ලක්ෂ 8 ක වල්ලපට්ටා සමඟ පුද්ගලයින් සිව් දෙනකු අත්අඩංගුවට බුලත්සිංහල , යටගම්පිටිය රක්ෂිතයේ වල්ලාපට්ටා කපමින් සිටි සිව් දෙනකු අද ඉංගිරිය අඩවිවන කාර්යාලය මගින් අත්අඅඩංගුවට ගෙන තිබේ. 18 February 2020
යුදහමුදාපතිගේ සංචාරක තහනම ඇමෙරිකානු දේශපාලන වුවමනාවක් යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට ඇමෙරිකා සංචාරක තහනමක් පනවනු ලැබීමෙන් එක්සත් ජනපදය උත්සාහ කරන්නේ සිය දේශපාලන වුවමනා අනුව ලංකා රජය හසුරවා ගැනීමට යැයි දෙමළ ජාතික ජනතා පෙරමුණේ නායක නීතිඥ ගජේන්ද්ර කුමාර් පොන්නම්බලම් මහතා අද (18) පැවසීය. 18 February 2020
ඩයමන්ඩ් ප්‍රින්සස් නෞකාවේ ලාංකිකයන්ට වයිරසය ආසාදනය වී නැහැ ජපානයේ යොකොහාමාහි, කොරෝනා අසාදිතයින් රැසක් වාර්තා වී තිබෙන ’’ඩයමන්ඩ් ප්‍රින්සස් ’’ නෞකාවේ යාත්‍රාවේ කාර්ය මණ්ඩලයට අයත් ශ්‍රී ලාංකිකයින් දෙදෙනාගේ තත්ත්වය සුරක්ෂිත යැයි විදේශ සබඳතා අමාත්‍යාංශය කියා සිටී. 18 February 2020
ලක්ෂ තුනක මත්පැන් සමඟ සමාජශාලා කළමනාකරු අත්අඩංගුවට කොළඹ බම්බලපිටියේ සමාජ ශාලාවක බලපත් රහිතව අලෙවිකිරීම සඳහා තිබූ රුපියල් ලක්ෂ තුනක් වටිනා විදේශීය මත්පැන් තොගයක් සමඟ එහි කළමනාකරු අද(18) අත්අඩංගුවට ගත් බව කොළඹ සුරාබදු කාර්යාලය පවසයි. 18 February 2020
ගිනි අවි බාර දෙන්න තිබූ පොදු සමා කාලයේ අවි 200 ක් බාර දෙති රට පුරා ඇති සියලුම නීතිවිරෝධී ගිනි අවි බාර දෙන ලෙසට ආරක්ෂක අමාත්‍යාංශය මගින් ප්‍රකාශයට පත්කර තිබූ සතියක සහන කාලය තුළ වලංගු බලපත්‍රයක් නොමැතිව හෝ බලපත්‍රය අලුත් කර නොමැතිව භාවිතා කරන ලද ගිනි අවි 200 ක් පොලිස් ස්ථාන වෙත බාර දී ඇති බව ආරක්ෂක අමාත්‍යාංශය පවසයි. 18 February 2020
යශෝධ රංගේ බණ්ඩාරට අත්හිටවූ සිරදඬුවම් හා දඩ රිය අනතුරක් සිදු කිරිමේ සිද්ධියක් සම්බන්ධයෙන් පවරා තිබූ නඩුවක වරදකරුවූ පුත්තලම දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතාගේ පුත් යශෝධ රංගේ බණ්ඩාර මහතාට අත්හිටවූ සිරදඬුවම් හා දඩ නියම කිරිමට හලාවත මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු මංජුල රත්නායක මහතා අද (18) නියෝග කළේය. 18 February 2020
ලංගම වෘත්තීය සමිති රතු එළි පෙන්වයි 2019 අයවැයෙන් රජයේ සේවකයන්ට ලබාදුන් රුපියල් 2500.00 අන්තර් දීමනා මුදල ලබා නොදෙන්නේ නම් ශ්‍රී ලංගම සේවකයන්ට වෘත්තීය ක්‍රියාමාර්ගවලට අවතීර්ණ වීමට සිදුවනු ඇතැයි කියමින් සමස්ත ලංකා ප්‍රවාහන සේවක සංගමය ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට අද (18) ලිපියක් යොමු කර ඇත. 18 February 2020
නිල්ගල රක්ෂිතයේ අනවසරෙන් කෙසෙල් වගාකරලා බිබිල නිල්ගල රක්ෂිත වනය තුළ අනවසරෙන් බෝග වගා කර ඇතැයි ප්‍රදේශයේ ජනතාව පවසති. 18 February 2020
වූහාන් රෝහලේ ප්‍රධාන අධ්යක්ෂවරයාත් වයිරසයෙන් මිය යයි වූහාන් නුවර ප්‍රධාන රෝහලේ අධ්යක්ෂ වෛද්‍ය ලියූ ෂිමින් මහතා අද(18) කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් මිය ගොස් ඇතැයි වාර්තා වේ. 18 February 2020
වයිරසයෙන් 1900ක් මියගිහින් - 72,000ක් ආසාදිතයි කොරෝනා වයිරසයෙන් අද(18) වනවිට 1,900ක් මිය ගොස් ඇතැයි ප්‍රංශ පුවත් සේවය පවසයි. 18 February 2020
මගී බස් රථයක ගංජා ගැසූ 4 ක් අත්අඩංගුවට මගී බස් රථ තුළ ගංජා පානය කරමින් සිටි මීගමුව- කොළඹ පෞද්ගලික බස් රථ දෙකක රියදුරු හා කොන්දොස්තරවරුන් සිව් දෙනෙකු සමඟ බස් රථ හිමිකරුවකු අත්අඩංගුවට ගත් බව කෙසෙල්වත්ත පොලිසිය පවසයි. 18 February 2020
දුම්රිය දෙපාර්තමේන්තුව මුදල් අවභාවිත කළාදැයි සොයන්නැයි ඇමැතිගෙන් උපදෙස් දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් පිරිසක් රජයේ මුදල් අවභාවිත කර ඇති බවට වෘත්තීය සමිති සන්ධානය මගින් නගන චෝදනාව සම්බන්ධව වහාම විධිමත් විමර්ශනයක් පවත්වන ලෙස ප්‍රවාහන සේවා කළමනාකරණ අමාත්‍ය මහින්ද අමරවීර මහතා අමාත්‍යංශයේ ලේකම් ගාමිණී සෙනෙවිරත්න මහතාට අද(18) උපදෙස් දුන්නේය. 18 February 2020
එම්.සී.සී ගිවිසුම හොයන කමිටුවේ මූලික වාර්තාව ජනපතිට සහශ්රක අභියෝගතා සමායතන ව්‍යාපෘතිය (MCC) හෙවත් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම සම්බන්ධයෙන් අධ්‍යයනය සඳහා පත් කළ විද්වත් කමිටුවේ මූලික වාර්තාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත භාරදීම ජනාධිපති කාර්යාලයේ දී ඊයේ (17) පස්වරුවේ සිදුකෙරිණි. 18 February 2020
ශ්‍රී ලන්කන් ලොක්කෝ හෙට කෝප් කමිටුවට ආන්දෝලනාත්මක ගුවන් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා ශ්‍රීලංකන් ගුවන් සමාගමේ ප්‍රධානීහු පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප්) හමුවට හෙට (19) කැඳවනු ලැබ සිටිති. 18 February 2020
ජිනීවා යෝජනා දෙකකින් රජය ඉවත්වෙයි යහපාලන ආණ්ඩුව 2015 සහ 2016 වසරවල දී ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාව සමග එකඟතාවකට එළඹුණු 30 – 1 සහ 40 - 1 යන යෝජනා දෙකෙන් වහාම ඉවත් වීමට රජය තීරණය කර තිබේ. 18 February 2020
කෝටි 3 ක් රන් සමඟ ධීවරයින් තිදෙනකු අත්අඩංගුවට තලෙයිමන්නාරම පදිංචි ශ්‍රී ලාංකික ධීවරයන් තිදෙනෙකු රන් තොගයක් සමඟ ඉන්දීය නාවික හමුදාව මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍යංශය අද (18) සඳහන් කළේය. 18 February 2020
බලපිටියේදී වෙඩි වැදුණු අය රෝහලේදී මිය යයි බලපිටිය වැලිවතුගොඩ ප්‍රදේශයේදි ඊයේ (17) උදෑසන වෙඩි වැදි බරපතල තුවාල ලබා කරාපිටිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයා අද (18) අලුයම මියගොස් ඇතැයි කරාපිටිය රොහල් ප්‍රකාශකයෙකු පැවසිය. 18 February 2020
පොල්තෙල් නිෂ්පාදන කම්හලක් ගිනි ගනී මාරවිල හාල්පන්විල මංසන්ධියේ පිහිටි පොල් ආශ්රිත නිෂ්පාදන කර්මාන්ත ශාලාවක ගොඩනැගිල්ලක් අද(18) ගිනිගෙන විනාශ වී ඇති බව මාරවිල පොලිසිය පවසයි. 18 February 2020
කෑගල්ල-රඹුක්කන මාර්ගය අද පස්වරුවේ සිට පැය 24 ක් වසා දමයි කෑගල්ල - රඹුක්කන ප්‍රධාන මාර්ගය අද (18) පස්වරු 6.00 සිට හෙට (19) අලුයම 6.00 දක්වා වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය සඳහන් කරයි. 18 February 2020
ජනාධිපති මැයි මාසයේ ජපානයේ නිල සංචාරයක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ලබන මැයි මාසයේදී ජපානයේ නිල සංචාරයක නිරතවීමට නියමිතය. 17 February 2020
රිපබ්ලිකන් - ඩිමොක්රටික් පක්ෂ සභිකයෝ විදේශ ඇමැති හමුවෙති යුද හමුදාපති ලුතිනන් ජනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතාට ඇමෙරිකා එක්සත් ජනපද රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් පැනවූ සංචාරක තහනමට ශ්‍රී ලංකා රජයේ දැඩි විරෝධය පළ කරන බව විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා එම අමාත්‍යාංශයට පැමිණි ඇමෙරිකා එක්සත් ජනපද කොංග්‍රසයේ නියෝජිත පිරිසට අද (17) දැනුම් දුන්නේය. 17 February 2020
කුරුදු පොලු නඩුවේ දෙපාර්ශ්වයට සමථයට පත්වෙන්න අවස්ථාවක් එක්සත් ජාතික පක්ෂයේ පාක්ෂිකයින් දෙපිරිසක් අතර මාතර මහ නගර සභාව ඉදිරිපිට දී ඇති වු ගැටුම සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර සමථයක් ඇති කර ගැනීමට තවත් එක් අවස්ථාවක් ලබාදෙන බව මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අද (17) ප්‍රකාශ කළේය. 17 February 2020
රජයේ වියදම් වලට තවත් කෝටි 36,700 ක් වෙන්කරගනී රජයේ වියදම් සඳහා තවත් රුපියල් කෝටි 36,700 ක මුදලක් වෙන්කර ගැනීමට රජය තීරණය කර තිබේ. 17 February 2020
‘‘ණය බර අඩු කරන ගමන් ආර්ථිකය ශක්තිමත් කළා‘‘ ණය බර අඩු කරන ගමන් අපි ආර්ථිකය ශක්තිමත් කළා.වැටුප් වැඩිකළා.ජනතාවට සහන දුන්නා.ඊටත් වඩා හොඳ තත්ත්වයක් උදාකර ගන්න කියලා ආණ්ඩුව වෙනස් කළා.නමුත් ජනතාව තැබූ බලාපොරොත්තු සුන්වී ගොස් ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී වජිර අබේවර්ධන මහතා කීය. 17 February 2020
කොරෝනා සුව වූ රෝගීන්ගෙන් චීනය ඉල්ලීමක් කරයි රුධිරය පරිත්‍යාග කරන්නැයි කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් අනතුරුව සුව වූ රෝගීන්ගෙන් චීන සෞඛ්‍ය බලධාරීහු අද (17) තදින් ආයාචනා කළහ. 17 February 2020
මැතිවරණය පැවැත්විය හැකි දිනගැන මැතිවරණ කොමිසම ජනපතිට දැනුම්දෙයි පාර්ලිමේන්තුව ලබන මාසයේ 2 වැනිදා විසුරුවා හරින්නේ නම් ඡන්ද විමසීම අප්‍රේල් 25ත් 28ත් අතර දිනයක පැවැත්විය හැකි බව මැතිවරණ කොමිෂන් සභාව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට ලිඛිතව දැනුම් දී ඇත. 17 February 2020
ඇප ඉල්ලීමේ නියෝගය අප්‍රේල් 2 දා හිටපු ජනාධිපතිවරයාගේ කාර්ය මණ්ඩල ප්‍රධානියාට හා රාජ්‍ය දැව සංස්ථාවේ හිටපු සභාපතිවරයාට ඇප නියම කරන්නැයි කළ ඉල්ලීම සම්බන්ධ නියෝගය අප්‍රේල් මස 02 වැනිදා ප්‍රකාශයට පත් කරන බව පළමුවැනි විශේෂ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද (17) දැනුම් දුන්නේය. 17 February 2020
වෝහාරික විගණනය කළ ආයතනවල වියදම් වලට තවත් කෝටි 3 ක් ඉල්ලයි මහබැංකුවේ බැඳුම්කර ගනුදෙනු සම්බන්ධයෙන් වෝහාරික විගණන ඉදිරිපත් කළ ආයතන දෙකක්, අමතර වියදම් වශයෙන් තවත් රුපියල් තුන් කෝටි හැටලක්ෂයක පමණ (රුපියල් මිලියන 36.47) මුදලක් රජයෙන් ඉල්ලා ඇත. 17 February 2020
ඥානසාර හිමිට එරෙහි පෙත්සමක් සලකා බැලීමට දින නියම වෙයි අධිකරණයට අපහාස කළා යැයි සඳහන් කරමින් ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් ඇතුළු තිදෙනෙකුට එරෙහිව ඉදිරිපත් කළ පෙත්සමක් ලබන මැයි 13 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය අද (17) නියම කළේය. 17 February 2020
චන්ද්‍රිකා තාක්ෂණයෙන් පරිසර තත්ත්ව නිරීක්ෂණයට චීනයෙන් මෘදුකාංගයක් චන්ද්‍රිකා තාක්ෂණය පදනම් කරගනිමින් ශ්‍රී ලංකාවේ පාරිසරික තත්ත්වයන් නිරීක්ෂණය කිරීම සඳහා භාවිතා කළ හැකි විශේෂ මෘදුකාංග පද්ධතියක් ශ්‍රී ලංකාවට හඳුන්වාදීමට චීන විශේෂඥයන් කණ්ඩායමක් කටයුතු කළ බව ආතර් සී ක්ලාක් ආයතනයේ නියෝජ්‍ය අධ්යක්ෂ (මාධ්‍ය) චින්තන විජයවර්ධන මහතා සඳහන් කරයි. 17 February 2020
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026