සම්බන්ධයෙන් හිටපු මහ බැංකු අධිපති ලක්ෂ්මන් අර්ජුන් මහේන්ද්‍රන් සහ පර්පෙචුවෙල් ටෙෂරීස් සමාගම් සමූහයේ අධ්යක්ෂවරයකු වූ අජාන් ගාර්දියෙ පුංචිහේවා යන අය වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස නියම කරමින් කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා අද (17) වරෙන්තු නිකුත් කළේය. 17 June 2020
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026