‘කොටි ‘ සමරන්න අවස්ථාවක් දෙන්න බැහැ’ උතුරේ ආරක්ෂක අංශ කොටි සමරන්නට එන අය ආපසු හරවා ඇත්තේ නිරෝධායනයට යවන බව කියමින් වුවත් කොරෝනා වසංගතය නැතත් කොටි සමරන්නට දිය නොහැකි බව තම ස්ථාවරය යැයි පිවිතුරු හෙළ උරුමය නායක උදය ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය. 19 May 2020
වැස්සෙන් රත්නපුරේ මරණ දෙකක් වැසි සහිත කාලගුණ තත්ත්වය හේතුවෙන් රත්නපුර දිස්ත්‍රික්කයේ අද (19) දහවල් වනවිට මරණ දෙකක් වාර්තා වූ බව රත්නපුර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ ප්‍රකාශකයෙක් පැවසීය. 19 May 2020
ලෝක සෞඛ්‍ය සංවිධානයට ට්‍රම්ප් අනතුරු අඟවයි දින30ක් ඇතුළත් ප්‍රගතියක් පෙන්නුම් නොකළහොත් ලෝක සෞඛ්‍ය සංවිධානයට අරමුදල් සැපයීම සම්පූර්ණයෙන්ම නවතා දමන බව ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේදී ප්‍රකාශ කළේය. 19 May 2020
නිවස නාය ගොස් නව හැවිරිදි දරුවා මරුට පවතින අධික වර්ෂාවත් සමග වෙිවැල්වත්ත බටෙිවෙල ප්‍රදේශයේ නිවසක කොටසක් නාය යැම හේතුවෙන් අද (19) දහවල් වයස අවුරුදු 09 පිරිමි දරුවෙකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි . 19 May 2020
රාජිතගේ ප්රතිශෝධන පෙත්සම් සම්බන්ධයෙන් අභියාචනාධිකරණයෙන් නීතිපතිට නොතීසි සුදු වෑන් වලින් පුද්ගලයන් පැහැරගෙන කිඹුලන් ගහන වැවකට දැමූ බවට ඉකුත් වසරේ පැවති ජනාධිපතිවරණයට පෙර මාධ්‍ය හමුවක් පැවැත්වූයේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ගෙන සිටි තමන්ට ඇප ලබා දුන් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය දුන් නියෝගය අවලංගු කරමින් තමන් යළි රිමාන්ඩ් බාරයට පත් කරන ලෙසට මහාධිකරණ තීන්දුව නීතිවිරෝධී බවත් , එම තීන්දුව ප්‍රතිශෝධනය කරන ලෙස ඉල්ලා රාජිත සේනාරත්න මහතා ගොනු කළ ප්රතිශෝධන පෙත්සම් සම්බන්ධයෙන් කරුණු දැක්වී 19 May 2020
කොරෝනා සැදී සිටි වයස්ගතම ආසාදිතයා සුවය ලබයි කොවිඞ් 19 වයිරසය ආසාදනය වී මෙරට රෝහලකට ඇතුල් කළ වයස්ගතම රෝගියා වන 94 හැවිරිදි පාතිමා සම්පූර්ණ සුවය ලබා ඉකුත් දා අයි ඞී එච් රෝහලෙන් පිටව ගියාය. 19 May 2020
හිටපු ඇමැති මංගල අපරාධ කොට්ඨාසයේ ප්‍රකාශයක් දෙයි හිටපු මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා මේ වන විට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ ප්‍රකාශයක් ලබාදෙමින් සිටින බව එහි උසස් නිලධාරියෙක් ‘ලංකාදීපයට’’ පැවසීය. 19 May 2020
නාවලපිටිය ජලයෙන් යට වෙයි මධ්‍යම කදුකරයට ඇද හැලෙන අධික වර්ෂාවත් සමග නාවලපිටිය නගරයෙන් කොටසක් අද(19) දින ජලයෙන් යට වු බව නාවලපිටිය පොලිසිය පැවසිය. 19 May 2020
රංජන් රාමනායක කොළඹ අපරාධ කොට්ඨාසයට පුද්ගලයන් දෙදෙනෙකුගේ නඩු සම්බන්ධ ලිපි ගොනු දෙකක් සන්තකයේ තබා ගැනීම පිළිබඳ ප්‍රශ්න කිරීම සඳහා හිටපු රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා කොළඹ අපරාධ කොට්ඨාසය වෙත අද (19) කැඳවූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. 19 May 2020
රත්නපුරේ අධි අවදානම් කලාපවල ජනතාව ඉවත් කෙරේ රත්නපුර දිස්ත්‍රික්කයට ලැබුණු වර්ෂාපතනය මිලිමීටර් 150 ඉක්මවා ඇති බැවින් එම දිස්ත්‍රික්යේ අයගම, රත්නපුර, ඇලපාත, කලවාන සහ කිරිඇල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට ගොඩනැගිලි පර්යේෂණායතනය මගින් නායයෑමේ රතු නිවේදන නිකුත් කර තිබේ. 19 May 2020
කළු ගගේ ජල මට්ටම ඉහළට කළු ගංගා ද්‍රෝණියට පසුගිය පැය 24 තුළ ඉහළ වර්ෂාපතනයක් ලැබී ඇති බැවින් කළු ගංගාවේ සහ අතු ගංගාවල ජල මට්ටම ඉහළ යමින් පවතින බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 19 May 2020
ගිං ගඟ ඉහළ ප්‍රදේශයේ ගංවතුර තත්ත්වයක් නෙළුව, තවලම හා සිංහරාජ වනාන්තර ප්‍රදේශයට ඊයේ (18) රාත්‍රී සිට ඇතිවූ අධික වැසි හේතුවෙන් මේ වනවිට ගිං ගඟ ඉහල ප්‍රදේශවල සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවී තිබෙන බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි. 19 May 2020
කෙසෙල්ගමුඔය පිටාර ගැලීමෙන් වතු නිවාස 14 ක් ජලයෙන් යට වෙයි මහඑලිය රක්ෂිතයේ සිට කාසල්රි ජලාශය දක්වා ජලය ගලා බසිනා කෙසෙල්ගමුඔයේ ජල මට්ටම ඉහල යාමෙන් බගවන්තලාව ප්‍රදේශයේ වතු කම්කරු නිවාස 14ක් අද (19) දින ජලයෙන් යට වි ඇති බව බගවන්තලාව පොලිසිය පැවසිය. 19 May 2020
රත්නපුරේට සුළු ගංවතුර තත්ත්වයක් ඇදහැලූණු මහ වැසි හේතුවෙන් කළු ගඟේ ජල මට්ටම රත්නපුර මුවගම ජලමාපකයේ අද (19) පෙරවරු 11.00 වනවිට මීටර් 07.50 ( අඩි 24 අගල් 07) සීමාව ඉක්මවීය. 19 May 2020
බලන්ගොඩ බස්නැවතුම්පොළ ජලයෙන් යට වෙයි බලන්ගොඩ නගරය හරහා ගලා යන දොර වෙල ගග ඉතිහාසයේ ප්‍රථම වතාවට පිටාර ගැලිම හේතුවෙන් බලන්ගොඩ නගරයේ ප්‍රධාන බස් නැවතුම්පොළ අද (19) දහවල් ජලයෙන් යට වි ඇත. 19 May 2020
හිටපු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන කොළඹ අපරාධ කොට්ඨාසයට ගම්පහ දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතාට අපහාස වන අයුරින් ඔහුගේ රුවට සමාන ඡායාරූප යොදා සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ සංසරණය වන වීඩියෝ පටය සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා දීම සඳහා අද (19) දෙවැනි දිනටත් කොළඹ අපරාධ කොට්ඨාසය වෙත පැමිණි බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. 19 May 2020
ඇඳිරියේ සුපිරි වෙළදසැල් කඩා ලක්ෂ 10ක් සොරා ගත් දෙදෙනෙක් අත්අඩංගුවට ඇඳිරිනීතිය පැවැති පසුගිය මාස දෙකක කාලය තුල කිරුළපන සුපිරි වෙළඳ සංකීර්ණයේ තොග භාණ්ඩ අලෙවි මධ්‍යස්ථානයක් කඩා අවස්ථා පහලවක දී රුපියල් ලක්ෂ දහයකට ආසන්න භාණ්ඩ සොරා ගත් පුද්ගලයින් දෙදෙනෙකු (19) දා අලුයම අත්අඩංගුවට ගත් බව කිරුලපන පොලීසිය පවසයි . 19 May 2020
ඉකුත් 24 පැයේ වැඩිම වර්ෂාපතනය නෙලුවට අද දින (19) උදේ 8.30 අවසන් වූ ඉකුත් පැය විසි හතරක කාලය තුළ දී දිවයිනේ වැඩිම වර්ෂාපතනය ගාල්ල නෙලුව ප්‍රදේශයෙන් වාර්තා වූ බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි. 19 May 2020
විමලසුරේන්ද්‍ර සහ ලක්ෂපාන ජලාශ වාන් දමයි මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල පිහිටි ජල පෝෂක ප්‍රදේශවලට අද(19) දින අලුයම සිට යලිත් ඇද හැලුණු අධික වර්ෂාවත් සමග නොටන්බ්‍රිජ් විමලසුරෙන්ද්‍ර ජලාශය වාන් දැමිමට පටන්ගෙන ඇති අතර , ලක්ෂපාන ජලාශයේ වාන් දොරටු දෙකක් විවෘත කර ඇත. 19 May 2020
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනාගමනය නවතී හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයට ස්ථාන කිහිපයකින් පස් කදු කඩා වැටිමෙන් එම මාර්ගයේ ගමනාගමන කටයුතු සම්පුර්ණයෙන්ම නතර වී ඇති බව පොලිසිය පවසයි. 19 May 2020
මහමැතිවරණයට එරෙහි පෙත්සම් සලකා බැලීම දෙවැනි දිනයටත් පාර්ලිමේන්තු මැතිවරණය ලබන ජුනි 20 පැවැත්වීම සඳහා නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය සහ ජනාධිපතිවරයා විසින් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කර තිබෙන ගැසට් නිවේදනය බලරහිත කරන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් දෙවන දිනයටත් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ සලකා බැලීම මේ වන විටත් සිදු කෙරෙමින් පවතී. 19 May 2020
ඇල්ලේ දී ලොරියක් පෙරැලී රියදුරු මරුට ඇල්ල වැල්ලවාය මාර්ගයේ ඊයේ (18) දින රාත්‍රී ලොරි රථයක් පාර හරහා පෙරැලී යාමෙන් එහි රියදුරු එම ස්ථානයේදීම මියගොස් රිය සහායක බරපතල තුවාල ලබා රෝහල් ගත කල බව පොලීසිය කියයි. 19 May 2020
උඩරට මාර්ග භාවිතයේදී අවධානයෙන් කටයුතු කරන්නැයි උපදෙස් මධ්‍යම කඳුකරයේ දැනට පවතින වැසි සහිත කාලගුණික තත්ත්වය හේතුවෙන් උඩරට මාර්ග භාවිතා කිරීමේදී ඒ පිළිබඳව දැඩි අවධානයෙන් යුතුව කටයුතු කළ යතු බව උඩරට පොලීසි රථ වාහන රියදුරන්ගෙන් ඉල්ලා සිටී. 19 May 2020
තවත් ආසාදිතයින් 6 ක් හමුවෙයි කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 992 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 18 May 2020
බලන්ගොඩ බස් අනතුරින් ගැබිණි මවක් ඇතුළු 5ක් රෝහලේ බළන්ගොඩ සිට මුල්ගම බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් අද (18 ) පස්වරුවේ ලිස්සායාමෙන් සිදුවූ අනතුරතින් ගැබිණි මවක් ඇතුළු 05 දෙනෙක් තුවාළ ලබා බළන්ගොඩ මූලික රෝහළට ඇතුළත් කර ඇත. 18 May 2020
යුද්ධයෙන් මිය ගිය පිරිස් සිහි කර පහන් දැල්වූ දෙදෙනෙකු අත්අඩංගුවට යුද්ධයෙන් මිය ගිය පිරිස් සිහිකරමින් පුත්තලම නගරයේ පහන් දැල්වු පුද්ගලයින් දෙදෙනෙකු පුත්තලම මුලස්ථාන පොලිසිය විසින් අද ( 18 ) අත්අඩංගුවට ගෙන තිබුනී. 18 May 2020
කොරෝනා ආසාදිත සිසුවෙකු හමුවීමෙන් ප්‍රංශයේ පාසල් 7 ක් වැසේ පාසල් සිසුවෙකුට කොරෝනා වයිරසය වැළඳී ඇතැයි තහවුරු වීමෙන් පසු ප්‍රංශයේ රූබයික්ස් නගරයේ පාසල් 7 ක් වසා දැමීමට බලධාරීන් පියවර ගෙන තිබේ. 18 May 2020
බ්‍රසීලයේ රෝහල් කොරෝනා රෝගීන්ගෙන් පිරී යයි බ්‍රසීලයේ රෝහල් කොරෝනා රෝගීන්ගෙන් පිරී ඉතිරී ගොස් ඇති හෙයින් සෞඛ්‍ය පද්ධතිය බිඳ වැටීමට ඉඩ ඇතැයි ඒහි විශාලම නගරය වන සාවෝ පොලෝ හි නගරාධිපති පවසයි. 18 May 2020
ඉන්දියාවේ දිනක් තුළ ආසාදිතයින් 5,242ක් වාර්තා වෙයි අසල්වැසියන් ඉන්දියාවෙන් පැය 24ක් ඇතුළත නව කොරෝනා ආසාදිතයන් 5,242ක් වාර්තා වූයේ යැයි එරට බලධාරිහු අද (18) ප්‍රකාශ කළහ. 18 May 2020
කොරෝනා ආසාදිතයින් 986 දක්වා ඉහළට කොරෝනා අසාදිත මුළු රෝගීන් සංඛ්‍යාව 986 ක් වන බව වසංගත රෝග විද්‍යා අංශය සඳහන් කරයි. 18 May 2020
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026