උසස්පෙළ කලා - තාක්ෂණ විෂය ධාරා ප්‍රථම ස්ථාන ගම්පහ බණ්ඩාරනායක විදුහලට මෙවර උසස් පෙළ කලා විෂය ධාරාවෙන් (පැරණි නිර්දේශය) දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ එච්.ඒ.නිපුන විරාජ් සිසුවාට හිමිවිය. 28 December 2019
‘‘ලංකාව ලබන වසරේදී ඩොලර් බිලියන 4.8 ක විදෙස් ණයක් ගෙවිය යුතුයි‘‘ ශ්‍රී ලංකාව ලබන වසරේදී විදෙස් ණය ලෙස ඇමෙරිකානු ඩොලර් බිලියන 4.8ක් ගෙවිය යුතුව ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය අධිපති ආචාර්ය නන්දලාල් වීරසිංහ මහතා අද (27) පැවැසීය. 27 December 2019
උ.පෙළ ප්‍රතිඵල නැවත සමීක්ෂණයට ජනවාරි 17 දක්වා අවස්ථාව අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණය කිරීම සඳහා ලබන ජනවාරී 17 වැනි දිනට පෙර යොමු කරන ලෙස විභාග කොමසාරිස් ජනරාල් බී.සනත් පූජිත මහතා පැවසීය. 27 December 2019
මන්ත්‍රී රංජන්ගේ උසස් පෙළ ප්‍රතිඵලය එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාද මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටි අතර ඔහු විෂයයන් තුනෙන් දෙකක් පමණක් සමත්ව තිබේ. 27 December 2019
උසස් පෙළ ප්‍රතිඵල නිකුත් වෙයි අධ්‍යාපන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ ප්‍රතිඵල අද (27) රාත්‍රීයේ නිකුත් කෙරිණි. 27 December 2019
ධාවනය වෙමින් තිබූ දුම්රියේ එන්ජිම මැදිරි වලින් වෙන් වෙයි මරාදාන සිට බෙලිඅත්ත දක්වා ධාවනය වූ දුම්රිය අද (27) පානදුර දුම්රිය ස්ථානය පසුකරනවාත් සමඟ එහි එන්ජිම දුම්රිය මැදිරි වලින් වෙන් වී ධාවනය වූ බව දුම්රිය මගීහු පැවසූහ. 27 December 2019
පෙළපොත් වලින් දරුවන්ගේ මනසට යන මතවාද ගැන විමර්ශනයක් පාසල් පෙළ පොත්වලින් දරුවන්ගේ හිත් තුළට ඇතුළු කරන මතවාදයන් ගැන කඩිනමින් විමර්ශනයක් කිරීමට බලාපොරොත්තු වන බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා අද (27) පැවසීය. 27 December 2019
ජගත් වැල්ලවත්ත ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ධූරයට කොළඹ විශ්ව විද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ජගත් වැල්ලවත්ත මහතා ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සභාපති ධුරයට පත් කර ඇත. 27 December 2019
කාංචන රත්වත්තේ ලංකා බැංකුවේ නව සභාපති තනතුරට ලංකා බැංකුවේ නව සභාපතිවරයා ලෙස කාංචන රත්වත්තේ මහතා පත් කරනු ලැබ ඇත. 27 December 2019
රුසියානු විදේශ ඇමැති ජනවාරියේ දිවයිනට රුසියානු විදේශ අමාත්‍ය සර්ගේ ලැව්රොව් මහතා ජනවාරි 14 සහ 15 යන දෙදින ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ සංචාරය කරන බව රුසියානු විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශිකා මාරියා සකාරෝවා ඊයේ (26) පැවැති මාධ්‍ය හමුවේදී පැවැසුවාය. 27 December 2019
කසකස්තානයේ ගුවන් අනතුරින් 15 ක් මරුට මගීන් 100ක් රැගෙන කසකස්තානයේ අල්මති ගුවන් තොටුපොළෙන් ගමන් ආරම්භ කළ ගුවන් යානයක් අනතුරට පත්වීමෙන් 15 දෙනකු මියගොස් 20කට ආසන්න පිරිසක් තුවාල ලබා තිබේ. 27 December 2019
බ්‍රිතාන්‍ය මහ කොමසාරිස්වරිය අධිකරණ ඇමැති හමුවෙයි අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා සහ ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍ය මහ කොමසාරිස් සාරා හූල්ස්ටන් මහත්මිය අතර විශේෂ හමුවක් අද (27) අධිකරණ මානව හිමිකම් හා නීති ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ දී පැවැත්විණි. 27 December 2019
ආනයනික අර්තාපල් මිල පහළ බසී ආනයනික අර්තාපල් කිලෝවක මිල රුපියල් 25 කින් අඩු කිරීම අනුව වහාම ක්‍රියාත්මක වන පරිදි ආනයනික අර්තාපල් කිලෝවක තොග මිල රුපියල් 50 කින් පමණ අඩු කර ඇතැයි අත්‍යවශ්‍ය අහාර ද්‍රව්‍ය ආනයනකරුවන්ගේ සංගමය පවසයි. 27 December 2019
රාජිතගේ රෝග තත්ත්වය නිරික්ෂණයට මහේස්ත්‍රාත් යයි අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ රෝගී තත්ත්වය නිරික්ෂණය කිරිම සඳහා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලිනි පෙරේරා මහත්මිය මීට සුළු වේලාවකට පෙර කොළඹ පෞද්ගලික රෝහල වෙත ගොස් තිබේ. 27 December 2019
ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලයේ හොර වෛද්‍ය සහතික ජාවාරමක් අසත්‍ය වෛද්‍ය වාර්තා රුපියල් 2,000-4,000 අතර මුදලකට නිකුත් කිරීමේ අළුත්ම ජාවාරමක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ වේරහැර කාර්යාලය තුළ සිදු වෙන බව ප්‍රවාහන කළමනාකරණ විදුලිබල හා බල ශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා විසින් අනාවරය කරගෙන තිබේ 27 December 2019
කැලයෙන් හමුවු පුත්තලමේ බිළිඳිය රෝහලෙන් පරිවාසයට මව විසින් කැලයේ දමා යාමෙන් පසු පුත්තලම මුලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි බිළිඳිය අද ( 27 ) පරිවාස හා ළමා ආරක්ෂක අධිකාරියට අධිකරණ නියෝග මත බාර දිම සිදුකළ බව පුත්තලම මුලික රෝහලේ අධ්යක්ෂ සුමිත් අත්තනායක මහතා පැවසිය. 27 December 2019
බස් -මෝටර් රථ අනතුරින් හයක් රෝහලේ කොළඹ - කතරගම ප්‍රධාන මාර්ගයේ තංගලු වෙල්යාය ප්‍රදේශයේදී අද(27) දහවල් මෝටර් රථයක් සහ බස් රථයක් අනතුරට ලක්වීමෙන් කුඩා බිළිඳෙකු ඇතුළු හය දෙනකු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇතැයි තංගල්ල මූලස්ථාන පොලිසිය කියයි. 27 December 2019
රාජිත රිමාන්ඩ් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ලබන 30 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශලිනි පෙරේරා මහත්මිය අද (27) නියෝග කළාය. 27 December 2019
දෙමළ ජාතික සන්ධානය අද පස්වරුවේ රැස්වෙයි ඉදිරියේ දී පැවත්වීමට නියමිත මහමැතිවරණය සම්බන්ධයෙන් උතුරේ දෙමළ ජාතික සන්ධාන නියෝජිතයින් සමඟ විශේෂ සාකච්ඡාවක් අද (27) සවස යාපනයේ දී පැවත්වීමට නියමිතය. 27 December 2019
‘රාජිතගේ වරෙන්තුව යළි කැඳවන්න නෛතික ප්‍රතිපාදන නෑ’ කොළඹ පෞද්ගලික රෝහලක දැනට ප්‍රතිකාර ලබමින් සිටින හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා සම්බන්ධයෙන් වූ වරෙන්තුව ආපසු කැඳවීමට තරම් නෛතික ප්‍රතිපාදන නොමැති බවට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (27) සඳහන් කළාය. 27 December 2019
සුදුවෑන් සිද්ධියේ සැකකරුවන් දෙදෙනා තවදුරටත් රිමාන්ඩ් රාජිත සේනාරත්න මහතා සමඟ සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව සිදුකළැයි කියන සැකකරුවන් දෙදෙනා තවදුරටත් ජනවාරි 6 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරිමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය අද (27) නියෝග කළාය. 27 December 2019
ජාතික ගීය සිංහලෙන් පමණයි මෙවර පැවැත්වෙන 72 වැනි ජාතික නිදහස් උත්සවයේදී ජාතික ගීය සිංහලෙන් පමණක් ගායනා කිරීමට රජය තීරණය කර තිබේ. 27 December 2019
වෑන් රථයක් පෙරැළී 19 ක් රෝහලේ කතරගම වන්දනාවේ යමින් සිටි පිරිසක් රැගත් වෑන් රථයක් හොරණ - මතුගම මාර්ගයේ අගුරුවාතොට 11/2 බෝක්කුවෙන් පහළට වැටීමෙන් කුඩා දරුවන් ඇතුළු පුද්ගලයන් 19 දෙනෙකු තුවාල ලබා රෝහල් ගත කළ බව අගුරුවාතොට පොලිසිය පවසයි. 27 December 2019
‘රාජිත අත්අඩංගුවට ගෙන නෑ‘ -නි.සො. ජනරාල් හිටපු ඇමැති රාජිත සේනාරත්න මහතා මෙතක් අත්අඩංගුවට ගෙන නොමැති බවත් පොලිස් ආරක්ෂාව යටතේ ලංකා පෞද්ගලික රෝහලේ හෘද ඒකකයේ ප්‍රතිකාර ලබන බවත් නීතිපති නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් දීලීප පීරීස් මහතා අද (27) අධිකරණයට කරුණු වාර්තා කළේය. 27 December 2019
අලුත උපන් බිළිඳා කැලේට වීසි කළ තිදරු මව අත්අඩංගුවට අලුත උපන් දරුවා නිවස අසළ කැලෑවකට වීසි කළ බව කියන තිස් හය හැවිරිදි තිදරු මවක් අද (27) අලූයම 05.30ට පමණ අත්අඩංගුවට ගත් හම්බෙගමුව පොලීසිය වීසි කළ දරුවාද සමඟ ඇය ඇඹිලිපිටිය දිසා මහ රෝහලට ඇතුළු කර තිබේ. 27 December 2019
පෞද්ගලික අංශයෙන් සහල් මිලට ගන්න රජය තීරණයකට වෙළඳපොළ තුළ ඇතිවී තිබෙන නාඩු සහ සම්බා සහල් හිඟය අවම කිරීම සහ සහල් සඳහා ස්ථාවර මිලක් පවත්වා ගැනීමේ අරමුණින් පෞද්ගලික අංශයේ මහා පරිමාණ සහල් මෝල් හිමියන් සතු සහල් මිලදී ගෙන වෙළඳපොළට මුදාහැරීමට රජය තීරණය කර තිබේ. 27 December 2019
සෝමාවතීයට යන මාර්ගය බර වාහන වලට විවෘත කරයි පොලොන්නරුව සෝමාවතිය පුදබිමට පිවිසෙන මාර්ගය අද (27) උදෑසන සිට බස් රථ, ලොරි ඇතුළු බර වාහන ධාවනයට පමණක් විවෘත කළ බව පුලස්තිපුර පොලීසිය කියයි. 27 December 2019
රත්නපුර සංඛපාල ප්‍රදේශයේ රිය අනතුරින් තිදෙනෙකු මරුට ඇඹිලිපිටිය රත්නපුර ප්‍රධාන පාරේ සංඛපාල ප්‍රදේශයේදී අද (27) අලූයම මගී බස් රථයක් සහ කුඩා ලොරි රථයක් ගැටීමෙන් සිදුවු අනතුරකින් පුද්ගලයන් තිදෙනෙක් මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ඇති බව උඩවලව පොලිසිය පවසයි. 27 December 2019
රාජිතට ප්‍රතිකාර කළ වෛද්‍යවරයාගෙන් සීඅයිඩීය ප්‍රකාශයක් ගනී වරෙන්තු ලැබ සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා අද (26) රාත්‍රී කොළඹ නාරාහේන්පිට පෞද්ගලක රෝහලක් වෙත ඇතුළත් කළ අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම වරෙන්තුව ද රැගෙන ගොස් ඒ මහතාට ප්‍රතිකාර කළ විශේෂඥ වෛද්‍යවරයාගෙන් ප්‍රකාශයක් ලබාගෙන ඇතැයි ආරංචි මාර්ග සදහන් කරයි. 27 December 2019
සෞඛ්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරිය භද්‍රානි ජයවර්ධන සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශයේ නව ලේකම්වරිය ලෙස ශ්‍රී ලංකා පරිපාලන සේවයේ විශේෂ ශ්‍රේණියේ නිලධාරිනියක් වන භද්‍රානි ජයවර්ධන මහත්මිය පත්කර ඇති අතර ඇය ලබන පළමු වැනිදා වැඩ භාර ගැනීමට නියමිතය. 26 December 2019
සා.පෙ සෞන්දර්ය පරීක්ෂණයට යන්න බැරි වූ දරුවන්ට වෙනත් දිනයක් සාමන්‍ය පෙළ විභාගයේ සෞන්දර්ය ප්‍රයෝගික පරීක්ෂණවලට සභභාගී වීමට නොහැකි වූ සබරගමුව පළාතේ දරුවන්ට වෙනත් දිනයක් ලබා දෙන බව විභාග කොමසාරිස් ජනරාල් ඉන්දිකා කුමාරි ලියනගේ පැවැසුවාය... 27 October 2026