කොරෝනා අසාදිත සංඛ්‍යාව 248 දක්වා ඉහළට කොරෝනා අසාදිත තවත් රෝගීන් සිව් දෙනකු අද (18) සොයාගෙන ඇතැයි සෞඛ්‍යසේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. 18 April 2020
මධ්‍යම තැපැල් හුවමාරුව විෂබීජ හරණය කරයි කොළඹ මධ්‍යම තැපැල් හුවමාරුව විශේෂ කාර්ය බළකා සෙබළුන් විසින් අද (18) විෂබීජ හරණය කළේය. 18 April 2020
ඉන්දියාවේ නාවික හමුදා කඳවුරක කොරෝනා පැතිරෙයි ඉන්දියාවේ බටහිර , මුම්බායි නගරයේ නාවික හමුදා කඳවුරක කොරෝනා වයිරසය පැතිර යන බව ඉන්දීය ආරක්ෂක නිලධාරීන් වාර්තා කර තිබේ. 18 April 2020
සහනාධාර මුදල් දෙන්න ගිය සමෘද්ධි නිලධාරියාට පහර දෙයි කොරෝනා වයිරසය හේතුවෙන් පීඩාවට පත්ව සිටින ජනතාවට සහන සැලසීම සඳහා රජය මගින් ලබාදෙන රුපියල් 5000.00 දීමනාව සහ එළවළු බීජ ඇට ලබාදී නැවත යතුරුපැදියෙන් පැමිණෙමින් සිටි කොටපොළ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ රාජකාරියෙහි යෙදී සිටි සමෘද්ධි සංවර්ධන නිලධාරියකුට ප්‍රතිලාභි යකුගේ සොහොයුරකු පල්ලෙගම ,කුඩගලහේන මංසන්ධියේ දී මුගුරකින් පහරදීම හේතුවෙන් ඔහු අද (18) ප්‍රතිකාර සඳහා දෙනියාය මූලික රෝහලට ඇතුළත් කර ඇති බව දෙනියාය පොලිසිය කියයි. 18 April 2020
ප්‍රංශයේ කොරෝනා මරණ 18000 පනී නිල සංඛ්‍යා දත්තවලට අනුව ප්‍රංශයේ කොරෝනා මරණ ගණන 18,000 ඉක්මවා ගොස් ඇත. 18 April 2020
ලොව පුරා කොරෝනා මරණ 150,000 ඉක්මවයි ’කොවිඩ්-19’ වසංගතය හේතුවෙන් ලොවපුරා මියගිය ගණන 150,000 ඉක්මවා ගොස් ඇත. 18 April 2020
ආසාදිතයන් සංඛ්‍යාව 244 දක්වා ඉහළට ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 244 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි. 17 April 2020
මහජන සෞඛ්‍ය පරීක්ෂකයකු ලෙස පෙනී සිට නිරෝධායන නිවෙස්වලට ගිය අයෙක් අත්අඩංගුවට මහජන සෞඛ්‍ය පරික්ෂකවරයකු ලෙස පෙනි සිටිමින් ස්වයං නිරෝධායනය වෙමින් සිටින නිවාස පහකට ගොස් උපදෙස් ලබාදුන් බව කියන පුද්ගලයකු අද (17) අත්අඩංගුවට ගත්බැව් වදුරඹ පොලිසිය පවසයි. 17 April 2020
කොරෝනා ව්‍යාප්තිය පාලනය කළ බව ජර්මනිය කියයි ජර්මනිය තුළ කොරෝනා වෛරසය පැතිරීම මේ වන විට පාලනය කර ඇති බවත් එය කළමනාකරණය කළ හැකි මට්ටමට පත්කර ගෙන ඇති බවත් එරට සෞඛ්‍ය අමාත්‍ය ජෙන්ස් ස්පෑන් මහතා පවසයි. 17 April 2020
කොරෝනා ලොව පුරා රටවල් 214කට ව්‍යාප්ත වෙයි චීනයේ හුබෙයි පළාතේ වූහාන් නගරයෙන් ව්‍යාප්ත වීම ආරම්භ වූ ‘කොවිඩ්-19’ හෙවත් නව කොරෝනා වයිරසය ඉකුත් 15 වැනිදා වනවිට රටවල් 214කට ව්‍යාප්ත වී ඇතැයි රොයිටර්ස් පුවත් සේවය වාර්තා කළේය. 17 April 2020
තවත් චීන ගුවන් යානයක් වෛද්‍ය ආධාර තොගයක් රැගෙන කටුනායකට ශ්‍රී ලංකාවේ පැතිර පවතින කොරෝනා වසංගත තත්වය මර්දනය කිරීම සදහා වෛද්‍ය ආධාර තොගයක් රැගෙන චීනයේ සිට ගුවන් යානයක් අද (17) රාත්‍රී කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණ තිබේ. 17 April 2020
ඇදිරිය කැඩු 343 ක් අත්අඩංගුවට ගෙවුණු පැය 6 තුළ ඇඳිරි නීතිය කඩ කිරීම සම්බන්ධයෙන් පුද්ගලයන් 343 සහ වාහන 122 අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී ජාලිය සේනාරත්න මහතා පැවසීය. 17 April 2020
පුත්තලමට එන යන වාහන නාත්තන්ඩිය ප්‍රා. සභාව විෂබීජහරණය කරයි පුත්තලම දිස්ත්‍රික්කයට ඇතුල්වන හා පිටවන සියලුම වාහන ස්ථාන දෙකකදී විෂබිජහරණය කිරිමට නාත්තන්ඩිය ප්‍රාදේශීය සභාව අද (17 ) ආරම්භ කර තිබේ. 17 April 2020
ඉකුත් 24 පැයේ ඇමෙරිකාවේ කොරෝනා මරණ 4500 ක් බ්‍රහස්පතින්දා (17) රාත්‍රියෙන් අවසන් වූ පැය 24ක කාලයේදී කොරෝනා වයිරසය හේතුවෙන් ඇමෙරිකා එක්සත් ජනපදයේ 4,500කට ආසන්න පිරිසක් මියගිය බව විදෙස් පුවත් සේවා වාර්තා කරයි. 17 April 2020
චීනයේ ආර්ථික වර්ධන වේගය පහළට ලොව දෙවැනි විශාලම ආර්ථිකයට හිමිකම් කියන චීනයේ ආර්ථික වර්ධන වේගය අඩ සියවසකට පසු පළමු වරට මේ වසරේ මුල් මාස තුනේදී දී පහළ වැටී ඇත. 17 April 2020
කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාර කළ කත ලක්ෂ 5 ශරීර ඇපයක් මත මුදා හරියි කොරෝනා වයිරස නිවාරණය සම්බන්ධයෙන් අසත්‍ය ප්‍රචාර අන්තර්ජාලය ඔස්සේ ප්‍රචාරය කළැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් සැකකාරියක් රුපියල් ලක්ෂ 5 ක ශරීර ඇපයක් මත මුදා හරින ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (17) නියෝග කළේය. 17 April 2020
කල් ඉකුත් වූ රියදුරු බල පත්‍ර කොරෝනා අවසන් වන තුරු වලංගුයි කල් ඉකුත් වූ රියැදුරු බලපත්‍ර වලංගු කාලසීමාව කොරෝනා වයිරස් තත්ත්වය අවසන් වන තෙක් දීර්ඝ කිරීමට පියවර ගන්නා ලෙසට අමාත්‍ය මහින්ද අමරවීර මහතා මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ. 17 April 2020
කොරෝනා අසාදිත සංඛ්‍යාව 241 දක්වා ඉහළට කොරෝනා ආසාදිත තවත් පුද්ගලයින් තිදෙනකු අද ( 17) හමු වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. 17 April 2020
අග්නිදිග ආසියාවේ වැඩිම කොරෝනා ආසාදිතයන් වාර්තා වු රට ඉන්දුනිසීයාව වැඩිම කොරෝනා ආසාදිතයන් පිරිසක් සිටින අග්නිදිග ආසියානු රට බවට ඉන්දුනීසියාව පත්ව ඇත. 17 April 2020
නාගරික සංවර්ධන අධිකාරියේ ඉඩමක් ගොවිතැනට ලබා දෙයි නාගරික සංවර්ධන අධිකාරිය සතු මාදිවෙල ප්‍රදේශයේ පිහිටි අක්කර 34 ක ඉඩමක් ගොවිතැන් සදහා ලබා දීමට එම අධිකාරිය පියවර ගෙන ඇත. 17 April 2020
ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් අප්‍රිකානු මහද්වීපයට අනතුරු ඇඟවීමක් මාස තුනත් හයත් අතර කාලයක් ඇතුළත අප්‍රිකානු මහද්වීපයේ කොරෝනා ආසාදිතයන්ගේ ගණන ලක්ෂ 100 ඉක්මවා යනු ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය අනතුරු අඟවයි. 17 April 2020
වාප්පු ලිපිකරුවන්ගෙන් ඉල්ලීමක් වරාය අධිකාරිය තුළ මේ වනවිට ගොඩ ගැසී ඇති බහලූම් නිදහස් කර ගැනීමේ දී බහලූම් ප්‍රවාහන සේවකයින්ගේ හා වාප්පු ලිපිකරුවන්ගේ සෞඛ්‍යාරක්ෂාව තහවුරු කිරීමට පියවර ගන්නැයි වරාය භාවිතා කරන්නන්ගේ සංගම් එකමුතුව වරාය අධිකාරියෙන් හා රේගු අධ්යක්ෂ ජනරාල්වරයාගෙන් ඉල්ලීමක් කර ඇත. 17 April 2020
විදුලිසැර වැදී අයෙක් මරුට වලස්මුල්ල මොදරවාන ප්‍රදේශයේදී ජල මෝටරයක් සවි කිරීමට යාමෙන් පුද්ගලයකුට විදුලිසැර වැදී අද(17) ජීවිතක්ෂයට පත්ව ඇතැයි පොලිසිය කියයි. 17 April 2020
කොළඹ යාචකයින් නිරෝධායන මධ්‍යස්ථානවලට කොළඹ නගරය ආශ්‍රිතව ජීවත් වන යාචකයින් විෂබීජ හරණය කර ඔවුන්ගේ සෞඛ්‍ය තත්වය පරීක්ෂා කර නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කිරීමට පියවර ගන්නා බව සෞඛ්‍ය අංශ කියයි. 17 April 2020
ලොරියක් - ත්‍රී රෝද රථයක් එකිනෙක ගැටී 3 ක් රෝහලේ දක්ෂිණ අධිවෙගි මාර්ගයේ පින්නදුව දෙවට පිවිසුම් මාර්ගයේ නුගදුව වර්ණසංඥා පද්ධතිය මතදී අද (17) පස්වරුවේ ත්‍රීරෝද රථයක් හා ලොරි රථයක් එකිනෙක ගැටීමෙන් සිදු වූ අනතුරකින් තිදෙනෙකු තුවාල ලබා කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුලත්කර ඇති බව ගාල්ල වරාය පොලිසිය පවසයි. 17 April 2020
කොරෝනා ගැන සමාජ මාධ්‍ය ඔස්සේ අසත්‍ය ප්‍රචාර ගෙන ගිය කාන්තාවක් අත්අඩංගුවට කොරෝනා වසංගතය සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ විවිධ අසත්‍ය ප්‍රචාරය පළ කළ කාන්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් අත්අඩංගුවට ගත් බව පොලිස් මුලස්ථානය කියයි. 17 April 2020
නාට්‍ය ශිල්පී ශ්‍රී ලාල් අබේකෝන්ගේ අවසන් කටයුතු හෙට ප්‍රවීණ වේදිකා නාට්‍ය ශිල්පී හා ගායන ශිල්පි අභාවප්‍රාප්ත තිස්ස ශ්‍රී ලාල් අබේකෝන් මහතා( 66) ගේ දේහය පිළිබඳ අවසන් කටයුතු හෙට(18) සවස 4.00 ට නිට්ටඹුව මල්වත්ත ආදාහනාගාරයේදී සිදුකිරිමට අද(17 ) දහවල් තීරණය කෙරිණි . 17 April 2020
මැනිං වෙළෙඳපොල තවත් සතියක් වසා දැමීමට යයි මැනිං වෙළදපොළ මේ මස 22 දා විවෘත කිරීමට නියමිතව තිබුණත් තවත් සතියක් එම වෙළදෙපොල වසා තැබීමට නියමිතව ඇතැයි එහි වෛද්‍ය සංගමය කියයි. 17 April 2020
සැමියාට යකඩ මිටියකින් පහර දුන් බිරිය අත්අඩංගුවට සැමියාගේ හිසට යකඩ මිටියකින් පහර දි බරපතල තුවාල සිදු කළ බිරිඳක් අද (17) දා අත්අඩංගුවට ගෙන ඇතැයි කල්තොට පොලිසිය පවසයි. 17 April 2020
මුඛ ආවරණ ගිනි තබා විනාශ කර ෆාමසියට මුද්‍රා තබයි කෙසෙල්වත්ත බණ්ඩාරනායක මාවතේ පදිංචිව සිටි කොරෝනා ආසාදිත කාන්තාවගේ දෙවැනි පුත්‍රයා තවත් පුද්ගලයෙකු සමග පැමිණ කොහුවල සරණංකර පාරේ ෆාමසියක ට විකිණීමට භාරදී තිබූ මුඛ ආවරණ 550 ක් ගිනි තබා විනාශ කර එම ෆාමසියට මුද්‍රා තැබූ බව කොහුවල පොලිසිය කියයි. 17 April 2020
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026